හෙට ඉදන් මොකද වෙන්නේ
ලංකාවේ ගොඩ දෙනෙක් කියනවා ..කේන්දර විස්වාශ කරන්නේ නෑ.. කියලා.ඒ වුනාට පත්තරේ ගත්ත ගමන් හොරට බලන්නේ තමන්ගේ ලග්නෙට කොහොමද කියලා..එහෙනම් මාර්තු වල ඔයාට කොහොමද කියලා බලන්න
මේෂ – බාධක මැද ජය
ගෘහ ජීවිතය
2016 මාර්තු මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට ගැටලු බාධක මධ්‍යයේ වුවද යම් සාර්ථකත්වයක් අත්කර ගත හැකි වේ. ගෙදරදොර සාමය සමාදානය සාර්ථක ලෙස පවත්වා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතුව පවතී. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් නීතියේ පිහිට පැතීමටද සිදුවනු ඇත. තීරණ ගැනීමෙහි දුර්වලතා පවතින බැවින් වැඩ කටයුතුවල අවුල් තත්ත්වයක් ඇති වේ. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා තුළින් මානසික සහනය අවම කරයි. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක්ද අපේක්ෂා කළ හැකිය. විදේශ ගත වීමේ අපේක්ෂාවන් තවදුරටත් ප්‍රමාද වේ. ගමන් බිමන් අධිකව යෙදෙන අතර ඒ සම්බන්ධයෙන් අධික මුදල් වැය වීමද සිදු වේ. විනෝද චාරිකාවක යෙදීමටද අවස්ථාවක් සැලසෙයි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු සාර්ථක වේ.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති ගැටලු විසඳී යයි. උසස් වීම් සඳහා කටයුතු කළ ඔබට එම අදහස් සාර්ථක ලෙස ඉටු වේ. කාර්ය මණ්ඩලය තුළ කැපී පෙනෙන තත්ත්වයක්ද ලබා ගනී. ව්‍යාපාර ක්ෂේත්රයෙහි කටයුතු කරන ඔබට තම ව්‍යාපාරයට නව මුහුණුවරක් ගෙන දීමට අවස්ථාව උදා වේ. නව හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමෙන්ද ව්‍යාපාරය උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීමට අවස්ථාව සලසා ගනී. ඒ සම්බන්ධයෙන් ඉඩම් මිලදී ගැනීමක්ද සිදු කරයි. විදේශ රැකියාවන්හි යෙදී සිටින ඔබට රැකියා කටයුතු සම්බන්ධයෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. ප්‍රධානීන්ගේ අවධානය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමටද සිදුවනු ඇත. තම දක්ෂතා වර්ධනය කර ගැනීමටද අවස්ථාවන් සැලසෙයි. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට සිතැඟි පරිදිම කටයුතු ඉටු වේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලුමය තත්ත්වයන් බලපාන අතර උත්සාහය හා කැපවීම තුළින් සාර්ථකත්වය සලසාගත හැකි වේ. තීරණ ගැනීමෙහි දුර්වලතා තුළින් කටයුතු අවුල් වීමට ඉඩකඩක් ඇති බැවින් සන්සුන්ව සංයමයෙන් කටයුතු කිරීමට උනන්දු වන්න. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනී. බුද්ධිමතුන්ගේ සහයෝගය ලබා ගනිමින් තම කටයුතු නිවැරදි මගකට යොමු කර ගැනීමටද අවස්ථාවන් සලසා ගත හැකි වේ. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන ඔබට තම ඉලක්කයන් කරා පහසුවෙන්ම ළඟා වීමට හැකිවන අතර විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා සපුරා ගත යුතු සුදුසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක්ද පවතී.
සෞඛ්‍යය
සෙම් රෝග, වාත රෝග, අජීර්ණ රෝග බලපාන බැවින් අපත්යකාරකයන් ගෙන් ඈත් වී කටයුතු කරන්න.
ජය අංකය – 3, 5 , ශුභ දිනය – ඉරිදා, බදාදා ජය වර්ණය – දම්, කොළ

+