හෙට සෙට් වෙමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි ජාතික හරිත පෙරමුණ විදිහට හෙට ජාතික දිනය සමරනවා.
    ඒ බියගම කොට්ටුන්න වෙල් යායේ දී.
    බියගම කොට්ටුන්න වෙල් යාය සුන්දර වගුරු බිමක් කරන්න හදන ගමේ තාරුණ්‍යය එක්ක එකතු වෙලා අපිත් උදව් වෙනවා.

    එන්න කැමති නම් අපිට කතා කරන්න.

    ජාතියේ දිනය දා මේ මහ පොළොවට උපහාර කරන එක තමයි අපි තෝර ගන්නේ. වසර 2018 දී නිකසල ලංකා සංග්‍රාමය එක්ක අපි අරගෙන ආපු පණිවිඩය දිගටම අරගෙන යනවා. එය රටේ අනාගතයට කරන ලොකුම දායාදයක් වේවි. අපි ජාතික දිනය සමරන්න ඕනේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න මිසක් හමුදා බලය පෙන්නන්න නෙවෙයි. ජනතාව අවදි කර ගෙන ඔවුන්ට අනාගතයට ඉලක්කයක් දීලා, රටක් විදියට එක්සත්ව පෙළ ගැහිලා සමරන්න ජාතික දිනය අපි යොදා ගන්නවා.

    පැතුම් කර්නර්