උදේ හීනයක් දැක්ක බන්. නයි හීනයක්. කොහේ හරි ගේයක් ඇතුලට(අපේ ගෙදර නෙමෙයි) නයෙක් ඇවිල්ලා. මම ඌව ඇල්ලුවා. අතින් මිට මොළවන් බෙල්ලෙන් අල්ලන් හිටියා. ඌ මට දශ්ඨ කරේවත් පෙනේ පිප්පුවෙ වත් නෑ. මම ඌව වම් අතින් මිරිකලා බෙල්ලෙන් අල්ලන් ඉන්නකොට උගෙ විශ අත දිගේ බේරුණා. හැබැයි ඌ මට අනතුරක් කරේ නෑ. මට හීනෙන් මතක් වුණා විශ එහෙම අත දිගේ බේරුණාට අවුලක් නෑ ඒත් අතේ තුවාලයක් තිබ්බොත් අවුල් කියල. ඊට පස්සෙ අත එහා මෙහා හරවල බැලුවා තුවාල මොකුත් නෑ. ඒත් ටික වෙලාවකින් අර වැක්කෙරෙන විස නිසා අත කසන්න/පිච්චෙන්න වගේ ගත්තා. එතකොටම මම ඇහැරුණා. මම අත පිහිද ගත්තා බෙඩ් ෂීට් එකේ. එතකොට තමයි මට දැක්කෙ හීනයක් කියල දැනුණේ.
ඔන්න ගොං කතා කියල මාව මානසිකව වට්ටන්න එපා හොඳේ. මට හතුරො නෑ. කාටවත් වරදක් කරන්නෙත් නෑ. අනික මම හීන ගණන් ගන්නෙත් නෑ. ඒත් පොඩි හිරිකිතක් දැණුනා. අර විස අත දිගේ වැක්කෙරෙන එක දැණුනා ලෙසටම.
edit- ආහ් කියන්න අමතක වුණානේ. ඊයෙ හවස මම නානකොට ගැරඬියෙක් ගියා මගේ කකුල් දෙක ඉස්සරහින්. මම පස්සට පැන්නා. ඒ තිගැස්ම මනසෙ තිබුණ නිසාද දන්නෙත් නෑ මේක පෙනුනෙ.
ඔන්න ගොං කතා කියල මාව මානසිකව වට්ටන්න එපා හොඳේ. මට හතුරො නෑ. කාටවත් වරදක් කරන්නෙත් නෑ. අනික මම හීන ගණන් ගන්නෙත් නෑ. ඒත් පොඩි හිරිකිතක් දැණුනා. අර විස අත දිගේ වැක්කෙරෙන එක දැණුනා ලෙසටම.edit- ආහ් කියන්න අමතක වුණානේ. ඊයෙ හවස මම නානකොට ගැරඬියෙක් ගියා මගේ කකුල් දෙක ඉස්සරහින්. මම පස්සට පැන්නා. ඒ තිගැස්ම මනසෙ තිබුණ නිසාද දන්නෙත් නෑ මේක පෙනුනෙ.