හෙට හොඳම දවස ඔබ එනවානම් .........

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    හෙට හොඳම දවස ඔබ එනවානම් .........

    image.jpg

    අපගේ මාතෘභූමිය පරම්පරා ගණනකට ණය කරමින් ජනතාව රවටමින් රට ආගාධයට ගෙනයන මේ ධූෂිත ක්‍රමය වෙනස් කරන්නට ,
    හොරකමට මැරකමට වංචාවට ධූෂණයට අයුක්තියට එරෙහිව හඬක් නගන්නට
    මව්බිමේ සැබෑ දේශප්‍රේමීන් දිරිමත් කරමු .
    ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න .
    ඔව්න් ඔව්න්ගේ යුතුකම ඉටුකරනු ඇත .
    වෙනසක් කිරීමට පටන්ගනිමු !
    එය අසීරු වනු ඇත .
    එහෙත් කල නොහැක්කක් නොවේ .

     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඔව්, මගේ බුද්ධියටයි, හදවතටයි දෙකටම එකඟව තීරණයක් ගත්තා...රට ගැන හිතලා...වෙනසක් කරන්න ඕනාමයි....අඩු ගානේ එහෙම එකක් කරනවා කියලා පෙන්නන්නවත් ඕනා...... :):)
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හ්හ්ම් මේ පාර ලොකු වෙනසක් කරන්න ඕන.ආණ්ඩුව නෙමේ දිනන උන්ව :P.වේස බල්ලන් පරලොව යවා ඉන්න හොඳ එවුං එකා හෝ දෙන්නා විතරක් දිනවන්න ඕන :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රාජපක්ශ ආන්ඩුවට යි මුස්ලිම් පක්ශ වලටයි නැතුව. වෙන ඕනෙම පක්ශයක් OK
     
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මෙදා පාර චන්දෙ දාන්න වෙන්නේ නැහැ බන්