හෙළ වීර බොදු පුතා
1983 කළු ජූලියේ දී තම පාසලේ සිසුන් දෙමළ ජනතාවට එරෙහිව උසිගන්වයි.
පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්වී 88/89 වකවානුවේ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත්වේ. හමුදා අත්ඩංගුවට පත්වී අවසානයේ නිදහස් වෙයි.
ඉන්සසු ජවිපෙන් ඉවත් වී චින්තන පර්ෂදයට එක්වේ. එහි නායකත්වය ඉල්ලා නොලැබුණු තැන ආචාර්ය නලින් ද සිල්වා සමඟ උරණ වී එයිනුත් ඉවත් වේ.
ජනතා මිතුරෝ සංවිධානය අටවාගෙන මංගල සමරවීර සමඟ එක්වී චන්ද්‍රිකා බලයට ගෙනඒම වෙනුවෙන් කැපවේ.
90 දශකයේ අගභාගයේ ඇතිවූ එල්ටීටීඊයට විරුද්ධ ජනමතය දැක ත්‍රස්ථ විරෝධී ජාතික ව්‍යාපාරය පිහිටුවා ගනී.
2000 දී සිහළ උරුමය පිහිටුවයි. ගමින් ගමට ගොස් ජනතා ආකර්ෂණය දිනාගනී. අවසානයේ සිහළ උරුමය පිහිටුවීමට දරදිය ඇදි දේශහිතෛෂියෙකු වූ එස්.එල්. ගුණසේකර මහතා එළවාදමන්නේ එතුමා කතෝලික බව පවසමිනි.
2003 සෝම හිමියන් අපවත් වීමත් සමඟ ඇතිවුණු බෞද්ධ පිබිදීම ප්‍රයෝජනයට ගනිමින් භික්ෂූන් වහන්සේලා ගේ කරමතින් පාර්මේන්තුවට පැමිණේ. ශාසන සම්ප්රදාය බිඳ දමයි ! පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වේ.
2007 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරයි. රටේ නායකත්වයට පත්වීමට සිහින දකියි. ඒ සඳහා තමන්ට ඇති විශාලම බාධකය මහින්ද රාජපක්ෂ බව තේරුම් ගෙන, බොදු බලය වැනි සංවිධාන සූක්ෂමව යොදාගමින් මහින්ද විරෝධී සිංහල බෞද්ධ ජනමතයක් ඇතිකිරීමට ගන්නා උත්සාහය තරමක් සාර්ථක වේ. අළුත්ගම සිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගනියි.
මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට පිටියට පිවිසේ. රාජපක්ෂ පාලනය අවසන් වීමත් සමඟ පැමිණෙන එජාප රජයේ සිංහල බෞද්ධ විරෝධී වැඩපිළිවලත් සමඟ ඉතා ඉක්මනින් රනිල්ගේ පාලනය කෙරෙහි ජනතාව කලකිරෙන බවටත්, මහින්ද රාජපක්ෂ නොමැති දේශපාලන පිටියේ ජනතාවගේ විකල්පය තමන් වනු ඇති බවටත් පුරෝකථනය කරගනී. ජනවාරි 8 හංස පූට්ටුවේ ජය වෙනුවෙන් කැපවේ.
ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා වටා නැවත ජනතාව එක්වේ ! මහින්ද සුළඟ නුගේගොඩින් ඇරඹයි. ඒ සමඟින් තම ජනපති සිහිනය බොඳවන ලකුණු දකින ඔහු 19 වන සංශෝධනය ගෙන ඒමට සහය දෙමින්, නැවත ජනපති වීමට රාජපක්ෂ මහතාට තිබූ ඉඩකඩ අවහිර කර දමයි.
2015 අගෝස්තු මැතිවරණය පැමිණේ. ජාතික හෙළ උරුමයට තනිව ගමනක් නොමැති බව දැක එජාපය සමඟ සාකච්ඡා කරයි. තමන් විසින් නූතන දොන් ජුවන් ධර්මපාල ලෙස හැඳින්වූ, "සිංහලයන් සමඟ වෛරයෙන් පෙළෙන්නෙක්" ලෙස තම කෘතියකින්ම හැඳින්වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා එක්වේ !
කාලය ගතවේ. ජනපති සහ එජාප ආණ්ඩුව ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වේ. රටට ආදරය කරන ජනතාවගේ ඉදිරි බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්මතු වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ආණ්ඩුවට ඉදිරියේ දී නියත පරාජයක් හිමිවන බව තේරුම්ගනී. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිසැකවම ඉදිරිපත් වන බවත්, ඒ පෞරුෂයට අභියෝග කළ හැක්කෙක් දේශපාලන පිටියේ නොමැති බවත් දකී. මෙවර එජාපයට පොදු අපේක්ෂක නාඩගම රඟ දැක්විය නොහැකි බවත් පැහැදිලි ය.
ආණ්ඩුවෙන් එළියට බැස සිංහල ජනතාව නැවත වටයකින් මුළා කිරීමට සැරසේ...
Last edited:

