මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී කේ අලහකෝන් සදහන් කළේ.
කෙසේවෙතත් සිය දෙපාර්තමේන්තුව විසින් සපයන සේවාවන් පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවක දී 070 76 77 877 දුරකථන අංකය ඔස්සේ කාර්යාල රාජකාරි වේලාවන්වලදී තොරතුරු ලබාගත හැකි බවයි ඔහු පැවසුවේ. අනෙකුත් වේලාවන්වලදී 070 76 77 877 එම දුරකතන අංකයට Whatsapp, Viber හෝ SMSපණිවිඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකි බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
http://nethnews.lk/article/87013