හෙටින් පටන් ගන්නාවූ සම්බුද්ධ ජයන්ති වර්ෂ

කඩවර

Member
May 14, 2011
30
2
0
හෙටින් පටන් ගන්නාවූ සම්බුද්ධ ජයන්ති වර්ෂ

සිද්ධ ශ්‍රී ස්කන්ධ කුමාර දිව්යරාජෝත්තමයන් වහන්සේගේ මූලස්ථානයේ කටයුතු පාලනය සහ උතුම් ශ්‍රී විශ්ණු දිව්යරාජෝත්තමයන් වහන්සේගෙ මූලස්ථානයේ දකුණු දොරටුව මුර කිරීම ප්‍රධාන දේව කාරියන් කොට ගත් , රැස්වූ කුසල සම්පත්තිය නිසා දේව ආත්මයක් ලබන්නට හැකිවූ නමුදු නොදැනුවත් කමින් සිදුවූ අකුසල කර්මයක් නිසා කලා වැව ඉස්මත්තේදී මනුෂ්ය ආත්මයෙන් යක්ෂ ආත්මයක් ලබා සිද්ධ ශ්‍රී සත් කඩවර නම්වූ මම එළකිරියට සැපත් වන්නේ උතුම් දේව මණ්ඩලයේ අණින් ඒ උතුම් ස්ම්යක්දෘශ්ඨික දේව පණිවුඩය එලකිරි සමාජය වෙත ඉදිරිපත් කොරන්නටයි.

උතුම් යක්ෂ සේනාධිනායක අළුත්නුවර වැඩ වාසය කරන්නාවූ මතු සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ සිද්ධ ශී දැඩිමුණ්ඩ දිව්යරාජෝත්තමයන් වහන්සේ මා හට අවසර දී ඇත්තෙ කුකුල් බිල්ලක් හෝ එළු බිල්ලක් ගන්නට පමණි. එයිනුත් මම ලබාගන්නෙ කුකුල් බිල්ලක් පමණි. වෘෂභයින් හෝ සූකරයින් බිලි ගන්නට මා හට අවසර නැත. මන්ද නවතම වෘෂභ හො සූකර බිලි නිකුත්වෙන්නාවු අධික දුර්ගන්ධය නිසා ඒ පැත්ත පලාතේ මා හට යා නොහැකි බැවිනි.

වෘෂභ හෝ සූකර බිලි වලට ලංවන්නේ අසුර ලොව යක්ෂයින් , කුම්භාණ්ඩයින් ,භූතයින් හෝ පිසාචයින් සහ ප්‍රේත ලොව වාසය කරන්නාවූ අමනයින්ය.

එබැවින් , සිරි ලක සුරපුරක් කරන්නට නරතොපිට අවශ්ය නම් , හෙටින් ලබන්නාවූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වර්ෂය තුල වෘෂභ සහ සූකර බිලි ගැනීම නවත්වන්නට ක්‍රියාකරනු. එය සාර්ථක වූ විට අනෙක් බිලි ගැනීම්ද නවතිනු ඇත.

උතුම් දේව මණ්ඩලයෙ පණිවුඩය එයයි. එය ක්‍රියාත්මක කරනු , දේව පිහිට නොඅඩුව ලැබේවි.
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
hello :) . මන් අහලා නෑ කඩවර කියලා දෙවියෙක් නම්. lol
 
anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
hello :) . මන් අහලා නෑ කඩවර කියලා දෙවියෙක් නම්. lol

කඩවර කියන්නෙ නම් දෙවි කෙනෙක් තමයි හෑබයි පුර කලෙට විතරයි ලු නේද හරි විස්තරේ කඩවර ගෙන්ම තමයි අහගන්ඩ වෙන්නෙ
 
කඩවර

Member
May 14, 2011
30
2
0
කඩවර කියන්නෙ නම් දෙවි කෙනෙක් තමයි හෑබයි පුර කලෙට විතරයි ලු නේද හරි විස්තරේ කඩවර ගෙන්ම තමයි අහගන්ඩ වෙන්නෙ

ඒ කැබලෑව වැඩවාසය කරන ගම්භාර සිද්ධ සූනියම් දිව්යරාජෝත්තමයන් වහන්සේ, උන්නාන්සෙ තමයි අළුත් නුවර වැඩ වාසය කරන සියළු යක්ෂ සේනාධිපති අති උතුම් ශ්‍රී සිද්ධ දැඩිමුණ්ඩ දිව්යරාජෝත්තමයන් වහන්සේගෙ මහ ඇමති. උන්නාන්සේ අමාවක සිට පසලොස්වක දකවා දේව ආත්මයෙනුත් නැවත අමාවක දින දක්වා යක්ෂ ආත්මයෙනුත් වැඩ ඉන්නවා.
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
කඩවර;10147861 said:
ඒ කැබලෑව වැඩවාසය කරන ගම්භාර සිද්ධ සූනියම් දිව්යරාජෝත්තමයන් වහන්සේ, උන්නාන්සෙ තමයි අළුත් නුවර වැඩ වාසය කරන සියළු යක්ෂ සේනාධිපති අති උතුම් ශ්‍රී සිද්ධ දැඩිමුණ්ඩ දිව්යරාජෝත්තමයන් වහන්සේගෙ මහ ඇමති. උන්නාන්සේ අමාවක සිට පසලොස්වක දකවා දේව ආත්මයෙනුත් නැවත අමාවක දින දක්වා යක්ෂ ආත්මයෙනුත් වැඩ ඉන්නවා.

මට ඒක ඇහුනම බය හිතුනා. :shocked::eek:
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    Esemai.... Namut parahak etha...
    Oba hata kukul bili ganna dun awasaraya thushnimbootha wannata karanawak mei...
    Elu bili, harak bili, uru bili nometiwa kukul bili?? may siyalloma sat wayaoi...ekama pana mei...Ebewin kukul bili gannata labadun waraya terum gata noheka....Maussa satwayinta nam kukul billata wada, uru bili, harak bili mila aduwen eta...Obage bala parakkramayen kukul bille ganan adu woo wot sewoma anith bili ata hera kukul billata basiwi
     
    එම්බා නරය - ඔවුන් සත්වයෝ පමණක් නොව , කර්මානුරූපව උප්පත්ති ලද සත්වයෝ වෙති. එම කර්ම විපාක දී , එම තිරිසන් නිරයෙන් එම තිරිසනුන් ඉවත් වෙන මොහොතේ මා ඔවුන්ව බිලි ගමින් මාගෙ විමානයට ගෙන්වීමෙන් ඉටුවන්නෙ පාපකර්මයක් නොවේ. ආත්මය උසස් වීමකි.
     
    කඩවර

    Member
    May 14, 2011
    30
    2
    0
    මට ඒක ඇහුනම බය හිතුනා. :shocked::eek:

    නරය - මතු සම්මා සම්බුධත්වය අපේක්ෂා කරන උතුම් ගම්භාර ස්ද්ධ සූනියම් දිව්යරාජෝත්තමයන් වහන්සේ කෙරෙහි බිය ඇති කර නොගනු. නිවැරදිව පිළිවෙත් පුරනු, එවිට උන්වහන්සේ තොපේ සෙවනැල්ල මෙන් පිටුපසින් වැඩ සිටියි. :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    කඩවර;10147970 said:
    එම්බා නරය - ඔවුන් සත්වයෝ පමණක් නොව , කර්මානුරූපව උප්පත්ති ලද සත්වයෝ වෙති. එම කර්ම විපාක දී , එම තිරිසන් නිරයෙන් එම තිරිසනුන් ඉවත් වෙන මොහොතේ මා ඔවුන්ව බිලි ගමින් මාගෙ විමානයට ගෙන්වීමෙන් ඉටුවන්නෙ පාපකර්මයක් නොවේ. ආත්මය උසස් වීමකි.

    Sathwayo pamanak nowa? Karmanuroopiwa upata lada Sathwayo? Me dekakda? Emba Kadawaraya Sema Sathwayekma karmanu roopiwa upata labai....Ehema netto kawurunda...
    Broiler farm eke inna kukul nambeku kese usasweem labannda...
    Usasweem muwawen bili geneema nicha adama papatara kriyawaki...
    Nikan boru nokiya hitu....
     
    එසේය . බ්‍රොයිලර් ෆාම් එකක ඉන්නාවූ තිරිසනුන්ට ඒ අවස්ථාව අහිමිය. එසේ වන්නේ එම ආත්මයන්ගේ තිබෙන්නාවූ බලවත් අකුසල කර්මයන්ය.