'හිස් ටින්එකේ' අයිතිය ධනුෂ්කට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
'හිස් ටින්එකේ' අයිතිය ධනුෂ්කට

'හිස් ටින්එකේ' අයිතිය තිස්ස නාගොඩවිතාන ධනුෂ්කටම දෙයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක ගායනා කළ "හිස් ටින් එකක් වාගෙයි" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වූයේය.

මේ ගීතය අඩංගු "දැන් මතකද" චිත්‍රපටයේ වත්මන් අයිතිකරු වන තිස්ස නාගොඩවිතාන මහතා "හිස් ටින් එකක්" ගීතය දෙරණ නාළිකාවට ඊයේ පැවරුවේය.
"හිස් ටින් එකක්" ගීතය ධනුෂ්ක ගායනා කිරීම නිසා ජනප්‍රියත්වයට පත්වුණා. ඒ නිසා ඒ ගීතය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණින් එම ගීතය "දෙරණ"ට භාර දුන්නා" යැයි තිස්ස නාගොඩවිතාන මහතා පැවැසුවේය.



1970 මාර්තු 13 වැනි දින රිදී තිරයට පැමිණි "දැන් මතකද?" චිත්‍රපටය එදා නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය කෙළේ නීල් රූපසිංහය. මේ ගීතයට රඟපෑමෙන් එක් වූයේ සේනාධීර රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා සහ බන්දු මුණසිංහ නළුවන්ය.


අල්හාජ් මොහිදින් බෙග්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා "හිස් ටින් එකක්" ගීතය ගායනා කළ අතර සංගීතඥ පී.එල්.ඒ. සෝමපාල සංගීතවත් කෙළේය. ගීතය රචනා කෙළේ සිරිල් ඒ. සීලවිමල සූරීන්ය.

[FONT=Verdana, Geneva, sans-serif]mawbima.lk

http://jayasrinet.com/download-119-...k+Wagei+Ape+Me+Jeewithe+Malli-MG+Danushka.mp3
[/FONT]
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරුසිරා;16899575 said:
දැන් ඉතින් ටින් එක හිල් වෙනකන් පට්ට ගහයි
:yes::dull:
මම ඔය සිදුව ඇහුවෙත් මිනිහා කිව්වට පස්සෙ පට්ට සිංදුවක්:cool:


ඒත් දෙරනෙ එවුන් ඒක ජන අප්‍රියම කලා:eek:ඕක දිනපු දවසෙ ඉදන් පැයකට කොහොමත් දෙතුන් වතාවක්ම ඔය සිංදුව යනවා දැන් නම් උන්ටම එපා වෙලාද කොහේද:oo:
 

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    :yes::dull:
    මම ඔය සිදුව ඇහුවෙත් මිනිහා කිව්වට පස්සෙ පට්ට සිංදුවක්:cool:


    ඒත් දෙරනෙ එවුන් ඒක ජන අප්‍රියම කලා:eek:ඕක දිනපු දවසෙ ඉදන් පැයකට කොහොමත් දෙතුන් වතාවක්ම ඔය සිංදුව යනවා දැන් නම් උන්ටම එපා වෙලාද කොහේද:oo:

    :yes::yes::yes: