මුලින්ම කියන්න ඕනෙ මාත් ඔයගැන සමහර දේවල් තවමත් හොයමින් ඉන්නෙ. ඒ වගේම ඔය සම්බන්දව පූර්නව හැදෑරීමක් කල අය ලංකාවෙ ඉන්නව. ඉන්දියාවට බුදු දහම ගිය හැටි දැනට මත දෙකක් තියෙනව එකක් තමා මහායාන මත දරන පිරිසක් තම අදහස් මෙහෙන්දී මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වු තැන ඉන්දියාවට ගියා කියන එක සහ මෙහෙ රජ කෙනෙක් ඉන්දියව ආක්රමනය කර තිබූ ප්‍රදෙශ තුල බුදු දහම පැතිරවු බව. අශෝක ගැන කියනවනම් ඉන්දීය පුරවියාඥ්ඥයින්ගේ මතයනම් අශෝක නම් රජකෙනෙක් ඉන්දිය ඉතිහාසයේ සිටිය නොහැකි බවය. එයට කොතෙකුත් හේතු ඔවුන් ඉදිරිපත් කරයි ඒ සම්බන්දව පොත පතද ලියවී ඇත. අනෙකම් අශෝක යන පුද්ගයගේ තොරතුරු ලබගැනීමට භාවිතාකරන මූලාශ්‍රය මහාවංශය වේ අනෙකම් අශෝක ශීලා ලිපි වල සදහන් නාමය "දේවානම් පිය දසී" නම් ලෙසයි. මේ සම්බන්දව ශිලා ලිපි අවශ්‍යනම් සැපයිය හැක.
ඒ වාගේම අශෝක රජු ඉන්දියාවේ සිට ශ්‍රිලංකාවට ධර්මය එවු බවට සාක්ශි ගැන ඔබගෙන් දැනගැනීමට කැමැත්තෙමි.