හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ. එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න.

    ඔන්න අද කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන.. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන.

    පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු.

    නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැන්ඩි ගාඩ්නර් විසින් පිහිටුවන ලද වාර්තාව. ඒ වාර්තාව ලඟට වත් එන්න උත්සහ කරපු හැමෝටම සිද්ධවුනේ වාර්තාව කඩන්න කලින් අකාලයේ ජීවිතයෙන් සමුගන්න. ඒ තරමට නින්ද ශරීරයට අත්‍යවශ්‍යයි. වාර්තාව පිහිටුවපු රැන්ඩිත් ජීවත්වෙන්න වාසනාව ලැබුවට මොකද පසු කාලීනව දැඩි මානසික රෝග වලට මුහුණදුන්නා.

    නින්දෙන් වෙන තවත් ඉතාම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් තමයි මොළය පිරිසිඳු වීම. ඒ කියන්නෙ අනවශ්‍ය මතකයන් ටික ඉවත් කරලා මොළය clear කිරීම. අපේ නින්දෙ ගැඹුරුම වෙලාවෙදි ඒ කියන්නෙ හීන පේන වෙලාවදි තමයි මේ මොළය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන් සිදුවෙන්නෙ. මොකද අපි නිදාගත්තට අපේ subconscious brain එක සුපුරුදු පරිදිම වැඩනෙ .ඒ වගේම brain cells ශක්තිමත් වීම, සිරුරේ පටක අළුත්වැඩියාව වගේම ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙත් මේ වෙලාවට. ඒක නිසා නිවැරදි නින්දක් ලබාගැනීම හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. එහෙම නැතිවුනොත් විවිධ මානසික ව්‍යාකූලතාවයන් හා ඒ නිසාම විවිධ කායික රෝගත් ඇතිවෙන්න පුළුවන්.

    නින්දෙ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.

    1) Non REM sleep
    2) REM sleep

    මුලින්ම අපිට අත්දකින්නෙ Non REM නැත්තං NREM කියන අවස්ථාව. ඊට පස්සෙයි REM අවස්ථාවට එන්නෙ. ඔය ටික නින්දෙදි වෙන්නෙ මෙහෙමයි.

    1) ඔයා ඇස් වහගෙන ඉන්නෙ. හැබැයි තාම හරියට නිදි නෑ. පහසුවෙන්ම අවදි කරන්න පුළුවන්. මේ අවස්ථාව විනාඩි 5 - 15 විතර කාලයක් පවතිනවා.

    2) දැන් ඔයා ටික ටික සැහැල්ලු නින්දකට අවතීර්ණ වෙනවා. ඔයාගෙ හෘදස්පන්දනය අඩු වෙනවා, ශරීර උෂ්ණත්වයත් අඩුවෙනවා. ශරීරය ටික ටික ගැඹුරු නින්දට සූදානම් වෙනවා.

    3) දැන් ඔයා ඉන්නෙ ගැඹුරු නින්දෙ. අර කලින් කියපු පටක අළුත්වැඩියාව වගේ දේවල් වෙන්නෙ මේ වෙලාවෙදි. බැරිවෙලාවත් මේ වෙලාවෙදි කවුරුහරි ඔයාව අවදිකරොත් ඔයාට සමහරවිට ටික වෙලාවක් යනකන් සමබරතාවය වත් තියෙන එකක් නැහැ.

    REM Sleep.
    ************
    මොකක්ද මේ REM කියන්නෙ? REM කියන්නෙ Rapid Eye Movement කියන එකට. මේ වෙලාවෙදි ඔයාගෙ ඇස් ඉතාම වේගයෙන් චලනය වෙනවා.

    මේ REM sleep එක ඇතිවෙන්නෙ අපි නිදාගෙන විනාඩි 90ක් විතර යද්දි. මේක විනාඩි 10ක් විතර පවතිනවා. ඊට පස්සෙ ආපහු පළවෙනි පියවරේ ඉඳල එනවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 90 විතර චක්‍රයක් හැටියටයි වෙන්නෙ. හැබැයි දෙවෙනි REM sleep එක නම් විනාඩි 10ට වඩා දිගයි. ඔහොම දිග වැඩිවෙලා අන්තිම එක පැයක් දක්වා උනත් වෙන්න පුළුවන්. පුංචි බබාලගෙ නින්දෙන් 50%ක්ම මේ REM sleep එකටයි වැටෙන්නෙ.
    අපිට හීන පේන්නෙ මෙන්න මේ REM sleep එකේදි.

    අපිට පෙනෙන හීනත් හරි අපූරුයි. හීන පේන්න නිශ්චිතම හේතුවක් තාමත් හොයාගෙන නෑ. ඒත් දැනට හොයාගෙන තියෙන දේවල් ටිකක් කියන්නම්.

    අපිට හීනෙන් පෙනෙන එක දෙයක් තමයි අපි සාමාන්‍ය ජීවිතයෙදි අත්දකින දේවල්. දන්නවද ඉස්සර ඇමරිකාවෙ කළු සුදු රූපවාහිනි තිබුන කාලෙ. මිනිස්සුන්ගෙන් 12%කගෙ විතර හීනත් තනිකරම කළු සුදු විතරයි. ඒ වගේම කථන ආබාධ සහිත අය හීන දකිද්දි හස්ත සංඥා පාවිච්චි කරනවලු. කාලයක් ඇස් පෙනිලා පසුව අන්ධ වුණ අයත් හීන දකිනවලු. උපතින්ම අන්ධ අයත් එයාලට දැනෙන සංවේදන වලට අනුව හීන අත්විඳිනවා. වැඩිය ඕන නෑ සත්තුත් හීන දකිනවා. ඒ හැමෝම ගොඩක් වෙලාවට හීනෙන් දකින්නෙ සැබෑ ජීවිතේ අත්දැකීමකට සම්බන්ධ යම් දෙයක්. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.

    හීන හැබෑ වෙන්නෙ කොහොමද?
    **********************************
    subconscious brain එක කියන්නෙ පුදුම දෙයක්. ඔයා දවස පුරාම දකින දේවල් ටික ඔයා නිදාගත්තම මේ subconscious brain එක analyze කරල බලනවා. ඊට පස්සෙ ඒ දත්ත අනුව එයා අනුමාන කරනවා ඔයාට හෙට මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට ඔයා අද හොඳ ගොං වැඩ ටිකක් කරල නිදාගත්තා කියල හිතමු. නින්දෙදි subconscious brain එක ඔයාට රූප මවලම පෙන්නනවා අද ගොං වැඩ කරා නම් දැන් ඉතින් හෙට මේ විදියට තමයි විඳවන්න වෙන්නෙ කියලා.

    Subconscious mind එක කියන්නෙ කොච්චර බලගතු දෙයක්ද කියලා කියනවානම් මෙයා කියන දෙයක් ලේසියෙන් වරදින්නෙ නෑ. ඉතින් හෙට ඒකම ඇත්තටම සිද්දවෙනවා. එතකොට ඔයාට මතක් වෙනවා මම හීනෙන් දැක්කෙත් මේකම නේද කියලා. ඇත්තටම ඒක ගුප්ත දෙයක් වත් අහඹු සිදුවීමක් වත් නෙමෙයි. ඒක ඔයාගෙම මොළයෙන් කරපු prediction එකක්.

    විහිළුවක් වගේ පෙනුනට දිමිත්‍රි මෙන්ඩලීෆ් ආවර්තිතා වගුව හොයාගත්තෙත්, August Kekulé බෙන්සීන් අණුවෙ හැඩය හොයාගත්තෙත් මෙහෙම හීනෙන්ම තමයි.

    හීන හා සම්බන්ධ ගුප්ත දේවල්
    ********************************

    1.නින්දෙන් ඇවිදීම

    Parasomnia වගේ මානසික රෝග නිසා හීනෙන් ඇවිදින අය ඉන්නවා. මේක ප්‍රතිකාර ගතයුතු තත්වයක්. මොකද මෙහෙම හීනෙන් ඇවිදල ගිහින් අපරාධ කරපු අයත් ඉන්නවා. මේ ගැන ප්‍රසිද්ධ කතාවක් තමයි එක්තරා පුද්ගලයෙක් හැමදාම රෑට හීනෙන් පිහිනුම් තටාකයට ගිහින් නින්දෙන්ම පීනන්න පුරුදු වෙලා ඉඳලා. දවසක් එතනට ආපු එයාගෙ යාළුවෙක් මෙයාව අවදිකරලා. මේ පුද්ගලයා එක පාරටම ගිලෙන්න ගිහින්. හේතුව තමයි මෙයා හීන ලෝකෙදි කොච්චර දක්ෂ පිහිණුම් ශූරයෙක් වුණත් සැබෑ ජීවිතේදි මෙයාට කොහෙත්ම පිහිනන්න බැරිකම. මෙහෙම වෙන්න හේතුව නම් තාමත් හොයාගෙන නෑ.

    2.Sleep Paralysis
    ******************
    ලිපිය මුලදිම කිව්වෙ මේක ගැන තමයි. ඔන්න ඔයා එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න බෑ. හරියට ඔයාගෙ ආත්මය ශරීරයෙන් එළියට ඇවිත් වගේ. කෑගහගන්න වත් බෑ. මේක ගොඩක් දුරට ඔයත් ජීවිතේ එක පාරක් හරි අත්විඳලා ඇති.

    මෙතනදි වෙන්නෙ අර කලින් කියපු නින්දෙන් ඇවිදීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්. මෙහෙමනෙ. අපි නිදාගත්තම අපේ ශරීරය තාවකාලිකව paralyze වෙනවා (මේකට අංශභාගය කියන වචනය කොච්චර දුරට හරිද කියන එක නොදන්න නිසා දිගටම paralyze කියන්නම්). එහෙම වෙන්නෙ අපි නින්දෙන් අනතුරු කරගන්න එකෙන් වැළකෙන්නයි. අපි අවදිවෙද්දි ආපහු ශරීරය ප්‍රකෘති තත්වයට පත්වෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්.

    හැබැයි ඉතින් ඕනම යන්ත්‍රයක් වගේ කලාතුරකින් මේක ටිකක් අප්සෙට් වෙනවා. මොළය සම්පූර්ණයෙන් අවදිවෙලා. හැබැයි තාම ශරීරය අර කලින් කියපු paralyze අවස්ථාවෙමයි. එතකොට තමයි ඔය අත්භූත සිද්ධිය අපිට අත්දකින්න වෙන්නෙ. මේකෙ කිසිම අත්භූත දෙයක් නෑ. මේකට සමහරු astral body කතාවකුත් ඇදල ගන්නවා. එහෙම කෙහෙල්මලක් නෑ මේකෙ කිසිම ගුප්ත සිදුවීමක් නෑ. මේක සාමාන්‍යයි. මම නම් එහෙම වෙලාවට කරන්නෙ හෙමීට කකුලෙ ඇඟිල්ලක් හොලවන්න උත්සහ කරන එක. ඒ වේගය ටික ටික වැඩි කරාම එක වෙලාවකදි මුළු ඇඟම හෙලවෙන තැනකට එනවා. එතනදි ශරීරය අර paralysis එකෙන් මිදිලා සාමාන්‍ය පරිදි අවදිවෙනවා. ඕකට බයවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි ඉතින් නිතරම ඕක වෙනව නම් වහාම ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න.

    3.එකම සිහිනය නැවත නැවත පෙනීම
    ****************************************
    සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ අපිට එදිනෙදා ජීවිතේදි මොනවහරි ඉතාම වැදගත් දෙයක් මගහැරුණමලු. ඒ මගහැරුණු දේ නිසා ඔයාට ඇතිවෙන මානසික ආතතිය නිසයි මෙහෙම වෙන්නෙ. මොනවද මගහැරුනෙ කියලා හෙමීට මතක් කරගෙන ඒ වැඩේ සම්පූර්ණ කරගත්තා නම් ආපහු ඒ හීනය පේන එකක් නෑ.

    4.උඩකින් වැටෙන හීන
    ************************
    ඔයාටත් සමහර වෙලාවට දැනිලා ඇති හීනෙන් කොහෙහරි උඩක ඉඳලා එක පාරට වැටෙනවා. ඒ වෙලාවට අපිව එක පාරට ගැස්සිලා ඇහැරෙනවා. එහෙම නැත්තං කවුරුහරි කකුලෙන් එක පාරට අදිනවා හරි උස්සල පොළොවෙ ගහනව වගේ දැනිල ඇති. එතකොටත් ගැස්සිලා ඇහැරෙනවා. නැගිටල බැලුවම කවුරුත් නෑ. ලේසියටයි නොදන්නකමටයි අපි මේවා භූත බලවේග වලට බාරදෙනවා. ඒත් මෙතන ඇති භූතයෙක් නම් නෑ.

    අපිට හීන පේන REM sleep එකේදි අපේ හෘදස්පන්දනය හා ශරීර උෂ්ණත්වය ඉතාම පහතට වැටෙනවා කියල මම කලින් කිව්වනෙ. ඉතින් ඔය අවස්ථාවෙදි අපේ මොළයට හිතාගන්න බැරිවෙනවා අපි නිදිද නැත්තං මැරිලද කියලා. ඉතින් ඒක පරික්ෂා කරගන්න මොළය කරන්නෙ ශරීරයට false signal එකක් එවලා ඒ signal එකට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. ඒ සිග්නල් එකට තමයි ඔය අපිව ගැස්සෙන්නෙ. දැන් පැහැදිලියිනෙ හිටපු භූතයා කවුද කියලා.

    5.Lucid Dreaming
    ******************
    හීන කියන මාතෘකාවෙ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ලුසිඩ් ඩ්‍රීම්ස් කියන්නෙ. Lucid dreams ඉතාම තාත්විකයි. කොච්චර තාත්විකද කියනව නම් ඔයාට හිතාගන්න බෑ ඔයා මේ ඉන්නෙ හීනෙකද හැබෑ ලෝකෙද කියලා. ඒක තහවුරු කරගන්න පුංචි වැඩ ටිකක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් මේ ඉන්න තැනට ආවෙ කොහොමද කියල හිතන එක. හිතන්නකො ඔයා රේල් පාරක් උඩ හිටගෙන ඉන්නවා. ඔයාට තියෙන්නෙ ඔයා මෙතනට ආවෙ කොහොමද කියලා ආපස්සට හිතන්නයි. ඔයා හීනෙක නම් ඉන්නෙ, ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනයක් ඇතුලෙ කියලා. තව ක්‍රමයක් තමයි අත්ල දෙස බලන එක. ඔයා හීනයක් ඇතුලෙ ඉන්නව නම් ඔයාට අතේ රේඛා වගේ දේවල් පැහැදිලිව පේන්නෙ නෑ. Details ගොඩක් අඩුවෙන් පේන්නෙ. සමහරවිට ඇඟිලි ඇද වෙලා පෙනෙයි. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනෙක කියලා.

    ඒත් ඉතින් හීනෙදි ඔහොම අපිට ඕන ඕන දේවල් කරන්න බෑනෙ. අන්න ඒකයි lucid dreams වල විශේෂත්වය. මේකෙදි අපිට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. පියාඹන්න ආස නම් ඒකට කිසිම බාධාවක් නෑ. මොකද මේ හීන ලෝකෙ පරිසරය තනිකරම තියෙන්නෙ ඔයාගෙ පාලනය යටතේ. කැමති දෙයක් ගොඩනගන්න, කැමති දෙයක් කරන්න කිසිම බාධාවක් නෑ.

    හැබැයි ඉතින් lucid dreamer කෙනෙක් වෙන්න නම් ලේසි නෑ. ඒකට තරමක පුහුණුවක් අවශ්‍යයි. අපි නිදාගෙන අවදි වෙද්දිම අපිට අපි දැකපු හීන වලින් 50%ක් විතර අමතකයි. ඇහැරිලා පළවෙනි විනාඩි 15 වගේ ඇතුලත හීනෙන් 90%ක් 95%ක්ම අමතක වෙනවා. ඉතින් අපි කරන්න ඕනෙ අවදිවුන ගමන්ම ඉක්මණට දැකපු හීනය පොතක ලියන එක. මේ පොතට Dream Journal කියලයි කියන්නෙ. මේක ඇඳ ලඟින්ම තියාගන්න. හැමදාම නින්දට කලින් පොත අරන් කලින් දවසෙ දැකපු හීනය හොඳට කියවන්න. ඊට පස්සෙ ඒ හීනයටම ආපහු ඇතුළුවෙන්න උත්සහ කරන්න. කාලයක් පුහුණු වුණාම ඔයාට පුළුවන් ඔයාගෙ හීන වල පාලනය ඔයාගෙම අතට ගන්න. හීන ලෝකෙදි කාලය ගතවෙන වේගය වෙනස් නිසා විනාඩි 5ක 10ක හීනයක් ඇතුලෙ ඔයාට පැය ගානක් වුණත් ගතකරන්නත් පුළුවන්.

    6.හීනයක් තුල හීනයක්..
    *************************
    හිතන්න ඔයා හීන ලෝකෙදි නිදාගන්නවා. දැන් ඔයා හීනයක් දකිනවා. හරියටම බැලුවොත් ඔයා මේ දකින්නෙ හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයක්. ඔයා එක පාරක් අවදිවුණාට වැඩක් නෑ ඔයා තාමත් ඉන්නෙ හීනයක් ඇතුලෙ නිසා. දෙපාරක් අවදි වෙන්නම වෙනවා. මේක අත්දැකපු අය නම් සෑහෙන්න අඩුයි. ඒ වගේම මේක හේතුවක් හොයාගෙනත් නෑ.

    හැබැයි මේ lucid dreaming සහ හීනයක් තුල හීනයක් කියන සංකල්පය යටතේ හැදුන අති විශිෂ්ට චිත්‍රපටයක් නම් තියෙනවා. හීන ලෝකය ගැන කුතුහලයක් ඇතිවුණා නම් මේ චිත්‍රපටය ඔයා බලන්නම ඕන. මේකෙ නම තමයි Inception. මේක 2010දි තිරගත වුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්. ප්‍රධාන නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. එහෙම කිව්වම දන්න අය දන්නවා මේක කොච්චර සුපිරි චිත්‍රපටයක් වෙන්න පුළුවන්ද කියන එක. හීන ලෝකෙ ගැන කිව්වට මේක සුරංගනා චිත්‍රපටයක් නම් නෙමෙයි..
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Inception නම් බලුවා. ඒ වගේ සුපිරි ෆිල්ම් තව නැද්ද බන් ??
    *Based on Dreams
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඉඳහිට කකුල් පැටලවිල වැටෙනවා වගේ දැනිල තියෙනවා නින්දේදී.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Lucid dreaming kiyanne api heenayak athuledi api dakinne heenayak kiyala denagena, a heenaye dewal palanaya karana eka neda. Mama eka godak welawala karala thiyanawa. Heenayak thamai dakinne kiyala therunoth heene athule ithin GTA wage thama. ;)
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Thanks machan really interested

    Tfs supiri machan
    ------ Post added on Aug 7, 2021 at 11:55 PM