හෙට ෂුවර් නැහැ...

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට ඕන උනේ හදන්න පුළුවන් හොඳම ගේමින් පීසී එකක් හදල, ඒකට ස්ටියරින් වීල්, බ්‍රේක්, ෆ්ලයිට් යෝක් හයි කරල දවස පුරාම ගේම් ගහන එක. ඒක කරන්න පුළුවන්කමක් ලැබුනෙත් නෑ. දැන් වෙනකොට කරන්න පුළුවන් නමුත් කරන්නෙ නෑ. ඒ කැමැත්ත ධර්මාවබෝදයක් නැති කාලෙ අවිද්‍යා සහගත දෘෂ්ටි වලින් ගොඩනගාගත්ත මුලා සහගත ආශ්වාද කැමැත්තක් කියන දේ පැහැදිලිව අවබෝද උනාට පස්සෙ ඒවට තියෙන උවමනාව අත් ඇරිල ගියා. ගේම් තියා සින්දුවක් ඇහුවෙ නෑ අවුරුදු දෙකකින් විතර. මගෙ ඇවටාර් එකේ එමිනෙම් ඉන්නෙ ඒ කාලෙ ඌ තමයි මම කැමතිම සිංගර් නිසා. හැබැයි ඔය හැම දෙකින්ම කරන්නෙ රාග, ද්වේශ වර්දනය කරන එක කියල තේරුනාම අල්ලලා දැම්ම. ඒක එච්චර අමාරු උනේ නෑ. ඇහුවොත් අහන්නෙ ධර්මයටම හිත යොමු කරන බොදු බැති ගීත විතරයි.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මම ළමා කාලයේදී, මාතර උයන්වත්ත ග්‍රවුන්ඩ් එකෙක් පොත් ප්‍රදර්ශනයක් බලන්න තාත්තාත් එක්ක ගියා, අපි ප්‍රදර්ශනය තියෙන බව දන්නේත් ටවුන් එකට ආවට පස්සේ, ප්‍රදර්ශනය නරඹල පොත් අතගාල ආව, තාත්තා දුප්පත් ක්ලාක් කෙනෙක්, ඒවාට වියදම් කරන්න ඔහුට සල්ලි නැති බව මට තේරුම් ගිහින් තිබුණු නිසා පොත් ඉල්ලුවේ නැහැ, පස්සෙන්ද ඉස්කෝලේ ඇරිලා ආවහම මගේ පොත් මේසය උඩ සෝමපුර වීරයෝ පොත තිබුන, මට ඒ වෙලේ දැනුනු සතුට කියල නිම කරන්න බැරි තරම්, එදා ප්‍රදර්ශනයේදී මම ඒ පොත අතට අරගෙන බලල ආපහු තියපු එකක්, මගේ ජීවිතේදී ලැබුණු වටිනාම ත්‍යාගය එයයි, :-)

    ඒ වගේ දෙයක් වෙනවා කියන්නේ මොන තරම් දෙයක්ද නේද බං පොඩි කාලේ...
    අනේ මන්ද සමහර ළමයි ඉන්නවා අම්මලට කරන්න බෑ බෑ කියල දැන දැන මොනාහරි ඉල්ලන....මං කියන්නෙ තේරෙන වයසේ...
    අපිට නම් එහෙම ඉල්ලන්න හිතක් නෑනේ කොච්චර උනත්.... 😥

    Podi kale Mata baduwak gahanna asawak thibba

    දැන් නැද්ද??? 😂 😂 😂

    කාර් චොකලට් මතක් උණා... ඉස්සරනං හෙන ආස කෑමක්.
    ඊ ළඟ එක 5හේ චොකලට්. රු 5ක් හම්බවෙන්නෙ හෙන කලාතුරකින් හින්ද හරිම අඩුවෙන් කාපු රස කෑමක්.

    දුප්පත්කමනං ඒ කාලෙ හැම ගේකම වගේ අදට වඩා දැනෙන්න තිබුණ. අපේ ඉස්කෝලෙ හැම ළමයටම එකම සමාජ තත්වයක් තිබුණෙ. ඒ හින්ද නැති දේ ගැන ලැජ්ජාවක් දැනිලත් නෑ. තත්වෙ දන්න හින්ද අම්මලගෙන් දේවල් ඉල්ලලත් නෑ.

    නූලෙ අදහස ගැන කිවුවොත්,
    අදම අයිතිකරගන්නව කියල බෟෙතික දේවල් පස්සෙනං ගිහින් නෑ. යන්නෙත් නෑ.
    හෙට අවිනිෂ්චිතයි කියල අද ජීවිතේ විඳින්න ඕනෙ කියන එක අනුමත කරන්නෙත් නෑ.
    හෙට අවිනිෂ්චිතයිනං දේවල් ලං කරගන්නවට වඩා, දේවල් අත්හරින එක ඵළදායී කියන එක තමයි මගේ අදහස.

    අනිවාර්යෙන් මචං... 🔥🔥🔥
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590

    සාධු සාධු 🙏