හෘද රෝගයේ පූර්ව ලක්ෂණ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
හෘද රෝගයේ පූර්ව ලක්ෂණ

වෛද්‍ය තුසිත කහදුව කොළඹ ජාතික රෝහල



හෘද රෝග හදිසියේ ඇතිවන නිසාත් අවදානම් සහගත නිසාත් කල් තියා මේ ගැන දැනුවත් වී සිටීම ඔබේ ජීවිතයේ ආරක්ෂාවට ඉතා වැදගත්.

අවදානම කාටද
• අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට
• අධික තරබාරුකමින් පෙළෙන්නන්ට
• දුම් පානය කරන්නන්ට
• තම පවුලේ අයට හෘද රෝග ඇති අයට
• තම පවුලේ අය අඩු වයසින්ම හෘද රෝග නිසා මරණයට පත් වූ අයට
• මීට පෙරත් හෘද රෝගය එක් වරක් හෝ වැලඳුණොත්.
• දියවැඩියා රෝගීන්ට
• අධික රුධිර පීඩනය තිබෙන අයට


හෘද රෝගයට පෙර ලක්ෂණ
පපු පෙදෙසේ හදිසියේ ඇතිවන දරා ගත නොහැකි දැඩි වේදනාව හා එම වේදනාව වම් අත දිගේ ගමන් කරනු දැනීම.
ඒත් සමඟම අධිකව දහදිය දැමීම. වමනය ඇතිවීම. මෙය බොහොමයක් හෘද රෝගීන්ගේ දැක ගත හැකි පොදු ලක්ෂණයකි. කලාතුරකින් උදරයේ මැද වේදනාවක් ඇති විය හැකියි.. නමුත් මෙවැනි වේදනාවක් අම්ලපිත්ත රෝගීන්ටත් ඇති විය හැකියි. නමුත් බඩ පුරවා දැමීම වැනි ලක්ෂණත් මේ සමඟම මතුවන නිසා එය වෙන් කර හඳුනාගත හැකියි. අම්ලපිත්ත රෝගීන්ට එම අපහසුව යෝගට් වැනි ආහාරයක් ගැනීමෙන් පහව යයි. නමුත් හෘද රෝගයට එසේ සුවපත් නොවෙයි. ඔබට මේ බව හොඳින් සනාථ කර ගැනීමට ඡ්ඛ්ට් පරීක්ෂාවක් කර ගත හැකියි.