#lka #News1st
අදාළ කාලය තුළ එම ප්‍රදේශවල ජනතාව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, "එම හුදකලාකරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ.
Last edited: