හෙට ඉදන් මොකද වෙන්නේ

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හෙට ඉදන් මොකද වෙන්නේ

    ලංකාවේ ගොඩ දෙනෙක් කියනවා ..කේන්දර විස්වාශ කරන්නේ නෑ.. කියලා.ඒ වුනාට පත්තරේ ගත්ත ගමන් හොරට බලන්නේ තමන්ගේ ලග්නෙට කොහොමද කියලා..එහෙනම් මාර්තු වල ඔයාට කොහොමද කියලා බලන්න

    මේෂ – බාධක මැද ජය

    ගෘහ ජීවිතය
    2016 මාර්තු මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට ගැටලු බාධක මධ්‍යයේ වුවද යම් සාර්ථකත්වයක් අත්කර ගත හැකි වේ. ගෙදරදොර සාමය සමාදානය සාර්ථක ලෙස පවත්වා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතුව පවතී. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් නීතියේ පිහිට පැතීමටද සිදුවනු ඇත. තීරණ ගැනීමෙහි දුර්වලතා පවතින බැවින් වැඩ කටයුතුවල අවුල් තත්ත්වයක් ඇති වේ. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා තුළින් මානසික සහනය අවම කරයි. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක්ද අපේක්ෂා කළ හැකිය. විදේශ ගත වීමේ අපේක්ෂාවන් තවදුරටත් ප්‍රමාද වේ. ගමන් බිමන් අධිකව යෙදෙන අතර ඒ සම්බන්ධයෙන් අධික මුදල් වැය වීමද සිදු වේ. විනෝද චාරිකාවක යෙදීමටද අවස්ථාවක් සැලසෙයි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු සාර්ථක වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති ගැටලු විසඳී යයි. උසස් වීම් සඳහා කටයුතු කළ ඔබට එම අදහස් සාර්ථක ලෙස ඉටු වේ. කාර්ය මණ්ඩලය තුළ කැපී පෙනෙන තත්ත්වයක්ද ලබා ගනී. ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි කටයුතු කරන ඔබට තම ව්‍යාපාරයට නව මුහුණුවරක් ගෙන දීමට අවස්ථාව උදා වේ. නව හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමෙන්ද ව්‍යාපාරය උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීමට අවස්ථාව සලසා ගනී. ඒ සම්බන්ධයෙන් ඉඩම් මිලදී ගැනීමක්ද සිදු කරයි. විදේශ රැකියාවන්හි යෙදී සිටින ඔබට රැකියා කටයුතු සම්බන්ධයෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. ප්‍රධානීන්ගේ අවධානය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමටද සිදුවනු ඇත. තම දක්ෂතා වර්ධනය කර ගැනීමටද අවස්ථාවන් සැලසෙයි. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට සිතැඟි පරිදිම කටයුතු ඉටු වේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලුමය තත්ත්වයන් බලපාන අතර උත්සාහය හා කැපවීම තුළින් සාර්ථකත්වය සලසාගත හැකි වේ. තීරණ ගැනීමෙහි දුර්වලතා තුළින් කටයුතු අවුල් වීමට ඉඩකඩක් ඇති බැවින් සන්සුන්ව සංයමයෙන් කටයුතු කිරීමට උනන්දු වන්න. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනී. බුද්ධිමතුන්ගේ සහයෝගය ලබා ගනිමින් තම කටයුතු නිවැරදි මගකට යොමු කර ගැනීමටද අවස්ථාවන් සලසා ගත හැකි වේ. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන ඔබට තම ඉලක්කයන් කරා පහසුවෙන්ම ළඟා වීමට හැකිවන අතර විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා සපුරා ගත යුතු සුදුසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක්ද පවතී.
    සෞඛ්‍යය
    සෙම් රෝග, වාත රෝග, අජීර්ණ රෝග බලපාන බැවින් අපත්‍යකාරකයන් ගෙන් ඈත් වී කටයුතු කරන්න.
    ජය අංකය – 3, 5 , ශුභ දිනය – ඉරිදා, බදාදා ජය වර්ණය – දම්, කොළ

     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    වෘෂභ – මිශ්‍ර ඵල

    ගෘහ ජීවිතය
    වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵල සහිත මාසයකි. ගෙදරදොර සාමය සමාදානය ස්ථිරව පවත්වා ගැනීමට බලවත් උත්සාහයක යෙදිය යුතු කාලයකි. නිවසේ නවීකරණයක් හෝ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමක් හෝ සිදු කිරීමට කටයුතු කරයි. දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වේ. විවාහක පවුල් තුළ අඹු සැමියන් අතර සුහදතාව සහ විශ්වාසය රැක ගැනීමට උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු කාලයකි. දානමය කටයුත්තක් හෝ ආගමික පුණ්‍ය කටයුත්තක් සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කළ තරුණ තරුණියන්ට විවාහ යෝජනා ඉදිරිපත් වනමුත් විවාහය ස්ථිර කර ගැනීම් ප්‍රමාද වනු ඇත.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක් භාරදූර කටයුතු තමන් වෙත පැවරෙන අතර වැඩ කටයුතු අධික කාලයක් වනු ඇත. කාර්ය මණ්ඩලයේ සහයෝගයද නොමඳව ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර වල නියුතු වූවන්ට හවුල්කරුවන්ගේ යම් යම් අක්‍රමිකතා පිළිබඳ සැකයට තුඩු දෙන කරුණු එළිදරව් වනු ඇත. නව හවුල්කරුවන් බඳවා ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. හදිසි ධන ලාභයක් අත් වේ. භූමි ලාභ අළුත් ඉඩම් මිලදී ගැනීම් සඳහා අවස්ථාවන් යෙදේ. නව රැකියා අවස්ථා සඳහා බලාපොරොත්තුවෙන් සිටි අයට දුෂ්කර වූත් වගකීම් අධික වූත් රැකියාවන් සඳහා අවස්ථාවන් උදා වේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට ශුභ දායක කාලයකි. ගණිතය, සංගීතය, විද්‍යාව, සෞන්දර්ය විෂයයන්වල අධ්‍යාපනයෙහි යෙදෙන අයට තම සහජ දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාව උදා වේ. තරග විභාග වලට සහභාගි වන අය ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව විභාග කටයුතු කරන්න. එමගින් මනසේ පවතින ඉක්මන්කාරී බව හේතුවෙන් විභාගවලදී යම් යම් වැරදිම් ඇතිවීම් වළක්වාගෙන සාර්ථකත්වය සලසා ගත හැකි වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට යහපත් කාලයකි. තම සහජ දක්ෂතා ඔප් නංවා ගැනීමට අවස්ථාව සැලසේ. ක්‍රීඩා කටයුතු වල යෙදෙන්නන්ට තම දක්ෂතා පෙන්වීමටත් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමටත් අවස්ථාව ලබයි.

    සෞඛ්‍යය
    වාත රෝග, උදරාබාධ, සෙම් රෝග, ලේ දූෂ්‍යවීම්, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින මාසයකි. එවැනි රෝගාබාධයන්ගෙන් පෙළෙන අය සුදුසු ප්‍රතිකාර වෙත නොපමාව යොමු වන්න.
    ජය අංකය – 4, 9 ශුභ දිනය – බ්‍රහස්පතින්දා, සිකුරාදා ජය වර්ණය – රෝස, දුඹුරු
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මිථුන – උත්සාහවන්ත වන්න

    ගෘහ ජීවිතය
    2016 මාර්තු මාසය මිථුන ලග්නයෙන් උපන් ඔබට ගැටලු බාධක අසාර්ථකවීම් මධ්‍යයේ උත්සාහයෙන් යුක්තව කටයුතු කොට සාර්ථකත්වය අත් කර ගත යුතු මාසයකි. නිවසේ සාමය සමගිය රැඳී පවතින කාලයකි. පුණ්‍ය කටයුතු සඳහා සහභාගි වීමට අවස්ථාවක් උදා වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන කාලයකි. භූමි ලාභ, ඉඩකඩම් ලාභ අත්කර ගත හැක. විවාහ අපේක්ෂාවෙන් සිටින මිථුන ලග්න තරුණ තරුණියන්ට තම සිතැඟි පරිදි යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර කර ගැනීම සඳහාද අවස්ථාව උදා වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් මිථුන ලග්න හිමියන්ට ශුභ දායක මාසයකි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තුවෙන් කටයුතු කළ ඔබට එම අදහස් සඵල කර ගැනීමේ අවස්ථාවන් උදාවේ. විදේශ රැකියාවන්හි නියුතු වූවන්ට විශේෂ වරප්‍රසාද අත්කර ගැනීමට හැකි වනු ඇත. සංචාරක ව්‍යාපාර, ප්‍රචාරක කටයුතු ආදී ව්‍යාපාරයන්හි නියුතු අයට ශුභදායක මාසයි. මැණික් කර්මාන්තයෙහි නියුතු වූවන්ට අගනා මැණික් හමුවනු ඇත. භූමිය සම්බන්ධ ව්‍යාපාරයන්හි නියුතු වූවන්ට අධික ලාභ ඉපයීමට අවස්ථාවන් උදා වේ. නව රැකියා අවස්ථා බලාපොරොත්තු වූවන්ට උසස් වෘත්තින්හි යෙදීමට අවස්ථාවන් උදා වේ.

    සෞඛ්‍යය
    සෙම් රෝග, ලේ දූෂ්‍ය වීම්, අධි රුධිර පීඩනය, ශාරීරික උෂ්ණ ගති බලපාන බැවින් අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී කාලය ගත කරන්න.
    ජය අංකය – 9, 1 ශුභ දිනය – බදාදා, ඉරිදා ජය වර්ණය – කහ, දම්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කටක – වගකීම් අධිකවේ

    ගෘහ ජීවිතය
    කටක ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය මිශ්‍ර ඵල දායකය. ගෙදරදොර සාමය සමාදානය රඳවා ගැනීමට කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. අදහස් ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා හිතුවක්කාරකම් නිසා කලකිරීමට පත් වේ. දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වේ. දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීති වීමටද අවස්ථාවක් උදා වේ. විනෝද ගමන්, චාරිකා කටයුතු සඳහා අවස්ථාවන් උදා වනු ඇත. විවාහක පවුල්වල අඹුසැමියන් අතර අන්‍යෝන්‍ය බැඳීම් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර කර ගැනීමට අවස්ථාව උදා වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. තමා වෙත භාරදූර වැඩ කටයුතු රාශියක් පැවරෙනු ඇත. උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කොට එම කාර්යයන් සාර්ථකව ඉටු කරගත හැකි වේ. උසස් වීම් අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට එම අදහස් සඵල වේ. ප්‍රධානීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකි වන කාලයකි. නව ආයෝජන අවස්ථාවන උදා වේ. මිතුරකුගේ ඇරයුමක් පරිදි නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරනු ඇත. පොළොවේ වස්තු ලාභ ලැබෙන කාලයකි. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට යහපත් වේ. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයට තම අදහස් සඵල කරමින් සුදුසුකම් මත උසස් වෘත්තීන්හි යෙදීමට අවස්ථාවන් උදා වේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන කටක ලග්න හිමියන්ට යහපත් කාලයකි. තාක්ෂණික විෂය ධාරාවන්, පරිගණක විෂය ධාරාවන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට උසස් ජයග්‍රහණ ලබා ගත හැක. ගණිතය, විද්‍යාව, නව නිර්මාණ ආදී අංශයන්ගෙන් තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාවන් උදා වේ. තරග විභාගවලින් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතුවල නියැළෙන කටක ලග්න හිමියන්ට ශුභ දායක කාලයකි. ජයග්‍රහණ සම්මාන ලබා ගැනීමේ අවස්ථාවන් උදා වේ.

    සෞඛ්‍යය
    දන්ත රෝග, මුඛ රෝග, විදුරුමස් රෝග, උදරාබාධ, ලේ දූෂ්‍ය වීම් ඇතිවිය හැකි කාලයකි. අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
    ජය අංකය – 2, 5 ශුභ දිනය – සිකුරාදා, බ්‍රහස්පතින්දා ජය වර්ණය – සුදු, රෝස
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සිංහ – මිශ්‍ර ඵල

    ගෘහ ජිවිතය
    සිංහ ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵල සහිත වේ. මනසේ නොසන්සුන් බව තව දුරටත් රඳා පවතී. ඉවසීමෙන් සංයමයෙන් යුක්තව කටයුතු කරන්න. නිවසේ සාමය සමාදානය පවත්වා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට සිදු වන කාලයකි. නිවසේ අළුත්වැඩියාවක් හෝ නව අංගෝපාංග එක් කිරීමක් සිදු කිරීමට සැලසුම් කරයි. නිවසට සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා වේ. දරුවන් වෙනුවෙන් ප්‍රීති වීමට අවස්ථාවක් උදා වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි සිංහ ලග්න තරුණ තරුණියන්ට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වනමුත් විවාහය ස්ථිර කර ගැනීමට ප්‍රමාද වනු ඇත.

    රැකියාව
    රැකියා ස්ථානයේ අධික වැඩ කටයුතු අතර සිරවී කාලය ගත කිරීමට සිදු වේ. තමා මත පැටවෙන වගකීම් සියල්ලක්ම නිසි අයුරින් කලට වේලාවට ඉටු කිරීමට හැකි වන අතර ඒ හේතුවෙන් ප්‍රධානීන්ගේ අවධානය දිනා ගැනීමටත් ප්‍රශංසා ලබා ගැනීමටත් හැකි වනු ඇත. උසස් වීම් අපේක්ෂාවෙන් කටයුතු කළ අයට එම බලාපොරොත්තු සාර්ථක වේ. මිතුරන් සමග එකතු වී නව හවුල් ව්‍යාපාරයක් ඇරඹීමට සිතයි. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් සිටි අයගේ අදහස් මුදුන්පත් කරමින් නව රැකියා අවස්ථා සඳහා මංමාවත් විවර වනු ඇත.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන සිංහ ලග්න හිමියන්ට ඉතාමත් යහපත් කාලයකි. අළුත් දැනුම සොයා යාමට පෙලඹේ. තරග විභාග ආදියට මුහුණ දීමේදී ඉතාමත්ම සන්සුන්ව සහ සංයමයෙන් යුක්තව කටයුතු කරන්න. අපේක්ෂා පරිදිම ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ. වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයෙහි යෙදෙන අයට යහපත්ය. පරිගණක ක්ෂේත්‍රය, කාර්මික ක්ෂේත්‍රය පදනම් කරගත් වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමටත් එමගින් ප්‍රභූන්ගේ අවධානය දිනා ගැනීමටත් හැකි වනු ඇත. ක්‍රීඩා කටයුතුවල නියැළෙන සිංහ ලග්න හිමියන්ට වාර්තාගත උසස් ජයග්‍රහණ අත්කර ගත හැකි මාසයකි.

    සෞඛ්‍යය
    සෙම් රෝග, වාත රෝග, පෙණහලු ආශ්‍රිත ආබාධ, රත්පිත් රෝග බහුල වන කාලයකි. එවැනි රෝග සහිත අය රෝග තත්ත්වයන් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වන්න.
    ජය අංකය – 4, 9 ශුභ දිනය – අඟහරුවාදා, බදාදා ජය වර්ණය – රතු, කහ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කන්‍යා – ගමන් අධිකවේ

    ගෘහ ජීවිතය
    2016 මාර්තු මාසය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ශුභාශුභ මිශ්‍ර ඵලදායක මාසයකි. නිවසේ සාමය සමාදානය රැඳී පවතින කාලයකි. දරුවන් සමග ප්‍රීතියෙන් යුක්තව කටයුතු කිරීමට හැකි වේ. දරුවකු වෙනුවෙන් ප්‍රීති උත්සවයක් පැවැත්වීමට කරුණු යෙදේ. කෙටි ගමන් බිමන් අධිකව යෙදෙන මාසයකි. නිවසට සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමටත් නිවස අලංකරණ කටයුතුවල යෙදීමටත් අවස්ථාවන් සැලසේ. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි කන්‍යා ලග්න හිමි තරුණ තරුණියන්ට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් කාලයකි. ප්‍රචාරක කටයුතු, සංචාරක කර්මාන්තය, ආනයන අපනයන කටයුතු ආදියෙහි යෙදෙන අයට ඉතාමත් යහපත් වන අතර ලාභ ඉපයීම් වර්ධනය වේ. පොළොවේ වස්තු ලාභ ලැබෙන කාලයකි. විදේශ සම්බන්ධ රැකියාවල නියුතු වූවන්ගේ උසස් වීම් පිළිබඳ සිහින මල්පල ගන්වනු ඇත. නව රැකියා ලාභ බලාපොරොත්තුවෙන් කටයුතු කළ කන්‍යා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබෙනු ඇත.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට උනන්දුවෙන් හා කැපවීමන් යුක්තව කටයුතු කළ යුතු කාලයකි. සංගීත, නැටුම්, චිත්‍ර කලාව, නාට්‍ය කලාව ආදී සෞන්දර්ය විෂයයන් ඔස්සේ අධ්‍යාපනය ලබන අයට ඉතාමත් ශුභ දායක වේ. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ හිමි වේ. උසස් අධ්‍යාපනයෙහි මෙන්ම වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදෙන අයට යහපත් කාලයකි. ගමනාගමන පහසුකම්, නවාතැන්, පොත්පත් ආදියෙහි පැවති දුෂ්කරතා හා අඩුලුහුඬුතා ද මගහැරී යනු ඇත. ඒ සම්බන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය වන කාලයකි. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා බලාපොරොත්තු වූ අයගේ ප්‍රාර්ථනා ඉටු කරමින් විදෙස් ශිෂ්‍යත්වලාභ සඳහා අවස්ථා උදා වනු ඇත.

    සෞඛ්‍යය
    වාත රෝග, උෂ්ණ රෝග, ලේ දූෂ්‍ය වීම්, සෙම් ගෙඩි වැනි රෝග තත්ත්වයන් බලපානු ඇත. අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී කාලය ගත කරන්න.
    ජය අංකය – 9, 3 ශුභ දිනය – සිකුරාදා, බදාදා ජය වර්ණය – රෝස, කොළ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    තුලා – සුභ ඵල

    ගෘහ ජීවිතය
    2016 මාර්තු මාසය තුලා ලග්නයෙන් උපන් ඔබට ශුභදායක මාසයකි. නිවසේ සාමය සමාදානය රැඳී පවතී. ප්‍රීතියෙන් කාලය ගත කිරීමට හැකි පරිසරයක් නිවස තුළ නිර්මාණය වේ. නිවස අලංකරණයට සහ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට සැලසුම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීතිවීමට අවස්ථාවක් උදා වේ. විවාහ අපේක්ෂාවන් සිටි තුලා ලග්න හිමි තරුණ තරුණියන්ට යහපත් උසස් මංගල යෝජනා ඉදිරිපත් වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් තුලා ලග්න හිමියන්ට වෙහෙස වි කටයුතු කිරීමට සිදුවේ. එහෙත් රැකියා ස්ථානයේදී ප්‍රීතියෙන් යුක්තව කටයුතු කිරීමට ද අවකාශ සැලසේ. නව ආයෝජන අවස්ථවන් කෙරෙහි සිත ඇදී යයි. අළුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමක් හෝ පවතින ව්‍යාපාරයට නව මුහුණුවරක් එක් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරයි. නව රැකියා අපේක්ෂාවෙන් කටයුතු කළ අයට එම බලාපොරොත්තු ඉටු කරමින් රැකියා අවස්ථා සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා ඇරයුම් ලැබෙනු ඇත.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදී සිටින තුලා ලග්න හිමියන්ට ඉතාමත් ශුභ දායක කාලයකි. ගණිතය, විද්‍යාව, ලේඛන කලාව, තර්ක ශාස්ත්‍රය වැනි අංශයන්යෙන් අධ්‍යාපනයෙ ලබන අයට දක්ෂතා දැක්වීමටත් තරග විභාග ආදියෙන් උසස් සාමාර්ථ ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ. අළුත් දැනුම රැස් කිරීමට මෙන්ම නිරන්තරව පොත්පත් පරිශීලනය කිරීමටද සිත පෙලඹේ. උසස් අධ්‍යාපනයෙහි මෙන්ම වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ටද යහපත් වේ. තම දක්ෂතා පෙන්වමින් ගුරු භවතුන්ගේ අවධානය දිනා ගැනීමටද හැකිවන කාලයකි. විදේශීය අධ්‍යාපන අවස්ථා සඳහා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල වේ. විදේශ ශිෂ්‍යත්ව දිනා ගැනීමටද හැකි වන කාලයකි.

    සෞඛ්‍යය
    උෂ්ණ රෝග, මලබද්ධය, උදරාබාධ, දන්ත රෝග වැනි රෝග තත්ත්ව බලපාන මාසයකි.
    ජය අංකය – 1, 3 ශුභ දිනය – සිකුරාදා, බ්‍රහස්පතින්දා ජය වර්ණය – රෝස, කහ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    වෘශ්චික – දෙවරක් හිතා තීරණ ගන්න

    ගෘහ ජීවිතය
    වෘශ්චික ලගනයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵලදායක මාසයකි. මනසේ නොසන්සුන් බව හා කේන්ති ස්වභාවය තව දුරටත් රැඳී පවතී. අදහස් ප්‍රකාශ කිරීමේදී හා තීරණ ගැනීමේදී දෙවරක් සිතා බලන්න. නිවසේ සාමය සමාදානය ස්ථිරව පවත්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක් සහ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. තම මතය තුළම එල්බගනිමින් ස්වමතධාරීව කටයුතු කිරීමට පෙලඹේ. විවාහක පවුල්වල අඹු සැමියන් අතර මතභේදයට තුඩු දෙන කරුණු යෙදේ. නිවසේ කටයුතු කෙරෙහි කාලයත් ශ්‍රමයත් වැය කරයි. අලුතින් ඉඩම් මිලදී ගැනීමක් සඳහා අදහස් කරයි. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින වෘශ්චික ලග්න හිමි තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර වීමට කල් ගත වනු ඇත.

    රැකියාව
    රැකියා ස්ථානයේ වැඩ කටයුතු අධික වන කාලයකි. භාරදූර වගකීම් රැසක් තම හිස මත පැටවෙනු ඇත. එහෙත් ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කොට තම වගකීම් සියල්ල නොපිරිහෙලා ඉටු කිරීමට සමත් වේ. එය ප්‍රධානීන්ගේ පැසසුමට භාජනය වීමටද හේතු වේ. විදේශ රැකියා වල යෙදී සිටින්නන්ට ඉතාමත් යහපත් කාලයකි. විදේශ රැකියා අවස්ථා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල වේ. පොළොවේ වස්තු ලාභ ලැබෙන කාලයකි. මැණික් කර්මාන්තයේ නියුතු වූවන්ට ඉතා වටිනා මැණික් හිමි වේ. නව රැකියා අවස්ථා බලාපොරොත්තු වූ අයට වගකීම් අධික වූත් කාර්ය බහුල වූත් වෘත්තීන්හි නියැළීඅවස්ථාව උදා වේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ට දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු වල යෙදීමෙන් සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නට යහපත් වේ. සංගීත කලා කටයුතු මගින් දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවකාශ ලැබේ. වෘත්තීය අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ගුරු භවතුන්ගේ අවධානය දිනා ගැනීමටත් තරග විභාග ආදියෙන් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමටත් හැකි වනු ඇත. ක්‍රීඩා කටයුතුවල නියැළෙන වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත් ශුභ දායක මාසයකි. තම දක්ෂතා දක්වමින් වාර්තාගත ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේ.

    සෞඛ්‍යය
    වාත රෝග, සෙම් රෝග බහුල වන කාලයකි. අපත්‍යකාරකයන්ගෙන් වැළකී කාලය ගත කරන්න.
    ජය අංකය – 1, 5 ශුභ දිනය – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ජය වර්ණය – නිල්, කහ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ධනු – උසස්වීම්

    ගෘහ ජීවිතය
    ධනු ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභ ඵලදායක මාසයකි. නිවසේ සාමය සමාදානය රැක ගැනීමට හැකි වන කාලයකි. නිවසට සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු සැලසුම් කරයි. වන්දනා චාරිකාවක් හෝ විනෝද චාරිකාවක යෙදීමට අවස්ථාව උදා වේ. නිවසේ දානමය පුණ්‍යකර්මයක් සිදු කිරීම සඳහා සැලසුම් කරයි. නැතහොත් දානමය පුණ්‍යකර්මයක් සඳහා සහභාගි වීමට අවස්ථාව උදා වේ. විදෙස් චාරිකාවක් සඳහාද අවස්ථාව උදාවිය හැක. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ධනු ලග්න හිමි තරුණ තරුණියන්ට යහපත් විවාහ යෝජනා ඉදිරිපත් වේ.

    රැකියාව
    රැකියා ස්ථානයේ දී සැහැල්ලුවෙන් හා ප්‍රීතිමත්ව කටයුතු කිරිමට අවස්ථාව සැලසෙන කාලයකි. උසස් වීම් සඳහා බලාපොරොත්තු වූ අයගේ එම අදහස් සාර්ථක වේ. ප්‍රධානීන්ගෙන් සම්මාන ප්‍රශංසා හිමි වන කාලයකි. රැකියා ස්ථානය ප්‍රියමනාප ප්‍රීතිමත් ස්ථානයක් බවට පත් වේ. විදේශ රැකියාවන්හි නියුතු අයට අධික ලෙස වෙහෙස වී කටයුතු කිරීමට සිදු වනු ඇත. ප්‍රචාරණ කටයුතු, චාරිකා කටයුතු, ආනයන අපනයන සම්බන්ධ කටයුතු ආදියෙහි යෙදී සිටින අයට යහපත් වන අතර වාසි දායක තත්ත්වයන්ද උදා වනු ඇත. නව රැකියා අවස්ථා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල කරමින් සුහදශීලී කාර්යමණ්ඩලයක් හා ප්‍රධානීන් සමග කටයුතු කිරීමට හැකි වන පරිදි රැකියා අවස්ථා හිමි වේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන ධනු ලග්න හිමියන්ට ශුභදායක කාලයකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කිරීමට පෙලඹේ. අමුතු දැනුම සොයා යන කාලයකි. නිරන්තරයෙන්ම පොත් පත් පරිශීලනයට නැඹුරු වේ. ගණිතය, විද්‍යාව, ලේඛන කලාව, නීති අංශය ආදියෙහි අධ්‍යාපනයෙහි යෙදෙන අයට යහපත්ය. තරග විභාග ආදියෙන් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමටත් ගුරු භවතුන්ගේ ප්‍රශංසා දිනා ගැනීමටත් හැකි වේ. උසස් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදෙන අයට තම දක්ෂතා දැක්වීමට අවස්ථාවන් ලැබෙනු ඇත. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා බලාපොරොත්තු වූ අයගේ අදහස් සාර්ථක වේ.

    සෞඛ්‍යය
    වාත රෝග, සෙම් රෝග, ගලගණ්ඩය, සෙම් ගෙඩි, උගුර ආශ්‍රිත රෝග බලපාන කාලයකි. රෝග සහිත අය සුදුසු ප්‍රතිකාර වෙත යොමු වන්න.
    ජය අංකය – 1, 4 ශුභ දිනය – බ්‍රහස්පතින්දා, සිකුරාදා ජය වර්ණය – කහ, තැඹිලි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මකර – ඉතා සුබයි

    ගෘහ ජීවිතය
    මකර ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ඉතාමත් ශුභ දායක මාසයකි. සිතේ සතුට රජයනු ඇත. නිවසේ සාමය සමාදානය පිරී පවතී. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාවක් සැලසේ. නිවසට සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරයි. නිවසේ අලංකරණ කටයුත්තක් සිදු කරයි. නව නිවාස ලාභයක් හෝ වාහන ලාභයක් අත් වනු ඇත. හදිසි ධන ලාභ, ලොතරැයි වාසනා හිමිවන කාලයකි. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කළ මකර ලග්න හිමියන්ට තත්ත්වයෙන් උසස් වූත් යහපත් වූත් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර කර ගැනීමට අවස්ථාව උදා වේ.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් කාලයකි. රැකියා ස්ථානයේ මනසට සහනදායී පරිසරයක් ගොඩනැගෙනු ඇත. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින මකර ලග්න හිමියන්ට ඉතාමත් යහපත් කාලයකි. අලුතෙන් ව්‍යාපාරයක් ඇරඹීමට හෝ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකට නව මුහුණුවරක් ලබා දීමටත් ව්‍යාපාරය දියුණු කිරීමටත් පියවර ගනී. නව ආයෝජනයන් වෙත යොමු වීමට අදහස් කරයි. හදිසි ධන ලාභයක් හිමි වේ. නව රැකියා අවස්ථා පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි මකර ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සාර්ථක කරමින් සපුරා ඇති සුදුසුකම් අනුව උසස් වෘත්තීන්හි යෙදීමට අවස්ථාව සැලසේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන මකර ලග්න හිමියන්ට ශුභ දායක කාලයකි. ගණිතය විද්‍යාව ලේඛන කලාව නීතිය සෞන්දර්ය විෂයයන් ආදියෙහි අධ්‍යාපනයේ නියුතු වූවන්ට ශුභ දායක කාලයකි. තරග විභාග ආදියෙන් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයෙහි යෙදී සිටින අයට මෙන්ම වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදී සිටින්නන්ටද තම දක්ෂතා පෙන්වීමටත් ගුරු භවතුන්ගේ අවධානය දිනා ගැනීමටත් අවස්ථාවන් හිමි වේ.

    සෞඛ්‍යය
    සෙම් රෝග, දන්ත රෝග බලපාන කාලයකි. ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු ඇති වීමේ ප්‍රවණතාවක් පවතී.
    ජය අංකය – 2, 5 ශුභ දිනය – සිකුරාදා, සඳුදා ජය වර්ණය – රෝස, සුදු
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කුම්භ – මිශ්‍ර ඵල

    ගෘහ ජීවිතය
    කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵල සහිත මාසයකි. මනසේ සන්සුන් බව අවම වන තත්ත්වයක් පවතී. නිවසේ සාමය සමාදානය පවත්වා ගැනීමට තරමක් ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා කාලයක් වෙන් කිරීමටත් කැපවීමටත් සිදු වේ. නිවසේ කටයුතු වෙනුවෙන් අධික ලෙස මුදල් වියදම් වන කාලයකි. මනසේ නොසන්සුන් බව මෙන්ම වැඩ කටයුතු අධික වීමෙන් චිත්ත පීඩා ඇති වීමද කේන්ති ගතිද පවතී. විවාහක පවුල් වල අඹු සැමියන් අතර යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වේ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. විවාහ වීමට අදහස් කරන කුම්භ ලග්න තරුණ තරුණියන්ට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වුවද විවාහය ස්ථිර කර ගැනීමට තරමක් පමා වනු ඇත.

    රැකියාව
    රැකියා ස්ථානයේදී අධික වැඩ කොටසක් හා වගකීම් කොටසක් තම හිස මත පැටවේ. එහෙත් ක්‍රමානුකූලව කටයුතු කිරීමෙන් ගැටලුවකින් තොරව එම කටයුතු සියල්ල නිවැරදිව ඉටු කිරීමට හැකි වේ. අධික අවිවේකී බවක් දැනෙන කාලයකි. රැකියා ස්ථානයේදී තම කාර්යමණ්ඩලය තමාගේ අදහස් යෝජනා වලට මූලිකත්වය දෙමින් කටයුතු කරයි. හවුල් ව්‍යාපාරවල යෙදී සිටින අයට තම හවුල්කරුවන් සමග යම් යම් ගැටලු අසමගිතා ඇතිවිය හැක. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. නව රැකියා බලාපොරොත්තු වන අයට වෙහෙසකර අවිවේකී බවින් යුතු රැකියා සඳහා කැඳවීම් ලැබේ.

    අධ්‍යාපනය
    අධ්‍යාපනයෙහි යෙදෙන කුම්භ ලග්න හිමියන්ට ශුභාශුභ මිශ්‍ර කාලයකි. මනසේ පවතින නොසන්සුන් බවත් ඉක්මන්කාරී බවත් හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල අවුල් සහගත් තත්ත්වයක් ඇති විය හැක. ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්න. තරග විභාග වලින් ජය ලබා ගැනීමට හැකි වේ. විද්‍යාව ගණිතය නීතිය ලේඛන කලාව ජනමාධ්‍ය ආදී අංශයන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාව සැලසේ. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා වූ බලාපොරොත්තු සාර්ථක වන මාසයකි.

    සෞඛ්‍යය
    උෂ්ණ රෝග, රත්පිත් රෝග, පාදවල ආබාධ, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් බලපාන මාසයකි.
    ජය අංකය – 3, 1 ශුභ දිනය – ඉරිදා, බදාදා ජය වර්ණය – තැඹිලි, කොළ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මීන – ශුභ ඵල

    ගෘහ ජීවිතය
    2016 මාර්තු මාසය මීන ලග්නයෙන් උපන් ඔබට ශුභ දායක මාසයකි. නිවසේ සාමය සාමාදානය පිරී පවතී. මෙතෙක් පැවති මනසේ පීඩාකාරී ස්වභාවය මගහැරී යාමෙන් සිතට සහනයක් සැලසෙනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාවක් උදා වේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රණයක් සිදු වනු ඇත. දරුවකුගේ විදේශගත වීමක් සම්බන්ධයෙන් මුදල් වැය කිරීමට සිදු වෙයි. නිවසේ දානමය පුණ්‍යකර්මයක් පවත්වනු ඇත. ඉඩමක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරයි. ඉඩකම් සම්බන්ධයෙන් පැවති ගැටලු විසඳී යන කාලයකි. විවාහ අපේක්ෂාවෙන් සිටි මීන ලග්න තරුණ තරුණියන්ට තත්ත්වයෙන් උසස් වූත් තම සිතැඟි පරිදි වූත් යහපත් මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.

    රැකියාව
    රැකියා කටයුතු සම්බන්ධයෙන් ශුභ දායක කාලයකි. පැවති බාධක අවහිරතා මග හැරී යයි. උසස් වීම් අපේක්ෂාවෙන් කටයුතු කළ අයගේ බලපොරොත්තු මල්පල ගැන්වේ. රැකියා ස්ථානයේ උද්‍යෝගයෙන් කටයුතු කරනු ඇත. ප්‍රධානීන්ගේ අවධානය දිනා ගැනීමටද ප්‍රශංසාවට භාජනය වීමටද අවස්ථාව ලබයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට යහපත් කාලයකි. ව්‍යාපාරයට නව මුහුණුවරක් එක් කරමින් වඩාත් සාර්ථක තලයක් වෙත යොමු කර ගැනීමට හැකි වේ. හවුල් ව්‍යාපාරවලට යහපත් හවුල් කරුවන් සම්බන්ධ කර ගැනීමට හැකි වේ. විදේශ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අවකාශ සැලසේ. නව රැකියා අවස්ථා පිළිබඳ බලාපොරොත්තු වූ අයගේ ප්‍රාර්ථනා ඉටු කරමින් සපුරා ඇති සුදුසුකම් අනුව තත්ත්වයෙන් උසස් වු වෘත්තීන්හි යෙදීමට අවස්ථාව ලබයි.

    අධ්‍යාපනය
    අධ්‍යාපනය ලබන මීන ලග්න හිමියන්ට බුද්ධිමත්ව කටයුතු කළ හැකි සහජ දක්ෂතා ඉස්මතු කර පෙන්විය හැකි ශුභ දායක මාසයකි. විවිධ පොත පත ආශ්‍රය කිරීමටත් අමුතු දැනුම එක් රැස් කර ගැනීමටත් රුචිකත්වයක් දක්වයි. අලුත් පොත්පත් කියවීමත් පුස්තකාල වල පොත් පරිහරණය කරමින් කාලය ගත කිරීමත් සිදු වේ. දැනුම වර්ධනය කර ගැනීමට වැඩිපුර කාලය වැය කිරීමට පෙලඹේ. තරග විභාග ආදියෙන් සාර්ථක ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන අයට අපේක්ෂිත ජයග්‍රහණයන් අත්කර ගැනීමට හැකි වේ. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ බලාපොරොත්තු වූ අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ හිමි වේ.

    සෞඛ්‍යය
    ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම, ලේ දූෂ්‍ය වීම වැනි රෝග තත්ත්වයන් බලපායි. අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී කාලය ගත කරන්න.
    ජය අංකය – 9, 3 ශුභ දිනය – සඳුදා, සිකුරාදා ජය වර්ණය – කහ, රෝස

    සෝමා විජයරත්න | උපුටා ගැනීම රිවිර ඉරිදා පුවත් පතින්