හිසට තෙල් සාත්තුවක්‌ කරන නිවැරදි පිළිවෙළ

May 12, 2010
483
49
0
On a dreamscape
හිසට තෙල් සාත්තුවක්‌ කරන නිවැරදි පිළිවෙළ

හිසට තෙල් සාත්තුවක්‌ කරන නිවැරදි පිළිවෙළ

beauty2.jpg
beauty1.jpg
හිසකෙස්‌ රැකගැනීමට හෙනා සත්කාරය කරන අයුරු අපි පසුගිය ලිපියෙන් ඔබට කියා දුන්නා. අද අපි කතා කරන්න යන්නේ කොණ්‌ඩයට තෙල් සාත්තුවක්‌ (Oil massage) කරන ආකාරය ගැනයි.

වර්තමානයේ බොහෝ කාන්තාවන් හිසට තෙල් ආලේප කරන්නේ දිය නෑමට ආසන්නය. එහෙම නැත්නම් දිය නා අවසානයේ හිසේ තෙල් තවරන කාන්තාවන්ද සිටිනවා. මේ ක්‍රම දෙකම නිවැරදි තෙල් සාත්තුව ලෙස පිළිගන්නට බැහැ. එහෙම නම් තෙල්, සාත්තුවක්‌ කරන්නේ කොහොමද කියලා බලමු.

පළමුව ඔබ තෝරාගන්නා තෙල් හැන්දක්‌ මතට දමා ලිපට අල්ලා හෝ කුඩා බෝතලයක්‌ උණු වතුර භාජනයක තබා හෝ රත් කරගන්න. එයට විටමින් ඊ කරලක්‌ කඩා දමා මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය ගැට හැර පීරාගත් කොණ්‌ඩය හා හිස්‌ කබල මත පුළුන් කැබැල්ලක ආධාරයෙන් තවරා ගන්න. මේ සඳහා පොල්තෙල්, ඔලිව් තෙල් වැනි වර්ග භාවිත කළ හැකිය.

මුළු හිස පුරාම තෙල් ආලේප කළ පසු ඇඟිලි තුඩුවලින් ඉතා සෙමින් පිරිමදින්න. විනාඩි 5 ක්‌ පමණ මෙසේ පිරිමදින්න.

ඉන්පසුව බෙල්ලේ සිට ඉහළට අත්ල උපයෝගී කරගනිමින් හිස්‌කබලට අත්ල තද කර කෙස්‌ පෙරලන්න. එයද විනාඩි 5 ක්‌ පමණ කළ යුතුය. ඉන් පසු ටිකක්‌ තදින් ඇඟිලි තුඩුවලින් හිසකෙස්‌ පිරිමදින්න. එයද විනාඩි 5 කි. දැන් මුළු කොණ්‌ඩයම වැසෙන ලෙස ෂවර් කැප් එකක්‌ දමා විනාඩි 10 ක්‌ තිබෙන්නට හරින්න. මේ සඳහා උණු වතුරේ පොඟවා ගත් තුවායක්‌ද ගත හැකියි. රූපලාවන්‍යාගාරවලදී නම් මේ සඳහා හෙඩ් ස්‌ටීමර් එකක්‌ භාවිත කරයි.

තෙල් හිස ගල්වා පැය දෙකකට පසු ස්‌නානය කරන්න. ශැම්පු හා කන්ඩිෂනර් දමා හිසකෙස්‌ පිරිසිදු කරන්න.

සතියකට දෙවරක්‌ පමණ තෙල් සාත්තුව කිරීමෙන් ඔබට නිරෝගී, ලස්‌සන කෙස්‌ කළඹක්‌ ලබාගත හැකිය.