~හෘදයාබාධ හේතුවෙන්.....~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ~හෘදයාබාධ හේතුවෙන්.....~

    හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හෘදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය135950ක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් වාර්තා කොට නොමැති බව හෙළි වී තිබේ.
    ‘ද ලාන්සෙට්’ නම්වූ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළකරන ලද සමීක්ෂණ වාර්තාවේ ප්‍රධාන කතෘ වෛද්‍ය පර්විස් අසාරියා පෙන්වා දෙන්නේ “රෝගියකු ඇතුළත් කිරීමේදී, හෘදයාබාධය මූලික හේතුවක්වන අවස්ථාවකදී ඊට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් සමත්වුවත් ද්විතීයික හෘදයාබාධයකදී හෝ නුදුරේදී හෘදයාබාධයක් නිසා සිදුවිය හැකි මරණයකට තුඩුදෙන අවිනිශ්චිත රෝගී ලක්ෂණයක් සම්බන්ධයෙන් එතරම් සාර්ථක වන්නේ නැහැ.” යනුවෙනි.

    පුර්ව හෘදයාබාධ ලක්ෂණ

    ~පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
    ~ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
    ~ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
    ~දහදිය දැමීම
    ~හුස්ම ගැනීමේ අපහසුතාව
    ~වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
    ~අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
    ~කැස්සක් හෝ ඇදුම ස්වභාවය.
    ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.
    හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස්වන බවද, මිය යන රෝගියෙකුගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බවද සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙයි.
    මෙම රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කොට හෘදයාබාධ කලින් හඳුනා ගැනීමට රෝගීන් පමණක් නොව වෛද්‍යවරුන් ද දැඩි අවධානය යොමු කළ යුතුව පවතින බව ද සමීක්ෂණ වාර්තාවේ කතුවරියක පැවසුවාය.



    වැදගත්නම් බම්ප් කරල සලකල යමුද යුලුවනේ..:)
     
    Last edited: