හෙදියන් අබැර්තු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙදියන් අබැර්තු

    අද ඉරිදා දිවයින පත්තරේ ආටිකල් එකක් දාල තියනවා UK වල නර්ස් කෙනෙක් වෙනවනම් වෙන්නෙ කොහොමද කියල...
    අනේ මන්ද මටනම් තේරෙන්නෙ නෑ ඇයි රන්ජන් බස්නායක කියන කෙනාව සම්බන්ධ කරගන්න කියන්නෙ කියල. එහෙම කියල අලුතෙන්ම හදපු yahoo ඊ මේල් ඇඩ්රස් එකක් දාල වැඩි විස්තර වලට විමසන්න කියල. කාගෙ හරි බිස්නස් එකකට දිවයින නොමිලේ ප්‍රසිද්ධියක් දෙන්න වගේ හදන්නේ. ජාතික පුවත්පතක් මීට වඩා වගකීමෙන් වැඩ කරනවානම් තමයි හොඳ.

    අනික මාසෙට ලක්ෂ හතර හමාරක් දෙන්නෙ tax කපන්න කලින්. income tax එකයි national insurance එකටයි 25% විතර ඔය කියන ගානෙන් රජයට කපා ගන්නවා. ආටිකල් එකේ ඒ ගැනත් කිවුවනම් තමයි හොඳ!

    එළකිරි එකේ අය දන්න කෙනෙක් ඇප්ලයි කරනවානම් කෙලින්ම මෙතනට ගිහින් NHS එකේ ජොබ් ඇඩ් එක බලල විස්තර හොයාගන්න කියන්න http://www.jobs.nhs.uk/. එක එක්කෙනාට සල්ලි පූජා කරන්න එපා, තමන්ම කෙලින්ම ඇප්ලයි කරන්න. සපෝට් එකක් මමත් දෙන්නම්.




    මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි; ලංකාවේ හෙද හෙදියන් බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්නේ මෙහෙමයි


    බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන බොහෝ සාත්තු සේවක සේවිකාවෝ පිටරැටියෝ වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයෝය. එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු සාත්තු සේවක සේවිකාවන්ගේ විශාල හිඟයක්‌ ඇති වන බව වාර්තා වෙමින් පවතියි. වාර්තා වන අන්දමට වසර 2026 වන විට සාත්තු සේවක සේවිකාවන් ගේ හිඟය හතළිස්‌ දෙදහසක්‌ පමණ වනු ඇත.

    වසර 2019 න් පසු යුරෝපා ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට අවසර නොලැබෙන නිසා ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් ආසියාතික රටවලින් සාත්තු සේවක සේවිකාවන් බඳවා ගැනීමට පටන් ගෙන තිබේ. දැනට වැඩියෙන්ම බඳවාගෙන ඇත්තේ පිලීපීන ජාතිකයින්ය. ඊට අමතරව ඉන්දියානු සහ නේපාල ජාතිකයෝද ටිකෙන් ටික මෙහි රැකියා ලබා ගනිමින් සිටිති. දැන් ඒ මහඟු අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී තිබේ.

    ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ හෙද පාසලකින් අධ්‍යාපනය ලබා සුදුසුකම් සහිතව සාත්තු සේවක සේවිකාවන් ලෙස සේවය කරන අයට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ රැකියා වරම් සඳහා අයදුම් කළ හැක. රැකියා සඳහා අයෑදුම් කරන අයට හොඳ ඉංග්‍රීසි දැනුමක්‌ තිබිය යුතු අතර බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පවත්වන අයි. ඊ. එල්. ටී. එස්‌. (International English Language Testing System) විභාගයෙන් 6.5 ට වඩා වැඩියෙන් ලකුණු ලබා ගෙන තිබිය යුතු වේ.

    අයෑදුම් පත්වලින් තෝරා ගනු ලබන සාත්තු සේවක සේවිකාවන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ අයකු විසින් ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ සම්මුඛ පරීක්‌ෂණයකට භාජන කරනු ලැබේ. එයින් තේරෙන අයට වීසා ලබා ගැනීම සඳහා යන මුදල් සහ ගුවන් ගමන් සඳහා යන මුදල් ලබා දෙන්නේද බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයයි. ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණි පසු පළමු මාස තුන සඳහා නොමිලයේම නවාතැන් පහසුකම්ද සලසන අතර ඒ කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවය කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම ලබා ගැනීම සඳහා විභාගයක්‌ සමත් විය යුතු වේ. එම විභාගය නම් Objective Structured Clinical Examination (OSCE). ඒ සඳහා යන විභාග ගාස්‌තුද ගෙවනු ලැබේ. එම විභාගය තෙවරක්‌ තුළ සමත් විය යුතු වේ.

    මෙසේ රැකියා වරම් ලැබෙන සාත්තු සේවක සේවිකාවන්ගේ ආරම්භක වැටුප වන්නේ වසරකට බ්‍රිතාන්‍ය පවුම් විසි දෙදහස්‌ එකසිය විසි අටකි. (22,128/-) රැකියා සඳහා අයෑදුම් කිරීමට බලාපොරොත්තු වන්නන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ නියෝජිත ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන රන්ජන් බස්‌නායක මහතා හරහා අයෑදුම් කළ යුතු වේ. අයෑදුම් කිරීම සඳහා කිසිදු ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නැත.

    ඉරිදා දිවයින හා කථා කළ බස්‌නායක මහතා කියා සිටියේ රැකියා සඳහා අයෑදුම් කිරීමට කිසිවකුට හෝ කිසිදු මුදලක්‌ ගෙවිය යුතු නැති බවයි. එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ටද බ්‍රිතාන්‍යයේ රැකියා වරම් ලබා ගැනීම සඳහා තමා කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

    සුදුසුකම් සහිත සාත්තු සේවක සේවිකාවන් තම අයදුම් පත් යොමු කළ යුත්තේ [email protected] යන ඊ මේල් ලිපිනයට වේ.


    http://divaina.com/sunday/index.php/main-news/524-2017-10-21-04-22-35
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි එකේ අය දන්න කෙනෙක් ඇප්ලයි කරනවානම් කෙලින්ම මෙතනට ගිහින් NHS එකේ ජොබ් ඇඩ් එක බලල විස්තර හොයාගන්න කියන්න http://www.jobs.nhs.uk/. එක එක්කෙනාට සල්ලි පූජා කරන්න එපා, තමන්ම කෙලින්ම ඇප්ලයි කරන්න.
     
    • Like
    Reactions: lodbrok

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ජොබ් කෙසේ වෙතත්, ඒ නාකියාට "බ්ලොව් ජොබ්" එකක් දෙන්න වෙයි යන නංගිලාට...:no::no::no:
     
    • Like
    Reactions: lodbrok

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    meka ganu middle east yanawa wage ne ban.

    aththatama mehema puluwan nam thawa kochcharak ratawala un yaida

    sinhalunta wada chances thiyenne east europe unta
     
    • Like
    Reactions: lodbrok