හෙරොයින් සමග හසුවූ STF IP සහ කොස්තාපල් ගැන තවත් තොරතුරු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    58,755
    54,993
    113
    හෙරොයින් සමග හසුවූ STF IP සහ කොස්තාපල් ගැන තවත් තොරතුරු

    හෙරොයින් සමග හසුවූ STF IP සහ කොස්තාපල් ගැන තවත් තොරතුරු​



    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා සතුව තිබූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලීසිය පවසයි.

    ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 53ක් සොයාගෙන තිබුණි.
    යුක්තිය මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊයේ (20) පස්වරුවේ විශේෂ වැටලීමක් පිළියන්දල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කර තිබුණි.

    ඒ මෙහෙයුම් නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුවය.
    පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක රථගාලක නවතා තිබූ වෑන් රථයක් එහිදී පරීක්ෂා කර ඇත.
    වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයෙක් එහි රැඳී සිට ඇති අතර රියදුරු අසුනට යාබද අසුනේ රැඳී සිටි පුද්ගලයාගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 53ක්, මාංචු යුගළයක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් විමර්ශකයන් සොයාගෙන තිබේ.

    එම සැකකරු මොරටුව විශේෂ කාර්යය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බව අනාවරණ වී ඇත.
    වෑන් රථයේ රියදුරු ලෙස ක්‍රියාකර ඇති සැකකරු මොරටුව විශේෂ කාර්යය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි.

    ඒ අනුව හෙරොයින් ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටිම යන චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනො කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දැනට විදෙස්ගතව සිටින ලොකු පැටී නම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්කුඩු තොගයක් පසුගිය ජුනි 9වනදා කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයා ගෙන තිබුණි.

    එහි තිබූ හෙරෙයින්වල වටිනාකම රුපියල් කෝටි 30කට අධික බව වාර්තා වෙයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඇත්තේ එම හෙරොයින්වලින් කොටසක්දැයි සැක පළ කෙරේ.
    32 හැවිරිදි සහ 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


    @Don GasCan
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,566
    192,385
    113
    Colombo, Sri Lanka
    අල්ලගත්ත බදුවලින් කොටසක් මාටියා ගහලා විකුණනවද කොහෙද :baffled: