හෙට සිට නොකඩවා විදුලිය .......

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    හෙට සිට නොකඩවා විදුලිය .......

    හෙට සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට උත්සාහ දරනවා.
    - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

    "මේ වනවිට සමස්ත දිවයිනටම බලපා ඇති විදුලිබල කප්පාදුව නිසා සමාන්‍ය ජන ජීවිතයට ඇතිවී තිබෙන දුෂ්කරතා පිළිබඳව අවදානය යොමුකර, හෙට සිට ක්පපාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම දරන බව" විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,
    "අපට දින 03 ක පමණ කාලයක් යම් යම් අවස්ථාවල දිවයිනේ විදුලිය කප්පාදු කරන්න සිදුවුණේ නොරොච්චෝල බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට අපහසුවූ නිසයි. අද සවස් වනවිට නොරොච්චෝලේ ජනන යන්ත‍්‍ර 03 ම නැවතත් ක‍්‍රියාත්මක කිරීමට හැකි සාමාන්‍ය උෂ්ණත්වයට පත්වලා. එය නැවතත් ක‍්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු අද සවස ආරම්භ කළා. හෙට උදේ වනවිට විදුලිය ජනනය කරන්න හැකිවේවි යැයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හෙට සිට දිවයිනේ විදුලිය කපාහැරීමක් කිරීමට අවශ්‍ය නොවේවි කියන විශ්වාසය අපට තිබෙනවා.

    විනාශවූ ට‍්‍රාන්ස්ෆෝමරය වෙනුවට හෙට දිනයේ අපට තිබෙන අමතර ට‍්‍රාන්ස්ෆෝමරය නැවතත් බියගම ස්ථානගත කරනවා. මෙම හදිසි විදුලි බිඳවැටීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ සියලූම කමිටු වාර්තාවන් ලබන සතියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    අපට අවශ්‍ය වන්නේ, මෙම විදුලිබල කප්පාදුව නිසා පාරිභෝගිකයා පත්වන අපහසුතාවෙන්, අපට හැකි පළමු තත්ත්පරේම ඔවුන් මුදවා ගැනීමයි. විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මෙම තත්ත්වය නිසා පාරිභෝගිකයාට ඇතිවූ අපහසුතාවන් පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කරන අතරම මෙවැනි තත්ත්වයන් නැවතත් ඇති නොවීමට කටයුතු කරනවා" යැයි පැවසීය.

    SMT - MOPRE


    12829512_463624413831849_1700501661936819535_o.png
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නොරොච්චෝල බලාගාරය ගාවින් තව එකක් හදනවා කියන්නේ මොකක්ද?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උබල අද හැම තැනම කරන්ට් කැපුවද අපේ නම් කැපුනෙ නෑ :lol:

    මෙහෙට නම් උදේ පැය 5 විතරයි රෑ පැය 2ක අමතක වුනාද මන්දා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පාර්ලිමේන්තුව දියවන්නාවේ තියනකම් අපේ පැත්තේ වතුර කපන්නෙත් නැහැ ලයිට් කපන්නෙත් නැහැ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය ඇමතියාම තමයි කිව්වේ බන්.ඉතින් බන් තව තාප බලාගාරයක් ගැහුවත් ඔය ප්‍රශ්නේම එනවනේ

    සාම්පූර් බලාගාරේ ඉවර කරන්නෙ නැතෙයි එතකොට? :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උතසාහ දරනවා ? :lol::lol::P

    අවුලක් නැ ඉන්දියාව වගේනේ වෙන්න යන්නේ .උන්ට දවසකටම පැය 2යි ..ලගදීම අපටත් එහෙමයි .

    වෙනස සැපයි :lol::lol: