පළමු කොටස මෙතනින්. - https://elakiri.com/threads/දකුණේ-නොනවතින-ඝාතන-වැලක-ආරම්බය.2143836/
2018 සැප්තැම්බර් 30දා රාත්‍රියේ ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේදී චමිල දීපාල් (37) හා සමන් සුරේෂ් (30) යන පාතාලයන් වෙඩි උණ්ඩ විසිහයකට පමණ ලක්ව කැපුම් කෙටුම් තුවාල මැද ඝාතනයට ලක්ව සිටියහ. ඝාතකයන් විසින් සමන් සුරේෂ්ගේ ගෙල කපාගෙන ගොස් තිබූ අතර, චමිල දීපාල්ගේ ගෙල කඳින් වෙන්වන්නට ආසන්නව තිබියදී එය කඳින් වෙන් නොකර කපා දමා ගොස් තිබුණේය.
ඝාතකයන් විසින් සමන් කොල්ලා හෙවත් සමන් සුරේෂ්ගේ ගෙල කපාගෙන ගොස් දමා යන්නේ ඉහළ මාලවල රන්තොටුවිල සමුපකාරය අසලය. මීට වසර තුනකට ආසන්න කාලයක එනම් 2015 දෙසැම්බරයේදී රන්තොටුවිල සමුපකාරය අසලට මේ අයුරින්ම මොවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක අයකුගේ ගෙල කපා ගෙනැවිත් දමා තිබුණේ සමන් කොල්ලා, චමින්ද දීපාල් ඇතුළු කොස්ගොඩ සුජීගේ කණ්ඩායමය.
සමන් කොල්ලගේ හිස සහ චමිල් දීපාල්
චමිල්ගේ හා සමන් කොල්ලාගේ මරණයට මුල්වන ආසන්නතම හේතුව ලෙස ඇත්තේ මොවුන් විසින් ඉන්දික මහේෂ් නමැති කුඩා ඌරගහ පදිංචි බොස් සරත් නමැත්තෙකුගේ වැලි තොටුපොළක සේවය කළ අයෙක් සමග ඇතිවූ වසර ගණනක පාතාල නැටුමක්ය.
සරත් කුමාර හෙවත් බොස් සරත් ගමේ චණ්ඩියකු වුවත් ගමේ මිනිසුන් ආදරය කළ චරිතයක් වී තිබුණේය. බොස් සරත් ළඟ සේවය කළ පාතාලේ කිසිවකුවත් මායිම් නොකරන නාහෙට නාහන චරිතයක් ලෙස සිටි ඉන්දිකව කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ ඉලක්ක වන්නේය. ඉන්දික හා සුජීගේ කල්ලියේ වැඩකරුවකු වන රණාගේ මිතුදම නිසා ඉන්දික තමාව ඉලක්ක කරන සුජිත්ගේ ගෝලයන් දෙදෙනකු ඝාතනය කරන්න අවියක් ලබාගන්නේ රණාගෙනි.
සමන් කොල්ලාගේ කණ්ඩායම සමග ඇතිවූ අමනාපය මිනීමරා ගැනිල්ලක් දක්වා දුරදිග යද්දී රණාගෙන් ගත් ගිනි අවියකින් සමන් කොල්ලාගේ බාල සොයුරකු ඇතුළු දෙදෙනකු මහේෂ් විසින් අවසන් කරන්නේ පාතාල ගැටුමකට මුල පුරමිනි. 2015 නොවැම්බරයේදී මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ ඉන්දික අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දමන්නේය. ඉන්දික හිරබත් කෑවද තම සොයුරා ඇතුළු තිදෙනා ඝාතනයේ පළිය ලෙයට ලෙයින් ගන්නට සමන් කොල්ලා සැලසුම් කරන්නේ හත් දවසේ බණ අහවර වන්නටත් කලින්ය.
එම ඝාතනයෙන් මසකට පසුව ඉන්දිකගෙන් පළියට පළිය ගන්නේ ඉන්දිකට රැකවරණය දුන් වැලි තොටුපොළේ ලොක්කා වූ බොස් සරත් අමානුෂික ලෙස මරා දමමිනි. බොස් සරත් ඝාතනය කර ගමේ බලය අතට ගන්නටත්, කොස්ගොඩ සුජීගේ කල්ලියේ බලය පෙන්වන්නටත් සිතූ චමිල දීපාල්, රණා ඇතුළු කණ්ඩායම බොස් සරත්ගේ ගෙල කපාගෙන ගොස් රන්තොටුවිල සමුපකාරය අසල තබා යන්නේ පළාතම භීෂණයෙන් වපුරවමිනි.
ජවිපෙ භීෂණ සමයෙන් පසුව දකින්නට අසන්නට වූ දෙයින් ඌරගහ ප්‍රදේශයේ ජනතාව භීෂණයට පත් කරමින් කොස්ගොඩ සුජීගේ කල්ලිය එම ඝාතනයෙන් හිස ඔසවන්නේය.
සමන් කොල්ලගේ සහ චමිල් දීපාල් මාරා දමා තිබු අයුරු.
සුජීගේ කල්ලියේ චමිල දීපාල් ඌරගහ පොලිස් වසමේ තම බලය වපුරන්නේ පොලිසියේ දූෂිත නිලධාරීන්ගේද සහාය මැදය. ඌරගහ පොලිසියේ ලොක්කෙක් සමග ජීප් රථයේ නැගී යන්නට පවා චමිල දීපාල්ට හැකිවන්නේද සුජීගේ කල්ලිය සමග හිටපු පොලිස් ලොක්කා පැවැත්වූ සම්බන්ධතා නිසාය. චමිල දීපාල් පොලිස් ජීප් රථය පදවාගෙන ගිය අවස්ථාද ගම්වාසීන් හෙළි කරන බවට පාතාල මර්දන ඒකක කොළඹට වාර්තා කර තිබුණේය.
චමිල දීපාල්ට රැකවරණ දුන් පොලිස් ලොක්කා හදිසියේ මාරුවීමත් සමග මෙම කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලි යළිත් කරළියට පැමිණ ඇතැයි මෙම සතියේ අනාවරණය වූයේය.චමිල හා සමන් කොල්ලාගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ ඉන්දික මේ වන විටත් ඇප මත හිරෙන් නිදහස්ව සිටියේය. ඇප ලබා පැමිණි ඉන්දික ඝාතනය කරන්නට සුජීගේ නියෝග මත සමන් කොල්ලා හා දීපාල් අරඅඳින බව ඉන්දිකට ලැබුණු තොරතුරු මත ඉන්දික ඉස්සර වූ බවට දැන් සැක පහළ වී ඇත්තේය.
දීපාල් හා සමන් කොල්ලා නිවස ඉදිරිපිට වාඩියේ සිටියදී මෙම ප්‍රහාරයට ලක් වන්නේය. බොස් සරත්ගේ ගෙල කපා තැබූ තැනම සමන් කොල්ලාගේ ගෙලද තබා ගොස් තිබුණේ එකට එක කිරීමක් ලෙසටය.
මෙහිදී චමිල දීපාල්ගේ ගෙලත් වෙන් වෙන මට්ටමට කබා තිබුණත් ඝාතකයන් එය ගෙන නොයාමට තීරණයක් හෝ හදිසියේ අතහැර දමා යාමක් හෝ කළා යැයි සැක පහළ වී ඇත්තේය.
මෙම ඝාතනයෙන් දකුණේ භීෂණයක් ඇතිවුවද එය එළිපිට පළ නොකළද ගම්වාසීන්ට පාතාලයෙන් තිබූ භීෂණය පහව ගොස් ඇති බව ගම්වාසීහු පවසති. මෙකී කල්ලියේ භීෂණය නිසා සවස 7.00න් පසුව තරුණියකටවත් පාරේ තනියම යන්නට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණේය. “අලුත බැඳපු ජෝඩුවකටවත් මුන් ඉන්න දුන්නේ නැහැ මහත්තයෝ. කොල්ලව මරනවා කියලා බය කරලා කෙල්ලට අතවර කරනවා. කොරියාවේ රස්සාවට ගිය අයගේ ගෑනු අයව බය කරලා මේ අයගේ වුවමනා එපාකම් ඉටුකර ගන්නවා” යැයි ගම්වාසීහු ‘රිවිර’ ට පැවසූහ.
“ඌරගහ පොලිසියේ මෑතක් වෙනකන් හිටපු ලොක්කා චමිල දීපාල්ව පොලිස් ජීප් එකේ දාගෙන රවුම් ගැහුවා. දකුණේ ඝාතන රැසකට සම්බන්ධ කොස්ගොඩ සුජියගේ ඝාතකයකු වූ ඌරගහ මයිකල්ව එස්.ටී.එෆ්. එක හොයද්දි මයික්‍රෝ පිස්තෝලයත් එක්ක ඌරගහ පොලිසියට භාර කළේත් චමිල දීපාලුයි. මිනීමැරුම් ගාණකට අවශ්‍ය ඌරගහ මයිකල්ව උදේ 10.00ට භාර කෙරුවම පරීක්ෂණ පැත්තක තියලා පැය දෙකෙන් උසාවි දැම්මා. ඒ වගේ නීතියක් තමයි මේ පැත්තේ ක්‍රියාත්මක වුණේ” යැයි මෙම ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ නිලධාරියකු අපට කියාපෑහ.
චමිල දීපාල් හා සමන් කොල්ලා ඝාතනය, කොස්ගොඩ තාරකගේ කල්ලිය කළ දෙයක් බවටද රාවයක් යන්නේ තාරක හා කොස්ගොඩ සුජී අතර විරසකය නිසාය. තාරක හා ඌරගහ ඉන්දික අතරද ආරවුලක් ඇති නිසා ඉන්දික පිටින් යන්න තාරක කරවූ දෙයක්ද යන්න ගැනද සැක පහළ වී ඇත. ඊට අමතරව පාතාලයේ කොස්ගොඩ රණාගේ ආයුධ ලබාගෙන ඉන්දික විසින්ම මෙය කළ බවට සැකයක්ද ඇත්තේය.

මතු සම්බන්දයි.