අංගම් නම් තියේද දන්නෑ. මම ඕක හදරන්න ගිහින් නැති නිසා. හැබැයි දැන් නම් ලංකාවේ අංගම් කියලා කරන්නේ තනිකර බොරුවක්. ඔය සෙට් එකක් ඉන්නවා ලංකාවේ අංගම් වලින් ශෝ කරනවා. මෙන්න මේ සෙට් එක.
https://www.angampora.com එක පාරක් අපේ ඔෆිස් එකට ඇවිල්ලා පොඩි ප්‍රසන්ටේශන් එකක් කලා සුද්දන්ටත් ප්‍රමෝට් කරන්න කියලා. ඕක බලං හිටපු අපේ චයිනීස් එකෙක් කෙලින්ම කිව්වා ඕක අංගම් නෙවෙයි ඔය කුංෆූ කරාටේ මික්ස් එකක් කියලා. හැබැයි වැඩේ ලෙසටම සිංහලයිස් කරලා කරනවා.
ඔය දඩුබස්නාමානය මුලින්ම ගියපු දවස්වලම ජයන්ත චන්ද්‍රසිරිත් කියලා තිබ්බා ඔහොම සටන් කලාවක් තිබ්බාට එයාට ඒක දන්න කෙනෙක් හොයාගන්න බැරි උනාය කියලා. පස්සේ සේනක තමා කුංෆු වලින් සටන් කලා අධ්‍යක්ෂනය කරලා තිබ්බේ අංගම් කියලා. මං හිතන්නේ ඒ හින්දා වෙන්නැති සේනක කියන්නේ ලංකාවේ අංගම් නෑ කියලා.
ඉස්සර ඩිස්කවරි චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා බ්‍රසීල නැටුම් ක්‍රමයක් ගැන. ඒක නැටුමක් කිව්වට බ්‍රසීල සටන් ක්‍රමයක් නැටුමක් විදියට වෙනස් කරපු එකක් කියලයි කිව්වේ.
ඉස්සර රෝ(අ )ර් කියන වෙබ් සයිට් එකේ ලිපියක් ගියා අංගම් 90% විතර දකුණු ඉන්දීය සටන් ක්‍රමයකට සමානයි කියලා. පොඩ්ඩක් ඒකත් හොයලා බලන්න වටිනවා.