හෙල උරුමයේ දේශපාලන සාදුලාගේ වැඩ මෙන්න
සාමනේර හිමිවරුන්ට ලිංගික අතවර කළ බව අපරැක්කේ හිමියෝ පිළිගනිති
2011 මාර්තු 08 වෙනි අඟහරුවාදා, 14:57 Sri Lanka Mirror Editor
බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (මාර්තු 08) නියෝග කළාය.
රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාර හිමිනම මුදාහරින ලෙසත්, සෑම ඉරුදිනයකදීම ජාතික ළමා හා කාන්තා කාර්යංශයේ ඉදිරියේ පෙනී සිටින මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් විසින් පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී ඇතැයි අද අධිකරණයේදී හෙළිවිය.
නිර්නාමික පුද්ගලයකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට 2010 අගෝස්තු 04 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බවද අධිකරණයේදී හෙළි විය.
අනතුරුව එම පෙත්සම සම්බන්ධයෙන් ජාතික ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් මීරිගම පමුණුව නාගස්ඇල්ල් ප‍්‍රදේශයට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යවා රහසිගත පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව විත්තිකාර හිමි නම අත්අඩංගුවට ගනු ලැබූ බවද අධිකරණයට දැන්වීය.
මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බාලවයස්කාර සාමනේර හිමිවරුන් පොලිස්ථානයේ පිටුපස පිහිටා තිබෙන ශාසන වර්ධන පිරිවනේ අධ්‍යාපනය ලබන බවත්, සති අන්ත දිනවලදී නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයට පැමිණි අවස්ථාවලදී මෙලෙස අතවරයට පත්ව ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.
නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ විහාරාධිපති වන අපරැුක්කේ හිමියන් රාතී‍්‍ර කාලයේදී මෙම සාමනේර හිමිවරුන් බියවද්දා ලිංගික අතවර කර ඇතැයි ද පැවසේ.
මෙම සාමනේර හිමිවරුන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ පසුවෙති.
අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් දෙන්න ලෙසත් ඇපදීමට විරෝධයක් නැතැයි ද මෙහිදී ජාතික ළමා හා කාන්තා කාර්යංශය විසින් පැවසීය.
මෙම නඩුව මාර්තු 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය.