ඒක ලේසියි (නමුත් මේ steps ටික මේ පිළිවෙලටම කරන්න), මුලින්ම ගන්න ගිය හැටියේම හොදට සුහදව කථා කරලා මිනිහගේ හිත දිනාගන්න බලන්න ඊට පස්සේ මිනිහගෙන් ගාණ අහන්න,ඊට පස්සේ මිනිහා කිව්වොත් 25 (ලක්ෂ) ක් වගේ උබ ඒකෙන් 20% අඩු කරලා කියපන් මට මේ ගාණට දෙන්න කියලා, එතකොට ගාණ 5 නේ, ඊට පස්සේ මිනිහා කියයි 5 ක් අඩු කරන්න බෑ ඕනේ නම් 2.50 අඩු කරන්නම් කියලා, ඊට පස්සේ උබ කියපන් එහෙම බෑ 3.50 අඩු කරන්න කියලා ,ඊට පස්සේ මිනිහා කියයි 2.75 අඩු කරන්නම් කියලා, එතකොට උබ කියපන් 3 අඩු කරන්න කියලා, එතකොට ගාණ ෂේප්. ඊට පස්සේ උබ වාහනය වටේ රවුමක් ගහලා ඒකේ අඩුපාඩු පුලුවන් තරම් හොයපන් (ඊට කලින් උබ මේ වාහනය ගැන හොදට හොයපන් Internet එකේ එහෙම) හොයලා අඩුපාඩුවකට 2% ගානේ වගේ අඩු කරගෙන (ලොකු අඩුපාඩුවක් නම් 5%) වගේ අඩු කරලා අන්තිම ගාණ කියන්න, කියනකොට කියන්න අයියෝ මේ වාහනයේ මේ ප්රශ්ණයක් තියෙනවානේ, මම හිතුවේ මේක හොද එකක් කියලයි, එහෙම බෑ තව පොඩ්ඩක් අඩු කරන්න ඔනේ කියලා කියපන්. ඒ වගේම තමයි මිනිහා desperate (ඒ කිව්වේ විකුණගාන්න ලොකු උවමනාවක් තියෙනවා, අඩුවට හරි කාගේ හරි ඇගේ ගහන්න බලන්නේ) ද කියලා හොයාගනින් එහෙම නම් 40% කරලා අඩු කරගනින්.