හෙන_ගහපන්

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12871455_1569584310024465_2084416054848798346_n.jpg
    පසු ගිය දා මුලු ලංකාවෙහිම විදුලු බලය විසන්දි වුනි...
    ලංකාවෙහි ජනී ජනයා මහත් අපහසු තාවයකට පත් වූයේ සාගතයකට හසු වූ සෝමාලියානුවන් ලෙසිනි...
    සමහරු විදුලි බල මණ්ඩලයට පරිභව කරන්නට වූහ...
    ඇතමෙක් සිරිසේනට කෙරෙහි විස්සෝපව ඔහුගේ මෑනියන් වන්දනාමාන කලහ....
    ආණ්ඩුව කෙරෙහි දෝසාරොපනය නගන්නට වූහ...
    පවතින ඛේදජනක තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති තොමො ඉල්ලා අස් වූහ...
    ෆේස් බුකිය පුරා විදුලිය බලය නැති වීම හේතු කොටලා පොස්ට් වැටෙන්නට වූයේ අහසින් වැටෙනා රිදී ඉදි කටුමෙන් වැටෙනා වැස්සක් මෙනි....
    ලංකාදීපයෙහි සිදු වූ මෙම ඛේදජනක තත්වයෙන් මිදනු වස් ඉදිරිපත් වූයේ අතිගරු රන්ජන් රාමනායක මැතිදුන්ය...
    සිය බුද්දිය මෙහෙයවා විදුලි බලාගාරයක් සිදු විය හැකි බිද වැඩීම් සියල්ලම ගොනු කර බලා ඔහු නිගමනයක එලබුනේ තමන්ගෙ රජය පවතින තුරා කිසිදු විදුලි බිද වැටීමක් සිදුවිය නොහැකි බවයි...
    රුපියල් 5 හේ බීඩියක් පත්තු කරගත් ඔහු දම්රො ප්ලාස්ටික් පුටුවට බර වී කල්පනා කරන්නට වූහ....
    එකවරම ඔහුගේ අවදානය යොමු වූයේ මැදමුලනේ මුර්ගයා මහින්ද රාජපක්ෂ වෙතටය....පවතින වත්මන් ආන්ඩුව බිද වැටීමට ජනතාව උසි ගැන්වීමට ඔහුගේ සම්බන්ධයක් ඇති බැව් ඔහුට පසක් විය...
    ඔහු තම රංගන ජීවිතයෙන් උපයාගත් මුදලින් මිලදීගත් ඇපල් අයි ෆෝන් සික්ස් දුරකතකතනයෙන්...රනිල් මැතුදුන්ට දුරකතන ඇමතුම් ගත්තේය. නමුත් විදුලිය ඇන හිටීම හේතුවෙන් රනිල් අගැමැතිදුන්ගේ සරල මොට්රෝලා දුරකතනය ක්රියා විරහිතව තිබුනි....
    මැදමුලනෙහි මෙම අවස්තාවෙ සිදු විය හැකි සියලු දේ පිලිබද නිගමනයට එලබ සිය දකුනු හස්තයෙහි දබර ඇගිල්ල ඉහලට ඔසවා දෙවරක් කැරකීමත් සමග ඔහුගේ මුවගින් පිට වූයේ
    "වන්....වන්...වන් ශොට්....කියාය...."
    බැනිමයි සරමයි ලහි ලහියේ හැද පැලදගත් ඔහු ඔලුවේ තම අමුඩ ලේන්සුවද බැදගෙන සිය ෆොක්ස් වැගන් කාරය අසුරු සැනකින් පදවා දක්ෂිණ අදිවේගී මාර්ගයට දමා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් මැදමුලන කරා පදවන්නට වූහ.පැයෙන් මැද මුලනට ලගා වූ ඔහු කාරය මාර්ගය අයිනෙන් නතර කරවා.මැද මුලනේ වෙලට බැස සරම කැහැපොට ගන්වා වෙල දිගේ ඉහලට ඇදුනේ...මැද මුලනේ මුර්ගයා සගවන ලද රත්තන් සොයමිනි.
    හදියේ ලයිට් කනුවක හැපීමත් සමග ඔහුගේ දේහ ශරීරය ඔහුගේ මුවගින් මොන හු$%ක්ද යන්න පිට විය.
    ඔහු ලයිට් කනුව දෙස සුපරික්ශාකාරීව බැලුවේය...අහො...පුදුමයකි...වොල්ට් තුස් තුන් දාහේ විදුලි කණුවෙන් මැදමුලනෙ මුර්ගයාගෙ නිවස දෙසට අදින ලද වයර්යක් ඔහු දුටුවේය. ඔහු මැදමුලනේ මුර්ගයාගෙ නිවස සරම කරේ තබා ගෙන දිව යන්නට විය.මැද මුලනේ කුස්සිය දෙසින් විශාල ආලොකයක් විහිදෙන අයුරු ඔහු දුටුවේය.
    ඔහු ජනේලෙන් හිස යොමා ඇතුලේ සිදු වූ සියලු දේ නිරීක්ශනය කරන්නට වූහ.මහින්ද සිය පුතුන් දෙදෙනා සමග සුහද කතාවක යෙදමින් කාටත් සැක නොහිතන සේ නිවසෙහි විදුලි අලෝකය නිවාගෙන කුප්පි ලාම්පුවක් දල්වාගෙන සිය බිරිද ශිරන්ති විසින් දෑතින් සාදා දුන් පොල් සම්බොලයි බතුයි ආහාරයට ගන්නා අයුරු ඔහු දුටුවේය.එවිටම මැදමුලනේ මුර්ගයා ඔහුදෙස බලා මහත් වූ සිනහවෙන් යුතුව
    "ආ රංජො...මොකද බං මේ ජනෙල් වලින් එබිකම් කරන්නෙ...වරෙන් වරෙ...සම්බොලත් එක්ක බත් ඩිංගක් කාල යන්න...."
    දැඩි වෙහෙසට පත්ව සිටි රංජන් මුර්ගයෙකු වුවත් සොරෙකු වුවත් ඔහු කල ආරාධනාව ප්රතික්ශේප නොකිරීමට තරම් මුර්ගයෙකු නොවුනි...
    රාත්රියේ මැද මුලනේ ගත කල ඔහු නැවත සිය නිවස බලා ගියේ කාරයට පැට්රල් ගසා ගැනිමට සදහා නාමල්ගෙන් ණයට රුපියල් 250 කුත් ඉල්ලාගෙනය. https://mobile.facebook.com/story.p...9:0:1459493999:-2026722439658572789&__tn__=*s
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "මැදමුලනෙහි මෙම අවස්තාවෙ සිදු විය හැකි සියලු දේ පිලිබද නිගමනයට එලබ සිය දකුනු හස්තයෙහි දබර ඇගිල්ල ඉහලට ඔසවා දෙවරක් කැරකීමත් සමග තමාගේම අධෝමුඛය කරා වේගයෙන් පියඹ ගියේය"
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,443
    113
    රූකඩ රාජ්ජේ
    පිට පිට කරන්ට් කපලා ලැස්ති උනේ මොකේටද කියලා පැහැදිලිවේගන එනවා වගේ ...
    --------------------------------------------------------------------------------------------------
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
    අදාළ ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබෙනවා.
    මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යුහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබෙනවා.

    උපුටා ගැනීම ( දිවයින )
    http://offair.nethfm.com/article/35255

    1170809_966854430070611_7646481094814936954_n.jpg
    :angry::angry::angry::angry:


    ආයේමත් පරණ පුරුදු ක්‍රමයමයි.. කිසි වෙනසක් නෑ.. දන්නේ විකුණගෙන කන්න විතරයි.. එපා වෙනවා අප්පා මේ මිනිස්සු එක්කනන්.. දැන් ආයෙත් මුල ඉදල සටන් කරපල්ලකෝ ආයතන බේර ගන්න. ශ්‍රී ලංකන් එක වගේ නන් කමක් නෑ.. පෞද්ගලික අංශයත් එක වුනාම ඒවාගේ ආයතන වල මාර්කටින් පැත්ත ගොඩ.. එත් ඇයි මේ ගෑස්, නැව්, ගුවන් තෙල් ලබාදිම් විකුණන්නේ.. තව ටික කාලෙකින් රටේ හොදම ආදායම් මාර්ග කරගන්න පුළුවන් දේවල් මේ. මේ වෙන මොකක්වත් නෙමෙයි අපි මෙවයෙන් ආදායම් ලබලා, අපේ ණය බර ගෙවලා අඩු කර ගත්තොත් අපේ රටවල් නටවන්න මුන්ට තියෙන බලය නැතිවෙනවා.. ඒ නිසා තමන් අටවපු ආණ්ඩු හිර කරලා උන්ට ඕනේ දේ කරගන්නවා.. - See more at: http://offair.nethfm.com/article/35255#sthash.dKgavzpu.dpuf
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.

    giphy.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,202
    99,887
    113
    අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.
     
    • Like
    Reactions: toi

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පව් බන් උඔල තාම දතකනව නේද නොහැකියාව වහගන්න
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ මන්දා. ඊයේ රෑත් ලයිට් ගිහින් පැය ගානකට පස්සේ ආවේ. අද උදේම ලයිට් ගිහින් 1ට විතර ආවේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.

    :lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    මම හිතන්නේ මේ ආණ්ඩුවේ වැරදි වහගන්න කලින් ආණ්ඩුවේ වැරදි හොයනවා කියලා..මල් පැලයකට වතුර දාන එකත් නවත්තපු උන් කොහෙද ට්‍රාන්ස්ෆෝමර් එකක් නඩත්තු කරන්නේ.ඒකට යන සල්ලිත් අපරාධේ කියලා හිතන්න ඇති.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මුන්ගේ නොහැකියාව වහගන්න හදන්නේ අනුන්ට බැනලා :lol:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මම හිතන්නේ මේ ආණ්ඩුවේ වැරදි වහගන්න කලින් ආණ්ඩුවේ වැරදි හොයනවා කියලා..මල් පැලයකට වතුර දාන එකත් නවත්තපු උන් කොහෙද ට්‍රාන්ස්ෆෝමර් එකක් නඩත්තු කරන්නේ.ඒකට යන සල්ලිත් අපරාධේ කියලා හිතන්න ඇති.

    මල්පැල ටික ඩම්ප් කලා නේ නුවර මල්වත්තට. ඒ වගේ විදුලිබල මණ්ඩලේටත් කරයි. :(
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    විදුලිය බිඳ වැටීම අසාමාන්‍යයි..! පොලිසියට පැමිණිල්ලක්..!! උපපොළවල් වෙත හමුදා ආරක්ෂාව..!!! දින දෙක තුනක් පිරිමහන්න..!!! ඇමැති රංජිත් සියඹලාපිටිය විස්තර කරයි :shocked: :shocked:

    රට පුරා සිදු වූ විදුලිය බිඳවැටීම අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් දිවයින පුරා විදුලිය නිපදවන උපපොළවල් වෙත හමුදා ආරක්ෂාව යොදා ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. බියගම විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේද අක්‍රිය වීම නිසා මෙගාවොට් 900 ක් පමණ ජාතික පද්ධතියට නොලැබීම නිසා යම් අපහසුතාවන්ට දින කිහිපයක් යන තුරු මුහුණදීමට සිදුවන බවද ඔහු පැවසීය.

    ඇමැතිවරයා මෙසේ ප්‍ර‍කාශ කළේ විදුලිය බිඳවැටීම පිළිබඳව සොයා බැලීම සඳහා ඔහුද නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාද විදුලිය සාමාන්‍යාධිකරයා වරයා සහ ලේකම් වරයාද ඇතුළුව අද (14) පෙරවරුවේ බියගම විදුලි ලැබුම්පොළෙහි (Receiving Station) සංචාරයක නිරත වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා,...

    "ඊයේ දිනයේ රට පුරා විදුලි බිදවැටීම් නිසා සිදු වූ අපහසුතාවය වෙනුවෙන් සියලුම පාරිභෝගියන්ට අපගේ කණගාටුව ප්‍ර‍කාශ කරනවා. ඊයේ සවස රටේම විදුලිය බිදවැටීමත් සමග විශාල වෙහෙසක් ගත්තා එය යථා තත්ත්වයට පත් කරන්න. එම උත්සාහයත් දෙවතාක්ම තාක්ෂණික හේතූන් මත ව්‍යර්ථ වන තත්ත්වයක් ඇති වුණා. නමුත් මධ්‍යම රාත්‍රිය වන විට විදුලිය ලබාදීම යථා තත්ත්වයට පත් කරන්නට හැකි වුණා.

    මෙම විදුලිය බිදවැටීම සිදුවෙලා තිබෙන්නේ බියගම විදුලි ලැබුම්පොළෙහි (Receiving Station) විශාල ට්‍රාන්ස්ෆෝමරය විනාශවීමත් සමග ඇති වූ අසමතුලිතතාවය නිසා නැවත වතාවක් පෙර පරිදිම නොරොච්චෝල බලාගාරය අක්‍රීයවීම. කෙසේ වෙතත් මේ වන විටත් ඊට පෙර බිදවැටීම් කමිටු වාර්තා පිළිබදවත් අපි අධ්‍යනය කරගෙන යනවා. සමහර වාර්තා අපිට ලැබෙමින් පවතිනවා. පසුගිය වතාවේ අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබුවා. මා විසින් බාහිර කමිටුවක් පත්කළා. මේ ක්ෂේත්‍ර‍යට සම්බන්ධ රටේ විද්වත් පිරිසක් සම්බන්ධ කරගෙන. ඒ වගේම අභ්‍යන්තර වශයෙන් විදුලිබල මණ්ඩලය කමිටුවක් පත් කළා. බොහෝ පරිනත දැනුමක් තිබෙන ඉන්ජිනේරුවරුන්ගෙන් සමන්විතව. අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධිය පිළිබදව සොයාබැලීම සදහා එම කමිටු නැවත වතාවක් සක්‍රීය කරගෙන ඒකාබද්ධ වාර්තාවක් ලබාගන්න. අවශ්‍ය වුවහොත් විදේශ විශේෂඥයින්ගේ සහයෝගය ලබාගෙන මෙම කමිටු වාර්තා පරිපූර්ණ වාර්තා ලෙස ලබාගන්නට අපි බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම අපේ අවධානය දැඩිව යොමු වුණේ මේ විදුලි බිදවැටීම් වලදී ස්වභාවික හා තාක්ෂණික හේතූන් පිළිබදව. අපි දැනටත් ඒ මතය අපෙන් බැහැර කරලා නෑ. අපි මෙතනදී මේ ඇති වෙලා තිබෙන ට්‍රාන්ස්ෆෝමරයේ අසාමාන්‍ය විනාශයත් සමග මේ හේතූන් වලට අමතරව මෙවැනි සිද්ධියකට බලපෑ හැකි වෙනත් සියලු සාධක පිළිබදව දැඩිව සොයාබලන්න තීරණය කළා. ඒ නිසා අපි පොලීසියට ඊයේ දිනයේ මේ පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දැන් පොලීසිය වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. ඊට අමතරව රස පරීක්ෂක වාර්තාව මගින් රටට සහ අපිට දැනගැනීමට හැකි වේවි සිදු වී තිබෙන සැබෑ තත්ත්වය.

    මේ තත්ත්වයන් සමග අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙවැනි සුවිශේෂී ස්ථානවලට නැවත වතාවක් හමුදා ආරක්ෂාව ඉල්ලා සිටීමට. මෙවැනි තත්ත්වයන් පිළිබදව අපිට කිසිදු අවධානමක් ගැනීමේ හැකියාවක් නැහැ. සියලු සාධකයන් පිළිබදව අපි සොයා බලාගෙන යන අතර මෙවැනි සුවිශේෂී ස්ථානයන්වලට හමුදා ආරක්ෂාව ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබදව අතිගරු ජනාධිපතිතුමන් විශේෂයෙන් අපිට මේ පිළිබඳව සඳහන් කළා. ඒ අවශ්‍ය ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එතුමා අපිට ලබාදීමට සූදානම්.

    නොරොච්චෝලේ බලාගාරය නැවත වතාවක් මේ සමග අක්‍රීය වුණා. ඒක සාමාන්‍ය තත්වයක්. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඒ ස්ථානය කළමනාකරණය කිරීම පිළිබදව කටයුතු කිරීමට උත්සාහ කළත් එය අපහසු වුණා. එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට දින තුනක් හතරක් වැනි කාලයක් යනවා. ඒ දින තුන හතර කාලය තුළ මෙතෙක් නිෂ්පාදනය වුණ මෙගා වොට් 900 කට ආසන්න ප්‍රමාණයක් රටේ විදුලි පාරිභෝගියන්ට අහිමි වෙනවා. ඒ නිසා අපි සියලුම දේ කළමනාකරණය කරගත්තත් අපිට විදුලිය උත්පාදනය කරගත් හැකි සියලුම මාර්ග මේ අවස්ථාවේ යොදා ගත්තත් මෙගාවොට් 400 කට ආසන්න ප්‍ර‍‍මාණයක් මේ දින තුනේදී අපිට අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගැනීමට සිදුවෙනවා. ඉදිරි දින තුන හැකි තරම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. පුද්ගලික විදුලි උත්පාදනය තිබේ නම් ඒවා භාවිතා කරන්න. එසේ නොවුණහොත් අපිට සිදුවෙනවා යම් යම් ස්ථානවල කෙටි කාලීනව විදුලිය විසන්ධි කරන්න. මේ දින කිහිපයේ අපි දිවයිනේ සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා උපරිම සහයෝගය ලබා දෙන ලෙස.

    මේ ලැබූ අත්දැකීම් සියල්ල එක් කරගෙන ජනතාවට මෙවැනි අපහසුතාවයන් සිදුනොවන ආකාරයට ඉක්මණීන් මේ තත්ත්වයට මුහුණ දීමට මධ්‍ය කාලීන හා දිගු කාලීනව සැලසුම් සකස්කරනවා. මේ පිළිබදව සියලු සාධක සොයාබලන අතර සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතවම තවම ප්‍ර‍කාශ කළ නොහැකියි“ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

    මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    ඇමැතිවරයාගේ ප්‍රකාශය සහ අසන ලද ප්‍රශ්න වලට දුන් පිලිතුරු සහිත වීඩියොවක් පහත දැක්වේ


    bump