හිස කැක්කුම සෙල්ලමකට ගන්න එපා

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    හිස කැක්කුම සෙල්ලමකට ගන්න එපා

    හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය ඇතැම් අයට එය විවිධ අයට විවිධ ආකාරයෙන් නිර්වචනය කරනවා. ඔය සෙමට, ඉරුවාරදය, වාගේ දේවල් අපිට හිස කැක්කුමත් එක්ක අහන්න ලැබෙනවා.

    හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය ඇතැම් අයට එය විවිධ අයට විවිධ ආකාරයෙන් නිර්වචනය කරනවා. ඔය සෙමට, ඉරුවාරදය, වාගේ දේවල් අපිට හිස කැක්කුමත් එක්ක අහන්න ලැබෙනවා.

    එහෙත් මානසික ආතතිය හා කාර්ය බහුලත්වය හේතුකොට ගෙන මේ හිස කැක්කුම ඇතිවීමට ඉඩ තිබෙනවා.මෙවැනි සුළු සුළු අසනීප සඳහා ඒ මොහොතට පමණක් පිළියමක් ලෙස වේදනා නාශක භාවිතා කළ ද එහි රෝග මූලය පිළිබඳව සොයන්නට බොහෝදෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. එම නිසාම මෙවැනි රෝග අවස්ථා බරපතළ තත්ත්වයට පත්විය හැකියි.

    වර්තමාන ජිවන රටාවත් සමඟ කාර්යබහුල දිවියකට හුරුවීම නිසාම මෙම හිසෙහි වේදනාවක් ඇති වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම දිගුකාලීනව සිදුවන පරිගණක භාවිතය හේතුවෙන් මෙම රෝග තත්වය ඇතිවීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

    පරිගණක සහ දෘෂ්‍ය ලක්ෂණයේ එසේත් නැත්නම් C.V.S (Computer Vision Syndrome) හි එක් රෝග ලක්ෂණයක් ද විය හැකියි. ඒ වගේම කඳුළු ග්‍රන්ථි ආශි‍්‍රතව ද ඇතිවිය හැකි ඇතැම් ගැටලුකාරී තත්වයන් නිසා ඔබ වේදනාකාරී අපහසුතාවයට පත්විය හැකියි.

    මෙම තත්ත්වය බොහෝදුරට Dry Eye ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙසේ Dry Eye තත්ත්වයට පත්වීමට හේතුව පෙර සඳහන් කළ ඇසේ පිහිටා ඇති කඳුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් සිදුනොවීම බව වෛද්‍ය මතයයි.

    සාමාන්‍ය ඇසකට වර්ණ හඳුනාගැනීම ගැටලුකාරී නොවුණ ද මානසික කායික දැඩි වෙහෙස නිසා ඇස හා සම්බන්ධ විවිධ ගැටලු ඇතිවිය හැකි අතර වර්ණ ග්‍රහණය කරගැනීමේ ද විවිධ දුෂ්කරතා ඇතිවිය හැකියි.

    මානසික ආතතිය මෙන්ම කාර්යබහුලත්වය හේතුකොට ගෙන හිස කැක්කුම මෙන්ම මාංශ පේශීවල වේදනාව ද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම ගෙල, උරහිස හා කොන්දේ අමාරුව මෙසේ මාංශ පේශිවල ඇතිවන අපහසුතා අතර ප්‍රධාන තැනක් හිමි කර ගනියි.

    ඔබ කිසිවිටකත් හිස තුළ හටගන්නා වේදනාව හිස කැක්කුම වේදනා නාශකයකට යට කිරීමට ඉඩ නොතබා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් බවත් මතකයේ තබාගන්න.

    උපුටා ගැනීම - www.her.lk