හෙළ බසට "ෆ" එකතු කළ විද්වතාණෝ.
ඔබ දැන සිටියාද,
හෙළ බසට "ෆ" ශබ්දය නැගීමට අක්ෂරයක් නොමැති වූ නිසා "ප" අක්ෂරය මත ඉංග්‍රීසි හෝඩියේ"F” අකුර රදවා "ෆ" අක්ෂරය හදුන්වා දුන්නේ මීට වසර 114 කට ඉහතදී 1896 "ඥානදර්ශනය"සගරාවේ මංගල කලාපයේය.ඔහු නමින් බලපිටිය වලව්වේ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමා වේ.ජ'මන් ජාතික විල්හෙල්ම් ගයිගර් මහතා පවසා ඇත්තේ ලංකාවේ පමණක් නොව යුරෝපයේ පවා එවන් පුළුල් භාෂා ඥානයක් ඇති අයෙකු සොයා ගැනීමට අපහසු බවයි.
1860 ජූනි මස 14 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ග්‍රාමයෙහි තිරිමාදුර බස්තියන් මැන්දිස් මුදලිතුමාට සහ අසේයා ද සොයිසා මැතිණියට දාව මෙතුමා උපත ලැබීය.එතුමා බලපිටියේ රංදොඹේ වෙස්ලියන් විදුහලින් සහ කොළඹ රාජකීය විදුහලින් ඉගනුම ලැබීය.පාසලේ සෑම අංශයකින්ම විශිෂ්ඨ ලෙස දස්කම් හෙඹ වූ එතුමා ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපිකාර විභාගයෙන් ඉහලින් සමත් වූ අතර අවුරුදු 20 දී ඒජන්ත කාර්‍යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේය.ඒ අතර වස්කඩුව ශ්‍රී සුභූති නාහිමියන්ගෙන් පාලි,සංස්කෘත භාෂා හදරන්නට විය.1901 වර්ෂයේදී මෙතුමා "විජය ශ්‍රී වර්ධන " යන ගරු නාමයක් සහිත මුදලිදු පදවියක් හෙබවීය.
එතුමා යුරෝපීය ඇදුම් නොඇද සිටි අතර බොදු පිළිවෙත් වෙනස් කළේ නැත.භාෂා පරිවර්තකයෙක් ලෙස සේවය කළ මෙතුමා සිංහල,දෙමළ,පාළි,සංස්කෘත,මැලේ,ප්‍රංශ ,ලතින් ජර්මන් සහ ග්‍රීක් යන භාෂාවන් හී ප්‍රවීණයෙක් විය.
සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙතුමා ඉංග්‍රීසි-සිංහල, සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂ දෙකෙහී ආදි කතෘ ද විය.එය 1905 දී එළි දැක්වූ අතර 1915දී වචන 20,000 ක එකතුවක් ඇති සිංහල -ඉංග්‍රීසි ශබ්දකෝෂය ලියා අවසන් කළේය.
සිංහල බසට සාහිත්‍යයට බුදු දහමට අනගි මෙහෙවරක් කළ මෙතුමා 1931 පෙබරවාරි 9 වන දින දැයෙන් සමුගත්තේය.
Source and image: lakdivanews.com
ලොවෙන් බිඳක් සමූහයේ ©Chamodi vitharana මහත්මියගේ ලිපියක් මෙසේ උපුටාගන්නා ලදී
------ Post added on Mar 15, 2024 at 6:28 AM