නාලිනී මෝසතර නිරූපිකාවක්. රෑ නින්දට ගියාම එයාට හරියට හීන පේනවා. මේක එයාට හරි වදයක්. ඒ නිසා දවසක් ඇය ගියා මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න. වෛද්‍යවරයා ඇයට ගිලන් ඇෙඳ් වැතිරෙන්න කීවා. “ හොඳයි දැන් කියන්න බලන්න ඊයේ රාත්‍රියේ දැක්ක හීනේ මොකද්ද කියලා” වෛද්‍යවරයා ප්‍රශ්න කළා.
“ ඩොක්ටර් මං දැක්කා, මං වීදියක් දිගේ ඇවිදගෙන යනවා. මගේ ඇගේ නූල්පොටක්වත් තිබුණේ නැහැ. ඔළුවට දාගත්තු තොප්පිය විතරයි තිබුණේ. මිනිස්සු සේරම ඇස් ලොකු කරගෙන මා දිහා බලා හිටියා” නාලනී කීවා.
“ ඉතින් ඔයාට හරියට ලජ්ජ හිතුනා ! එහෙම නේද ? “ වෛද්‍යවරයා ඇහුවා.
“ ඔව් ඩොක්ටර්. මට පොළව පලාගෙන යන්න හිතුනා. මං දාගෙන හිටියෙ අවුරුදු ගානක් පරණ මෝස්තරයක තොප්පියක් ! “ නාලනී කීවා.
වෛද්‍යවරයාට පොළව පලාගෙන යන්න හිතුණා.