හූණූ සාස්තරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හූනෙකු කෑ ගැසීම මගින් අනාවැකි පළ කරන පැරණි සුහුණු ශාස්ත්‍රය... හූනා හඬ නැගූ දිශෘව සතියේ එක් එක් දින වලට අනුව පෙන්වන ප්‍රතිථල සටහනක් Wink

    ඉරිදා

    උතුර- ඔබ ළඟදී විවාහවීම ඒකාන්තයි
    ඊසාන- දුක්ඛ දෝමනස්සයන්,රෝගපීඩා සහ විපත් ළඟළඟම
    නැගෙනහිර- ඔබට වැදගත් ලිපියක් ලැබේ
    ගිණිකොණ-නරක පුවතක් අසන්නට ලැබේ
    දකුණ-සතුටුදායක පුවතක් හෝ සිද්ධියක්
    නිරිත- පවුලේ ඥාතියෙකුගේ හෝ ළඟම මිතුරකුගේ අභාවය පිළිබද ළඟදීම අසන්නට ලැබේ
    බටහිර- ගමනක් ගිය ඥාතියකු හෝ මිතුරකු සතියකින් ආපසු පැමිණේ
    වයඹ- ගිනි බිය,පිළීස්සීම්


    සදුදා

    උතුර- මිතුරකු ළඟදීම පැමිණේ
    ඊසාන- ප්‍රීතිමත් ආරංචියක් ලැබේ
    නැගෙනහිර- ළඟදීම ඔබ ල්‍රිය කරන ඥාතියෙක් පැමිණේ
    ගිණිකොණ- රෝග බිය
    දකුණ- මරණයක් පිළීබද පුවතක් හෝ නරක ආරංචියක්
    නිරිත- එතරම් හිතවත් නොවන ඥාතියෙක් පැමිණේ
    බටහිර- ගිනි බිය
    වයඹ- ඔබ මිතුදමක් ගොඩ නගා ගැනීමට ඉතා හොද අවස්ථාවකි


    අඟහරුවාදා

    උතුර- ටික කාලයකින් තොරතුරක් නොලත් සහෝදරයකු හෝ සහෝදරියක ගැන තොරතුරු අසන්නට ලැබේ
    ඊසාන- සොර බිය
    නැගෙනහිර- ධන හානි, දේපල හානි සහ ගණුදෙනු වලින් අලාභ
    ගිණිකොණ- ඥාතියෙක් පැමිණේ
    දකුණ- රෝග බිය
    නිරිත- වාසනාවන්ත කාලයක් උදාවී ඇත
    බටහිර- කළ්‍යාණ මිතුරෙක් මුණ ගැසේ
    වයඹ- ඔබ හමුවීමට විරුද්ධ ලිංගික මිතුරෙක් හෝ මිතුරියක් පැමිණේ

    බදාදා

    උතුර-ඊළඟ දින කිහිපය ලාබදායකයි
    ඊසාන- ඥාතියකුගේ තදබල අසනීපයක් හෝ මරණයක්
    නැගෙනහිර- සතුටුදායක පුවතක්
    ගිණිකොණ- සතිය තුළදීම සතුටුදායක පුවතක්
    දකුණ- අසතුටුදායකයි, රෝග බිය
    නිරිත- කලහ කෝලහල
    බටහිර-සතියක් තුළ දරුණූ රෝග
    වයඹ- අවිවාහක නම් විවාහ වීමටත්, විවාහක නම් අඹුසැමි විරසක නැතිවීමටත් හේතු වේ.

    බ්‍රහස්පතින්දා

    උතුර- ධන හානි
    ඊසාන- ඥාතියකුගේ මරණය හෝ නඩුහබ ඇති වීම
    නැගෙනහිර- මරණය
    ගිණිකොණ- පිසින ලද ආහාර ත්‍යාග ලෙස ලැබේ
    දකුණ- දේශපාලනික හෝ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවෘත්තියක් ලැබේ
    නිරිත- අධීක වර්ෂාව හෝ සතුට ගෙන දෙන පුවතක්
    බටහිර- කාලයකින් නුදුටු මිතුරෙක් හමුවට පැමිණේ
    වයඹ- නිලධාරීන් ගෙන් වාසි


    සිකුරාදා
    උතුර- මරණ බිය
    ඊසාන- පවුලේ ඥාතියෙකුගේ හෝ ළඟම මිතුරකුගේ අභාවය
    නැගෙනහිර- සතුටුදායක හෝ ලාබ ප්‍රයෝජන ගෙන දෙන සිදුවීමක් සිදුවේ
    ගිණිකොණ- වටිනා තෑග්ගක් ලැබේ
    දකුණ- සතුටුදායක පුවතක්
    නිරිත- පිටරටින් ලිපියක් හෝ බඩු බාහිරාදිය ලැබේ
    බටහිර- පුශංසා හිමිවේ
    වයඹ- ඥාතියකුගේ මරණය

    සෙනසුරාදා

    උතුර- කල කොලහලයකට මැදි වීමට සිදුවේ
    ඊසාන- භයානක විපතකින් යාන්තමින් ගැලවේ
    නැගෙනහිර- ඥාතියෙක් ඔබ සමග නැවතීමට එයි
    ගිණිකොණ- සතුටුදායක පුවතක්
    දකුණ- යහපත් කාරුණික පුද්ගලයකු ඔබ හමුවට පැමිණේ
    නිරිත- විදෙස් ලිපියක් හෝ පුවතක්
    බටහිර- කාලයකින් හමු නොවූ කලණ මිතුරෙක් හමුවේ
    වයඹ-ලාබ ගෙන දෙන්නා වූ පුද්ගලික පණිවුඩයක් ලැබේ


    වැඩේ හොදනම් දන්නවනේ