කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.
ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.
තියනවා. කර්මය පල දෙනවා කියල අපේ අය හිතන් ඉන්න වගේ එකක් නෑ.
මන් හිතන්නෙ උඹ බුද්ධාගම ගැන දන්නෙ නැහැ,
න්‍යාම ධර්ම 5 ක් තියෙනවා,
උතු න්‍යාම ,බීජ න්‍යාම, කර්ම න්‍යාම,ධම්ම න්‍යාය ,චිත්ත න්‍යාම
මෙ ධර්ම 5 න් එකක් තමා කර්මය කියන්නෙ, එත් අනික් 4 රෙ බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙ කර්මයෙ එකවුන්ට් එකට හැම එකම ලඝු කරන්න.
ඩෙන්මාර්ක් ස්වීඩන් නොර්වෙ වගෙ රටවල් සුරපුර උනෙ දෙවෙනි ලොක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව තනි බලවත ලෙස ලොකෙ රජයන කොට.
ඊට කලින් ඔය රටවල් ගැන අහලාවත් තියෙනවාද ?
ඒ රටවල් අද ඉන්න තැනට ආවෙ දරුණු යුද්දෙකින් බැට කාලා, ඒක නිසා කලින් වෙච්ච අතපසු වීම් වලින් පාඩම් ඉගෙන ගෙන එව්වා ගොඬ නගන්න ඒ රටවල් වල බලධාරීන් ක්‍රියාත්මක කලා.
අනික මෙ කර්මය එන්නෙ හින්දු, ජෛන ආගම් වල. බුද්ධාගමට හින්දු ජෛන බලපෑම තියෙනවා අශොක රජතුමාගෙ කාලෙ ඉඳන්.
ඔය දියුනුව කියන්නෙ සාපේක්ශ දෙයක් බන්..ගොඩනැගිලි අතින් නම් ඒ රටවල් දියුනු ඇති ඒත් මනුස්සකම අතින් නම් අපේ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නව..
ලෝකේ ජිව්න් ඔක්කොම අරගෙන ඉස්සල්ලා සත්තු වර්ග වලට බෙදුවා කර්මයට අනුව හරිය එතනදි සමස්ත ලෝකයෙම මිනිස්සු එක ප්‍රධාන කුලකයකට ආවා දැන් එයාලගේ කර්ම වලට අනුව රට රට වලට බෙදුවා දුප්පත් රටවලටත් පොහොසත් රට වලටත් අතරමැදි රට වලටත් එහෙම එහෙම උපකුලක බෙදලා බෙදලා තමයි වැඩේ දිලා තියෙන්නේ

ඒකත් ඇත්ත අච්චර දියුණු දකුණු කොරියාවෙ සියදිවි නසාගැනීම් වලින් අංක දෙක (අපි 1 හොඳෙ )
ජපානෙත් ඒ වගෙම තත්වයක් තියෙන්නෙ
සිංගප්පූරුවෙ එවුන් උනත් පට්ට තරහකින් ඉන්නෙ,
ස්කැන්ඩිනෙවියන් ,යුරොපියන් එවුන්ගෙ ගොඩාක් මනුස්සකම නැහැ. මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන උන් බොහොම අඩුයි,
අත්දැකීමෙන් දන්න දෙයක්,
ඒත් අපෙ රටවල් වල ගෙදරට ආපු මිනිහට අඩුගාණෙ තේ එකක්වත් දෙනවා.
ඇමරිකන් ක්‍රමෙට ලොකෙ රන් වෙද්දි ඒ ක්‍රමෙ උඩ අපෙ ධර්මානුකූල බව පෙනුමෙන් දුප්පත් තමා.
විබාග ලියන්න පාඩන් කරනන් ඕනෙත් නෑ එහෙනං පන්සිල් රැක්කම විබාග පාස් වෙන්න එපැයි, එහෙම වෙන්නේ නෑ දෙකේ සම්බන්ධයක් නෑ. මම නම් කියන්නෙ බුදුන් වහන්සෙ කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් වගෙ ගුරුවරයෙක් .සියළු දෙ දැන ගත් පුද්ගලයෙක්.මිනිස්සුන්ට පාලකයන්ට නිසි සමාජ ක්‍රමයක් ගෙනියන්න කියාදුන් කෙනෙක්උඹ කියන්නෙ බුදු හාමුදුරුවො කර්මය ගැන කියල නෑ පස්සෙ එකතු කරගෙන කියලද?
මෙතන මෙහෙමත් කතාකරන්නපුලුවන්.
මස් මඩුවේ මිනිහා පරම්පාරාවේ ඉදලම හරක් කප කපා ආවා, කෝ තවම ඌ සල්ලි හම්බකරනවනේ ඇයිබන් එහෙම.ඌ සැපට ඉන්නවනේ. බහුතර සින්හලුන්ගේ කතාව ඕකයි.
මම නම් කියන්නෙ බුදුන් වහන්සෙ කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් වගෙ ගුරුවරයෙක් .සියළු දෙ දැන ගත් පුද්ගලයෙක්.මිනිස්සුන්ට පාලකයන්ට නිසි සමාජ ක්‍රමයක් ගෙනියන්න කියාදුන් කෙනෙක්
එහෙම නැතිව ප්රාතිහාර්ය පාපු ගිණි පිඹපු උඩින් පාවෙච්ච කෙනෙක් නෙමෙ
කර්මය කියන කන්සෙප්ට් එකෙ අවුල් යන තැන් තියෙනවා ගොඩාක් .ඔව් මට හිතෙන්නෙත් කර්මය කියන කන්සෙප්ට් එක බුද්ධාගමට පස්සෙ ඇඩ් වෙච්ච එකක්.
ජෛන ආගමෙත් තීර්ථක කියලා ඉන්නවා පිරිසක්. අටවිසි බුදු වරුන් වගෙ ජෛන ආගමෙත් තීර්ථක වරු ඉන්නවා,
ජෛන ආගමෙ මහාවීර තුමාත් ගිහිගෙයි අත ඇරලා නිඝන්ටයෙක් වෙච්ච කෙනෙක්.
ජෛන ආගමට අනුව මහාවීර තුමා කර්මය කියන චක්‍රයෙන් මිදිලා මෝක්ෂයට ලඟා උනාළු,
හින්දු ආගමෙ කර්මය තියෙන්නෙ කුල ක්‍රමයත් එක්ක.
වැඩියෙන් පින් කරපු උන් බ්‍රහ්මයො වෙනවා අඩුවෙන් පින් කරපු උන් අඩුකුලෙ වෙනවා,
බ්‍රහ්ම කුලෙ එකෙක්ට ක්ෂුද්‍ර කුලෙ එකෙක් ගැවුණොත් ඒක පාප කර්මය,
ක්ෂුද්රයෙක්ව බ්‍රහ්ම කුලෙ එකෙක් මැරුවොත් ඒක සුළු පාපයක්.
අන්න ඒ වගෙ දෙවල් තමා හින්දු ආගමෙ කර්ම කන්සෙප්ට් එක.
සත්තු මරල මොකට සල්ලි හම්බකරල පෝසත් වෙනවද බන්..ඉට වඩා දුප්පත්කම වටින් නැද්ද..මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අපි ඔක්කොම දියුනුව කියන මිරුගුවක් පස්සෙ දුවන්නෙ..ඕන්න දියුනු උනාම මැරෙන්නෙ නැත්තන් කමක් නැ ඔය කොයි කාටත් අන්තිමට රියන් 4 තමා....
කර්මය කියන්නෙ බුදු දහමෙ හරයෙම තියෙන දෙයක්නෙ බං. කර්මය අයිං කරපු ගමං බුදු දහමෙ ආයෙ අලුතෙන් ගන්න දෙයක් නෑ. සංසාරෙ ගැනත් හින්දු ආගමෙ ජෛන ආගමේ තියෙනව. නිවන ගැනක් මෝක්ශය වගේ වෙන නම් වලිං තියෙනව. ඒවත් එහෙනං අයිං කරන්න වෙනවනෙ බං. එතකොට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ ඒ කාලෙම කව්ද මන්ද තව හිටියෙ භෞතිකවාදී ශාස්තෘවරයෙක් බෙල්ලක් කැපුව කියන්නෙ ද්‍රව්‍ය ගොඩක් මැද්දෙන් තවත් ද්‍රව්‍ය ගොඩක් ගියා විතරයි විපාක නෑ කියල. ඒකෙයි බුදු දහමෙයි වෙනසක් නැතිවෙනවනෙ එතකොට.
හැබැයි පස් මහ බැලුම් අදාල කරගත්තොත් ඇයි හින්දු ජෛන වගේ ආගම් වලත් සංසාරෙ නිවන කර්මය තිබිල බුදු දහමෙත් තියෙන්නෙ කියන එක පැහැදිලි වෙනව. බුදු කෙනෙක් පහල වෙද්දි මිනිස්සු කර්මය සංසාරය වගේ දේවල් වත් පිලිගන්නැත්තං බුදු හාමුදුරුවන්ට වෙන්නෙ ඒව මුල ඉඳලම කියා දීල නිවන් දකින පාර කියන්නනෙ. හැබැයි ටික කාලෙකිං මුල ඉඳන් සේරම කියා දෙන්න බෑ. අපිට වුනත් සංකීර්ණ දේවල් උගන්නන්න කලිං මොන්ටිසෝරියෙන් ඉස්කෝලෙන් අවශ්‍ය කරන මූලික ප්‍රාථමික දේවල් කියා දීල ඉන්නවනෙ. ඊට පස්සෙ ඒව ඇසුරෙංනෙ පස්සෙ වෙනත් දේවල් තේරුම් ගන්නෙ.
ඒ වගේ පස් මහ බැලුම් බලන එකේ තේරුම සංසාරෙං ගැලවෙන විදිහ කියා දෙන්න සංසාරයක් තියෙනව කියල පිලිගන්න, ඒක දුකක් කියල පිලිගන්න, ඒකෙං ගැලවෙන්න ඕනෙ කියල පිලිගන්න සමාජයක් බිහිවෙලා තියෙන්න ඕනෙ. ඒ නිසා තමා පස් මහ බැලුම් බලල ඒ ප්‍රදේශෙ ඉපදුනේ.
එතකොට හින්දු ජෛන ආගම් වලිං පස්සෙ කාලෙක ඕව බුදු දහමට ඇතුල් වෙන්න දෙයක් නෑ බුදු හාමුදුරුවොමයි ඒව ඇතුල් කලේ එහෙම දෙයක් ඇත්තටම තියෙනව බුදු හාමුදුරුවො ඉපදෙන්න කලිනුත් ඒව ගැන වෙනස් විදි වලට දැනං හිටපු මිනිස්සු ඉඳල තියෙනව.
ජෛන හින්දුම ඕන්නෑනෙ බං තව ආගම් තිබිල තියෙන්නෙ බල්ලො වගේ උෟරො වගේකුණු කකා පාරෙ ජීවත් වෙන, දුක් ගෙවල සංසාරෙ ඉවරයක් කරන්න පුලුවන් කියල හිතපු.
මේ කතිකාවත හදුනා එක හොදයි, මචන් මම දනන් විදිහට නිවන බුදුන්ගේ දේශනාවක් කියල හිතන් බා. හැබැයි නිවන්මගට ප්රවෙශයත්, මාර්ගයත් ඉගැන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්ත්‍ය හරහා. Jainism වල නිවනක් සඳහන් වෙනවා
https://www.quora.com/Who-invented-or-introduced-Nirvana-and-Buddha-in-Buddhism-or-Jainism#
මේ කතිකාවත හදුනා එක හොදයි, මචන් මම දනන් විදිහට නිවන බුදුන්ගේ දේශනාවක් කියල හිතන් බා. හැබැයි නිවන්මගට ප්රවෙශයත්, මාර්ගයත් ඉගැන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්ත්‍ය හරහා. Jainism වල නිවනක් සඳහන් වෙනවාhttps://www.quora.com/Who-invented-or-introduced-Nirvana-and-Buddha-in-Buddhism-or-Jainism#
ඔව් නිවන බුදු හාමුදුරුවො එදා සමාජෙ මුල්ම වතාවට හොයාගෙන කියපු දෙයක් නෙමේ. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කාලෙකට කලිං ඉඳන් මිනිස්සු සංසාරයක් ගැන දැනගෙන හිටිය. ඉපදෙනව කියන්නෙ දුකක් කියල විශ්වාස කලා. ඕකෙන් ගැලවෙන්න එක එක දේවල් කලා. සමහරු සත්තු වගේ ජීවත් වුනා. සමහරු ජෛන ආගමේ වගේ මහණ දම් පිරුව.
බුදු හාමුදුරුවො කලේ ඒ වෙනකොටත් සමාජය දැනං හිටපු ඕනෙ වුන දෙයක් ලබාගන්න විදිහ කියල දීපු එක. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ට අනුව අනික් ආගම් වලිං කියපු පාරවල් වල මොකක් හෝ වැරැද්දක් තියෙන්න ඕනෙ. නැතුව ඒව එහෙම් පිටිං පච නෙමේ.
ඔව් නිවන බුදු හාමුදුරුවො එදා සමාජෙ මුල්ම වතාවට හොයාගෙන කියපු දෙයක් නෙමේ. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කාලෙකට කලිං ඉඳන් මිනිස්සු සංසාරයක් ගැන දැනගෙන හිටිය. ඉපදෙනව කියන්නෙ දුකක් කියල විශ්වාස කලා. ඕකෙන් ගැලවෙන්න එක එක දේවල් කලා. සමහරු සත්තු වගේ ජීවත් වුනා. සමහරු ජෛන ආගමේ වගේ මහණ දම් පිරුව.
බුදු හාමුදුරුවො කලේ ඒ වෙනකොටත් සමාජය දැනං හිටපු ඕනෙ වුන දෙයක් ලබාගන්න විදිහ කියල දීපු එක. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ට අනුව අනික් ආගම් වලිං කියපු පාරවල් වල මොකක් හෝ වැරැද්දක් තියෙන්න ඕනෙ. නැතුව ඒව එහෙම් පිටිං පච නෙමේ.
නිර්වානය කියන දේ තියෙන්නෙ බුදු දහමෙ විතරයි වෙන කිසිම ආගමක නිර්වානයක් නැ..බුද්ධ කාලයට පෙර සoසාරය කියල දෙයක් තියෙනව කියල පිලිගත්ත ඒක හරි, ඒත් සoසාරය දුකක් කියල පිලිගැනීමක් තිබ්බෙ නැ..ජාති ජරා වියාදි මරණ දුකක් කියල ඉගැන්වීමක් මුලින්ම දේශනා කරේ බුදු හාමුදුරුවො..
ඔය අනිත් බුද්ධකාලීනව තිබ්බ ආගම් වල ඉගැන්වීම දෙව්ලොව, එහෙමත් නැත්තන් බ්‍රහ්ම ලොව එහෙමත් නැත්ත සෘෂි වරයෙක් වෙන්නෙ කොහොමද කියන එකයි..නිගන්ඨ ආගමේ වගේ නම් රහත් කියල වෙනම සකල්පයක් තියෙනව එයාල නිරුවතින් ඉන්නෙ රහත් කියල පෙන්නන්ඩ...
ඒකාලෙ අය විමුක්තිය හොයාගෙන ගියෙ
අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින එක විමුක්තිය කියල පිලිගෙන තියෙන්නෙ
හිතක් නැති කයක් විතරක් තියෙන එකේ එහෙම
ඒගොල්ලන්ට සමහර විට ඒවගෙ ආයු කාලෙ සයිස් එකත් එක්ක ඒවගෙ ඉන්න අය ඒවයෙන් මැරිල ඇවිල්ල ආයෙ ඉපදෙනව දකින්න නැතුව ඇති