හූ හූ , SAITM වැහුවද

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    [FONT=&quot]මිත්‍රයා,[/FONT]

    [FONT=&quot]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT]

    [FONT=&quot]අපි හිතමු ගෙවල් ලඟ කඩ දෙකක් තියෙනවා. එකකින් පාන් ගන්නවා. ගෙදර ඇවිත් කනකොට තමයි දන්නෙ පරණ පාන් කියල. දෙවෙනි දවසෙ යනවා අනිත් කඩේට. ගන්නවා පාන්. ගෙදර ඇවිත් බලනකොට උණු උණු පාන්. ඔයා කියන්න ඊලඟ දවසෙ ඔයා මොන කඩෙන් ද පාන් ගන්නේ??[/FONT]

    [FONT=&quot]අසනීපයක් හැදුණොත් අපි බඩගින්නට වඩා සැලකිලිමත් වෙනවා. ඉතිං හිතන්න සයිටම් ඩොකෙක් සහ ආණ්ඩුවෙ ඩොකෙක් කරන චැනලින් සෙන්ටර් දෙකින් අපි හැම වෙලාවෙම තෝර ගන්නේ අපිව සනීප කරන කෙනාගෙ බේත් නේද?? [/FONT][FONT=&quot]Medical Officer (Not a Consultant) [/FONT][FONT=&quot]කෙනෙක්ගෙන් බේත් ගන්නකොට අපි බලන්නෙ නෑ එයා [/FONT][FONT=&quot]SHO [/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]MO [/FONT][FONT=&quot]ද, එහෙමත් නැත්නම් එයාගෙ [/FONT][FONT=&quot]Hospital Unit [/FONT][FONT=&quot]එක මොකක්ද, ගෑණුද පිරිමිද කියල. අපි බලන්නෙ අපිව සනීප කරන්න දන්න කෙනාගෙන් බේත් ගන්න. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රධාන රෝහලක [/FONT][FONT=&quot]PBU [/FONT][FONT=&quot]එකක ඉන්න ඩොකෙක් සහ ප්‍රාදේශීය රෝහලක ඩොකෙක්. හැබැයි අපේ පැති වල මිනිස්සු දරුවෙක්ට බේත් ගන්න යන්නෙ අර ප්‍රාදේශීය රෝහලේ ඩොකා ගාවට. මගේ දරුවත් මමම අරන් යන්නෙ එයා ගාවට. මොකද එයාගෙන් බේත් ගත්තම දරුවට [/FONT][FONT=&quot]Answer [/FONT][FONT=&quot]කරනවා. [/FONT]

    [FONT=&quot]ඉතිං ඔයා හිතන්න [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකෙක් සහ [/FONT][FONT=&quot]Gov. [/FONT][FONT=&quot]ඩොකෙක් කියන දෙන්නගෙන් අපි තෝරා ගනීවි කවුද හොඳ කියල. ලෙඩෙක් දෙන්නෙක් [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකා අතින් මැරුණොත් උඹල හිතයිද මිනිස්සු ඌ ගාවට යයි කියලා?? [/FONT]

    [FONT=&quot]මම කියන්නෙ නෑ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ප්‍රමිතියකින් තොර විදියට සිසුන් ඇතුලත් කර ගත යුතුයි කියල. මමත් පිළිගන්නවා නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි කියලා. [/FONT]

    [FONT=&quot]මම හිතන්නෙ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]කියන්නෙ මාධ්‍ය සංදර්ශන මඟින් ඇති කරපු බියක් කියලයි. ඔයාලා දන්නෙ නෑ රජයේ රෝහල් ඇතුලෙ කොයි තරම් තුච්ඡ දේවල් වෙනවද කියල. ඔයා හිතන්න ඔයාගෙ සහෝදරයා ඇතුලත් කරනවා ශල්‍යකර්මයක් සඳහා රජයේ රෝහලකට. ඔයාට අත්සන් කරන්න වෙන්නෙ නැද්ද සැත්කමට කලින් තමුන්ගෙ සහෝදරයගේ ජීවිතේ පිළිබඳ වගකීම ඔයාලා ගන්නවා. වෛද්‍යවරු වගකියන්න ඕනි නෑ කියලා?? හිතන්න ඒ ශල්‍යකර්මය කරද්දි ඔයාගෙ සහෝදරයා මැරෙනවා. ඔයා දන්නවා සහෝදරයා මැරෙන්නෙ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කියලා. ඔයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? කරන්න පුළුවන් එකම දේ මරණය ගැන සැකයි කියලා පශ්චාත් මරණ පරීක්‍ෂණයෙදි කියන එක විතරයි. එතකොට ඔයාගෙ සහෝදරයගෙ මිනිය කපනවා. ඒ කපන්නෙ කවුද? ඒත් [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය ලබපු වෛද්‍යවරයෙක් විසින්මයි සහෝදරයා. එයා කවදාවත් කියයිද තමන්ගෙ සංගමයේ සහෝදර සාමාජිකයෙක් ගේ වැරදීමකින් තමයි මේක වෙලා තියෙන්නෙ කියලා? පිස්සුද? එහෙම උණොත් වෛද්‍ය වෘත්තිය පිළිබඳ මිනිස්සුන්ගෙ විශ්වාසයට මොකද වෙන්නෙ? අර පශ්චාත් මරණ පරීක්‍ෂණේ කරපු ඩොකාට ඊලඟ [/FONT][FONT=&quot]Annual Transfer List [/FONT][FONT=&quot]එකෙන් පුදුමාතලන් දිහාවට [/FONT][FONT=&quot]Transfer [/FONT][FONT=&quot]හදල දෙයි. අර මරණ පරීක්‍ෂණ වාර්තාව නිවැරදි නෑ කියල ඔයා තර්ක කරන්න නම් වෛද්‍ය වෘත්තකයෙක් ඕනි වෙනවා අර මරණ පරීක්‍ෂණ වාර්තාවට එරෙහිව [/FONT][FONT=&quot]Challenge [/FONT][FONT=&quot]කරන්න. මට කියන්න [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය නොගත් වෛද්‍ය වෘත්තකයන් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල?[/FONT]
    [FONT=&quot]දන්නවනම් කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දොස්තරලා කී දෙනෙක් මිනිස්සු මැරුණු නිසා හෝ ප්‍රතිකාර වැරදියට සිදු කිරීම නිසා දඬුවම් ලබල තියෙනවද කියලා? හොයල බලන්න.[/FONT]

    [FONT=&quot]දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ ඉඳල හැම ලොකු තනතුරක්ම දරන්නෙ වෛද්‍යවරු. කතාවට කට්ටිය කියන්නෙ මේක දොස්තරලගෙ මිනිස්ට්‍රිය කියල. ඉතිං ඔයා හිතනවද රජයේ වෛද්‍ය නිළධාරියෙක් ගෙ අකටයුත්තකට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා?[/FONT]

    [FONT=&quot]තමන්ගෙ ළමයෙක් දාන්න, වාහනේ ට්‍රැෆික් රාලහාමිලා නොනවත්වන්න, අවුරුදු 05කට (හෝ 10කට) වතාවක් පර්මිට් එකක් ලැබෙන්න, [/FONT][FONT=&quot]PP [/FONT][FONT=&quot]එකේදි අපිට ලියල දෙන බේත් ටිකට, [/FONT][FONT=&quot]Blood Test [/FONT][FONT=&quot]ටිකට හම්බවෙන කමිෂන් ටික සතියකට හෝ මාසෙකට සැරයක් ෆාමසියෙන් ගන්න වගේ මෙකී නොකී වරප්‍රසාද කොච්චරක් රජයේ වෛද්‍ය වරුන්ට ලැබිල තියෙනවද? මේ පංති භේදය නැති වෙයි කියන කුහක භය සහ තමුන් මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කරපු ප්‍රෝඩා එළිවෙයි කියන බය මේ උත්තමයන්ට නැතුව ඇති කියල ඔයා හිතනවද?[/FONT]

    [FONT=&quot]ඔයාට ඕනි වෙලාවක ([/FONT][FONT=&quot]Consultant [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]Ward Round [/FONT][FONT=&quot]නොකරන වෙලාවක[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] රජයේ රෝහලක වාට්ටුවකට ගිහින් බලන්න ඒ වාට්ටුවෙ [/FONT][FONT=&quot]HO (Intern House Officers) [/FONT][FONT=&quot]ලා කී දෙනෙක් සහ [/FONT][FONT=&quot]MO/SHO [/FONT][FONT=&quot]ල කී දෙනෙක් සේවයේ නිරත වෙනවද කියල. ගොඩාක් වාට්ටු ඇදගෙන යන්නෙ සීමාවාසික වෛද්‍යවරු. [/FONT]

    [FONT=&quot]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT]

    aththa kathawa.. ithuru tikath dapan ban +rep
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    [FONT=&quot]මගේ කතාවෙ ඉතුරු කොටස.....[/FONT]

    [FONT=&quot]දැනට ලංකාවෙ ඉන්න හොඳම ස්නායු ශල්‍ය වෛද්‍ය වරයා කවුද?? ඒ තමයි විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා සර්. එතුමා ගැන ගොඩාක් විස්තර මම දන්නෙ නෑ. නමුත් ලෝකෙ ඉන්න හොඳම ස්නායු ශල්‍ය වෛද්‍ය වරුන් කිහිප දෙනාගෙන් කෙනෙක්. එතුමා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් එතුමා ලංකාවෙ රජයේ සේවයේ යෙදෙන්නෙත් නෑ.. මාස කිහිපයකට සැරයක් සිංගප්පූරුවෙයි ලංකාවෙයි ප්‍රතිකාර කරනවා. හොයල බලන්න කොහොම ඉල්ලුමක්ද තියෙන්නෙ කියල එතුමාව චැනල් කරන්න... ගවර්මන්ට් නොකර ප්‍රයිවෙට් කරනවයි කියල අපි එයාව ප්‍රතික්‍ෂේප කරල තියෙනවද? නෑ.. ඉන්න වැඩකරු නිසා හොයාගෙන යනවා...[/FONT]

    [FONT=&quot]දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කොයි තරම් දූෂණ අක්‍රමිකතා තියෙනවද කියල මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නෙ නෑ. (මොකද එතකොට මාතෘකාවෙන් පිට පනින නිසා) ඒත් චූටි දෙයක් කියන්නම්. ජපානය, යූරෝපියානු රටවල් ආදියේ හදන හොඳම වෛද්‍ය උපකරණ වෙනුවට දැන් ආණ්ඩුවෙ රෝහල් බහුතරයක තියෙන්නෙ චීනෙ හදන ජරාවල්. මොකද එහෙම වෙන්න හේතුව? ජපානෙ හදන [/FONT]Nohon Kohden Multipara Monitor [FONT=&quot]උපකරණයක් ගන්න මුදලෙන් චීනෙ හදන [/FONT]Multipara Monitor[FONT=&quot] උපකරණ කිහිපයක් ගන්න පුළුවන්. ඊටත් වඩා එහෙම ලාභ බඩුවක් ගන්නකොට ලැබෙන ගතමනාව හොඳයි. හැබැයි කවුරුවත් හොයන්නෙ නෑ අර චීන බඩ්ඩෙ නිරවද්‍යතාවය පිළිබඳව. සමහර මොනිටර් වර්ග තියෙනවා පණ ගියපු සිරුරකට ගැහුවමත් හෘද ස්පන්දනය පෙන්නන (දවස් ගණන් පරණ මිනී වලට නෙවෙයි). ඉතින් හිතන්න අද අපේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉරණම..[/FONT]

    [FONT=&quot]දැන් හැරෙමු [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]එකේ කල්කිරියාව දිහාවට. සම සෞඛ්‍ය වෛද්‍ය උපාධියට විරුද්ධ උණේ කවුද? හැම වෙලේම හිතන්නෙ තමුන්ගෙ ගොඩ වැඩිකරගන්න එකයි, සුඛ විහරණයට අවශ්‍ය පහසුකම් ටික සලසා ගන්න එකයි වගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ටික විතරයි. ලෙඩ්ඩු එලියට දාලා හරි තමුන්ගෙ [/FONT]On-Call Room [FONT=&quot]එක හදාගන්න තමයි සටන් කරන්නේ.[/FONT]

    [FONT=&quot]ඇයි ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට වෛද්‍යවරු විරුද්ධ? එයාලට දීල තියෙනව ඩයරි එකක්. ඒකෙ එයාලම තමයි තමුන් යන එන වෙලාවල්, අතිකාල කරන වෙලාවල් දාන්නෙ. කවුරුවත් අධීක්‍ෂණය කරන්නෙ නෑ. ඉතින් හිතන්න කොයි තරම් නම් මූල්‍ය වංචාවක් වෙනව ඇතිද කියල.[/FONT]

    [FONT=&quot]මේ වගේ සිද්ධි අනන්තවත් තියෙනවා ඔයාලට කියන්න. ඒත් හවස රිප්ලයි එක ටයිප් කරද්දි තිබුණු ආවේගය අඩුවෙලාද කොහෙද දැන් ටයිප් කරන්න කම්මැලියි. කොහොම උණත් මම මේ සියළු කාරණා පෙලගැස්සුවෙ එක දෙයක් අවබෝධ කරවන්න. ඒක තමයි රජයේ වෛද්‍ය වරුන්ට තියෙන ඒකාධිකාරය නිසා තමයි මේ හැම සෙල්ලමක් ම දාන්නෙ කියන එක. ඒක නිසා තමයි අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත බිල්ලට තියල තමන්ගෙ අරමුණු ඉෂ්ඨ කරගන්න වර්ජන කරන්නෙ. ඉතින් මම හිතන්නෙ මේ ඒකාධිකාරය නැති වෙන්න ඕනි. එතකොට මීට වඩා හොඳ සේවාවක් අපිට අපේ වෛද්‍යවරුන්ගෙන් ගන්න පුළුවන් වෙයි. [/FONT]

    [FONT=&quot]මම හිතන විදියට ඔය හැම මාධ්‍ය සංදර්ශණයකටම යටින් (සයිටම් එපා කියන තිරයට යටින්) තියෙන ඇත්ත තමයි තම ඒකාධිකාරය නැතිවේය කියන බය. අනිත් එක හිතන්න ඔයා ගාව රුපියල් කෝටි 1.5ක් තියෙනවා ජීවිත කාලෙම දුක් මහන්සි වෙලා හම්බකර ගත්තු. ඔයා ඒකෙන් කෝටි 1.2ක් වියදම් කරයිද එක ළමයෙක්ට උගන්නන්න? හිතන්න එහෙම වියදම් කරල අර ළමයා පිස්සු කෙලියොත් පාරට බහින්නනෙ වෙන්නෙ? මම නම් හිතන්නෙ එහෙම අවදානමක් ගන්න අය ඇත්තෙ බෙහොම අතලොස්සයි. අඩුම තරමෙ කෝටි 3ක් වත් අතේ තියෙන එකෙක් තමයි වෛද්‍ය උපාධියට කෝටි 1.2ක් වියදම් කරන්නෙ. එහෙව් සල්ලියක් තියෙන ගෙදරක හැදෙන ළමයෙකුට සල්ලි හෙවිල්ල ගැන අළුතෙන් කියල දෙන්න හෝ බඩගින්නෙ තියෙන අමාරුකම ගැන දන්නව කියල හෝ මම හිතන්නෙ නෑ. ඒත් ආණ්ඩුවෙ කැම්පස් ගිහින් වෛද්‍ය වරයෙක් වෙන සාමාන්‍ය පවුලක ළමයෙකුට කරන්න වැඩ ගොඩායි. කාර් එකක් ගන්න ඕනි, ගේ හොඳට හදන්න ඕනි (අඩුම තරමෙ තට්ටු 02ක වත්), සමාජයේ කැපිල පේන්න අවශ්‍ය වටපිටාව හදා ගන්න ඕනි ..... ඉතිං හිතන්න එහෙම තැනක ඉන්න ළමයෙක්ද අර වගේ සල්ලිකාරයෙකුගෙ ළමයෙක්ද සල්ලි පස්සෙ යන්න ඕනි කියලා? ඒ වගේම විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙන්න නම් අර සාමාන්‍ය පවුලෙන් ආපු ළමයට අවුරුදු 10ක් වත් හම්බ කරන්න වෙනවා සමාජයේ තත්ත්වයකට එන්න, ඊට පස්සෙ දොස්තර නෝනා කෙනෙක් හරි නම්බුකාරයෙක්ගෙ දුවක් හරි බඳින්න, ඊට පස්සෙ පවුල් ජීවිතේ ගෙවන්න.. ඊට පස්සෙ තමයි එයාට වෙන්නෙ [/FONT]Post Graduate Diploma [FONT=&quot]එකක් කරන්න පටන් ගන්න. ඊට පස්සෙ අවුරුදු 04කට විතර පස්සෙ තමයි එයාට [/FONT]Board Certification [FONT=&quot]එක ලැබෙන්නෙ විශේෂඥ වෛද්‍ය වරයෙකු විදියට. එතකොට එයාගෙ සේවා කාලයෙන් අවුරුදු 14ක් විතර ගෙවිලා ඉවරයි. ඒත් හිතන්න අර සල්ලිකාරයගෙ දරුව ගැන. ඌට අර වගේ සමාජ ස්ථරයට එන්න දඟලන්න ඕනි නෑ. මොකද ඒ වෙනකොටත් උගේ අම්ම තාත්ත ඒ ස්ථරයෙ ඉඳගෙන තමයි ඌව මේ ලොකෙට ගේන්නෙ. සල්ලි වල ලොකු අඩුපාඩුවක් නෑ. මොකද තාත්තා ගාව තව කෝටි 1.5ක් තියෙනව. ඉතිං ඌ මොකද කරන්නෙ? අවුරුදු කිහිපයක් ගතවෙද්දිම විශේෂඥ වෛද්‍ය වරයෙක් වීමේ අඩිතාලම දාන්න ගන්නවා. ඒ වගේම අර සාමාන්‍ය පවුලෙන් ආපු එකාට කලියෙන් අර සල්ලිකාර පවුලෙන් ආපු එකා [/FONT]Consultant [FONT=&quot]කෙනෙක් වෙනවා. එහෙම උණාම අර සාමාන්‍ය පවුලෙන් ආපු එකාට අර සල්ලිකාරයගෙ පුතාට “සර්“ කියන්න වෙනවා. (මේ ඔයාලා නොදැක්ක තවත් පැතිකඩක්) [/FONT]

    [FONT=&quot]ඒකයි මේ විරුද්ධ සයිටම් එකට. ඉතින් මම හිතන්නෙ පෞද්ගලික වෛද්‍ය උපාධි ලංකාවෙ ඇති වෙන්න ඕනි. හැබැයි නිසි ප්‍රමිතියකට. මොකෙන් ආවත් ඩොකාගෙ බේත් හොඳ නැත්නම් අපි එයා ගාවට යන්නෙ නෑ නෙ. (මම ආරම්භයෙදිම ගත්තු සුනිල් පෙරේරා සර්ගෙ උදාහරණය ගැන හිතන්න)[/FONT]
    [FONT=&quot]කොහොම උණත් මේ දේත් කියන්න ඕනි. මොන තරම් වැරදි වැඩ කරත් වෛද්‍ය වරුන් කරන සේවය නිසා තමයි අද අපි හැමෝම ජීවත් වෙලා ඉන්නෙ සහ මේ වගේ පොර ටෝක් දෙන්නෙ. වෛද්‍ය වෘත්තිය කියන්නෙ මට හිතෙන විදියට ලෝකෙ තියෙන උතුම් ම වෘත්තිය. ඒත් අපේ අප්පුහාමිලා ඒකට මුවා වෙල කරන වැඩ නිසා තමයි මේ වගේ තත්ත්වයක් ලංකාවෙ උදා වෙලා තියෙන්නෙ. ඉතිං ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් හොඳම විසඳුමක් විදියට තමයි මම නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය උපාධිය දකින්නෙ.[/FONT]

    [FONT=&quot]කරුණාවෙන් කියන්නෙ, මගෙ [/FONT]IP trace [FONT=&quot]කරල මාව හොයන්න හදන්නවත්, මට අරින්න හදන්නවත් එපා. මම කියපු කාරණා ඇත්තද බොරුද කියල ඔයාලගෙ බුද්ධි මට්ටමෙන් හිතන්න. මාව මෝඩයෙක් වගේ පෙනුනොත් මේ අදහස් නොසලකා හරින්න. එච්චරයි!![/FONT]
     
    • Like
    Reactions: KingCM

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ගොඩක් ලංකිකයන් නොදන් තවත් ගේමක් මෙතන යනවා.
    මේවා ඉතාමත් වගකීමනේ කියන කතා..

    ලංකාවේ සිසුන් පිටරට වෛද්‍ය විද්‍යාල වලට යවන ව්‍යාපාරය දශක ගනනක ඉදන් වෙනවා. මේකට ලියාපදිංචි වෛද්‍යවරුන් සම්බන්දයි. එයාලා කැමැති නැ කැම්පස් එකක් මෙහෙ අරිනවාට.

    අනිත් කරනාට මීට වඩා බයානකයි.
    ලංකාවේ දැනට උසස්පෙල අසමත් හෝ උසස් පෙල නොකරපු සිසුන්ව පොඩි කෝස් එකක් කරවලා (සිරාවටමේක රැවැටිමක්) රට කැම්පස් ගෙනයන සීන් එකක් තියනවා. මේක කරන එක් ආයතනයකට වෛද්‍ය සබාවේ හිටපු ලොකුම ලොක්කෙක් සම්බන්දයි. වගකිමෙන් කියන්නේ. මේක ප්‍රවර්ධනය කරන්නේ ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්. මේ කියන ආයතනය ලංකාවේ පිලිගත් අධ්‍යාපන සමාගම් ජාලයක එක් කොටසක්.

    තවත් මේ වගේම ආයතනයක් තියනවා, එකෙන් කරන්නේ ඕලේවල් පමණක් කරපු ලමයි පිටරට කැම්පස් වලට යවන එක. මේකත් වගකිමෙන් කියන්නේ.

    මේවා සයිටම් එකටත් වඩා බයානකයි.

    දැනටත් ලමයි ගිහින් තියෙන්නේ මේවැයින්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    :lol::lol::lol:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදය....

    මිතුරෙකු නැගූ වැදගත් ප්‍රශ්නයක්
    "පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අංශයට මේ සියල්ල දරාගත හැකිද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන ශක්තිය රාජ්‍යයට තියෙනවද? සරළ උදාහරණයක් ගත්තොත් මම පාසැල් යන කාලේ කොළඹට දුරකතන ඇමතුමක් ගන්න පේරාදෙණිය තැපැල් කන්තෝරුවට ඇවිත් අවම වශයෙන් විනාඩි 30 -45 ක් අතර කාලයක් බලාපොරොත්තු සහගතව ඉන්න ඕනේ. නමුත් විදුලි සංදේශ ක්ෂේත්‍රයට පෞද්ගලික ආයෝජනය මැදිහත් වුන ගමන් එම ක්ෂේත්‍රය අත්පත් කරගත් දියුණුවේ ප්‍රතිලාභ අද අපි හැමෝම භුක්ති විඳිනවා . අද වැසිකිලියේ ශරීර කෘත්‍ය කරන ගමන් මට ඇමෙරිකාවේ වොෂින්ටන් වලට විනාඩියෙන් කතා කල හැකියි. අද පෞද්ගලික ආයෝජනය අතහැර අපිට පවතින්න පුලුවන් ද? අවශ්‍ය වන්නේ ප්‍රමිතිය සම්බන්ද රාජ්‍ය මැදිහත් වීමක් නේද?"

    මගේ පිළිතුර--
    “අධ්‍යාපනය සම්බන්ධ කාරණේදී ලෝක පුරවැසි භාවය වර්ධනය කිරීම, මනුෂ්‍යයත්වය වගා කිරීම, මනුෂ්‍ය ජීවිතයෙහි ගුණය ඉහළ දැමීම, මිනිසා සහ පරිසරය අතර සුසංවාදී කල්පැවැත්ම තහවුරු කිරීම, මනුෂ්‍යයන් අතර සාපේක්ෂ සමානතා සහ සාධාරණ තත්ත්ව ඇති කිරීම ආදී පරමාර්ථ වැදගත්. ඒවා ශිෂ්ටාචාරමය අවශ්‍යතා.
    ඒවා හුදෙක් පෞද්ගලික ලාභ අපේක්ෂා කරන තනි ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමේ. කරන දේවලුත් නෙමේ. මොකද ඒ වගේ අධ්‍යාපනික අරමුණු පිණිස අවශ්‍යයි ලාබ නොලැබෙන විෂයයන් ඉගැන්වීම.

    විශිෂ්ට ගණයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේත් ඒවා( හාවර්ඩ්, කෝර්නෙල්, යේල්, වර්ජිනියා යනාදී....) ඇති වුණේ තනි පුද්ගලයෙකුට ධනය උපයන්න නෙමේ. පොදු සමාජ පුනරුද ව්‍යාපාර විදියට. ඒ වැඩේදි පතල් කර්මාන්තය වැනි දේවලින් විශාල ධනවතුන් වුණු අය ඒ ධනය කැප කළා සමාජ ප්‍රගමනය වෙනුවෙන් නියම විශ්වවිද්‍යාල හදන්න. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ හැදෙන්න තියෙන ඉඩ අඩුයි. හැදෙන්න ඉඩ තියෙන්නෙ පෞද්ගලික ලාභ උපයන තනි ව්‍යාපාරිකයො. ව්‍යාපාරික පවුල්. සමාගම්.

    ඒ නිසා පෞද්ගලික දුරකථන සේවා වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නෙ සරල වැඩක් නෙමේ. අනික අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ගුණාත්මක වූද සාකල්‍යවාදී වූද අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා ඉතා සමීප වූද දූෂණයෙන් තොර වූද නියාමනයකින් පවා අධ්‍යාපනයෙහි පොදු සමාජමය හරය ආරක්ෂා කරගන්න අමාරුයි. (නියාමන කරන්නෙත් අපි අපිමනෙ. සන්තෝෂම් සංස්කෘතිය අපේ කොටසක්නෙ.!!)
    අපේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියත් ඒ අර්ථයෙන් නියම සාකල්‍යවාදී අධ්‍යාපනයක් රකින්නෙ නෑ. නිදර්ශනයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය, ඉංජිනේරු. කළමනකරණ ශිෂ්‍යයො මානව ශාස්ත්‍ර විෂයයන් කීපයක්(දර්ශනය, සාහිත්‍යය, තුලනාත්මක සාහිත්‍යය, ඉතිහාසය වගේ )” ඉගෙනීම අනිවාර්යයි. අපේ විශ්වවිද්‍යාල එහෙම කරන්න හැදුවොත් අන්තරේම නායකත්වය දීල උද්ඝෝෂණය කරයි අර විෂයයන්ගෙ තත්ත්වෙ බාල කරනවා කියලා. විස්මෙ ඒක නෙමේ. එහෙම කියන අර විෂයවල මහාචාර්යලත් ඉන්නවා!!)
    ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයොත් විද්‍යාත්මක ක්‍රම, විද්‍යාවේ ඉතිහාසය, විද්‍යාවේ දර්ශනය ආදිය ගැන පාඨමාලා කීපයක් ඉගෙනගන්න ඕනෙ. ඒ අය ලංකාවේ ප්‍රධාන ලෙඩ රෝග, ඒවාට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර, ලංකාවේ වැසියෙකු ලෙස සාමන්‍යයෙන් දැනගත යුතු බෙහෙත් වර්ග ගැන පාඨාමාලාවක් දෙකක් වෛද්‍ය පීඨෙනුත් ඉගෙන ගන්න එක නරක නෑ. ඒත් එහෙම කළොත් අන්තරේ ළමයි උසිගන්නයි ශිෂ්‍යයන්ගෙ නිදහස සීමා කරනවා හරි මොකක් හරි කියලා!! වෛද්‍ය පීඨෙ ශිෂ්‍යයොත් ඇවිස්සෙයි තමන්ගෙ පරමාධිපත්‍යය නැති වෙන ආකාරයට දැනුම විසරණය වීම ගැන! (ඒක නම් ෂුවර්ම තමයි.)

    - උපුටා ගැනීමකි
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වයාපාරයක් කරනවානන් කරන්න අවශය කරන ගණුදෙනුකාරයෝ ඉන්න ඔිනි. ඔය කියන විදියට ලක්ස 400-500 වියදම් කරලා උපාධි කරන්න ලන්කාවේ පුලුවන් කීයෙන් කීදෙනාටද? ඒ සුලු පිරිසෙනුත් වෛදය උපාධියක් කරන්න බලන් ඉන්නෙ කවුද? සල්ලි තියෙන මිනිස්සු රස්සාවක් විදියට වෙද කම කරන්න උපාධියක් කරයි කියල හිතන්න අමාරැයි. ඔන්න ප්රයිවට් හොස්පිටල් එකක් කරනන් හිතන කෙනෙක් නන් කරයි වයපාරය ගැන අවබෝධයක් ලබා ගන්න.

    ලාබ ලබන්න හිතනවානන් නෙවිල් කරන්න උපාධියේ ගාන අඩුකරලා වැඩි ගානකට උපාධියක හදාරන්න අවස්තාව දෙන එක මිස ගාන වැඩි කරලා ගණුදෙනු කාරයන් නැති කර ගන්න එක නෙමෙයි. ඔබලා වගේ අවස්තාවාදීන් හිතාමතා අමතක කරන්නෙ ඒකයි.

    කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ? :lol::lol::lol:

    අද වෙනකොට මගී ගුවන් යානා පාලක ගුවන් නියම සහතික පතක් ලබා ගන්න ලන්කා මුදලින් ලක්ස 90ක විතර මුදලක් වැය වෙනවා. එහෙම ලක්ස 90ක මුදලක් වියදම් කරලා ගුවන් නියමුවන් උන මිනිස්සු සෑහෙන ගානක් ලන්කාවේ ඉන්නවා. කවුරැවත් ඒ අයගේ උගත් කම හැකියාව ගැන ප්රස්න කරන්නේ නෑ. ඒ මිනිස්සු එකපාරකට මිනිස් ජීවිත 300 කට විතර වගකියනවා.

    දොස්තරලා ඒ අතින් බලනකොට මොකක්ද ගන්න රිස්ක් එක?

    ekenma up up
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490

    Mata Methana Dostarala Ganna Risk Eka Mokadda Ahala thiyanawa Eka Nisa Yamak Kiyanda Hithuna

    Ahasai Polawai Sasadimak

    Air Plane kiyanne attatama Yakada godak, company eka thama okkoma Failiar Mode Effect Analysis Dala Design karala, Verify and Validate carala manufacture karanne...
    Ithin Guwan Niyamuwa eke techinical detail anuwa/ drive kirimak karanne egollo Direct Controll the Air Plane not the passengers.
    Godak welawata Auto Pilot mode yanne plane eke technical hari weather issue ekak nattam.

    Doctorsla Ganudenu karanne Direct human body/Minis Sariraya ekka ithin Kawda Risk Ganne.

    Thawa Deyak Mata Dostarala Devivoru mokada mama personally dannawa Indiawe Chennai Hari, Singapore hari operation ekakata geniyanda wei kiyala, Kandy ENT Dr. Selvarathnam (Tamil Doctor ) passe CT Scan 2 & MRI Scan 1 thawa eki meki godak scan karala legediyak operate karala beruwe.

    Api privete doctor channel karatha e salli apahu dunna, Ape eka gedarakui , idamaku bank salli dala rata genichchath monaweida danne...Me doctor Risk Eka Aran Kare Nattan Doctor Ehema Karapu Palaweni Surgery eka kiwa passe...

    Api ithin ward ekata puluwan widiyata demand karapu dewal dunna, Doctor tath dunna.

    Oya Kochchara Salli Karayek Unath Merenda Watunama Gov Hospitakl Yanne, Private :(Ewage Kapala Kotala Salli Ganda Withrai.

    Business Karana Aya Tax Gewanawa, Fee Igenagatta aya unatha Jobak Karama Basic Eka at least 1lakh nam nikamma 20k rajayata EPF/ETP yanawa ithin kawru hari mage salli walin thama igana gatte kiyanawanam ekath Kuhaka Kamak

    Mita Math Kuhakayekmi
     
    Last edited:

    :yes: