හෙළ කෑම වට්ටෝරුවේ රහස

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හෙළ කෑම වට්ටෝරුවේ රහස



60.jpg


රටේ අතීත සුවිසල් ඉදිකිරීම් අතරට ගැනෙන මහා දාගැබ්, වැව් අමුණු, ඇළ මාර්ග, බලකොටු, ගොඩනැගිලි, මං මාවත් තැනුවෝ සාමාන්‍ය ජනතාව නොව යෝධ ශක්තිය ඇති යෝධයෝ යැයි අපේ රටේ තිබෙන ජනප්‍රිය මතයකි. උසින්, මහතින්, ශක්තියෙන් අතිශය දැවන්තයින් ලෙස අප අසා ඇති යෝධයින් හැබෑවටම කවුරුන්ද?
ඔවුන් සාතිශය දේහධාරීන් ද? යෝධයින් ලක් ‍පොළොවෙන් වැළලී ගියේ කෙසේද? යන ඉතා සාධාරණ ගැටලු රැසක් අප හමුවේ ඉතිරිව ඇත. සැබැවින්ම ඔවුන්ගේ කිසිදු භෞතික ශේෂයක්, අස්ථි ශේෂයක් හමු වී නැත. ඉන් කියවෙන්නේ කුමක්ද? අප වත්මන් යෝධයන් ලෙස කතාන්තරවල දකින පුද්ගලයන් ඇත්තෙන්ම උසින්, මහතින් යුතු දැවැන්තයන් නොවන බවයි. ඔවුන් යෝධයන් ලෙස නම් කළේ ඔවුන් සතු අධි Yodayan මානසික, අධි කායික, ශක්තීන් හේතුවෙන් විය හැකිය. අතීතයේ යෝධයන් වූයේ දැවැන්ත ශරීර සහිත මිනිසුන්
විශේෂයක් නොවන බවට තර්ක කිහිපයක් ඇත.

• කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් යෝධයකුට අයිති කිසිදු අස්ථියක්, දතක් හෝ වෙනත් කිසිදු භෞතික ශේෂයක් හමු වී නොමැත.

• මානව ජාන විශ්‍ලේෂණයකින් කිසිදු අයුරකින් යෝධ මානව පැලැන්තියක් තැනීමට අවැසි ප්‍රතිජානාත්මක ප්‍රජනන ශක්තීන් හෝ ඩී.එන්.ඒ. ෙසෙල නිෂ්පාදනයක් වූ බවට සාධක නොමැත.

යෝධයා වූ කලී අධිෂ්ඨානශීලී කායික මානසික ශක්තීන් උපරිමයෙන් ක්‍රියාවට නැංවූ අතීත මිනිසාය. ගැහැනියය. ඔවුන් එබඳු වික්‍රමයන් පාන්නට පෙළ ගැසුනේ කෙසේද? ශාරීරික ශක්තිය හා මානසික ශක්තිය සොබා ශක්තිය සමග මුසු කරගත් කල ප්‍රභාවත්, ප්‍රතාපවත් යෝධයෝ බිහි නොවේද ?
ඒ බව හෙළි වන්නේ වාසල මුදියන්සේලාගේ ගෙදර කිරි බණ්ඩා දුක්ගන්නා රාළගේ ඓතිහාසික තල්පත් කී කතාවලිනි.
රජවාසල මුළුතැන්ගෙයි භාරව සිටි පරම්පරාවක පුරුකක් සොයා හසලක විල්ගමුවේ යාය 2 කැලෑ ගම්මානයට ගියෙමි.
රාජකීය භෝජනාගාරයේ දුක්ගන්නාරාළ පරපුරේ පුරුක් දෙකක් හමු වුනෙමි. ඔවුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක් වූ 1818 දී පිටුවහල් කරන ලද දේශීය සිරකරුවන් ලැයිස්තුවේ සිටින දේශද්‍රෝහීන් යැයි රොබට් බ්‍රවුන්රිග්ගේ උදහසට ලක් වූ පරපුරේ සිටින්නෝ වෙති.
උඩරට නිදහස් අරගලයට සහාය දුන් බවට චෝදනා ලැබ පානමට පිටත් කර හරින ලද කණ්ඩායම 1818 මාර්තු 16 දා පානම පදිංචියට පැමිණි අතර ඉන් කොටසක් කුල හීනයන් සමග මිශ්‍රව පදිංචි කරවා බලහත්කාරයෙන් විවාහ කරවා වංශවත් පවුල් සියල්ල සුනු විසුනු කරද්දී මොවුන් පානමින් පැනගොස් රහසේ ගොපල්ලන් ලෙස විල්ගමුවේ යාය 2 ගම්මානයට වැදී දුකසේ කල්ගත කරයි.
දුක්ගන්නාරාළ පරපුරේ තිබූ ඉතා වැදගත් පුස්කොළ ‍පොත් රැසක් ඉංග්‍රීසින් පුළුස්සා දමා තිබේ. ඒ අතරින් සඟවාගෙන පැමිණි ඉතා අගනා පුස්කොළ ‍පොතකින් උපුටා ගත් රහස් ඔසු කිහිපයක් හා සහල් ප්‍රභේද, කෙසෙල්, පලතුරු, අල වර්ග හා කැඳ වර්ග කිහිපයක් මෙසේ පෙළගස්වනු ලබයි.
පැරැන්නෝ දිනකට වේල් 02ක් බත් ආහාරයට ගත්තාහ. කුරක්කන්, අමු, මෙනේරි වැනි තෘණ පවු‍ලේ ධාන්‍ය හෝ අල වර්ග කොස්, දෙල්, කටු අල වැනි බෝගයන් තෙවන වේලට සරිකර ගනී. රජගෙයි සහල් වර්ග 125ක් ගබඩා කරන ලද අතර ඒවායින් රජුට අවැසි පරිදි රජුගේ සෞඛ්‍ය තත්ත්වය, පවතින කාලගුණ, දේශගුණ තත්ත්වය, නිරෝගී භාවය සලකා බලා ශක්තිය වර්ධනය කෙරෙන සහල් වර්ග තෝරා බේරා ගෙන ආහාර සැකසුවේ අපේ කතානායක පරපුරේ ආදිතමයන් බව ඔවුහු ඉතා ගෞරවයෙන් පවසති.
පාරම්පාරික වී වර්ග 3000කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය ගොවියා සතුව පැවැතිනි. අද වන විට ඒවායින් කිහිපයක් පමණක් ඉතිරිව ඇත. රජමාලිගයට හා දළදා මාලිගයට පිළියෙළ කරන ලද වී ප්‍රභේද 125කි. දේශීය වී වර්ගවලින් ශක්තිය අධිකව මුදාහල අතරම ජීවී ෙසෙල තුළ
නිෂ්පාදනය වන අහිතකර විෂ තත්ත්වයන් නැසීමට අවැසි ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ අගයක් ගනී. දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග ආදිය නැසීම නිරායාසයෙන්ම සිදු වෙයි. පාරම්පරික වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණය 0.2 සිට 3.7 දක්වා ඉහළ අගයක් ගනී. වැඩිදියුණු කරන ලද වත්මන් වී වර්ගවල එය 0.7 සිට 2.1 දක්වා අඩු අගයක් ගනී. නිවුඩු සහල්වල තිබූ ජීර්ණමය තත්ත්වය අද වන විට ඇති සුපිරිසිදු සහල් වලින් කිසිවිටෙක නොලැබෙයි.

රජගෙදර මුළුතැන්ගෙයි නායකත්වය හිමිකර ගත් දුක්ගන්නාරාළවරු රජුගේ සෞඛ්‍ය සම්පන්න බව හා නිරෝගී බව පිළිබඳව කෙතරම් සැලකිලිමත් වූවේද යත් දෙයියන්ගේ වෙල වැනි රජුට ධාන්‍ය සැපයූ වෙල් කුඹුරු වෙත යාම ‍පොදු ජනයාට තහනම්ව තිබූ අතර රාජකීය අටුවේ තැන්පත් කරන ධාන්‍ය පිළිබඳ වගකීමද දරා ඇත. සමබල ආහාර වේලකට අවැසි හෙළ අවුළු පවා ඉතා ප්‍රවේශම් සහගතව වගා කෙරේ. හෙළ අවුළු වනාහි එළවළු යන්නෙහි පර්යාය පදයයි.
දළදා මාලිගය සහ රජගෙදර භෝජනයට පිළියෙළ වූ භෝජන අතරට සෞඛ්‍ය සම්පන්න කැඳ වර්ග විශේෂ විය.

අතුරුපස සඳහා කෙසෙල් ප්‍රමුඛ විය. සියයකට වඩා අධික වූ කෙසෙල් වර්ග අතර ඒ සියලු කෙසෙල් වර්ග අතරින් ඖෂධීය ගුණ හා ‍පෝෂණීය වටිනාකම ජීර්ණ පද්ධතියට හිතකර බව කෙබඳුද යන්න මේ දුක්ගන්නාරාළවරු සිය අත්දැකීමෙන් පවසයි.
කිරි බණ්ඩා හා සුදු බණ්ඩා සොයුරන් දෙදෙනා රජගෙයි දුක්ගන්නාරාළ තනතුරේ කටයුතු පිළිබඳව සිය පරම්පරාවෙන් උගත් තොරතුරු මහත් ගෞරවයෙන් ඉදිරිපත් කරන අතර තමුන්ගේ මී මුත්තා රාජ පරපුරටම ඥාතීත්වයක් දක්වන්නා වූ දුක්ගන්නාරාළ තනතුරෙහි ප්‍රවීණයෙකැයි පවසයි. මී මුත්තා සෙනරත් රජුගේ දුක්ගන්නාරාළයි.

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී රාජකීය දුක්ගන්නාරාළවරුන් සුදු කිරීටයේ උදහසට ලක්වන දේශද්‍රෝහීන් බවට පත්විය. ත්‍රස්තවාදයට බිය වූ මොවුහු අත්‍යවශ්‍යම දේ පමණක් රැගෙන මැද මහනුවරින් පලා ගියහ. ඒ යන අතරතුරදී පෙට්ටගමේ දැවෙමින් තිබූ අගනා ඖෂධ හා රහස්‍ය බෙහෙත් වට්ටෝරු සහ රජුගේ සුවිශේෂී ආහාර කට්ටල් සහිත පුස්කොළ ‍පොත් දෙක වාසල මුදියන්සේලාගේ ගෙදර කිරි බණ්ඩා දුක්ගන්නාරාළ විසින් ඇඳි වතට අමතරව රැගෙන පලා ගොස් තිබිම සිය රාජකාරිය ඉටුකළ අයුරු සහ වෘත්තීය ගෞරවය ආරක්ෂා කළ අයුරු සිහි ගන්නා වූ කදිම අවස්ථාවකි.
මෙම පුස්කොළ ‍පොත් දෙකෙහි පත් ඉරු ගණන විසි අටකි. ඒ තුළ පාලි පද්‍යයෙන් ලියවුණු රහස්‍ය බෙහෙත් වට්ටෝරු හතක් මහ වාසල මුළුතැන්ගෙයි කාර්යාවලිය දැක්වෙන කැඳ විශේෂ, පලතුරු, පළා සඳහන් කරයි. මෙම සුවිශේෂී වූ පුස්කොළ ‍පොත් කිසිදු සංරක්ෂණයකට භාජනය වී නැති අතර ඒවා සංරක්ෂණය කිරීමට හා කෞතුකාගාරයේ තැබිමට ඔවුන් මැලි වේ. ඒ තුළ අන්තර්ගත සියලු තොරතුරු පිළිබඳ පුළුල් පර්යේෂණයක් මවිසින් කළ බැවින් එහි තිබූ ප්‍රත්‍යක්ෂ ඖෂධ හා වාජීකරණ ඖෂධ අතුරින් කිහිපයක් මෙහි ඉදිරිපත් කරනු ලැබේ.

නහර අප්‍රාණිකත්වය මුළුමනින්ම නසාලන පේෂී හා අස්ථි සුරැකෙන, හෝමෝන වර්ධනය වේගවත් කරන කිසිදු වෙනත් උපද්‍රවයන්ගෙන් තොර බෙහෙත් වට්ටෝරු දෙකක් තමන් සතු බවත් ඒවායෙහි ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ඇති බවත් මේ සොයුරෝ දෙදෙනා සඳහන් කරති. පුංචි මැණිකේ මාතාව මේ දෙදෙනාගේම බිරිඳයි. මොවුන්ට දරු දැරියෝ දහතුන් දෙනෙක් දැනට
81 හා 79 වියෙහි පසුවන අයියා, මලෝ දෙදෙනාගේ බිරින්දෑ වූවත් තවමත් ඉතා නිරෝගීව සිට සෑම ආහාර වේලකටම මැල්ලුමක් එකතු කර ගන්නා පුරුද්දක් සහිත විස්තෘත පවුලකි.
පුරාණ ශ්‍රී ලාංකිකයා මානසික ශක්තියෙන්ද, චිත්ත ඒකාග්‍රතාවයෙන්ද, කිසිවෙකුටත් දවෛනි නොවූ බව ශේෂ වී ඇති නිර්මාණයන් අපට කියා පායි. ගල් කණු 1600කින් නිර්මිත ලෝවාමහාපායට දිග් ග‍ලේ සිට පාෂාණ කුලුනු නිර්මාණය කොට ප්‍රවාහනය කළේ කෙසේද? ඒ සඳහා දේහ ශක්තියට අමතරව චිත්ත ශක්තිය භාවනා වැනි ව්‍යායාමයෙන් ළඟා කරගත් බව පෙනී යයි. එපමණක් නොව ලොව අනගිතම නිර්මාණ ගණයට ගැනෙන මූර්ති, චිත්‍ර, ආභරණ රසවින්දනයෙන් අනූන ගැදි පැදි සාහිත්‍ය සියල්ලක් අතීත ඥාතීහු සිය කාර්යය සාපල්‍යතා අතරින් අපට ඉතිරිකර තිබේ.

වයස අවුරුදු 13 සිට 59 දක්වාම කාන්තාවෝ දරුවන් බිහි කිරීමේ ශක්තියෙන්ද, පිරිමින් සතුව අවුරුදු 75 වනතුරු ප්‍රජනන ශක්තියෙන් යුතු වූ බව දුක්ගන්නාරාළ පරපුරෙන් පැහැදිලි වේ. ඒ සඳහා විශේෂිත ආහාර, කෙම් ක්‍රම, පාන වර්ග හඳුනාගෙන තිබූ අතර කායික ශක්තිය, මානසික ඒකාග්‍රතාවය හා බැඳුනු පැරැන්නෝ ස්වකීය වර්ගයාගේ යහ පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජන ඉතිරි කිරීම් වර්ධනය කර තිබේ.
හතරකෝරළයේ බුලත්කොහුපිටිය කැන්දව ගමේ ඩිංගිරි මැණිකේ මහත්මිය දුක්ගන්නාරාළ පරපුරේ දියණියකි. දරුවන් 18 දෙනෙකුගේ මවක් වන ඇය උත්තුංග කඳු තරණය කරනුයේ තවමත් සිය ශාරීරික ශක්තිය වර්තමාන මව්වරුන්ට පෙන්වමිනි. “ සිංහල අවුරුදු දාට 146 දෙනෙක් බුලත් දෙන්න එනවා.” ඒ වීරෝදාර මාතාවගේ සතුටයි. 146 දෙනා තම දරු දැරියන්ගේ දරු මුණුපුරන් පමණි. අවුරුදු 61දී උපන් සිරියාවතී මේ මවගේ බඩපිස්සිය වේ. “ සිරියාවතී ඉපදෙනකොට ලොකු දුවගේ පුතා කසාද බැඳලත් ඉවරයි.” මේ පරම්පරා ධූරාවලියේ සත්‍ය වු ස්වරූපයයි.

කෙසේනමුදු දුක්ගන්නාරාළ පරපුරේ ඇත්තෝ ජාතියට කියන පණිවුඩයක් ඇත. ඒ අනෙකක් නොව ආරෝහ පරිණාහ දේහයකින් යළි නැගී සිටින්නට නම් අතීත උරුමය ලෙස හයාගත් මුවින් බලා සිටිනු හැර ඒ උත්තුංග නිර්මාණ කළ මිනිසාගේ ශක්තීන් උරා ගන්නට කටයුතු කරන්නැයි කරන ආයාචනයයි.

ලක්බිම
විරාජ් නිරංජන් බාලසූරිය​
 

error 404

Member
Jan 11, 2015
411
33
0
කිරිබත් වලට වඩා තෛයිපොංගල් බත් රසයි....................අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.:lol:
 
Last edited:

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් පුරාණයේ (ලන්දේසින් පැමිණීමට පෙර ) ලංකාවේ මිනිසුන් කොස්, දෙල්, අල කෑවා කියල පුස්කොල පොතේ තිබ්බ කියල ඔය ලිපියේ තියනවා. දෙල් ලංකාවට හදුන්වා දුන්නේ ලන්දේසීන්. ඉතින් බන් එතකොට ලන්දේසින් එන්න පෙර හිටපු ලංකා මිනිස්සු දෙල් පිටරටින් ගෙනල්ලද කාල තියෙන්නේ. :confused:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් පුරාණයේ (ලන්දේසින් පැමිණීමට පෙර ) ලංකාවේ මිනිසුන් කොස්, දෙල්, අල කෑවා කියල පුස්කොල පොතේ තිබ්බ කියල ඔය ලිපියේ තියනවා. දෙල් ලංකාවට හදුන්වා දුන්නේ ලන්දේසීන්. ඉතින් බන් එතකොට ලන්දේසින් එන්න පෙර හිටපු ලංකා මිනිස්සු දෙල් පිටරටින් ගෙනල්ලද කාල තියෙන්නේ. :confused:

    landesi enna kalin ape ratata arabi, china velendo ava ban
    un thami ayuda , seda redi, vedibeheth, rattaran vage genevath.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කිරිබත් වලට වඩා තෛයිපොංගල් බත් රසයි....................අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.:lol:

    මේකේ හිනා වෙන්න තරම් මොකක්ද බන් තියෙන්නේ?... එක එකාට විවිද විවිද දේ රස වෙන්න පුළුවන්. ඒක අරුමයක්ද?
    (මම කාටවත් කඩේ යනවා කියල හිතන්න එපා)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේකේ හිනා වෙන්න තරම් මොකක්ද බන් තියෙන්නේ?... එක එකාට විවිද විවිද දේ රස වෙන්න පුළුවන්. ඒක අරුමයක්ද?
    (මම කාටවත් කඩේ යනවා කියල හිතන්න එපා)

    siravata, mama kaum kokis valata vada asa suddage cake valatai.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    landesi enna kalin ape ratata arabi, china velendo ava ban
    un thami ayuda , seda redi, vedibeheth, rattaran vage genevath.

    නෑ මචන් ඔය දෙල් සීන් එක ඊට වඩා ටිකක් වෙනස්, මොකද ලංකාවේ පරණම දෙල් ගහ තියෙන්නේ ගාල්ල කොටුවේ (ලන්දේසින් හදුන්වා දුන් ගහක්). ලන්දේසින් ඕක හදුන්වා දුන්නේ සිංහලයන්ට උදාසීන කම පුරුදු කරවන්න ලු. මොකද දෙල් ගොඩක් කෑවම ටිකක් බර වැඩ කරන්න හිතෙන්නේ නෑ නිදා ගන්නමයි හිත. anyway good thread. rep+
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නෑ මචන් ඔය දෙල් සීන් එක ඊට වඩා ටිකක් වෙනස්, මොකද ලංකාවේ පරණම දෙල් ගහ තියෙන්නේ ගාල්ල කොටුවේ (ලන්දේසින් හදුන්වා දුන් ගහක්). ලන්දේසින් ඕක හදුන්වා දුන්නේ සිංහලයන්ට උදාසීන කම පුරුදු කරවන්න ලු. මොකද දෙල් ගොඩක් කෑවම ටිකක් බර වැඩ කරන්න හිතෙන්නේ නෑ නිදා ගන්නමයි හිත. anyway good thread. rep+

    ah ela machan. mama eka danagena hitiye na
    suddo alchol hadunvala dunneth oya vage deyak karannamane.