හෙල්මට්

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    Vozz නමැති සමාගම සිය තාක්ෂණය ඔස්සේ නිම කළ මෙම නව නිපැයුම යතුරු පැදි ධාවකයන් අතර වැඩි අවධානයක් දිනාගනු ඇතැයි සඳහන් කළ හැකියි. මෙම ඔස්ට්‍රේලියානු සමාගම හෙල්මට් නිපැදවීමේ කීර්තියක් දිනා සිටින සමාගමක් වන අතර, වර්තමානයේ භාවිත වන හෙල්මට්වල අඩුපාඩු මෙම නව තාක්ෂණයට අනුකූලව නිපදවූ හෙල්මටයෙන් බොහෝදුරට මගහැරගනු ඇතැයි නිෂ්පාදකයෝ විශ්වාස කරති.

    සාමාන්‍ය හෙල්මටයක ඇති පොදු අපහසුතා දෙකක් ලෙස අනතුරකදී හෙල්මටය ගැලවී විසිවීම සහ හදිසි අනතුරක් වැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමට බාහිර පුද්ගලයෙකුට හෙල්මටය ගැලවීමේ අපහසුතාවද දැක්විය හැකියි. ඒ අනුව එම අපහසුතා හඳුනාගෙන නිපදවූ මෙම Vozz Helmets’ RS 1.0හෙල්මටය ෆුල්ෆේස් ඝනයට ගැනෙන නිෂ්පාදනයක් වන අතර ඉතා ඉහළ ආරක්ෂාවකින්, භාවිතයේ පහසුවකින් සහ මනා නිමාවකින් යුක්තය. එසේම මෙහි ආකර්ෂණීය හැඩයද මෙයට වැඩි අගයක් එක්කරයි.

    2005 වසරේ පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබූ අදහසක් වූ මෙම වොස්ටෙක් තාක්ෂණය ක්‍රියාත්මක වීමට වසර දහයකට ආසන්න කාලයක් ගැනීමම මෙහි ගුණාත්මක බව තහවුරු කරනු ඇත. දැනට ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, යුරෝපය, ජපානය සහ චීනය යන රටවල වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති මෙම නිර්මාණය තවමත් අනෙක් රටවල්වල අලෙවිය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැත. අත් ආරක්ෂණ කොපු (ග්ලවුස්) සහ කණ්ණාඩි පැලඳ සිටින අවස්ථාවක වුවද පහසුවෙන් ගලවා ඉවත් කළ හැකි මෙම හෙල්මටය හිසට හොඳින් සවිවීමද මෙහි ගුණාංගයක් ලෙස සඳහන් කළ හැකියි.


    vozz-motorcycle-helmet-5.jpg
    vozz-motorcycle-helmet-7.jpg

    source : ada.lk