හෙට සිට බිත්තර මිල පහළට 🥚🍳

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට අනුව බිත්තර මිල හෙට සිට රුපියල් දෙකකින් අඩු කරයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමකට අනුව හෙට (2020.09.07) දින සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.
    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී 2020.09.05 දින පැවැත්විණි.
    මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික ජනතාවට සහන සැළසීම වෙනුවෙන් බිත්තර මිල පහල දමන්නැයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළැඹිණි.
    ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගත හැකිය.
    නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවැසීය.
    රටේ සමස්ථ බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව අග්‍රාමාත්‍යතුමාට මෙම හමුවේදී දැනුම් දුන්නේය.
    බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රු. 350.00ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත්, එම මිල රු.175.00ක් දක්වා අඩු කර දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළේය.
    ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම මෙම විෂයභාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා සම්බන්ධකරගත් අග්‍රාමාත්‍යතුමා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ මෙම ඉල්ලීම පිළිබඳව වහා අවධානය යොමුකර ඊට අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.
    මෙම අවස්ථාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය, බිත්තර නිෂ්පාදනයේ නිරත ගොවි මහතුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    118653085-3274287432684767-4816559702327032456-o.jpg

    118773373-3274287409351436-8491777682027009363-o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සූ රුපියල් දෙකකින්.😂😂.
    දැන් මොකෝ කියන්නේ බැස්සනේ කිකිළිගේ රෙස්පට්


    දෙකේ කාසි කැට හොලවපු උන්
    දෙකට හිනා වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    යකෝ මේවනේ ටොක්ස් :lol: :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    කිකිලිගෙන් අහලද තීරණේ අරන් තියෙන්නේ? ගැසට් එක ගහලද?
     
    • Haha
    Reactions: NRTG