හිසට හිසක්, ලෙයට ලෙයක් - දෙවන කොටස

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පළමු කොටස මෙතනින්. - https://elakiri.com/threads/දකුණේ-නොනවතින-ඝාතන-වැලක-ආරම්බය.2143836/


    2018 සැප්තැම්බර් 30දා රාත්‍රියේ ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේදී චමිල දීපාල් (37) හා සමන් සුරේෂ් (30) යන පාතාලයන් වෙඩි උණ්ඩ විසිහයකට පමණ ලක්ව කැපුම් කෙටුම් තුවාල මැද ඝාතනයට ලක්ව සිටියහ. ඝාතකයන් විසින් සමන් සුරේෂ්ගේ ගෙල කපාගෙන ගොස් තිබූ අතර, චමිල දීපාල්ගේ ගෙල කඳින් වෙන්වන්නට ආසන්නව තිබියදී එය කඳින් වෙන් නොකර කපා දමා ගොස් තිබුණේය.

    ඝාතකයන් විසින් සමන් කොල්ලා හෙවත් සමන් සුරේෂ්ගේ ගෙල කපාගෙන ගොස් දමා යන්නේ ඉහළ මාලවල රන්තොටුවිල සමුපකාරය අසලය. මීට වසර තුනකට ආසන්න කාලයක එනම් 2015 දෙසැම්බරයේදී රන්තොටුවිල සමුපකාරය අසලට මේ අයුරින්ම මොවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක අයකුගේ ගෙල කපා ගෙනැවිත් දමා තිබුණේ සමන් කොල්ලා, චමින්ද දීපාල් ඇතුළු කොස්ගොඩ සුජීගේ කණ්ඩායමය.

    සමන් කොල්ලගේ හිස සහ චමිල් දීපාල්
    1-Bdv-Leqekt-Uy-Tey-Pg-Bte-N1w-j.jpg


    3-3-16.jpg


    චමිල්ගේ හා සමන් කොල්ලාගේ මරණයට මුල්වන ආසන්නතම හේතුව ලෙස ඇත්තේ මොවුන් විසින් ඉන්දික මහේෂ් නමැති කුඩා ඌරගහ පදිංචි බොස් සරත් නමැත්තෙකුගේ වැලි තොටු‍පොළක සේවය කළ අයෙක් සමග ඇතිවූ වසර ගණනක පාතාල නැටුමක්ය.

    සරත් කුමාර හෙවත් බොස් සරත් ගමේ චණ්ඩියකු වුවත් ගමේ මිනිසුන් ආදරය කළ චරිතයක් වී තිබුණේය. බොස් සරත් ළඟ සේවය කළ පාතා‍ලේ කිසිවකුවත් මායිම් නොකරන නාහෙට නාහන චරිතයක් ලෙස සිටි ඉන්දිකව කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ ඉලක්ක වන්නේය. ඉන්දික හා සුජීගේ කල්ලියේ වැඩකරුවකු වන රණාගේ මිතුදම නිසා ඉන්දික තමාව ඉලක්ක කරන සුජිත්ගේ ගෝලයන් දෙදෙනකු ඝාතනය කරන්න අවියක් ලබාගන්නේ රණාගෙනි.

    සමන් කොල්ලාගේ කණ්ඩායම සමග ඇතිවූ අමනාපය මිනීමරා ගැනිල්ලක් දක්වා දුරදිග යද්දී රණාගෙන් ගත් ගිනි අවියකින් සමන් කොල්ලාගේ බාල සොයුරකු ඇතුළු දෙදෙනකු මහේෂ් විසින් අවසන් කරන්නේ පාතාල ගැටුමකට මුල පුරමිනි. 2015 නොවැම්බරයේදී මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ ඉන්දික අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දමන්නේය. ඉන්දික හිරබත් කෑවද තම සොයුරා ඇතුළු තිදෙනා ඝාතනයේ පළිය ලෙයට ලෙයින් ගන්නට සමන් කොල්ලා සැලසුම් කරන්නේ හත් දවසේ බණ අහවර වන්නටත් කලින්ය.

    එම ඝාතනයෙන් මසකට පසුව ඉන්දිකගෙන් පළියට පළිය ගන්නේ ඉන්දිකට රැකවරණය දුන් වැලි තොටු‍පොළේ ලොක්කා වූ බොස් සරත් අමානුෂික ලෙස මරා දමමිනි. බොස් සරත් ඝාතනය කර ගමේ බලය අතට ගන්නටත්, කොස්ගොඩ සුජීගේ කල්ලියේ බලය පෙන්වන්නටත් සිතූ චමිල දීපාල්, රණා ඇතුළු කණ්ඩායම බොස් සරත්ගේ ගෙල කපාගෙන ගොස් රන්තොටුවිල සමුපකාරය අසල තබා යන්නේ පළාතම භීෂණයෙන් වපුරවමිනි.

    ජවිපෙ භීෂණ සමයෙන් පසුව දකින්නට අසන්නට වූ දෙයින් ඌරගහ ප්‍රදේශයේ ජනතාව භීෂණයට පත් කරමින් කොස්ගොඩ සුජීගේ කල්ලිය එම ඝාතනයෙන් හිස ඔසවන්නේය.

    සමන් කොල්ලගේ සහ චමිල් දීපාල් මාරා දමා තිබු අයුරු.
    1538380959-Mathara-Muder-L.jpg




    සුජීගේ කල්ලියේ චමිල දීපාල් ඌරගහ ‍පොලිස් වසමේ තම බලය වපුරන්නේ ‍පොලිසියේ දූෂිත නිලධාරීන්ගේද සහාය මැදය. ඌරගහ ‍පොලිසියේ ලොක්කෙක් සමග ජීප් රථයේ නැගී යන්නට පවා චමිල දීපාල්ට හැකිවන්නේද සුජීගේ කල්ලිය සමග හිටපු ‍පොලිස් ලොක්කා පැවැත්වූ සම්බන්ධතා නිසාය. චමිල දීපාල් ‍පොලිස් ජීප් රථය පදවාගෙන ගිය අවස්ථාද ගම්වාසීන් හෙළි කරන බවට පාතාල මර්දන ඒකක කොළඹට වාර්තා කර තිබුණේය.

    චමිල දීපාල්ට රැකවරණ දුන් ‍පොලිස් ලොක්කා හදිසියේ මාරුවීමත් සමග මෙම කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලි යළිත් කරළියට පැමිණ ඇතැයි මෙම සතියේ අනාවරණය වූයේය.චමිල හා සමන් කොල්ලාගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ ඉන්දික මේ වන විටත් ඇප මත හිරෙන් නිදහස්ව සිටියේය. ඇප ලබා පැමිණි ඉන්දික ඝාතනය කරන්නට සුජීගේ නියෝග මත සමන් කොල්ලා හා දීපාල් අරඅඳින බව ඉන්දිකට ලැබුණු තොරතුරු මත ඉන්දික ඉස්සර වූ බවට දැන් සැක පහළ වී ඇත්තේය.

    දීපාල් හා සමන් කොල්ලා නිවස ඉදිරිපිට වාඩියේ සිටියදී මෙම ප්‍රහාරයට ලක් වන්නේය. බොස් සරත්ගේ ගෙල කපා තැබූ තැනම සමන් කොල්ලාගේ ගෙලද තබා ගොස් තිබුණේ එකට එක කිරීමක් ලෙසටය.

    මෙහිදී චමිල දීපාල්ගේ ගෙලත් වෙන් වෙන මට්ටමට කබා තිබුණත් ඝාතකයන් එය ගෙන නොයාමට තීරණයක් හෝ හදිසියේ අතහැර දමා යාමක් හෝ කළා යැයි සැක පහළ වී ඇත්තේය.

    මෙම ඝාතනයෙන් දකුණේ භීෂණයක් ඇතිවුවද එය එළිපිට පළ නොකළද ගම්වාසීන්ට පාතාලයෙන් තිබූ භීෂණය පහව ගොස් ඇති බව ගම්වාසීහු පවසති. මෙකී කල්ලියේ භීෂණය නිසා සවස 7.00න් පසුව තරුණියකටවත් පාරේ තනියම යන්නට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණේය. “අලුත බැඳපු ජෝඩුවකටවත් මුන් ඉන්න දුන්නේ නැහැ මහත්තයෝ. කොල්ලව මරනවා කියලා බය කරලා කෙල්ලට අතවර කරනවා. කොරියාවේ රස්සාවට ගිය අයගේ ගෑනු අයව බය කරලා මේ අයගේ වුවමනා එපාකම් ඉටුකර ගන්නවා” යැයි ගම්වාසීහු ‘රිවිර’ ට පැවසූහ.

    “ඌරගහ ‍පොලිසියේ මෑතක් වෙනකන් හිටපු ලොක්කා චමිල දීපාල්ව ‍පොලිස් ජීප් එකේ දාගෙන රවුම් ගැහුවා. දකුණේ ඝාතන රැසකට සම්බන්ධ කොස්ගොඩ සුජියගේ ඝාතකයකු වූ ඌරගහ මයිකල්ව එස්.ටී.එෆ්. එක හොයද්දි මයික්‍රෝ පිස්තෝලයත් එක්ක ඌරගහ ‍පොලිසියට භාර කළේත් චමිල දීපාලුයි. මිනීමැරුම් ගාණකට අවශ්‍ය ඌරගහ මයිකල්ව උදේ 10.00ට භාර කෙරුවම පරීක්ෂණ පැත්තක තියලා පැය දෙකෙන් උසාවි දැම්මා. ඒ වගේ නීතියක් තමයි මේ පැත්තේ ක්‍රියාත්මක වුණේ” යැයි මෙම ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ නිලධාරියකු අපට කියාපෑහ.

    චමිල දීපාල් හා සමන් කොල්ලා ඝාතනය, කොස්ගොඩ තාරකගේ කල්ලිය කළ දෙයක් බවටද රාවයක් යන්නේ තාරක හා කොස්ගොඩ සුජී අතර විරසකය නිසාය. තාරක හා ඌරගහ ඉන්දික අතරද ආරවුලක් ඇති නිසා ඉන්දික පිටින් යන්න තාරක කරවූ දෙයක්ද යන්න ගැනද සැක පහළ වී ඇත. ඊට අමතරව පාතාලයේ කොස්ගොඩ රණාගේ ආයුධ ලබාගෙන ඉන්දික විසින්ම මෙය කළ බවට සැකයක්ද ඇත්තේය.


    මතු සම්බන්දයි.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මනුෂ්‍ය වෙසින් ඉන්න තිරිසන් ලෝකයක මුන් ජිවත් වෙන්නේ :baffled:
    එහෙම තමයි මිනිස්සු.
    අපි උනත් මේ වගේ වෙන්න පුළුවන් සමහර සිද්දි සමග.
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    එහෙම තමයි මිනිස්සු.
    අපි උනත් මේ වගේ වෙන්න පුළුවන් සමහර සිද්දි සමග.
    එහෙම මට නම් හිතෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ නුගත්කම්, තමන්ව තමන්ව පාලනය කර ගන්න බැරිකම, තියෙන උද්දච්ච කම් වගේ එව්වා හින්දා තමයි ඔය ලෙයට ලෙය පලි ගන්න ගිහින් ඔව්වා පරම්පරාගත කේස් වෙන්නේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මුන් වගෙ ජීවිත එහ්ම් පිටින්ම නාස්තියක් බන්
    ඔතන එකම එක පාතාලේ කියන්න පුළුවන් එකෙක් විතරයි ඉන්නේ , ඌත් ඔය case එකට අදාල නැහැ , ඌට යමක් කරන්න පුළුවන් නිසා , ඌත් එක්ක එක පැත්තක උන් සෙට් වෙලා , උගේ තමයි බෙල්ල කපල තියෙන්නේ . ආයුධ හොයා ගන්න ලේසි පතලේ උන් ඇසුරු කරාම ,

    අනිත් එකෙක්වත් පාතාලේ උන් නෙමේ පොඩි ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා සරුන්ගලෙකට ඒකට , ,මෝඩ නෑදැයෝ පැටලිලා case එකක් , මුඩුක්කු කොළඹ කෙලින්ම පේනවා ගම් වල වෙනම පෙන්නේ නැහැ , පිටින් එන මිනිස්සුන්ට බැලුවම වෙනසක් පෙන්නේ නැහැ , එත් ඒ areas වල මිනිස්සුන්ගෙන් ඇහුව කියන්නේ මේ පාරේ රෑට කවුරුත් යන්නේ නැහැ හොරු etc .
    අනිත් එක ඔය case එකේ උන් නිසා ගමේ වෙන මිනිස්සුන්ට ප්‍රශ්න තිබිල නැහැ ලු .

    මුලදීම කරපු උන්ව මුල්ම case එකේදිම ඇල්ලුවා නම් දුර දිග යන්නේ නැහැ ,ඕක ඊට පස්සේ මරන්න අරන් තියෙන්නේ පලි ගන්නවට වඩා බයට , දෙපැත්තේම උන් පවුල් වල උන් ලු දුරින් ,

    ඕක කල්ලි case එකක් නෙමේ පත්තර කාරයෝ රස වෙන්න area එකේ ඉන්න සුජී වගේ ප්‍රසිද්ධ උනුත් ගාවනවා ලියද්දි , තව පතලේ වෙන්න උත්සහ කරන පොඩි case එකකට ගවුන උන්වත් පාතාලේ කෙරුමෝ කරලා ලියනවා . කතාව රසවත් වෙන්න .

    ඔය case එකේ අහිංසක උන් මැරෙන්න ඇති ගොඩක් , මුලින් මරපු උන් එලියට ආවම මරල , ඊට පස්සේ ඒවාට return එකට අනිත් පැත්තේ පවුලේ අදාල නැති උනුත් සැකේට මැරුවම මොකද වෙන්නේ ?

    දෙපැත්තේම පිරිමි ටික කොන්ත්‍රාත් දීල හරි මරවනවා බයට ඇවිත් පාලි ගනීවි කියල , මුලින් case එක අදාලම නැහැ අන්තිමේදී .
    මුලදීම අඩු තරමේ පොලිස් වෙඩි වැදිලවත් මුලින්ම මරපු උන් මරුන නම් ,උන් නිදහස් නොවුන නම් මේක ඇදෙන්නේ නැති වේවි .


     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    Obathuma kawda ? Kohomada mewa danne ?
    මේවා මේ රිවිර පත්තරේට දැන් දිලිත්ගේ ගූ කන කුලී ලියන්නා වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා කියන පචයා ලිව්ව දේවල්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා මේ රිවිර පත්තරේට දැන් දිලිත්ගේ ගූ කන කුලී ලියන්නා වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා කියන පචයා ලිව්ව දේවල්.
    අමු බොරු මවලා ලියන උන් ඉන්නේ , ඕවගේ ලොකුම අවුල පාතාලේ නොවන , කොහෙන් හරි පොඩ්ඩක් ගෑවුන උන් එහෙම පාතාලේ ලොක්කෝ කරලා ලියනවා 99% case පත්තර වල යද්දී , ඉබේම අර කොහෙන් හරි පොඩ්ඩක් ගෑවුන උන්ට පිළිගැනීමක් හැදෙනවා උන් ඒක use කරලා අන්තිමේදී ඇත්තටම පාතාලේ උන් වෙලා නවතින්නේ කොහොම හරි පන බේරාගෙන හිටියොත් පොලිසියෙන් වෙඩි නොකෑවොත් හෝ කෙසෙල් ගස් වලට කොටන්නේ නැතුව හිටියොත් ,

    අනිත් එක ඔහොම නැති දේවලුත් දාල වැඩි කරලා ලිව්වම දේවල් සාමන්‍ය වෙනවා මිනිස්සුන්ට ,ඇත්තට ඔහොම උනත් , මිනිස්සුන්ගෙන් අපරාධ අල්ලන්න කියල එන pressure එක අඩු වෙනවා , එක තමයි 71 ඉඳන් 90 වගේ වෙනකන් උනේ
     
    • Like
    Reactions: Phone Hora