හිස_බද්ධ_කිරීම

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හිස_බද්ධ_කිරීම

    මිනිස් හිස බද්ධ කිරීමේ අරුම පුදුම සැත්කම


    මානව දේහයේ අවයව සහ පටක රාශියක් බද්ධ කළ හැකි බව දැන් කාටත් රහසක් නොවේ. එහෙත් ශීර්ෂ බද්ධයක් ගැන සිතීම පවා අදටත් ඇඟ කිළිපොළා යන තරමේ කාරණයකි

    389A162700000578-3798056-image-m-14_1474364678492.jpg



    ඇස, කන, නාසය, දිව යනාදී ඉන්ද්‍රීයයන් තිබෙන්නේ හිසේහි ය. අනෙක් අතට මුළු මහත් ශරීරයේම පාලන මධ්‍යස්ථානය හැටියට සැලකිය හැකි මොළය තිබෙන්ණේත් හිසේහි ය. ඒ අනුව බලන විට හිස යනු මනුෂ්‍ය ශරීරයේ තිබෙන අතිශය වැදගත්ම සහ සංකීර්ණම ඉන්ද්‍රියකි. එහෙව් හිස බද්ධ කරන්නට බැරි බව සමහර විද්වත්හු පවසති. තවත් ඇතැම් විද්වතුන් නම් කියන්නේ මානව ශිර්ෂයත් බද්ධ කරන්නට පුළුවන් බවකි. මේ අතර ඉතාලි ජාතික විශේෂඥ වෛද්‍යය සර්ජියෝ කැනවෙරෝ මානව ශීර්ෂ බද්ධයක් සිදුකර පෙන්වන්නට පසුගිය කාලයේදී දත කෑවේය. ඔහු මාධ්‍යයේ පෙනී සිටිමින් මානව ශීර්ෂ බද්ධය සිදු කරන අන්දම ලෝකයාට විස්තර කරන්නටත් පසුගිය කාලයේදී අමතක කර තිබුණේ නැත. first human HEAD transplant



    389B094900000578-3798056-image-a-23_1474366697949.jpg

    වෛද්‍ය සර්ජියෝ තම සිහින සැත්කම ආදර්ශනය කරමින්



    සර්ජියෝ කැනවෙරෝ පවසන අන්දමට දායකයා, හිසක් දානය කරන්නට සුදුසු මට්ටමක සිටිය යුතුය. මොළයට සහ හිසට හානි පැමිණ මරණ මංචකයට වැටුණු කෙනෙකුගෙන් හිසක් ලබාගැනීම පල රහිතය.

    බද්ධයට සුදුසු හිසක් සහිත කෙනෙකුගේ හිසත්, දේහයත් යන දෙකම සෙන්ටිග්‍රේඩ් අංශක 12-15ත් අතර උෂ්ණත්වයක තැබිය යුතුය.එමඟින් දේහයත්, හිසත් සිසිල් කෙරේ.

    මේ සිසිල් කිරීම වැදගත් වන්නේ හිස, දේහයෙන් වෙන් කළ පසු මිනිත්තු ගණනක් ඔක්සිජන් රහිතව පවත්වාගෙන යාමේදීය. සෛලවල ක්‍රියාකාරීත්වය, එකී පාරිසරික තත්ත්වවලට සරිලන පරිදී හැඩගස්සවා ගැනීම මේ සිසිලනයෙන් අපේක්ෂා කෙරේ.

    දායකයාගේ හිස, ඔහුගේ දේහයෙන් වෙන් කර ගැනීම ඇරඹෙන්නේ ඉන් පසුවයි. සර්ජියෝ කැනවෙරෝ කියන විධියට එය ඉතා ප්‍රවේසමෙන් කළයුතු කාරියකි. හිස වෙන්කර ගත් පසු හිස කොටසේ ඇති රුධිර වාහිනී, නලවලට සම්බන්ධ කර ඒවායෙහි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නට සිදු වේ. දෙවනුව ඇරඹෙන්නේ මේ හිස රෝගියාගේ දේහයට (ග්‍රාහකයාගේ දේහයට) බද්ධ කරගැනීමේ ක්‍රියාවලියයි. රෝගියාගේ හිස සුන් දේහයේ ඇති සුෂුම්නාවට, නව හිසේ ඇති සුෂුම්නාව නියමාකාරයෙන් තබා “අලවා” ගැනීමක් කළයුතුය. සර්ජියෝ කැනවෙරෝ පෙන්වා දෙන්නේ මේ “ඇලවුම” සිදු කරන්නට පොලිඑතිලීන් ග්ලයිකෝල් නම් රසායනිකයක් භාවිතය ප්‍රමාණවත් යැයි කියාය. අනතුරුව දේහයේ සහ නව හිසෙහි මාංශ පේශීන් සහ රුධිර වාහිනී සම්බන්ධ කළයුතුව ඇත. මේ ශල්‍යකර්මය ඉතා දුෂ්කර සහ කාලය ගතවන එකක් බව සර්ජියෝ පවසයි. ඔහු දක්වන අන්දමට අඩුම තරමින් පැය 36කවත් කාලයක් ඊට ගතවේ; 150ගෙන් යුත් වෛද්‍යය කාර්යය මණ්ඩලයක් ද අවශ්‍යය වේ.

    389A164700000578-3798056-image-m-8_1474373350876.jpg

    වෛද්‍ය සර්ජියෝ, ගුඩ් මෝර්නින් බ්‍රිටේන් රූපවාහනිනී වැඩසටහනට එක් වෙමින් මේ බව හෙළි කළේය.

    ශල්‍යයකර්මය අවසන් වූ පසු මසක පමණ කාලයක් පුරා රෝගියාව සිහි මුර්ජා තත්ත්වයෙන් (Medically induced coma) තබා ගතයුතු බව සර්ජියෝ කැනවෙරෝ පෙන්වා දෙයි. එවැන්නක් අවශ්‍ය වන්නේ රෝගියාගේ චලන නැති කිරීම සඳහා ය. රෝගියා චලනය වුවහොත් බද්ධ කළ හිසෙහි ගෙල ප්‍රදේශය ආශ්‍රිතව ගැටළු ඇතිවන්නට පුළුවන. මේ කාලයේදී ඉලෙක්ට්‍රෝඩ අධාරයෙන් සුෂුම්නාවට කම්පන ලබාදීම දිගටම සිදු කළයුතු බව සර්ජියෝ කැනවෙරෝ පවසයි. නව සම්බන්ධතාවය දැරීමට සුෂුම්නාව උත්තේජනය කර ශක්තිමත් කිරීම එවැන්නකින් බලාපොරොත්තු වේ.

    389A162700000578-3798056-image-m-14_1474364678492.jpg

    ශීර්ෂ බද්ධයට ඉදිරිපත් වී සිටින ප්‍රථමයා - ඔහු ජාන විකෘතියක් නිසා ජීවිතය රෝද පුටුවට සීමා වී ඇති තරුණයෙකි.

    සර්ජියෝගේ අදහසේ හැටියට, සිහිමුර්ජා තත්ත්වයෙන් මුදා ගත් පසු රෝගියාට තම චලන ක්‍රමානුකූලව ආරම්භ කළ හැකිය. බද්ධ කළ හිසේ ඇත්තේ තමන්ගේ මුහුණමයැයි කියා රෝගියාට හැඟීමක් ඇතිවනු ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ වගේම රෝගියාගේ කටහඬ නොවෙනස් වන බවත් පැවසේ. නමුත් රෝගියාට ඇවිදීම අරඹන්නට භෞතචිකිත්සාව අවශ්‍ය වනු ඇත. ව්‍යායාම තුළින් වසරක් ඇතුළත රෝගියාට ඇවිදීම ක්‍රමානුකූල කරගැනීමට අවස්ථාව ඇතැයි කියා පැවසේ. එහෙත් සුවය ලබන විට රෝගියාට මනෝ වෛද්‍යය විශේෂඥයන්ගේ සහය අවශ්‍ය වනු ඇති බව සර්ජියෝ කැනවෙරෝ පෙන්වා දෙයි.

    සර්ජියෝ, ශිර්ෂ බද්ධය සම්බන්ධයෙන් මාධ්‍යට කිහිප වරක් පළ කළ මේ අදහස් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නොහැර ප්‍රචාරය විණ. මේ නිසා ශීර්ෂ බද්ධ කිරීමේ ඉතිහාස කතාවත් එළියට ඇදී ආවේය.

    වාර්තාවල දැක්වෙන අන්දමට මිනිස් හිසක් බද්ධ කිරීමට උත්සාහ ගැනුණේ සෑහෙන කලකට ඉහතදීය. ඒ ගැන ඉතා තදින් කතා කිරීම සහ පර්යේෂණ පැවැත්වීම එක්දහස් නවසිය පනස් ගණන්වල සිටම සිදුව ඇත. නමුත් එදා මෙදා තුර කිසිදු අවස්ථාවක මිනිස් හිසක් බද්ධ කිරීම යතාර්ථයක් වී නැත. ශීර්ෂ බද්ධය යම් පමණකටවත් සැබෑවක් වී ඇත්තේ සතුන් සම්බන්ධයෙන් පමණි. පර්යේෂණවලට යොදා ගනු ලැබුවේ ද වඳුරන්, සුනඛයන් සහ මීයන් වැනි සතුන්ය. සෝවියට් දේශයේ විශේෂඥ වෛද්‍යය ව්ලැද්මියර් දෙමිකොෆ් සුනඛයන්ට ශිර්ෂ බද්ධ කිරීම 24 වරක් අත්හදා බලා ඇත. 1959දී හෙතෙම හිස් දෙකක් සහිත සුනඛයකු හදන්නට උත්සාහ ගත්තේය. ඒ, සුනඛයෙකුට තවත් සුනඛයකුගේ ශීර්ෂයක් බද්ධ කිරීමෙනි. සැත්කම සාර්ථක වුවත් හිස් දෙකෙහි සුනඛයා ජීවත් වූයේ දින හතරක් පමණි. මේ අන්දමට ඔහු සුනඛයන්ට කළ ශීර්ෂ බද්ධ, සැත්කම් මට්ටමේදී සාර්ථක විණ. නමුත් සැත්කම්වලට ලක්වුණු සුනඛයෝ දිනයක්, දෙකක් ගත වනවිට මරණයට පත්වූහ. සුනඛයන් මියයෑම වළකා ගන්නට ව්ලැද්මියර් අපොහොසත් වූයේය.

    389BFB1B00000578-3798056-image-a-64_1474378325117.jpg

    ශීර්ෂ බද්ධයට ලක් කළ සුනඛයා ජීවත් වූයේ ඉතා කෙටි කලකි.  

    ඇමෙරිකා ජාතික විශේෂඥ වෛද්‍ය රොබර්ට් වයිට් ශිර්ෂ බද්ධ කිරීම් අත්හදා බැලුවේ 1970දී පමණ බව දැක්වේ. ඔහු ඊට යොදා ගත්තේ රීසස් වඳුරන්ය.

    389B094400000578-3798056-image-a-29_1474366739527.jpg

    ශීර්ෂ බද්ධයට ලක් කළ රීසස් වඳුරා ජීවත් වූයේ දින 8 ක් පමණි.

    ඔහු පළමුවෙන්ම කළ වඳුරු ශිර්ෂ බද්ධය, ශල්‍යකර්මයක් හැටියට සාර්ථක විණ. නමුත් බද්ධ කිරීමට ලක්වුණු රීසස් වඳුරා දින 8කට වඩා ජීවත් වුණේ නැත. වඳුරාගේ ශරීරය මුළුමනින්ම අංශභාග තත්ත්වයකට පත්ව තිබුණේය. මිය යන අවස්ථාව වනවිට උගේ ශරීරය, ශරීරයට ආගන්තුක කොටසක් වූ හිස ප්‍රතික්ෂේප කරමින් තිබුණු බව වාර්තාවල දැක්වේ. විශේෂඥ වෛද්‍යවරුන් වන ව්ලැද්මියර් වගේම රොබර්ට් ද මානව ශීර්ෂ බද්ධය සම්බන්ධයෙන් කතා කරන්නට අනාගත ලෝකයට මාවතක් විවාර කළ බව අප පිළිගත යුත්තකි. වෛද්‍ය සර්ජියෝ වුව කතාකරන්නේ ඒ පදනමෙහි පිහිටා බවත් අමතක කළ නොහැකිය.

    ඒ අතීත අඩි පාරේම ගිය තවත් විශේෂඥ වෛද්‍යවරයකු චීනයෙන් හමුවේ. ඔහු ෂියෝපින්ග් රෙන්ය. රෙන් ශිර්ෂ බද්ධ අත්හදා බලන්නේ මීයන් යොදාගෙනයි. හෙතෙම මීයන් දහසක් පමණ යොදාගෙන පර්යේෂණ සිදුකර තිබේ. වාර්තාවල දැක්වෙන විධියට ශිර්ෂ බද්ධය ලත් මීයන්ගේ චලන, ආශ්වාසය, ජලය පානය වගේම වටපිට බැලීම යන අංශ හොඳ මට්ටමක තිබී ඇත. ඒ වුණත් බද්ධයෙන් වැඩි වෙලාවක් ගතවන්නට පෙර ඒ මීයෝ මරුමුවට පත්වූහ. රෙන් කියන්නේ සතුන්ට ශිර්ෂ බද්ධ කිරීමෙන් ලත් අත්දැකීම්, මිනිස් ශීර්ෂ බද්ධයකට සාර්ථකව පාර කියා ඇති බවකි. ඒ මාවත ඔස්සේ පර්යේෂකයන්ට ගමන් කළ හැකි බව රෙන්ගේ අදහසයි

    https://outboundtoday.com/wp-content/uploads/2018/10/3A855F3500000578-3949888-image-a-20_1479481059077.jpg[IMG]
    ඉලිනොයිස් සරසවියේ මහාචාර්ය ෆායිඩ්, මයික්රොමීටරයක් තරම් සියුම් කැපුම් තලයක් නිර්මාණය කර ඇත.

    මානව ශිර්ෂ බද්ධය, විද්‍යාවෙහි තවත් මායිමක් බවට පත්වනවාට සැකයක් නැහැ. සමහරුන් නම් කියන්නේ එය වෛද්‍යය විද්‍යාවේ අවසන් සීමාව කියලා. කොහොම වුණත් මානව ශිර්ෂ බද්ධය ඉතාමත් සංවේදී සහ මතභේදාත්මක ක්ෂේත්‍රයක්. ප්‍රායෝගිකව මානව ශිර්ෂ බද්ධයක් සාර්ථක කරගන්න පුළුවන් නම් අපට ජීවිත හුඟක් බේරගන්න හැකි වේවි. හුඟක් අය කියන්නේ මානව ශිර්ෂ බද්ධය ආචාර ධර්මවලට පටහැනි දෙයක් කියලා. නමුත් මනුෂ්‍යයකුගේ හරය කුමක්ද?. මනුෂ්‍යයකු කියන්නේ මොළය මිසක් සිරුරක් නොවෙයි. ශරීරය කියන්නේ තවත් අවයවයක් පමණයි” කියා හෙතෙම පවසයි.

    [IMG]https://outboundtoday.com/wp-content/uploads/2018/10/3A85512A00000578-3949888-image-a-2_1479480540763.jpg
    ශිර්ෂ බද්ධයට ලක් වන්නන් අලුත් ජීවිතයට හුරු කිරීම සදහා විශේෂ පුහුණුවීම්වල යෙදවීම අනිවාර්යය.



    3A84F15500000578-3949888-image-a-1_1479480364896.jpg

    3A84C05800000578-3949888-image-a-9_1479480605732.jpg


    වෛද්‍ය ජෙරී සිල්වර්, රොබර්ට් වයිට් රීසස් වඳුරකුට 1970 වසරේදී කළ ශීර්ෂ බද්ධයේ සාක්ෂිකරුවෙකි. වෛද්‍යය සර්ජියෝගේ උත්සාහය ජෙරී ප්‍රතික්ෂේප කරන්නේ එය විද්‍යාව නරකට යොදා ගැනීමකැයි කියාය. 1970 කළ වඳුරු ශිර්ෂ බද්ධය ගැනත් ජෙරී වරක් මතක් කර දී තිබිණ.

    මට මතකයි, ඒ සතාගේ සිරස අවධියෙන් තිබුණු හැටි. නමුත් උගේ මුහුණේ ඉරියව්වලින් කියැවුණේ ඌ අසීමිත වේදනාවක් විඳින බව. ඌ අවුල් සහගත තැනක ඉන්න බවත් සංකාවෙන් පෙළෙන බවත් දකින්න තිබුණා. හිස ජීවය සහිතව පවතිනවා තමයි. නමුත් එය ලොකු කාලයක් සඳහා නොවෙයි. එය නිකම් භය උපදවන දෙයක් පමණයි. මම හිතන්නේ ඒ වගේ දේවල් ආයෙත් අත්හදා බලන්නවත් ඕනේ නැහැ කියලා.

    මෙවැනි පරිසරයක් තුළ පළමු ශිර්ෂ බද්ධය කරගන්නට කෙනෙක් සූදානමින් සිටින බව වෛද්‍ය සර්ජියෝ බී.බී.සී.යට එක්තරා අවස්ථාවකදී කියා තිබුණේය.

    සත්‍ය වශයෙන්ම එය සිද්ධ වෙන්නේ සුදුසු මොළයක් ප්‍රදානය කිරීම මතයි. ශිර්ෂ බද්ධයක් කරවා ගන්න කැමැත්ත පළ කළ රෝගීන් ගණනාවක් ඉන්නවා. බ්‍රිතාන්‍යයයෙනුත් රෝගීන් කිහිපදෙනෙකු ඉන්නවා. බ්‍රිතාන්‍යයයේදී මේ වගේ සැත්කමක් කරන්න පුළුවන්. කොහොම වුණත් එය බ්‍රිතාන්‍යයයේදී, ජර්මනියේදී හෝ ප්‍රංශයේදී හෝ සිදුවෙන්න ඉඩ තියෙනවා.

    නව පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කරන රෝගීන් අතර පළමුවෙන්ම කියැවුණේ වැලරි ස්පිරිඩොනොෆ් නැමැති රුසියා ජාතිකයාගේ නමය. 2015 වසරේදී වැලරිගේ වයස අවුරුදු 30ක් පමණ විණ. ඔහු මාංශ පේශීන්වල හටගත් බරපතල රෝග තත්ත්වයකින් පීඩා විඳින්නෙකු බවත් සඳහන්ව තිබුණේය. එනිසා ඔහුගේ සියලු චලන රෝද පුටුවකට පමණක් සීමා වී ඇත. ශිර්ෂ බද්ධයක් කරගෙන සුව අතට හැරීම වැලරීගේ එවක බලාපොරොත්තුව විණ. ඒ වුණත් මානව ශීර්ෂ බද්ධ කිරීමේ සැත්කම් හරියටම හරි යාවිදැයි කියා කාට නම් කිව හැකිද?

    “බිස්නස් ඉන්සයිඩර්” නැමැති ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය වරක් කියා සිටියේ කාරණා පහක් නිසා මානව ශිර්ෂ බද්ධය සාර්ථක කරගැනීම අසීරු මට්ටමක පවතින බවකි. එහිලා පළමු කාරණය වන්නේ දායකයාගෙන් ඉවත් කර ගත් ශීර්ෂය, බද්ධය කරන තුරු ජීවී මට්ටමෙන් පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලුවයි. හෘද හෝ වකුගඩු හෝ බද්ධයකදී මේ තත්ත්වය මඟ හරවා ගන්නට වෛද්‍යවරුන් කරන්නේ එකී අවයව සිසිල් කළ සේලයින් වතුරේ තැබීමයි. නමුත් මානව ශීර්ෂය බරින් වැඩිය. සංකීර්ණය. ඒ වගේම එය හුදෙක් එක් අවයවයක්ද නොවේ. ඇස්, කන්, නාසය, මුඛය වගේම ග්‍රන්ථි පද්ධතීනුත් එහි ඇත. අනෙක් අතට හිස කඳෙන් වෙන් කළ පසු හිසෙහි රුධිර පීඩනය පහළ වැටේ. ඒ සමඟම සිරසට සැපයෙන රුධිර සැපයුම අඩාලවීමෙන් ඔක්සිජන් හිඟකමක් මතුවේ. එහි අවසාන ඵලය හිස මියයෑමයි. දෙවන ගැටලුව මතු වන්නේ බද්ධ කළ හිස සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීම ඇරඹු විටය. වෙනත් අවයව බද්ධ කිරීම්වලදීත් මේ ගැටලුව මේ විධියටම පැන නඟින බව සැබෑවකි. නමුත් හිසෙහි සංකීර්ණ බවත් සමඟ රෝගියගේ දේහයෙන් එය ප්‍රතික්ෂේපවීමට ඇති ඉඩ බොහෝ වැඩි බව බෙබ් අඩවිය පෙන්වා දී තිබිණ. තෙවැනි ගැටලුව මතුවන්නේ ශල්‍යය කර්මයේ සියලු කටයුතු මැනැවින් කළමනාකාරණය කරගන්නට සිදුවීම නිසයි. එනම් දායකයාගෙන් ශීර්ෂය ගලවා ගැනීම, ග්‍රාහකයාගේ ශීර්ෂය ඉවත් කිරීම සහ ග්‍රාහකයාට නව ශීර්ෂය බද්ධ කිරීම යන කාර්යයන්ය. මේ කාර්යයන් සියල්ලක්ම එකම විටෙකදී වාගේ සිදු කළයුතුයි. එකී තත්ත්වය කොපමණ දුරට ප්‍රායෝගිකද යන්න උත්තර නැති ගැටලුවකි. අනෙක් ගැටලුව මතුවන්නේ දේහයේ ඇති සුෂුම්නාව, ශිර්ෂයේ ඇති සුෂුම්නාව සමඟ හරියටම බද්ධ කිරීමේදීය. මේ “ඇලවුම” හරියටම කළයුතුව ඇත. ඊට පොලිඑතිලීන් ග්ලයිකෝල් නම් රසායනිකය යොදාගන්නා බව පැවසුනත් එය මෙයට පූර්වයෙන් මිනිසුන් අරභයා යොදාගත් බවක් දැනගන්නට නැත. එනිසා ඒ යෙදුමෙහි සාර්ථකත්වය ගැන සැක මතුවේ. ඒ වගේම සිහි මුර්ජා තත්ත්වයෙන් රෝගියා තබාගන්නා විට ආසාදන, රුධිර කැටි ඇතිවීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවන්නට පුළුවන. එවැනි තත්ත්ව රෝගියාට අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇත.

    ශීර්ෂ බද්ධය ප්‍රායෝගික නොවන බව විවිධ අංශවලින් මේ අන්දමට පෙන්වා දුන්නත් විශේෂඥ වෛද්‍යය සර්ජියෝ කැනවෙරෝ තමන්ගේ අදහස අත්හරින්නට කැමති නැත. මානව ශීර්ෂ බද්ධයක් කිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වී තිබේ.

    සර්ජියෝ කරන්නට යන ශිර්ෂ බද්ධය ගැන අදහස් දක්වන බොහෝ විද්වතුන් කියන්නේ මිනිස් ශිර්ෂ බද්ධයට කලින් සතුන්ගේ ශිර්ෂ බද්ධය ගැන අත්දැකීම් ලබාගත යුතු බවකි. එසේවුවත් පර්යේෂණවලට සතුන් යොදාගැනීම අචාරධර්මවලට පටහැනි බවට මතයක් ඇත. මේ නිසා හිතු හිතු හැටියේ සතුන්ට ශීර්ෂ බද්ධයන් කිරීමත් කළ නොහැකිය. මේ බාධා, සීමාකිරීම් සහ ගැටළු මැද ලබන අනාගතයේ දිනෙක මිනිස් ශීර්ෂ බද්ධයක් කළ හැකිද? යන්න දැඩි අභියෝගත්මක බව තවත් කියන්නට දෙයක් නොවේ.





    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Interesting! TFS

    The world's first human head transplant has been carried out on a corpse in China, according to an Italian Professor Sergio Canavero.

    Dr Xiaoping Ren, who grafted a head onto the body of a monkey in 2016, carried out the operation, which took 18 hours.

    Italian Professor Canavero, who is the director of the Turin Advanced Neuromodulation Group, announced the success in a press conference in Vienna.

    The professor said: "The first human transplant on human cadavers has been done.

    "A full head swap between brain dead organ donors is the next stage and that is the final step for the formal head transplant for a medical condition which is imminent."

    It had previously been hoped that 30-year-old Valery Spiridonov would be the first human to undergo the operation but the Russian decided he did not want to experience the surgery.

    Spiridonov had volunteered because he suffers from Werdnig-Hoffmann disease, which causes severe spinal muscular atrophy, and he was willing to try anything to prolong his life.

    https://www.google.com/amp/www.ladb...splant-carried-out-in-china-20171117.amp.html

    Seems surgery has already been carried..🤔

    Rep added..
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඕක මුලින්ම කලේ ලංකාවේ. මහසොහොනට වලහෙකුගේ හිසක් බද්ධ කලේ .


    හදිසි අනතුරකින් මියගියා කියල කියන පුද්ගලයෙකුටත් පැය 72 ක් ඇතුලත නැවත ප්‍රාණය දෙන්න පුළුවන් ක්‍රම තිබිල තියෙනවා බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    එතකොට දැං ඉන්නෙ ඔලුව අයිති කෙනාද? කඳ අයිති කෙනාද?

    ඇඟ හරිවැටිල ගියා... අනේ අර සත්තු... අම්මෝ.. :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    බද්ධ කළ හිසේ ඇත්තේ තමන්ගේ මුහුණමයැයි කියා රෝගියාට හැඟීමක් ඇතිවනු ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    :baffled::baffled:

    එතකොට මිනිහ ඉන්නෙ ඔලුවෙ නෙමේද? කඳ කොටසෙද? :angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකනම් එහෙම්පිටින්ම භය හිතෙන කේස් එකක් වගේ..:baffled:
    ඔච්චර දහදුක් විඳගෙන ජීවත් වෙනවට වැඩිය මැරෙන එක සැපයිද මන්දා..:sorry:

    +Rep​
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ.....මෙහෙම දෙයක් මට කලොත් නම් කවදාවත් රෑට නින්ද යන එකක් නෑ.
    කොහොමද හැම වෙලේම මතක් වෙනවනේ මේ මගේ ඔලුව නෙමේ කියල....
    +++
    :shocked::shocked::shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    අම්මෝ.....මෙහෙම දෙයක් මට කලොත් නම් කවදාවත් රෑට නින්ද යන එකක් නෑ.
    කොහොමද හැම වෙලේම මතක් වෙනවනේ මේ මගේ ඔලුව නෙමේ කියල....
    +++
    :shocked::shocked::shocked:

    මොන මඟුලක්ද යකෝ..
    උඹ ඉන්නෙ උඹෙ ඔලුවෙ, ඇඟේ නෙමේ..

    තොගෙ ඇඟ අයිති වෙන්නෙ වෙන කෙනෙකුට :angry: තෝ ස්වර්ගස්ත වෙනව :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන මඟුලක්ද යකෝ..
    උඹ ඉන්නෙ උඹෙ ඔලුවෙ, ඇඟේ නෙමේ..

    තොගෙ ඇඟ අයිති වෙන්නෙ වෙන කෙනෙකුට :angry: තෝ ස්වර්ගස්ත වෙනව :rofl:

    සිරාවට එහෙම බැලුවොත් මොළේ අයිති ඔලුවටනේ.ඒ කියන්නේ ඇඟේ අයිතිකාරයා තමා වෙනින් කෙනා වෙන්නේ...
    Fuck.... :sorry::sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    සිරාවට එහෙම බැලුවොත් මොළේ අයිති ඔලුවටනේ.ඒ කියන්නේ ඇඟේ අයිතිකාරයා තමා වෙනින් කෙනා වෙන්නේ...
    Fuck.... :sorry::sorry::sorry:

    ;)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිස්සු පැහැරගෙන ගිහින් ඔලු බද්ධ කරන ෆිල්ම් එකක් බැලුවා ලගදි.ඕවා හරි ගියොත් මිනිස්සු උස්සන්නත් පටන් ගනිද කියන්න බෑ.
     

    Similar threads