හෙරොයින් ප්‍රවාහනය කිරීමට මරණ දඬුවම

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    2019 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගත්තේය.

    එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ 25 බැගින් වූ මලු 08 ක බහා ධීවර යාත්‍රාව තුළ මාළු සහ අයිස් තැන්පත් කරන කුටියේ සඟවා ප්‍රවාහනය කර ඇති බව අනාවරණය විය.
    රත්මලාන ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරුවන්ගේ ධීවර යාත්‍රාව ඔවුන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරිණි.

    අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර ලැබූ අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

    දඬුවම් නියම කිරීමට මත්තෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේදැයි විනිසුරුවරයා විත්විතිකරුවන්ගෙන් විමසා තිබේ. ඒ අනුව විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ පළමුවන විත්තිකරු කියා සිටියේ තමන්ට ඕනෑම දඬුවමක් ලබා දෙන ලෙසත් සෙසු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙසය. සෙසු විත්තිකරුවන් හතර දෙනා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේ තමන් අහිංසක ධීවරයින් බවත් මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

    සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    Code:
    https://web.facebook.com/News19SriLanka/posts/pfbid02ji7S8zt7DAdxjQjoLAcYRBxLFohnzrE9sVaUfNiVLiLqkES1fZRLTuyhyi9S2mqsl
    
    https://sinhala.adaderana.lk/news/187381
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    මම දැක්ක උන් ටික හිනා වෙවී අැතුලට යනවා..මරණ දඬුවම දුන්නට ඵහෙම ඵකක් නෑනේ ලංකාවේ..කවදහරි නිදහස් වෙයි
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    2019 ඉදන් බන්දනාගාරෙ ඉන්න එකෙක්ට එලියට ආවත් එකයි ඉතුරු ටික ඇතුලෙ හිටියත් එකයි