හෙළ උරුමයේ නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හෙළ උරුමයේ නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි

    ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ.

    ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් 17 දෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස කටයුතු කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ අපේක්ෂකයින් 29 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයින් ලෙස තේරී පත්විය.

    මෙයින් ජනාධිපතිවරයාට සහය පළකරනු ලබන 17 දෙනා අතර භික්ෂුන් වහන්සේලා 8 දෙනෙකු සිටින බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846398_482784625192780_613126405881229948_n.jpg

    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි...