හීනයක් දැක්කා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,849
    1
    63,027
    113
    Mother Earth
    උදේ හීනයක් දැක්ක බන්. නයි හීනයක්. කොහේ හරි ගේයක් ඇතුලට(අපේ ගෙදර නෙමෙයි) නයෙක් ඇවිල්ලා. මම ඌව ඇල්ලුවා. අතින් මිට මොළවන් බෙල්ලෙන් අල්ලන් හිටියා. ඌ මට දශ්ඨ කරේවත් පෙනේ පිප්පුවෙ වත් නෑ. මම ඌව වම් අතින් මිරිකලා බෙල්ලෙන් අල්ලන් ඉන්නකොට උගෙ විශ අත දිගේ බේරුණා. හැබැයි ඌ මට අනතුරක් කරේ නෑ. මට හීනෙන් මතක් වුණා විශ එහෙම අත දිගේ බේරුණාට අවුලක් නෑ ඒත් අතේ තුවාලයක් තිබ්බොත් අවුල් කියල. ඊට පස්සෙ අත එහා මෙහා හරවල බැලුවා තුවාල මොකුත් නෑ. ඒත් ටික වෙලාවකින් අර වැක්කෙරෙන විස නිසා අත කසන්න/පිච්චෙන්න වගේ ගත්තා. එතකොටම මම ඇහැරුණා. මම අත පිහිද ගත්තා බෙඩ් ෂීට් එකේ. එතකොට තමයි මට දැක්කෙ හීනයක් කියල දැනුණේ. :lol: ඔන්න ගොං කතා කියල මාව මානසිකව වට්ටන්න එපා හොඳේ. මට හතුරො නෑ. කාටවත් වරදක් කරන්නෙත් නෑ. අනික මම හීන ගණන් ගන්නෙත් නෑ. ඒත් පොඩි හිරිකිතක් දැණුනා. අර විස අත දිගේ වැක්කෙරෙන එක දැණුනා ලෙසටම.

    edit- ආහ් කියන්න අමතක වුණානේ. ඊයෙ හවස මම නානකොට ගැරඬියෙක් ගියා මගේ කකුල් දෙක ඉස්සරහින්. මම පස්සට පැන්නා. ඒ තිගැස්ම මනසෙ තිබුණ නිසාද දන්නෙත් නෑ මේක පෙනුනෙ. :yes:
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    wishala-shabdayak-kelaniya.gif
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බෙඩ් සීට් එකේ සුදු පාටට විස වැටිල තිබ්බෙ නැද්ද.. කකුල් එහෙම පණනැති උනානේද අන්තිම හරියෙදි
     
    • Haha
    Reactions: Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    හීනෙන් නයි පේන්නෙ ළමයි හම්බවෙන්නලු...

    උදේ ඔක්කාරෙට ආවද...
     
    • Haha
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    edit- ආහ් කියන්න අමතක වුණානේ. ඊයෙ හවස මම නානකොට ගැරඬියෙක් ගියා මගේ කකුල් දෙක ඉස්සරහින්. මම පස්සට පැන්නා. ඒ තිගැස්ම මනසෙ තිබුණ නිසාද දන්නෙත් නෑ මේක පෙනුනෙ. :yes:


    මේක තමයි හේතුව. අනිවාර්යෙන් උබේ යටිහිතේ ඔය ගැරඩියා දැකපු සිද්දිය තදේට තියෙන්න ඇති. අපි දකින හීන හැබෑවුණා නම් මොනවා කරන්න බැරිද?