හීනමානය Inferiority Complex

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි.

    සාමාන්‍යයෙන් අප සියල්ලන් තුලම යම් හිනමාන්යක් පවතින අතර මෙය සාමන්‍ය ලෙස අපට හැගෙන හිනමන්ය නොවේ. මෙම හීනමානය කොටස් දෙකක් වේ.

    මෙම හීනමානය ඇතිවන අකාරය පිළිබද ඔබ දන්නවද?

    කුඩා අවධියේදී දරුවා සෑම විටම විවේචනය කිරීමෙන් හැරීමෙන් ඔවුන් ගේ ක්‍රියාවන් හෑල්ලු කිරීමෙන් මෙම හීනමානය ඇති වේ ආර්ථික මට්ටම, අධ්‍යාපනික මට්ටම, සමාජ මට්ටම, උස්, පහත් වීම හා ආගම අනුව හීනමානය ඇති වේ

    ජන වර්ගය අනුව ,සමේ වර්ණය අනුවද හීනමානය ඇති වේ.

    හීනමානය ඇති පුද්ගලයාගේ රෝග ලක්ෂණ සමාජ ක්‍රියාකාරකම් වලදී

    සමාජයේ අන් අය ඉදිරියේදී කතා කිරීමට නොහැකි බව හෝ සිටීමට නොහැකි බව,ඉකමනින් යහළුවන් ඇති කර ගැනීමට නොහැකි බව ,ඔවූන් සමග මිතුරු වීමට තම නොගැලපෙන හෝ හොද නැති බව බව දැනීම

    ඕනෑම දෙයක වැරද්දක් දැකීම

    මෙහිදී කිසි දෙයක තරගකාරී බව නොමැති කම කිසිම දෙයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බව එසේම ඕනෑම දෙයක අසුබවාදී බව හෝ වැරදි ලෙස විවේචනය කිරීම සහ කිසිම දෙයක් වගකීමක් නොගැනීම

    සභාවක් ඉදිරියට යාමට බිය

    මෙහිදී තම අන් අය ඉදිරියේ කරන දෙයින්තමා ලජ්ජාවට පත් වේ යැයි සිතීම තමාට තමාගේ කාර්යය නිසි පරිදි කර ගැනිමට නොහැකි වේ යැයි සිතීම. ක්ලමතය (stress) ඇති වේ මෙම පුද්ගලයන්ට අවධානය වැඩිපුර අවශ්‍ය වේ ඔවුන් තමා ගේ ඉතා කුඩා අසනීප ගැන අන් යට පවසන අතර ඒ තුලින් අවධානය ලබා ගනී.ඕනෑවටත් වැඩ තමගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩ වේ විටෙක සුළු දෙයක් පිළිබද අධි සංවේදී වේ ඉක්මනින් අපහසුතාවට පත් වේ.

    උපුටා ගැනීම liya lk

    මචන් මේ මානසික ලෙඩක් නේද? මේකට බෙහෙත් ගත්ත අය ඉන්නවද? හොද කරන්න පුලුවන් ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    Anyone who didn't realize the duality is a mental person.Because he thinks the illusion is reality.It's like showing someone a movie and saying it is real and other person believe it.it is the highest form of insanity.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් මේ මානසික ලෙඩක් නේද? මේකට බෙහෙත් ගත්ත අය ඉන්නවද? හොද කරන්න පුලුවන් ද
    ඔව්, ලෙඩක් හීනමානය ඩිප්‍රෙස්සන් වලටත් බලපාන්න පුලුවන්. ලන්කාවේ ගොඩක් උන්ට තියෙනවා. හෙතුව තමා පොඩි කාලෙම දෙමව්පියෝ / ගුරුවරු ඔලුව කන එක. ඉස්කෝලේ නම් වැඩ කරන එකෙක් පෙන්නලා උබට බෑ උබ මෝඩයි අනම් මනම් කිව්වම, ගෙදරදි නම් අයියා සිස්සත්වේන් රෝයල් ගියා උබට බැරි උනා අඩුම පාස් වෙන්නවත්. උබට වැඩ බෑ, උබ ගොන්, වගකීමක් දෙන්නෙ නෑ, පවුලේ තැනක් දෙන්නෙ නෑ, දෙයක්/ඉන්පුට් එකක් දුන්නොත් ගනන් ගන්නෙ නෑ, ඉතින් පොඩි එකාගේ ඔලුවට එනවා මන් වැඩක් නෑ, මට වැඩ බෑ, අනම් මනම් ටික කාලයක් යද්දි හීන මානය.

    බේත් ගන්න පුලුව මනෝ වෛද්‍ය වරයෙක් හම්බවෙයන්....

    PS: දැන් කොල්ලන්ට ගොඩක් උන්ට ඕක තියෙනවා.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මටත් ඕක තියෙනවා..දන්න කෙනෙක්ට හොද DOC කෙනෙක් කියන්නකෝ..
     
    • Like
    Reactions: rithik_putha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මාව කවුන්සලිං කරපු කෙනා කිව්ව මගෙ ආත්ම අභිමානය අඩුයි කියල
    ඒකනං ඇත්ත වයස 38ක් වුණාට පොඩි ලමයෙක්ට තරම්වත් ආත්ම විස්වාසයක්වත් නෑ
     
    • Like
    • Wow
    Reactions: NRTG and UKKU PUTHA

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,333
    113
    ඔව්, ලෙඩක් හීනමානය ඩිප්‍රෙස්සන් වලටත් බලපාන්න පුලුවන්. ලන්කාවේ ගොඩක් උන්ට තියෙනවා. හෙතුව තමා පොඩි කාලෙම දෙමව්පියෝ / ගුරුවරු ඔලුව කන එක. ඉස්කෝලේ නම් වැඩ කරන එකෙක් පෙන්නලා උබට බෑ උබ මෝඩයි අනම් මනම් කිව්වම, ගෙදරදි නම් අයියා සිස්සත්වේන් රෝයල් ගියා උබට බැරි උනා අඩුම පාස් වෙන්නවත්. උබට වැඩ බෑ, උබ ගොන්, වගකීමක් දෙන්නෙ නෑ, පවුලේ තැනක් දෙන්නෙ නෑ, දෙයක්/ඉන්පුට් එකක් දුන්නොත් ගනන් ගන්නෙ නෑ, ඉතින් පොඩි එකාගේ ඔලුවට එනවා මන් වැඩක් නෑ, මට වැඩ බෑ, අනම් මනම් ටික කාලයක් යද්දි හීන මානය.

    බේත් ගන්න පුලුව මනෝ වෛද්‍ය වරයෙක් හම්බවෙයන්....

    PS: දැන් කොල්ලන්ට ගොඩක් උන්ට ඕක තියෙනවා.
    හරියටම කියලා තියෙනවා. දෙමව්පියන්, ගුරුවරුන් කොච්චර උගත් වුනත් වැඩක් නෑ ඔය වගේ ගොන් කතා කියලා ළමයිව මානසිකව වට්ටනවා නම්. ළමයාගේ අනාගතය ඉවරයි.
     
    මටත් මචන් මෙහෙම ලක්ෂණ සහ අත්දැකීම් තියෙනවා ගෙදර අයගෙන්. මම එකම දරුවා. අදටත් මට මම ගැන විශ්වාසයක් නෑ. මගේ පෙනුමත් පොඩි ලමයෙක් වගෙ. ඒ හේතු නිසා මට මාවම එපා වෙලා ඉන්නේ

    මටත් ඕක තියෙනවා..දන්න කෙනෙක්ට හොද DOC කෙනෙක් කියන්නකෝ..
    මචන් වයස කීයද? ජොබ් එකක් කරනවා ද
    ------ Post added on Feb 12, 2021 at 10:33 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    hmm. ape gedarath ohomai ban. ape amma aduma gane thaththatawath decision ganna denne na.

    eth dan bandata passe mam goda yagena enawa. welawata honda wife kenek hambuna.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මාව කවුන්සලිං කරපු කෙනා කිව්ව මගෙ ආත්ම අභිමානය අඩුයි කියල
    ඒකනං ඇත්ත වයස 38ක් වුණාට පොඩි ලමයෙක්ට තරම්වත් ආත්ම විස්වාසයක්වත් නෑ
    මගෙත් පෙනුම පොඩි ළමයෙක් වගේ. ඒ හේතුව නිසා ද මන්දා සමහර තැන් වල මාව ගනන් ගන්නේ නැති සිද්ධි වෙලා තියෙනවා. මටත් මම ගැන විශ්වාසයක් නෑ

    හරියටම කියලා තියෙනවා. දෙමව්පියන්, ගුරුවරුන් කොච්චර උගත් වුනත් වැඩක් නෑ ඔය වගේ ගොන් කතා කියලා ළමයිව මානසිකව වට්ටනවා නම්. ළමයාගේ අනාගතය ඉවරයි.
    ඔව් ඒ කතාව ඇත්ත. අපේ ගෙදරත් පොඩි කාලේ ඉදන් "ඔයාට තනියම බෑ, ඔයා කොහෙද ඕවා කරන්නේ, මෝඩ කතා කියනවා වගේ දේවල් කියලා මාව පහත් කරපු වෙලාවල් තියෙනවා. මගේ දුර්වල හිත නිසා ඒවා හිතට අරන් වැඩී. මට අද කිසිම දේකට මාවම විශ්වාස නෑ
    ------ Post added on Feb 12, 2021 at 10:39 AM
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මටත් මචන් මෙහෙම ලක්ෂණ සහ අත්දැකීම් තියෙනවා ගෙදර අයගෙන්. මම එකම දරුවා. අදටත් මට මම ගැන විශ්වාසයක් නෑ. මගේ පෙනුමත් පොඩි ලමයෙක් වගෙ. ඒ හේතු නිසා මට මාවම එපා වෙලා ඉන්නේ

    මචන් වයස කීයද? ජොබ් එකක් කරනවා ද
    ------ Post added on Feb 12, 2021 at 10:33 AM
    29 බන්..ජොබ් එකක් කරනවා
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    hmm. ape gedarath ohomai ban. ape amma aduma gane thaththatawath decision ganna denne na.

    eth dan bandata passe mam goda yagena enawa. welawata honda wife kenek hambuna.
    අපේ ගෙදර අම්මයි තාත්තයි තීරණ ගද්දි වැනෙන අය, ඒ නිසා පවුලට සම්බන්ධ වැඩිහිටි නෑයෙක්ගෙන් උපදෙස් ගන්නවා. ඒ එක එකාගේ තීරණ නිසා අච්චාරුවක් වගේ අපේ ප්‍රශ්න. හිතනකොටත් අප්පිරියයි. අර නෑදෑ උන් කියන ඒවයි ඔක්කොම එක්ක අවුල් ගොඩක්.

    ඔයා බැදල වෙනමද ඉන්නෙ?
    වයිෆ් love affair එකකින්ද හම්බුනේ?
     
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අපේ ගෙදර අම්මයි තාත්තයි තීරණ ගද්දි වැනෙන අය, ඒ නිසා පවුලට සම්බන්ධ වැඩිහිටි නෑයෙක්ගෙන් උපදෙස් ගන්නවා. ඒ එක එකාගේ තීරණ නිසා අච්චාරුවක් වගේ අපේ ප්‍රශ්න. හිතනකොටත් අප්පිරියයි. අර නෑදෑ උන් කියන ඒවයි ඔක්කොම එක්ක අවුල් ගොඩක්.

    ඔයා බැදල වෙනමද ඉන්නෙ?
    වයිෆ් love affair එකකින්ද හම්බුනේ?
    ඔව් වෙනම ඉන්නෙ. අපි බැන්ඳ මුල් කාලෙ වෙන ගෙදරක හිටියත් අයිතිය තිබ්බේ අපේ අම්මලාට. වත්තේ මල් පැලයක් වත් අපිට ඕනෙ විදිහට හිටවන්න බෑ. සුද්ද කරන්න කියලා ඇවිල්ලා ගලෝලා විසිකරනවා. තව ගෙදර කුණු ගොඩ ගිහින් චෙක් කරලා මේවා මේවා විසි කළේ ඇයි අහනවා.

    පස්සෙ නිකම් දුන්න ගේ තියාගනියව් කියලා රෙන්ට් එකට ඉන්නේ. දැන් නම් කරදරයක් නෑ. අනික අම්මලත් වෙනස් වෙලා හෝ ඒ වගේ වෙලා කියලා පෙන්වනවා.

    මම් පොඩිකාලෙත් ඕන දේවල් කරන්න දුන්නෙ නෑ.

    එයාලා නම් කාගෙන්වත් උපදෙස් ගන්නේ නෑ. ඒත් අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්න මාරම අමාරුයි. වැඩ කල්දාන එකේ කෙළවරක් නෑ.
    අනික අපිට මිනිස්සු ආශ්‍රය කරන්න දුන්නෙ නෑ. කෙල්ලෝ එක්ක එහෙම කතා කරන්නම දුන්නෙ නෑ.

    හැබැයි ලව් එකකින් මම් ගොඩ ගියා. දැන් වයිෆ් නිසා මගේ ගති ටික ටික වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ඔව් වෙනම ඉන්නෙ. අපි බැන්ඳ මුල් කාලෙ වෙන ගෙදරක හිටියත් අයිතිය තිබ්බේ අපේ අම්මලාට. වත්තේ මල් පැලයක් වත් අපිට ඕනෙ විදිහට හිටවන්න බෑ. සුද්ද කරන්න කියලා ඇවිල්ලා ගලෝලා විසිකරනවා. තව ගෙදර කුණු ගොඩ ගිහින් චෙක් කරලා මේවා මේවා විසි කළේ ඇයි අහනවා.

    පස්සෙ නිකම් දුන්න ගේ තියාගනියව් කියලා රෙන්ට් එකට ඉන්නේ. දැන් නම් කරදරයක් නෑ. අනික අම්මලත් වෙනස් වෙලා හෝ ඒ වගේ වෙලා කියලා පෙන්වනවා.

    මම් පොඩිකාලෙත් ඕන දේවල් කරන්න දුන්නෙ නෑ.

    එයාලා නම් කාගෙන්වත් උපදෙස් ගන්නේ නෑ. ඒත් අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්න මාරම අමාරුයි. වැඩ කල්දාන එකේ කෙළවරක් නෑ.
    අනික අපිට මිනිස්සු ආශ්‍රය කරන්න දුන්නෙ නෑ. කෙල්ලෝ එක්ක එහෙම කතා කරන්නම දුන්නෙ නෑ.

    හැබැයි ලව් එකකින් මම් ගොඩ ගියා. දැන් වයිෆ් නිසා මගේ ගති ටික ටික වෙනස් වෙනවා.
    ඔයාට හොද වයිෆ් කෙනෙක් ලැබුන එක වාසනාව තමයි. ගෙදර අය එක්ක තර්ක කරනවට වඩා වෙනම ඉන්න එක තමා හොදම කියල මටත් හිතිලා තියෙනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුල් ළමාවිය සංවර්ධනය නොවීමේ ප්‍රශ්න තමා. දෙමව්පියො/ගුරුවරු තමා වගකියන්න ඕන.
    වාසනාවකට වගෙ මගෙ අම්මයි අප්පච්චියි නම් කවදාවත් මාව වෙන කෙනෙක්ට කම්පෙයා කලේ නෑ/ ස්ට්‍රෙස් කලේ නෑ / මම ඕලෙවල් වලට පාඩම් නොකර බුල කෙල කෙල ඉන්නකොට උනත් එකම එක වාක්‍යයයි අප්පච්චි කීවේ මාව මෝටිවේට් වෙන්න.

    “පුතේ ඔයා ඔහොම ඉඳලා ගණන් ෆේල් උනොත් මොකද වෙන්නෙ ? “

    ඔන්න ඔච්චරයි අප්පච්චි කීවේ. මට මැවිලා පෙවුනා බෞද්ධාලෝකෙට ඉස්කෝලෙ යනවා.. (මම මලියදේව ගියේ) මෝටිවෙට් උනා මෝටිවේට් වීමක් අන්තිමට A8ක් අරගන නතර උනේ...