එක ගමක හිටියා ටිකක් මෝඩ පහේ වගේ මනුස්සයෙක්,නම සිරිපාල,මිනිහට ගමේ කොල්ලො ඉදල හිටල ලනු එහෙමත් දෙනවා. ඒ වෙලාවට මිනිහට හරියට තරහ එහෙමත් යනවා. ඉතිං ඔය ගමේ තියෙනවා කෝපි කඩයක්.ඔතනට වෙලා තමා සිරිපාල දවසෙ වැඩි හරියක් ගෙවන්නේ.
ඔන්න එදත් සිරිපාල කෝපි කඩේට වෙල විටක් එහෙම හපමින් හිටියා.එතකොටම ටවුම පැත්තෙ ඉදලා ආපු පොලිස් ජීප් එකක් කෝපි කඩේ ඉස්සරහ නැවැත්තුවා.ඒකෙන් හැඩිදැඩි පොලිස් මහත්තුරු හතර දෙනෙක් බැස්සා.
බැහැලා කඩේ මුදලාලිගෙන් මෙහෙම ඈහුවා බොහොම සැර පරුශව.
"කවුද කලු අජිත් කියන්නේ?"
සිරිපාල කල්පනා කරා,ගමේ උන් මට ලනු දෙන එකේ මමත් දෙන්න ඕන ලනුවක් කියල,මුදලාලි උත්තර දෙන්නත් කලින් පැනලා
"මම තමයි කලු අජිත්" කියලා කිව්වා.
සිරිපාලට එහෙම කියලා ඉවර කරන්න හම්බ උනේ නැහැ පොලිස් මහත්තුරු හතර දෙනාම පැනලා සිරිපාලට හොදටම ගහන්න ගත්තා.
කොච්චර දරුනු විදියට ගහලද කියනවනම් සිරිපාලගෙ නාහෙන් කටෙන් ලේ දාගෙන ඇදලා හිටපු ශර්ට් එකත් ඉරිලා.කොහොම හරි සිරිපාල දගලලා දගලලා මේ පොලිස් මහත්තුරුන්ගෙන් බේරිලා පාර දිගේ දුවන්න පටන් ගත්තා.
දුවන ගමන් සිරිපාල හැරිලා තමන්ගෙ පස්සේ එලවන පොලිස් මහතුරුන්ට මෙහෙම කියනවලු .
"හූ හූ... රැවටුනා නේ.. මම කලු අජිත් නෙමෙයි මම සිරිපාල.. හූ හූ.."
මේක මගේ එකක් නෙමෙයි මම ගත්තෙ මෙතනින් - Source

Last edited: