හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡාය&

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    වඳුරු පැටවුන්ට කිරි දෙන පෙනාන් අම්මලා



    අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන්සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාව







    මටීස් ගෝත්‍රිකයන්ගේ වඳුරු දඩයම

    තද කොළ පාට ගෙම්බෙකු බකල ගසමින් ආවේ ආරංචියක් කීමට ය. හැඩිදැඩි අතකින් ගෙඹි කකුල් හතර අල්ලා ගැනුණි. අවට පරිසරය බොඳ වී යනු පමණක් ගෙම්බාට පෙනුණි.
    සිහිය ලබන විට ආරංචිය කීමට මුව විවර කර ගත නොහැකි තරමේ තද හිසේ කැක්කුමකින් ගෙඹිරාල පීඩා වින්දේය.
    කකුල් හතර ඉලාස්ටික් මෙන් ඇද පුංචි කනු හතරක ගැට ගසා ඇත. ගෙඹිරාලගේ පිට මත තිබෙන විස එකතු කරමින් ඒවා ඊතල මත තවරන විසාල මිනිසුන් කිහිප දෙනෙකි.


    “……ඊතලවල කෙළවරේ හොඳට විස තවරන්න ඕනා. දඩයමට කලින් කරන්න රාජකාරි රාශියක් තියෙනවා. මේවා සීරු මාරුවට නොකළොත් මහන්සිය වතුරේ….”

    සෝබර් දිගටම වැඩ. සිහින් ඊතල කෙළවරේ විස තවරමින් ඔහු කූඩාරම ඇතුළ බලනවා. මැටි කූඩාරම අඳුරුයි. සුගන්ධවත් කොළ වර්ගයක් දුම් දමමින් පිච්චෙනවා.
    කට්ටකුමංජල් වැනි දුමක් හාත්පස පැතිරෙනවා. බ්රදසීලයේ මටීස් ගෝත්‍රිකයෝ තීරණාත්මක දඩයමකටයි ලෑස්ති වෙන්නේ.
    පසුගිය සති කිහිපය පුරාම මාංශ නොලැබුණු නිසාම හැඩි දැඩි පිරිමි කිහිප දෙනෙක් තීරණය කළා මාංශ දඩයමක් කරන්න.
    එක් අයෙක් හෙල්ලක් මුවහත් කරනවා. තවත් අයෙක් සෝබර් මෙන් සිහින් හෙල්ලක කෙළවර කළුපාට මැලියම් වර්ගයක් ආලේප කරනවා. ඒ ආලේපයට උඩින් තමයි ගෙඹි විස තවරා
    ගන්නේ. දඩයමේ යාමට සැරසෙන මිනිසුන් කිහිප දෙනා අඳුරු කූඩාරම තුළ ඇන තියාගෙන. රත් කළ උල් ආයුධයකින් එක් අයෙකුගේ බාහුවක සිදුරු දෙකක් ඇති කළේ ගෝත්‍රික ගැහැනියක්. ඒ සිදුරුවලට තවත් අයෙක් සකසුරුවමට ගෙඹි විස අංශුවක් එකතු කළා. දැන් දඩයම්කරු ඉතාමත් අපහසුවෙන්.
    මුවඟින් ඛේටය වගුරවමින් ඔහු තම ශරීරය තුළට විස උරා ගැනීමට ඉඩ සලසනවා.
    තවත් අයෙක් වනාන්තරයේ වැවෙන කිරි සහිත ශාඛයක පත්‍රයක් ගෙනැවිත් ඔහුගේ ඇස් මුලට දමනවා. ඔහු වේදනාවෙන් මොර දෙනවා. ගෝත්රි කයන්ගේ අදහස එමඟින් දඩයක්කරුවන්ගේ ඇස් පෙනීම තියුණු වෙන බවයි.
    එමඟින් වේගවත් සත්වයන්ගේ ආත්ම තමන් වෙතට ආරෝපණය කර ගන්න පුළුවන් බවට ඔවුන් විශ්වාස කරනවා. තම දඩයම කෙරෙහි පමණක් අවධානය තබා ගැනීමට ඔවුන්ට එය උදව් වෙනවා.
    උස් තුරු වියනේ සිදුකරන දඩයමටයි මේ ලෑස්ති ය. මීටර් 4 ක් පමණ දිග උණ ලීයක් සහ විස තවරපු ඊතල භාවිතයෙනුයි මේ දඩයම කරන්නේ.
    උස් තුරු වියනේ නිදැල්ලේ දුව ඇවිදින වඳුරන් පියවි ඇසින් දැකීම අති දුෂ්කරයි. වඳුරන් වර්ග 10 ක් පමණ වනාන්තරයේ සිටිනවා. දඩයක්කරුවන්ට පුළුවන් මේ සියලුම වඳුරු ශබ්ද අනුකරණය කරන්න. එක් අයෙක් වඳුරෙක් මෙන් හඬ තැලීම පටන් ගත්තා.
    විනාඩි කිහිපයකින් ප්‍රති උත්තර ලැබුණා මීටර් 30 ක් උස තුරු වියනෙන්. හවුලර් කුලයට අයත් වඳුරු මහත්වරු කිහිප දෙනෙක් මටීස් ගෝත්‍රිකයන්ගේ වංචාකාරී වඳුරු ශබ්දය ඔස්සේ ගමන් කරන්න පටන් ගත්තා.
    දඩයමේ ගිය හත්දෙනා කවාකාරව වඳුරන්ව ඉලක්ක කරන්න පටන් ගත්තා. විස පොවපු ඊතලයදිග උණ බටය තුළට ඇතුළු කර උස් තුරු වියනට කටින් පිඹ හැරිය යුතුයි.
    එක් දීර්ඝ හුස්මකින් වඳුරන් තුන් හතර දෙනෙකුව බිම දමා ගන්න මටීස් මහත්වරු සමත් වුණා.
    සියලුම වඳුරන් එකවර යටත් වෙන්න කැමැති නෑ. මරු විකල්ලෙන් වන වියන මත දුවන වඳුරන් ඇල්ලීමේ රාජකාරියට තවත් අය ඉන්නවා.
    වනාන්තරයේ කොළ අතුවලින් සාදා ගත් වළල්ලක් ආධාරයෙන් ඒ අය ඉමක් නොපෙනෙන තුරු වියනට නැඟ අඩපණ වූ වඳුරු ගොදුර අල්ලා ගන්නවා. වඳුරන් 08 දෙනෙක්. දඩයක්කරුවන්ට බොහෝම සතුටුයි. කාලයකට පසුව ප්‍රෝටීන් සහිත ආහාර වේලක්.
    බෲනෙයි හි පෙනාන් ගෝත්‍රිකයන් අතරත් ඉහළ තුරු වියනෙ කෙරෙන වඳුරු දඩයම බොහොම ප්‍රකටයි.
    ඔවුන් තුරු වියනෙන් පොළොවටත් බහිනවා නිතරම. ඒ අතිරේක ඌරු දඩයමට.
    එහෙත් දිගු උණ ගස් සහ විස පෙවූ ඊතලවලින් කෙරෙන වඳුරු දඩයමෙන් තමයි ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව වැඩි වශයෙන් සැපිරෙන්නේ.


    මටීස් ළමයින් ගේ ක‍ටුසු සුරතලුන්

    මොවුන් දිවි ගෙවන්නේ සරුවැක් ගම්මානයේ. සුරතලයට ඇතිකරන සතුන් නම් නිමක් නැති තරම්. මුගටියන්, කුකුළන්, ඉබ්බන්, වඳුරන්, මයිනන්, කැබැල්ලෑවන්, කටුස්සන් සහ උණහපුළුවන් මේ අතර ප්‍රධානයි. පෙනාන් ගෝත්‍රික ළමයින්ගේ ප්‍රියතම සුරතලා කටුස්සා.
    දිගු වලිගය සිහින් වැල් පොටකින් බැඳගෙන වයස අවුරුදු දෙකේ කුඩා දරුවන් පවා කටුසු සෙල්ලම් කරනවා. ගැහැනුන්ගේ කොණ්ඩා තදින් බදාගත් කුඩා වඳුරු පැටවුන් හැම තැනකම.
    තරමක් වැඩුණු ළමයින්ගේ උරහිස් මත සිටින වර්ණවත් පක්ෂීන් සාමකාමීයි. මේ මිනිසුන් සෙසු සතුන් එක්ක තියෙන සම්බන්ධය හරිම විස්මිතයි.
    වැඩුණු වඳුරන්ගේ මස් කන ඔවුන් කුඩා වඳුරු පැටවුන් සුරතලයට ඇතිකරනවා. ඌරන් මරා කන ඔවුන් කුඩා ඌරු පැටවුන් සුරතලයට ඇතිකරනවා.
    එක් ගෝත්‍රික කාන්තාවක් මාස හයක් පමණ වයසැති තම ළදරුවාටත්, ඉතාමත් කුඩා වඳුරු පැටියෙකුටත් තම පියයුරුවලින් එකම වර කිරි උරා බොන්න ඉඩ දෙනවා. වඳුරු පැටවුන්ට කාන්තාවන් කිරි දීම මේ ගම්මානයට බොහොම සාමාන්‍ය දෙයක්.
    “…… අපි වඳුරු පැටවුන්ගේ මස් කන්නෙ නෑ. වනාන්තරේ ඉන්න ලොකු වඳුරන්ව විතරයි අපි කන්නේ.
    වඳුරෝ දඩයම් කරද්දී පැටව් හිටියොත් මම ඒ පැටවු සුරතලයට ඇති කරන්න තියාගන්නවා. වඳුරු පැටවුන්ට කිරි දෙන්න බය වෙන්න ඕනෑ නෑ. ටිකක් හීලෑ කර ගත්තම ඔක්කොම හරි. හරියට ළමයි වගෙයි….”
    පෘථිවියෙන් සියයට දෙකක් පමණ වැසී තිබෙන නිවර්තන තෙත් වනාන්තරවල සෙවණ යට දිවි ගෙවන සත්වයන් සහ වනසතුන් එකිනෙකා සමඟ අරගල කර ගනිමින් ගෙවන මේ දිවිය පුදුමාකාර ය.
    ලෝකයෙක් අඩක් තවමත් ජීවත් වීමට ප්‍රාථමික ක්‍රමෝපායන් ගේ පිහිට ලබා ගන්නා බව කෙලෙසක නම් විශ්වාසයට ගනිමුද?