හිස්බුල්ලා සහ හිස් උපවාස පුස් පඩය

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    හිස්බුල්ලා සහ හිස් උපවාස පුස් පඩය

    හිස්බුල්ලාට ඔය ආන්ඩුකාරකම පඩේකටවත් වැඩක් තියෙන එකක් නෙවෙයි. හිස්බුල්ලා ඕකෙන් ගියාට පස්සේ වෙන එකකට සෙට් වෙයි.රිෂාඩ් අස් උනත් එයාගේ අඩුවට ඊටවඩා අන්තවාදියෙක් පත් වෙන්නත් පුලුවන්.අසාද් සාලි කියන්නේ මැම්බර් කෙනෙක්.නාගරික මංත්‍රී කෙනෙක් පුම්බලා ගත්තේ සිරා මිසක් වෙන කවුද?ඕකුන් තුන්දෙනාට ඇමතිකම් නැති උනා කියලා රටට ලැබෙන වාසියකුත් නෑ අවාසියකුත් නෑ. චීවරදාරියෙක්ගේ පුස් පඩයක් විතරයි.අඩුම ගානේ උපවාසයක් කරපන් විල්පත්තුව කපන එක නවත්තලා ජනාවාස ඉවත් කරනකම් ම්රාන්තික උපවාසයක්.අඩුම ගානේ පරිසරයටවත් වැඩක් තියෙනවා.මේක දේශපාලනය අභිලාශය කර ගත්ත හිස් ගන්යෙක්ගේ හිස් පඩයක් විතරයි.
     
    • Like
    Reactions: DangerMan119

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    වැඩකට නැති දේශපාලකයන් බොරු ගනයන් වෙනුවෙන් කරන මේ විකාර නවත්තලා අලුත් මාවතක ජනතාව ගමන් කරවන්න ඕන.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වැඩකට නැති දේශපාලකයන් බොරු ගනයන් වෙනුවෙන් කරන මේ විකාර නවත්තලා අලුත් මාවතක ජනතාව ගමන් කරවන්න ඕන.

    Ponnayekta ridilaa
     
    Jun 15, 2017
    269
    29
    0
    හිස්බුල්ලාට ඔය ආන්ඩුකාරකම පඩේකටවත් වැඩක් තියෙන එකක් නෙවෙයි. හිස්බුල්ලා ඕකෙන් ගියාට පස්සේ වෙන එකකට සෙට් වෙයි.රිෂාඩ් අස් උනත් එයාගේ අඩුවට ඊටවඩා අන්තවාදියෙක් පත් වෙන්නත් පුලුවන්.අසාද් සාලි කියන්නේ මැම්බර් කෙනෙක්.නාගරික මංත්‍රී කෙනෙක් පුම්බලා ගත්තේ සිරා මිසක් වෙන කවුද?ඕකුන් තුන්දෙනාට ඇමතිකම් නැති උනා කියලා රටට ලැබෙන වාසියකුත් නෑ අවාසියකුත් නෑ. චීවරදාරියෙක්ගේ පුස් පඩයක් විතරයි.අඩුම ගානේ උපවාසයක් කරපන් විල්පත්තුව කපන එක නවත්තලා ජනාවාස ඉවත් කරනකම් ම්රාන්තික උපවාසයක්.අඩුම ගානේ පරිසරයටවත් වැඩක් තියෙනවා.මේක දේශපාලනය අභිලාශය කර ගත්ත හිස් ගන්යෙක්ගේ හිස් පඩයක් විතරයි.

    හරි උයා පාඩුවේ ඉන්ඩකො, යෙපි යේක බලගන්නම්.
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ආන්ඩුකාරයෙක්ට තියෙන එකම බලතලය පලාත්සබාවක් විසුරුවා හැරීම විතරයි. වෙන කිසිම බලතලයක් නෑ.හිස්බුල්ලා ඊලගට නැගෙනහිර මහ ඇමති වෙයිද දන්නේ නෑ:lol:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    කාදිනල් තුමා,
    'හරි ගමනක් යාමට පටන්ගෙන,
    ගමන යාමේදී,
    ගොම පාගන බව 'පෙනේ.
    එතුමා වටහා ගත යුත්තේ,
    සිංහළ සංඝයා සුළුතරයක්, කරන්නේ,
    වැරදි සහගත
    රාජපක්ෂ ගේ නින්දිත අාගම්වාදී, ජාතිවාදී ,
    එකිනෙකාව කොටවන ,
    හුදු ප්‍රතිපත්තියක් නැති,
    අම්පාරට, මඩකළපුවට, යාපනයට හා මාතරට,
    මූනිච්චාවට කථාකර ,
    'ජනතාව ගොනාට අන්දවන' ,පන්නයේ,
    දේශපාළනයක් බවයි.
    ඔය සංඝයා වහන්සේ ,පාර්ලිමේන්තු වරප්‍රසාද ,වරධාන සහිත මන්ත්‍රී වරයෙක් බවත්,
    එම මන්ත්‍රී කම ප්‍රධානය කළ 'වික්‍රමසිංහ ආණ්ඩුවට ',කෘතවෙිදී වන්නේ ඔය ළෙස බවත්,
    භික්ෂු කමක් තබා,' සුනඛ ගතිගුණත්,
    අහිමි ජාති වාදී, ආගම්වාදී ,ත්‍රස්තවාදී පුද්ගළයන් බව ඔබ තුමාට වැටහෙනු ඇත.
    එමෙන්ම උන් වහන්සේ මුග්ධ මහජනයා කුළප්පු කිරීමට,මුස්ලින් අමාත්‍ය වරයෙක්
    පාර්ලිමේන්තුවෙන් නෙරපන්න කියති.
    නමුත් චෝදනාවක් තිබේනම්,
    මේ පඬියාට
    නීතිය ඉදිරියේ පැමිණිළි කරන්න නොදනීද?
    එමෙන්ම චෝදනා විභාග කිරීමට , ළොව පිළිගත් ක්‍රමය වූ
    'පාර්ලිමේන්තු කාරක සභාවක් ',
    රැස්කර විමර්ශනය කරන අතර,
    ඊට සහභාගි නොවී,
    රාජපක්ෂ රෙජිමයට අනුගතව මුන්වහන්සේ,
    'හරක්ට ගොම කැවීමට 'මාන බළනාබව පෙනේ.
    එමෙන්ම මුස්ලින් ආගම්වාදී ආණ්ඩුකාර දෙදෙනෙකු ඉවත්කරන්ට දළදා මාළිගාවේ බුදියෑම තවත් විහිළුවකි.
    ඔවුන් දෙදෙනා ඉවත් කිරීමට,
    පත්කළ ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තුවේ හා පුද්ගළිකව ඉල්ළා සිටිය හැකිව තිබියදී,
    රාජපක්ෂ චෞර, දූෂිත, ස්ත්‍රි දූෂිත , මිනීමරුවෝ හා සරණ ගොස් සිටිති!
    21 දිනයයත් පසුකර ලංකාව සාමකාමී ගමනක් යාමට තැත්කරන විටම,
    ඊනියා
    සිංහළ , බෞද්ධ ත්‍රස්තවාදීයා නැවත බි## හංගන් # ට දෙකින් කෙළිති.
    දැන්, දැන් එතනට' අලි මදිවට හරක් 'ද එකතුවනු පෙනේ.
    තවද,
    සෑම ආණ්ඩුවකටම පනිමින්,
    දේශපාළන හා භෞතික වරප්‍රසාද බළාසිටින,
    රජයේ ඉඩම් නීති විරෝධීව ,අල්ළා අසපු තනා,
    පාර්ලිමේන්තුවට රිංගා
    පාර්ලිමේන්තු වරප්‍රසාද මත
    රු. කොට් 2.5 වාහනයෙන්,
    ප්‍රාතිහාර්‍යය පාති.
    එවැනි පුද්ගළයෝ වනාහී.........
    ගෞතම බුදුන් වහන්සේ වදාළ පරිදි,
    දුෂ්ශීළ ,මහණු වෙති!
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    හිස්බුල්ලා, අසාද් සාලි ආණ්ඩුකාරවරු සහ ඇමැති බදුර්දීන් අස්කළ යුතුය කියා ජනාධිපති උපදේශක රතන හිමි ඇතුළු තැන තැන ආරම්භ කරවන උපවාස වල පිටුපස සිටින්නේ අන් කිසිවෙකු නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළම ය. ඊට අපූරු සාක්කියක් වන්නේ ඥානසාර හිරෙන් එළියට ගැනීමට ජනාධිපති වෙනුවෙන් සිරගෙදරට යමින් තීරණාත්මක සාකච්ඡා කළ අයෙකු වූ අසාද් සාලි, අස්කළ යුතුය කියා ඥානසාර ම කියා සිටීමයි.

    ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරු අස් කළ හැකි වුවද ඇමැති බදුර්දීන් අස්කළ නොහැකිය.



    කෙසේ වෙතත් ජනාධිපතිගේ අරමුණ වෙනකකි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ රටේ යළිත් ජාතිවාදී ආගම්වාදී අස්ථාවරත්වයක් ඇති කර ඒ තුලින් ආණ්ඩුව ඉල්ලා අස්වන තැනට වැඩ සැලැස්වීම ය.

    මේ තත්ත්වය අනුව කෙසේ වෙතත් හිස්බුල්ලා සහ අසාද් සාලි අලි අමාරුවක වැටී තිබේ. ඒ නම් ඉල්ලා අස්වුවහොත් ඔවුන්ගේ දේශපාලනය යලි ගොඩ ගත නොහැකි තැනකට වැටීම ය. ඒ අතරවාරයේ හිස්බුල්ලා සහ අසාද් සාලි ජනාධිපති හමුවූ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඔවුනට ඉල්ලා අස්වන්න යැයි කියා තිබී ද නැත.

    මේ තත්ත්වය යටතේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ඊයේ උදෑසන සිට හිස්බුල්ලා සහ අසාද් සාලි අමතමින් ‘ජනාධිපතිවරයා ලොකු අපහසුතාවයක සිටිනවා. ඒ නිසා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න’ යි දෙදෙනාටම පවසා ඇත. ඔවුන් පිළිතුරු දී ඇත්තේ ජනාධිපති අපෙන් එවැනි ඉල්ලීමක් කර නැති බවයි.

    ඉල්ලා අස්වෙන්න බෑ, අස්කරන්න..
    ඒ අතරවාරයේ සියළු දේශපාලන පක්ෂ වල සිටින මුස්ලිම් නායකයන්ගෙන් උපදෙස් පතා ඇති හිස්බුල්ලාට සහ අසාද් සාලිට ඔවුන්ගෙන් ලැබී ඇති පොදු උපදේශය වී ඇත්තේ මෙවැනි ජාතිවාදී තෙරපුමක් හමුවේ ඉල්ලා අස්වුවහොත් එය හිස්බුල්ලාගෙන් හෝ අසාද් සාලිගෙන් නතර නොවී අනෙකුත් මුස්ලිම් දේශපාලනඥයන් වෙතද හඹා එන බැවින් ජනාධිපතිට අස්කිරීමට ඉඩ දෙනවා මිස ඉල්ලා අස්නොවන ලෙසයි.

    මේ අතර ඊයේ රාත්‍රී 7 ට පමණ හිස්බුල්ලා සහ අසාද් සාලි ජනාධිපතිවරයා හමුවී තත්ත්වය පහදා දී තමන් ඉල්ලා අස්නොවන නමුත් ජනාධිපතිවරයාට ඔ්නෑම අවස්ථාවක තමන් අස්කර වෙනත් අය පත් කිරීමට ඉඩ දෙන බව දැනුම් දී තිබේ. ඒ සාකච්ඡාවේ දී ද ජනාධිපතිවරයා දෙදෙනාට ඉල්ලා අස්වන්නැයි කියා නැත.



    සාකච්ඡාව නිමා වීමෙන් පසුවද යලිත් වතාවක් මුස්ලිම් නායකයන් අසාද් සාලිගේ නිවසේ දී හමුවී තිබේ.

    ඒ සාකච්ඡා යන අතරතුරදී රාත්‍රී දෙදෙනා අමතා ඇති ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස දුරකථනය මගින් පවසා තිබේ. ඒ අවස්ථාවේ දී ද හිස්බුල්ලා සහ අසාද් සාලි පවසා ඇත්තේ ‘ප්‍රශ්නයක් නෑ ඔබතුමා අපව අස්කරන්න’ කියා ය. හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නා යැයි ජනාධිපති ගේ අය විසින්ම පුවතක් පැල කර ඇත්තේ ඒ අවස්ථාවේ දී ය.

    රනිල් ඉල්ලා අස්වන තැනට වැඩ සැලැස්වීම..
    දේශපාලන ආරංචි මාර්ග අනුව ජනාධිපති ගමරාළගේ අරමුණ ඉතා පැහැදිලිවම මෙය රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්කරවීම දක්වා ගෙන යන සැලසුමක් බව හෙළි වී තිබේ.

    අද දිනයේ මහනුවර දඹුල්ල ආදී ප්‍රදේශ වල උපවාසයන්ට සමගාමීව කඩ වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. තත්ත්වය බදාදා වන විට ආගම්වාදී ජාතිවාදී ගැටුමක් දක්වා පත් කරවීම සැලසුමයි. ඉන්පසුව ජනාධිපතිවරයා හිස්බුල්ලා සහ අසාද් සාලි අස්කරන අතර බදුර්දීන් අස් කරන්නැයි රනිල් වික්‍රමසිංහට බල කරනු ඇත. ඉන්පසුව ජාතිවාදීන් කැරළි ගසනු ඇත්තේ ‘බදුර්දීන් ආරක්ෂා කරන රනිල් පන්නා දමනු’ කියා ය.

    එජාපය තුල අර්බුදය ගමරාළගේ වාසියට..
    එක්සත් ජාතික පක්ෂය තුල රනිල් විරෝධයක් මෝදු වෙමින් තිබෙන අවස්ථාව බලා එය කරළියට නැංවීම ජනාධිපති ඇතුළු ජාතිවාදී කල්ලියේ බලාපොරොත්තුවයි. එක්සත් ජාතික පක්ෂය තුල රනිල් විරෝධයක් පැන නැග ඇත්තේ ඔහුව අගමැතිධූරයෙන් පන්නා දැමීමට හෝ ආණ්ඩුව අස්ථාවර කිරීමට නොව ඉදිරි ජනාධිපතිවරණයට රනිල්ට ජය ගත නොහැකිය යන්නත්, ඒ සඳහා ජය ගත හැකි පුද්ගලයෙකු දැන්ම තියා නම් කිරීමත්, ඒ පුද්ගලයාට සහ කණ්ඩායමට තම සංවිධාන කටයුතු කරගෙන යෑමේ පහසුව සඳහා දැන්ම තියා පක්ෂයේ වගකීම් බාර දිය යුතු ය යන්නත් ආදී කාරණා මූලික කරගෙන ය. නමුත් ජනාධිපති ගමරාළ එජාපය තුල තත්ත්වය තමාගේ වාසියට හරවා ගෙන තිබේ.

    ජනාධිපති ගමරාළ හිරේ සිටි ඥානසාර එළියට ගත්තේ මේ ආකාරයෙන් රට ගිනිතැබීමට මිස අන් කිසිවකට නොවේ. රතන ද ඥානසාර ද දෙදෙනාම ‘ජනාධිපතිගේ මිනිස්සු’ ය. එපමණක් ‌නොව හිස්බුල්ලා සහ අසාද් සාලි ද 'ජනාධිපතිගේ මිනිස්සු' ය. හිරෙන් එළියට ගැනීමට පෙර “අනේ මට කෙසේ හෝ රනිල් එළවා දෙන්න” යැයි ජනාධිපති පිංසෙන්ඩු වුනා යැයි කියමින් ඥානසාර දැන් තැන් තැන් වල කයිවාරු කෙළී. එහි සත්‍ය අසත්‍යතාවය දන්නේ ඥානසාර සහ ගමරාළ දෙදෙනා පමණක් නමුත් රතන, ඥානසාර, සාලි, හිස්බුල්ලා ප්‍රධාන චරිත රඟන උපවාස නාටකයම ගමරාළගේ තිර රචනයක් බව නම් සත්‍යයකි.

    බදාදා වන විට යළිත් ජාතිවාදී ප්‍රහාරයක්..
    බදාදා වන විට යළිත් මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් සිදුවිය හැකි බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. එය සිදුවිය හැකි ආකාරය පවා පවසා ඇත. ඉන් ප්‍රධාන වන්නේ එස්ටීඑෆ් කඳවුරු වලින් දුරස්ථ එනම් එස්ටීඑෆ් භටයින් ලඟා වීමට කාලය ගත වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර ආරම්භ විය හැකි බවයි. පසුගිය 13-14 දිනවල කැරළි ඇතිවෙද්දී කැරළි මර්දනය සඳහා එක හෙළිකොප්ටරයක් අහසට එසැවීමට නියෝග නොදුන්නේ මන්දැයි ආරක්ෂක ප්‍රධානීන්ට ඇඟිල්ල දිගුවෙමින් තිබේ.

    කෙසේ වෙතත් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදය එකකි. ලංකාවේ දැන් පෙන්වන නාට්‍යය වෙනත්ම එකකි. එය මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නක් මිස යටපත් කරන්නක් නම් නොවේ.
     

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    හරි උයා පාඩුවේ ඉන්ඩකො, යෙපි යේක බලගන්නම්.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    හරි උයා පාඩුවේ ඉන්ඩකො, යෙපි යේක බලගන්නම්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ආන්ඩුකාරයෙක්ට තියෙන එකම බලතලය පලාත්සබාවක් විසුරුවා හැරීම විතරයි. වෙන කිසිම බලතලයක් නෑ.හිස්බුල්ලා ඊලගට නැගෙනහිර මහ ඇමති වෙයිද දන්නේ නෑ:lol:
    ehenam pako nagarasabawe thanathuru maru karanne kohomada :confused:
    distric kamitu walata salli wen karanne kohomada