හුදකලා යුද බිම - ඩීර් එසෝර්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හුදකලා යුද බිම - ඩීර් එසෝර්

    lOQ38VH.jpg

    සිරියානු යුද්ධය ගැන ඔබ විමසිල්ලෙන් පසුවූයේ නම් ඩීර් එසෝර් ගැන නොඅසා තිබීමට බැරිය.වසර 3ක පමණ කාලයක සිට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පුර්ණ වැටලීමකට ලක්ව තිබෙන ඩීර් එසෝර් නගරය පවතින්නේ සිරියානු අරාබි හමුදාවේ පාලනය යටතේය(සිරියානු රජයේ හමුදාව = සිරියානු අරාබි හමුදාව)ඩීර් එසෝර් නගරය මෙතරම් කාලයක් රැකගෙන සිටීම ආශ්චර්යයක් යැයි සිරියානු යුද සිතියම දෙස බැලීමේදී ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයකි.හදිසියේම ඩීර් එසෝර් නගරය ගැන කතා කිරීමට කල්පනා කලේ සිරියානු අරාබි හමුදාව ඩීර් එසෝර් නගරයට බටහිර දෙසින් කොරිඩෝරයක් නිර්මාණය කිරීමට ඉතා ආසන්නයේ පසුවීම නිසාවෙනි.කෙසේවෙතත් මෙම ලිපියේදී කතා කරන්නට බලාපොරොත්තු වන්නේ 2017 ජූනි මාසයේ පටන් ඩීර් එසෝර් ආශ්‍රිත සිදුවීම් මාලාවයි.



    2017 ජූනි 06

    මෙම සතියේ මුලදී අතිරේක පිරිස් සහ වෙඩි බලය ඩීර් එසෝර් හි ISIS ත්‍රස්තවාදීන්ට ලැබිණි.ඔවුන් දැන් ප්‍රදේශයේ සිටින රජයේ හමුදා භට පිරිස්වලට පහරදෙමින් සිටියි.ISIS ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඩීර් එසෝර් නගරයේ දකුණුදිග ප්‍රදේශය ආරක්ෂාවේ වැදගත්ම ස්ථානයක් වන 137 වන කඳවුර අල්ලා ගැනීමයි.






    2017 ජූනි 08

    පලස්තීනයේ සිරියානු රජයට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් වන ලීවා අල්-කුඩ්ස් ඒකක පැල්මයිරා ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් පුවත් සේවය විසින් මුදා හැර තිබිණි.මෙම කණ්ඩායම ඩීර් එසෝර් සටන සඳහා සහභාගී වීමට නියමිතය.






    2017 ජූනි 09

    සිකුරාදා දිනයේ ඩීර් එසෝර් නගරයේ දකුණු ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට සිරියානු අරාබි හමුදාව සහ අනෙකුත් මිත්‍ර හමුදා කණ්ඩායම් සමත් විය.ISIS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් අහිමි වූ සියලු ප්‍රදේශවල බලය යළිත් තහවුරු කරගන්නට සිරියානු හමුදා සමත් වූ අතර ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අයත් වාහන 5ක් විනාශ කර තිබේ.

    kCRY6Tl.jpg





    2017 ජූනි 15

    සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා විසින් ඩීර් එසෝර් වෙත එල්ල වූ ISIS ත්‍රස්තවාදීන්ගේ තවත් දැවැන්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කරන ලදි.ඩීර් එසෝර් නගරය හරහා හමා ගිය දූවිලි කුණාටුවකට මුවා වී ප්‍රහාරය එල්ල කරන්නට ISIS ත්‍රස්තවාදීන් ක්‍රියා කර තිබේ.ප්‍රහාරය මැඩ පැවැත්වීමට සිරියානු සහ රුසියානු ගුවන් හමුදා විසින් සිරියාටෙක් කදු මුදුන ආශ්‍රිත ප්‍රදේශය,මකබිර්,අල්-ඔමාල් දිස්ත්‍රික්කය,පැරණි ගුවන් තොටුපොල,අල්-හෙවිකා,අල්-රෂිඩියා සහ හමුදා ගුවන් තොටුපොල පෙනෙන මානයේ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.දේශීය මූලාශ්‍රවලට අනුව ඩීර් එසෝර් හි අල්-කසාරට් හි ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ ගබඩා 3ක් පිපිරී යෑමෙන් ISIS ත්‍රස්තවාදීන් ගණනාවක් මියගොස් සහ තුවාල ලබා ඇත.ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ යුද ගුවන් යානා අල්-බුකාමල් නගරයේ ISIS ත්‍රස්තවාදීන්ගේ ස්ථානවලට ගුවන් ප්‍රහාර 12ක් එල්ල කර තිබේ.ඩීර් එසෝර් ප්‍රදේශයට ඇමෙරිකානු විශේෂ බලකා නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් ගුවනින් ගොඩබැස්වීමට ඇමෙරිකාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසයක් තිබේ.සිරියානු අරාබි හමුදාව ඩීර් එසෝර් වෙත යන ගමන අරඹා තිබීම ඊට හේතුවයි.

    ccGtThP.jpg





    2017 ජූනි 18

    සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව ඩීර් එසෝර් පළාතට ඇතුලුවීමට සමත්ව තිබේ.මෙම වාර්තා සනාථ වන්නේ නම් සිරියානු අරාබි හමුදාව සහ යන උපායමාර්ගික ස්ථානවල බලය සම්පුර්ණයෙන්ම නතු කරගෙන සිටියි.හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ඒකකය විසින් සිදුකල නිවේදනයකට අනුව ඉරාකය දෙසින් පැමිණි ඒකක සහ සිරියාව දෙසින් පැමිණි සිරියානු අරාබි හමුදාව සිරියා-ඉරාක දේශසීමාවේ අල්-වලිඩ් දේශසීමා පැන්නුමේදී එකිනෙකා හමුවී තිබේ.මෙම සිදුවීමේ තිබෙන උපායමාර්ගික වැදගත්කම වන්නේ එක්සත් ජනපදයේ සහාය හිමි සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට ඩීර් එසෝර් වෙත දකුණු දිශාවෙන් ලගා වීමට තිබූ අවස්ථාව හිමිවීමයි.

    L45E1iR.jpg





    2017 ජූනි 19

    එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් විසින් සිරියානු ගුවන් හමුදාවේ සුකොයි-22 යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසුව ඉරානය ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකා විසින් මැදි දුර ගොඩබිම්-ගොඩබිම් මිසයිල ඩීර් එසෝර් පළාතේ ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වෙත දියත් කරන ලදි.ඉරානය මෙම ප්‍රහාරය සඳහා සොල්ෆකාර් නම් මිසයිලයයි.මිසයිල ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තවාදීන්ට කොතරම් හානි සිදුවුනේද යන්න වාර්තා වී නැත.ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා වලට අනුව මිසයිල ප්‍රහාරය එල්ල කරේ ටෙහෙරාන් අගනුවර ISIS ත්‍රස්තවාදී සිදුකල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසය.කෙසේවෙතත් ඉරානයේ මෙම ක්‍රියාව සිරියාවේ සිටින එක්සත් ජනපදය ඇතුලු මිත්‍ර සන්ධානයට සහ ඔවුන්ගේ සහාය ලබන සටන්කාමීන්ට කල අනතුරු ඇඟවීමක් යැ‍යි සමහර විශේලේෂකයෝ පවසති.






    2017 ජූනි 24

    ජූනි 23දා සිරියානු රජයේ හමුදා හෝම්ස් පළාතේ අරාක් ගෑස් නිධි ආශ්‍රිත අරාක් ගෑස් සේවා ස්ථානය ISIS ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා ලදි.දැන් ඔවුන් පැල්මයිරා-ඩීර් එසෝර් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටියි.ජූනි 24 වෙනිදා සිරියානු රජයේ හමුදා සහ මිත්‍ර හමුදා ඒකක සුක්නාහ් නගරයේ දකුණු ප්‍රදේශයේ ගෑස් නිධි සහ අල්ස්ටිහ් කඳුකරය අල්ලා ගැනීමට සටන් වැදී සිටියහ.

    fzBxAyk.jpg

    මානව හිමිකම් සම්බන්ධ සිරියානු නිරීක්ෂණාගාරයේ නිවේදනයකට අනුව සිරියානු අරාබි හමුදාව සිරියානු-ඉරාක දේශ සීමාවේ කි.මී. 85ක පමණ දුරක බලය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් පළාතේ සීමාවට ප්‍රවේශ වී තිබේ යැ‍යි විරුද්ධ පාර්ශ්වික මූලාශ්‍ර සෙනසුරාදා දිනයේදී සනාථ කරන ලදි.ඒ අතරතුර ඩීර් එසෝර් හි බටහිර දිග ප්‍රදේශයේ ISIS ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වලට දිගින් දිගටම බෝම්බ හෙලන්නට එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ක්‍රියා කරමින් සිටියි.එක් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 8ක් මිය ගියේ යැයි වාර්තා වේ.






    2017 ජූලි 3

    තහවුරු නොකල වාර්තාවලට අනුව සිරියානු හමුදාවට රුසියාවේ නිෂ්පාදිත BMPT ටර්මිනේටර් ප්‍රහාරක රථ නොදන්නා සංඛ්‍යාවක් ලබාදී තිබේ.මෙම රථ ඉදිරියේ එන ඩීර් එසෝර් සටනේදී භාවිතා කරනු ඇතැයි සැක කෙරේ.මෙම වාර්තා සත්‍යයක් නම් රුසියානු BMPT ටර්මිනේටර් රථ යුද බිමකදී භාවිතා කරන ප්‍රථම වතාව මෙය වේවි.පහත දැක්වෙන්නේ සිරියානු හමුදාවට ලබාදුන් BMPT ටර්මිනේටර් යුද ටැංකි සහායක ප්‍රහාරක රථයකි.

    XApvr2f.jpg


    JcnI2NO.jpg





    2017 ජූලි 06

    විරුද්ධ පක්ෂයේ මූලාශ්‍රවලට අනුව එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය එල්ල කල ගුවන් ප්‍රහාරවලින් ඩීර් එසෝර් හි මයාඩීන් නගරයේ ISIS මූලස්ථානය විනාශ වී තිබේ.ප්‍රහාරවලින් ISIS ත්‍රස්තවාදීන් 36 දෙනෙක් මරණයට පත්ව තිබේ.ජුන්ඩ් අල්-අක්සාහි හිටපු අණදෙන නිලධාරියෙක් මෙන්ම නෝර්වීජියානු ත්‍රස්තවාදියෙක්ද වූ වුස් අල්-අන්සාරි ද මිය ගිය වුන් අතරේ සිටින බව කියවේ.ඊට අමතරව ඉහල පෙලේ ISIS අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කල අබු අල්-හයිජාර් නම් ටියුනීසියානු ත්‍රස්තවාදියා සහ අබු අල්-වලිඩ් යන සෞදි අරාබි ත්‍රස්තවාදියාද ප්‍රහාරවලින් මිය ගොස් තිබේ.සිරියානු රජයේ හමුදාව නැගෙනහිර දෙසින් ඩීර් එසෝර් නගරය දෙසට ඇදීමත්,ප්‍රදේශය ආශ්‍රිතව ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර නිසා මයාඩීන් නගරයේ ආරක්ෂක විධිවිධාන තර කිරීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ක්‍රියා කරමින් සිටියි.

    64TvvBy.jpg





    2017 ජූලි 7

    ඩීර් එසෝර් මුදා ගැනීමේ සටනට සහභාගි වීමට යැ‍යි අපේක්ෂා කල හැකි ගෝත්‍රික සටන්කරුන් 4,000 ආසන්න පිරිසක් රැගත් රථ පෙලක් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදා හැරි තිබේ.

    6Sn6ukK.jpg





    2017 ජූලි 14

    රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව සිරියානු අරාබි හමුදාවේ ටයිගර් බලකා සහ ගෝත්‍රික බලකා රක්කා පළාතේ ගිනිකොණදිග ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් දියත් කරන ලදි.සිරියානු රජයේ මූලාශ්‍රවලට අනුව මෙම මෙහෙයුම සඳහා සිරියානු රජයට පක්ෂපාතී රක්කා ගෝත්‍රිකයන්ගෙන් 6,500ක් පමණ සටන්කරුවන් සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.ඊළඟ සතියක පමණ කාලය ඉරාන-සිරියා-රුසියා මිත්‍ර සන්ධානයට ඉතා වැදගත් වේ.මන්ද ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා/කුර්දි හමුදා රක්කා නගරය මුදා ගැනීමට පෙර ඩීර් එසෝර් වෙත ළඟා වීමට සිරියානු රජයේ හමුදා සමත් වීම දැවැන්ත ජයග්‍රහණයකි.






    2017 ජූලි 17

    සිරියානු රජයේ හමුදා පැල්මයිරා-ඩීර් එසෝර් මාර්ගය ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි.ඔවුන්ගේ ඉලක්කය ISIS ත්‍රස්තවාදීන් සතුව තිබෙන සුක්නා නගරයට ලඟාවීමයි.





    2017 ජූලි 18

    සිරියානු හමුදා පැල්මයිරා-ඩීර් එසෝර් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සුක්නා නගරය අල්ලා ගැනීමට ප්‍රයත්න දරමින් සිටියි.නමුත් එම මාර්ගයේ ISIS ත්‍රස්තවාදී ඒකක රැසක් සිටින නිසා ඔවුන්ට පහසුවෙන් ඩීර් එසෝර් වෙත ලඟා වීමේ හැකියාවක් නොමැත.





    2017 ජූලි 20

    මෙම සිතියම මගින් නිරූපනය කරන්නේ රජයේ හමුදා ඩීර් එසෝර් වෙත ලගාවිය හැකි මාර්ගයි.

    3QNuKbc.jpg

    යුරෝපා සංගමය සිරියානු හමුදා නිලධාරීන් සහ විද්‍යාඥයින් ඇතුලුව 16 දෙනෙකුට එරෙහිව නව සම්බාධක පනවා තිබේ.ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ 2017 අප්‍රේල් 4දා ඉඩ්ලිබ් පලාතේ කාන් ෂායිකුන් හි සිදුවූ රසායනික අවි ප්‍රහාරයට මෙම පුද්ගලයින් සම්බන්ධ බවයි.ඒ අනුව මෙම නිලධාරීන් සහ විද්‍යාඥයින්ට යුරෝපා සංගමයේ රටවලට පිවිසීම සහ යුරෝපීය බැංකු ගිණුම් භාවිතා කිරීම තහනම් වේ.ඔවුන් අතර සිටින මේජර් ජෙනරල් ඉසාම් සාරෙඩ්ඩින් යනු ජනරජ ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකි.ඔහු අල් නුස් රා පෙරමුණට එරෙහිව සටන් මෙහෙයවා තිබේ.2012 වර්ෂයේ පටන් ඩීර් එසෝර් නගරයේ සිට ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් මෙහෙයවීමටද ඔහු එක්ව සිටියි.ජෙනරල් සාරෙඩ්ඩින්ට එරෙහිව සම්බාධක පැන වීම විහිළු සහගතය.මන්ද ඔහු වසර ගණනාවක තිස්සේ ඩීර් එසෝ නගරය රැක ගැනීමට එහි රැදී සිටින නිසාය.2011 වර්ෂයේ පටන් යුරෝපා සංගමය සිරියානු වැසියන් 255ක් සහ සිරියානු සමාගම් 67 කට එරෙහිව සම්බාධක පනවා ඇත.මේ සම්බාධක සිරියාවේ පොදු පහසුකම් සහ සෞඛ්‍යය යන අංශවලට සෘජු බලපෑම් සිදුකර තිබේ.පිළිකා ආශ්‍රිත වෛද්‍ය පහසුකම් මේ හරහා බරපතල අවදානමකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

    7yJBr1x.jpg





    2017 ජූලි 25

    එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා/කුර්දි හමුදා සහ සිරියානු රජයේ හමුදා රක්කා සහ ඩීර් එසෝර් සම්බන්ධව ගිවිසුමකට පැමිණ ඇත.ජූලි 20දා රුසියාවේද සහාය ඇතිව ඇති කරගත් මෙම ගිවිසුමට අනුව කුර්දි හමුදාවල අවහිරයකින් තොරව සිරියානු අරාබි හමුදාවට සහ මිත්‍ර හමුදාවලට රක්කාහි දකුණුදිග සහ ගිනිකොනදිග සහ ඩීර් එසෝර් හි වයඹදිග ප්‍රදේශයෙන් ඩිර් එසෝර් වෙත ගමන් කල හැකිය.තවද බටහිර දිශාවෙන් ඩීර් එසෝර් නගරයට ප්‍රවේශ වීමේ කුර්දි හමුදාවල සැලැස්ම ද ගිවිසුම ඇති කරගැනීමෙන් පසුව අතහැර දමා තිබේ.කෙසේවෙතත් මේ හරහා රජයේ හමුදාවලට රක්කාහි දකුණු දිශාවෙන් සහ පැල්මයිරා හි නැගෙනහිර දිශාවෙන් ඩීර් එසෝර් නගරය මුදා ගැනීමට මෙහෙයුම් දියත් කල හැකිය.

    uEWRegW.jpg





    2017 ජූලි 26

    සිරියානු අරාබි හමුදාවේ ටයිගර් බලකා සහ රජයට පක්ෂපාතී ගෝත්‍රික බලකා ඩීර් එසෝර් පළාතේ සීමාවට කි.මී.10 තරම් සමීපයට පැමිණ තිබේ.

    CqEmvWb.jpg







    2017 ජූලි 27

    පැල්මයිරා-ඩිර් එසෝර් මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන සිරියානු රජයේ හමුදා සහ මිත්‍ර හමුදා සුක්නා නගරයට කි.මී.2ක් සමීපයට ලගා වී සිටියි.රක්කා හි ගිනිකොන දිග ප්‍රදේශයෙන් ඩීර් එසෝ දෙසට ගමන් කිරීමට ටයිගර් බලකා සෙබලුන් දැරූ ප්‍රයත්නයක් වැළැක්වූ බව ISIS ත්‍රස්තවාදීන් කියා සිටියි.

    q9en96G.jpg


    jZ7SUFu.jpg


    0WzEBFa.jpg


    Al4XusH.jpg




    මතු සම්බන්ධයි​



    Source:southfront.org

    -HarshaLulzSec-
     

    Similar threads