හෙදියෝ වර්ජනයේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට එළඹි බවය.

    ඒ අනුව අද උදෑසන සිට හෙට (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.
     
    • Wow
    Reactions: gnome

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හොඳ වෙලාවට මුන්ට යූනියන් තුනක් තියෙන්නේ. එකකින් ස්ට්‍රයික් කලත් අන්ක් යූනියන් දෙකෙන් වැඩ කරනවනේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම නම් කියන්නේ මේ වෙලාවේ වෛද්‍යය, හෙද , සුලුසේවක ඔක්කොම අත්‍යවශ්‍ය සේවා කරන්න ඕනේ