හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    bmp rep ++++

    TFS ! :cool:
    +Rep7

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Dilzzzz

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩේ මචන්... මේක ගැන මම හොය හොය හිටියේ. මම හිතන්නේ මේක මට තියෙනවා.

    මේක ඩොක්ටට කියලා බලවලා චෙක් කරගන්නේ කොහොමද මචන්? නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද ?

    ඒ වගේම මම කතා කරද්දි ටිකක් නහයෙන් කතා කරනවා වගේ සද්දයක් එන්නේ පිටට. නහයේ කුහරත් බ්ලොක් වෙලා වගේ ගතියක් තේරෙනවා. මේක හින්දා වෙන්න ඇති නේද..?
     
    • Like
    Reactions: Kevita and Dilzzzz

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    අඩේ මචන්... මේක ගැන මම හොය හොය හිටියේ. මම හිතන්නේ මේක මට තියෙනවා.

    මේක ඩොක්ටට කියලා බලවලා චෙක් කරගන්නේ කොහොමද මචන්? නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද ?

    ඒ වගේම මම කතා කරද්දි ටිකක් නහයෙන් කතා කරනවා වගේ සද්දයක් එන්නේ පිටට. නහයේ කුහරත් බ්ලොක් වෙලා වගේ ගතියක් තේරෙනවා. මේක හින්දා වෙන්න ඇති නේද..?

    සිංහල බෙහෙත් කරන තැනක් බැලුවනම් හරි බන්. ගොඩාක් ඉංග්‍රීසි දොස්තරලා කරන්නේ සෙම වේලෙන්න බෙහෙත් දෙන එක....
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බොහොම වටිනා ලිපියක් !
    පොඩි කාලේ (අවුරුදු 6-10) කාලේදී මගේ උගුරේ නිතරම සෙම් ගෙඩි හැදෙන්න ගත්තා.කිඹුහුම් යන එකත් උදේට ටිකක් විතර තිබුණා. පස්සේ ලොකු වෙද්දී ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා ,කෙඩේටින් කළා .. ගඳ ගගහා බස් වල එන්න බැරි නිසා සතියට දවස් 2-3ක් රෑට නාන්න වුණා.
    පස්සේ කලෙකදී ඔෆිස් යන්න උනාම නයිට් ශිෆ්ට් කරන්න උනා අවුරුදු දෙකක්. ඒ කාලේ තනිකරම රැට නිදි මැරුවා .:sorry:
    මෑතක ඉඳලා මම AC එකේ ඉන්නකොට සෙම කැස්සත් එක්ක එලියට එන්න පටන් ගත්තා. ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් ආව හිස් මුදුනෙන්.පැනඩෝල් බීලා රෑට නිදා ගත්තම සනීපයි. දවල්ට හැදුනොත් නිදා ගන්න බැරි නිසා දවස පුරාම ඔලුව රිදෙන්න ගත්තා.ඉතින් මුළු දවසම කම්මුතුයි.
    බටහිර වෛද්‍යවරුන් කීපදෙනෙක් ගාවටම ගියත් කියන්නේ ලෙඩක් නෑ සාමාන්‍ය හිසේ කැක්කුම කියල . දවස් දෙකක් ඩොකා ගාවට ගියෙත් ඔළුව කැක්කුම තියෙද්දී ..මේ යක්කු කියනවා ඕක සාමාන්‍යලු .:angry:
    පස්සේ ආයුර්වේද වෙදමහත්තයෙක් ගාවට ගියා කැළණිය ගෝනවල පාරේ.එතුමා කිව්වේ ඇඟේ සෙම හින්දා මෙහෙම වෙන්නේ කියලා. තෙලක් දුන්නා ඔළුවට දාල මසාජ් කරන්න කියලා .මාස හයක් හරියටම ඒක දැම්මා අමාරුවෙන් . (තෙල හරිම ගඳයි ..කොළ ගඳක් එන්නේ)
    දැන් 100%ක් ම හොඳයි. දැන් රෑට නාන එක අඩුකළා.තව ව්‍යායාම නිතරම කරන්න කිව්වා. ඒකත් නොකඩවා කරනවා.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    thanks machan..matath okada manda ban thiyennee.... anyway thanks mekata honda doctors la kauda ban ?
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    බොහොම වටිනා ලිපියක් !
    පොඩි කාලේ (අවුරුදු 6-10) කාලේදී මගේ උගුරේ නිතරම සෙම් ගෙඩි හැදෙන්න ගත්තා.කිඹුහුම් යන එකත් උදේට ටිකක් විතර තිබුණා. පස්සේ ලොකු වෙද්දී ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා ,කෙඩේටින් කළා .. ගඳ ගගහා බස් වල එන්න බැරි නිසා සතියට දවස් 2-3ක් රෑට නාන්න වුණා.
    පස්සේ කලෙකදී ඔෆිස් යන්න උනාම නයිට් ශිෆ්ට් කරන්න උනා අවුරුදු දෙකක්. ඒ කාලේ තනිකරම රැට නිදි මැරුවා .:sorry:
    මෑතක ඉඳලා මම AC එකේ ඉන්නකොට සෙම කැස්සත් එක්ක එලියට එන්න පටන් ගත්තා. ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් ආව හිස් මුදුනෙන්.පැනඩෝල් බීලා රෑට නිදා ගත්තම සනීපයි. දවල්ට හැදුනොත් නිදා ගන්න බැරි නිසා දවස පුරාම ඔලුව රිදෙන්න ගත්තා.ඉතින් මුළු දවසම කම්මුතුයි.
    බටහිර වෛද්‍යවරුන් කීපදෙනෙක් ගාවටම ගියත් කියන්නේ ලෙඩක් නෑ සාමාන්‍ය හිසේ කැක්කුම කියල . දවස් දෙකක් ඩොකා ගාවට ගියෙත් ඔළුව කැක්කුම තියෙද්දී ..මේ යක්කු කියනවා ඕක සාමාන්‍යලු .:angry:
    පස්සේ ආයුර්වේද වෙදමහත්තයෙක් ගාවට ගියා කැළණිය ගෝනවල පාරේ.එතුමා කිව්වේ ඇඟේ සෙම හින්දා මෙහෙම වෙන්නේ කියලා. තෙලක් දුන්නා ඔළුවට දාල මසාජ් කරන්න කියලා .මාස හයක් හරියටම ඒක දැම්මා අමාරුවෙන් . (තෙල හරිම ගඳයි ..කොළ ගඳක් එන්නේ)
    දැන් 100%ක් ම හොඳයි. දැන් රෑට නාන එක අඩුකළා.තව ව්‍යායාම නිතරම කරන්න කිව්වා. ඒකත් නොකඩවා කරනවා.

    machan place eka hariyatama kiyapanko
     
    ඔව් බන්, ඕකට ආයුර්වේද වෙදකමම තමයි හරි යන්නෙ. ඉංග්‍රීසි බෙහෙත් බොනකල් හොදයි, ටික කාලෙකින් ආයම හැදෙනවා...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක්‌ ලෙස හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස්‌ රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්‌කබලේ කුහර යුගල් තුනක්‌ තිබේ.
    එයින් එක්‌ කුහර යුගලයක්‌ ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්‍රන්ටල් සයිනස්‌ (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්‌සිලරිසයිනස්‌ (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස්‌ (Ethmoidl Sinus) ලෙසත්, පිහිටා ඇත. මේවා අපගේ නාස්‌ කුහරයට සම්බන්ධ වේ. ශ්වසන මාර්ගයේ උඩ කොටසේ නිපදවන සෙම සහ සොටු මෙම කුහරවලට ක්‍රම ක්‍රමයෙන් එකතුවීමේ ප්‍රවණතාවයක්‌ ඇත.

    දැන් අපි සලකා බලමු කෙනෙකුගේ සෙම නිපදවීම වැඩිවන්නේ ඇයි ද කියා. සමහර අයට උපතින්ම ඇති පීනස හෙවත් Allergic Rhinitis ලෙස හඳුන්වන රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් සයිනස්‌ කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්‌සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීමට පටන් ගනියි.

    මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවලදී ද මෙම තත්ත්වය ඇති වේ. තවද නාසයේ ඇති මස්‌දළු, පීනස්‌ ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. මෙසේ කාලයක්‌ තුළ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමෙන් මෙම සයිනසයිටීස්‌ නැමැති ආසාධන තත්ත්වය ඇති වේ.

    රාත්‍රී කාලයේ ස්‌නානය සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ.
    රෝග ලක්‍ෂණ

    හිසේ නළල ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව

    හිසේ බර ගතිය

    හිස පහතට හෙළා ලිවීමේදී හෝ වැඩක්‌ කිරීමේදී ඇතිවන අපහසුතාවයපහත්වී නැගිටින විට කැරකිල්ල සහ විසිවෙන ගතිය ඇතිවීම

    අන් අය නොරුස්‌සන ස්‌වභාවය

    කියාගැනීමට බැරි අසනීප තත්ත්වයක්‌ දැනීම

    සවස්‌ කාලයේ උණ ගතිය

    දිවා කාලයේ ඇස්‌ ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත

    ඔබට මෙවැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක්‌ හමුවී පරික්‍ෂා කර බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම රෝග තත්ත්වය නිට්‌ටාවට සුවකර ගත හැකියි. හිස්‌කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක්‌ ඇතිවේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. ඊට අමතරව එක්‌ස්‌ කිරණ පරික්‍ෂණයක්‌ මගින් කුහර තුළ සෙම තැන්පත් වී ඇතිදැයි පැහැදිලිව බලාගත හැකියි.

    රෝගය සඳහා ප්‍රතිකාර

    සති දෙකක පමණ කාලයක්‌ වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම

    මීට අමතරව සෙම නිපදවීම අඩු කිරීම සඳහා ද පීනස සඳහා ද ප්‍රතිකාර ලබා ගැනීම
    හුමාලය ආශ්වාස කිරීම

    මෙම ප්‍රතිකාරවලින් ද ගුණයක්‌ නොමැතිනම් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවී සයිනස්‌වල ඇති සෙම ඉවත් කර සේදීම කළ යුතුය.

    බොහෝ රෝගීන් මෙම කරුණු නොදැන සයිනසයිටීස්‌ රෝගයෙන් පීඩාවිඳින අවස්‌ථාවන් ඇත. එම නිසා රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීමත් නැවත රෝගය මතු නොවීම සඳහා අප ඉහතින් සඳහන් කළ රෝගයට බලපාන කරුණුවලින් ඉවත්වීමත් ඉතාම වැදගත් වේ.

    මටත් තියෙන්නේ ඕක වෙන්න ඇති