හේතුව මෙකක්ද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මෙතන මෙහෙමත් කතාකරන්නපුලුවන්.
    මස් මඩුවේ මිනිහා පරම්පාරාවේ ඉදලම හරක් කප කපා ආවා, කෝ තවම ඌ සල්ලි හම්බකරනවනේ ඇයිබන් එහෙම.ඌ සැපට ඉන්නවනේ. බහුතර සින්හලුන්ගේ කතාව ඕකයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් හිතන්නෙ උඹ බුද්ධාගම ගැන දන්නෙ නැහැ,
    න්‍යාම ධර්ම 5 ක් තියෙනවා,
    උතු න්‍යාම ,බීජ න්‍යාම, කර්ම න්‍යාම,ධම්ම න්‍යාය ,චිත්ත න්‍යාම

    මෙ ධර්ම 5 න් එකක් තමා කර්මය කියන්නෙ, එත් අනික් 4 රෙ බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙ කර්මයෙ එකවුන්ට් එකට හැම එකම ලඝු කරන්න.

    ඩෙන්මාර්ක් ස්වීඩන් නොර්වෙ වගෙ රටවල් සුරපුර උනෙ දෙවෙනි ලොක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව තනි බලවත ලෙස ලොකෙ රජයන කොට.
    ඊට කලින් ඔය රටවල් ගැන අහලාවත් තියෙනවාද ?

    ඒ රටවල් අද ඉන්න තැනට ආවෙ දරුණු යුද්දෙකින් බැට කාලා, ඒක නිසා කලින් වෙච්ච අතපසු වීම් වලින් පාඩම් ඉගෙන ගෙන එව්වා ගොඬ නගන්න ඒ රටවල් වල බලධාරීන් ක්‍රියාත්මක කලා.
    අනික මෙ කර්මය එන්නෙ හින්දු, ජෛන ආගම් වල. බුද්ධාගමට හින්දු ජෛන බලපෑම තියෙනවා අශොක රජතුමාගෙ කාලෙ ඉඳන්.

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
    බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
    අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.

    ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.

    තියනවා. කර්මය පල දෙනවා කියල අපේ අය හිතන් ඉන්න වගේ එකක් නෑ.

    මචං... උඹ කියන කතාව ටිකක් අමුතුයි... කියන දේ යමක් නැතුවා නෙමෙයි... නමුත් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    උඹ කියන විදිහට කර්මය කියන්නෙ මොන වගේ දෙයක්ද?
    ඒ වගේම බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස් කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් හිතන්නෙ උඹ බුද්ධාගම ගැන දන්නෙ නැහැ,
    න්‍යාම ධර්ම 5 ක් තියෙනවා,
    උතු න්‍යාම ,බීජ න්‍යාම, කර්ම න්‍යාම,ධම්ම න්‍යාය ,චිත්ත න්‍යාම

    මෙ ධර්ම 5 න් එකක් තමා කර්මය කියන්නෙ, එත් අනික් 4 රෙ බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙ කර්මයෙ එකවුන්ට් එකට හැම එකම ලඝු කරන්න.

    ඩෙන්මාර්ක් ස්වීඩන් නොර්වෙ වගෙ රටවල් සුරපුර උනෙ දෙවෙනි ලොක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව තනි බලවත ලෙස ලොකෙ රජයන කොට.
    ඊට කලින් ඔය රටවල් ගැන අහලාවත් තියෙනවාද ?

    ඒ රටවල් අද ඉන්න තැනට ආවෙ දරුණු යුද්දෙකින් බැට කාලා, ඒක නිසා කලින් වෙච්ච අතපසු වීම් වලින් පාඩම් ඉගෙන ගෙන එව්වා ගොඬ නගන්න ඒ රටවල් වල බලධාරීන් ක්‍රියාත්මක කලා.
    අනික මෙ කර්මය එන්නෙ හින්දු, ජෛන ආගම් වල. බුද්ධාගමට හින්දු ජෛන බලපෑම තියෙනවා අශොක රජතුමාගෙ කාලෙ ඉඳන්.

    උඹ කියන්නෙ බුදු හාමුදුරුවො කර්මය ගැන කියල නෑ පස්සෙ එකතු කරගෙන කියලද?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය දියුනුව කියන්නෙ සාපේක්ශ දෙයක් බන්..ගොඩනැගිලි අතින් නම් ඒ රටවල් දියුනු ඇති ඒත් මනුස්සකම අතින් නම් අපේ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නව..

    ඒකත් ඇත්ත අච්චර දියුණු දකුණු කොරියාවෙ සියදිවි නසාගැනීම් වලින් අංක දෙක (අපි 1 හොඳෙ )

    ජපානෙත් ඒ වගෙම තත්වයක් තියෙන්නෙ
    සිංගප්පූරුවෙ එවුන් උනත් පට්ට තරහකින් ඉන්නෙ,
    ස්කැන්ඩිනෙවියන් ,යුරොපියන් එවුන්ගෙ ගොඩාක් මනුස්සකම නැහැ. මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන උන් බොහොම අඩුයි,
    අත්දැකීමෙන් දන්න දෙයක්,
    ඒත් අපෙ රටවල් වල ගෙදරට ආපු මිනිහට අඩුගාණෙ තේ එකක්වත් දෙනවා.

    ඇමරිකන් ක්‍රමෙට ලොකෙ රන් වෙද්දි ඒ ක්‍රමෙ උඩ අපෙ ධර්මානුකූල බව පෙනුමෙන් දුප්පත් තමා.

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහා බබා:yes: ලෝකේ ජිව්න් ඔක්කොම අරගෙන ඉස්සල්ලා සත්තු වර්ග වලට බෙදුවා කර්මයට අනුව හරිය එතනදි සමස්ත ලෝකයෙම මිනිස්සු එක ප්‍රධාන කුලකයකට ආවා දැන් එයාලගේ කර්ම වලට අනුව රට රට වලට බෙදුවා දුප්පත් රටවලටත් පොහොසත් රට වලටත් අතරමැදි රට වලටත් එහෙම එහෙම උපකුලක බෙදලා බෙදලා තමයි වැඩේ දිලා තියෙන්නේ:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒකත් ඇත්ත අච්චර දියුණු දකුණු කොරියාවෙ සියදිවි නසාගැනීම් වලින් අංක දෙක (අපි 1 හොඳෙ )

    ජපානෙත් ඒ වගෙම තත්වයක් තියෙන්නෙ
    සිංගප්පූරුවෙ එවුන් උනත් පට්ට තරහකින් ඉන්නෙ,
    ස්කැන්ඩිනෙවියන් ,යුරොපියන් එවුන්ගෙ ගොඩාක් මනුස්සකම නැහැ. මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන උන් බොහොම අඩුයි,
    අත්දැකීමෙන් දන්න දෙයක්,
    ඒත් අපෙ රටවල් වල ගෙදරට ආපු මිනිහට අඩුගාණෙ තේ එකක්වත් දෙනවා.

    ඇමරිකන් ක්‍රමෙට ලොකෙ රන් වෙද්දි ඒ ක්‍රමෙ උඩ අපෙ ධර්මානුකූල බව පෙනුමෙන් දුප්පත් තමා.

    ගොඩක් අය හිතනව බිල්ඩින් වලින් පිරුනම හරිම ශෝක් සoවර්ධිතයි කියල..ඒවට ඉතින් ගිහින්ම බලන්ඩ ඔනෙ එතකොට තේරෙනව ඇත්ත මොකක්ද කියල..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිල් ගන්න එකෙනුයි පන්සල් යන එකෙනුයි බලාපොරොත්තු වෙන්නේ සල්ලි මිල මුදල් දියුණුව නං පන්සල් යන එකෙයි දේවාලෙකට යන එකෙයි වෙනසක් නෑ නෙව. :baffled: විබාග ලියන්න පාඩන් කරනන් ඕනෙත් නෑ එහෙනං පන්සිල් රැක්කම විබාග පාස් වෙන්න එපැයි, එහෙම වෙන්නේ නෑ දෙකේ සම්බන්ධයක් නෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ කියන්නෙ බුදු හාමුදුරුවො කර්මය ගැන කියල නෑ පස්සෙ එකතු කරගෙන කියලද?
    මම නම් කියන්නෙ බුදුන් වහන්සෙ කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් වගෙ ගුරුවරයෙක් .සියළු දෙ දැන ගත් පුද්ගලයෙක්.මිනිස්සුන්ට පාලකයන්ට නිසි සමාජ ක්‍රමයක් ගෙනියන්න කියාදුන් කෙනෙක්
    එහෙම නැතිව ප්‍රාතිහාර්‍ය පාපු ගිණි පිඹපු උඩින් පාවෙච්ච කෙනෙක් නෙමෙ

    කර්මය කියන කන්සෙප්ට් එකෙ අවුල් යන තැන් තියෙනවා ගොඩාක් .ඔව් මට හිතෙන්නෙත් කර්මය කියන කන්සෙප්ට් එක බුද්ධාගමට පස්සෙ ඇඩ් වෙච්ච එකක්.

    ජෛන ආගමෙත් තීර්ථක කියලා ඉන්නවා පිරිසක්. අටවිසි බුදු වරුන් වගෙ ජෛන ආගමෙත් තීර්ථක වරු ඉන්නවා,
    ජෛන ආගමෙ මහාවීර තුමාත් ගිහිගෙයි අත ඇරලා නිඝන්ටයෙක් වෙච්ච කෙනෙක්.
    ජෛන ආගමට අනුව මහාවීර තුමා කර්මය කියන චක්‍රයෙන් මිදිලා මෝක්ෂයට ලඟා උනාළු,
    හින්දු ආගමෙ කර්මය තියෙන්නෙ කුල ක්‍රමයත් එක්ක.
    වැඩියෙන් පින් කරපු උන් බ්‍රහ්මයො වෙනවා අඩුවෙන් පින් කරපු උන් අඩුකුලෙ වෙනවා,

    බ්‍රහ්ම කුලෙ එකෙක්ට ක්ෂුද්‍ර කුලෙ එකෙක් ගැවුණොත් ඒක පාප කර්මය,
    ක්ෂුද්‍රයෙක්ව බ්‍රහ්ම කුලෙ එකෙක් මැරුවොත් ඒක සුළු පාපයක්.
    අන්න ඒ වගෙ දෙවල් තමා හින්දු ආගමෙ කර්ම කන්සෙප්ට් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන මෙහෙමත් කතාකරන්නපුලුවන්.
    මස් මඩුවේ මිනිහා පරම්පාරාවේ ඉදලම හරක් කප කපා ආවා, කෝ තවම ඌ සල්ලි හම්බකරනවනේ ඇයිබන් එහෙම.ඌ සැපට ඉන්නවනේ. බහුතර සින්හලුන්ගේ කතාව ඕකයි.

    සත්තු මරල මොකට සල්ලි හම්බකරල පෝසත් වෙනවද බන්..ඉට වඩා දුප්පත්කම වටින් නැද්ද..මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අපි ඔක්කොම දියුනුව කියන මිරුගුවක් පස්සෙ දුවන්නෙ..ඕන්න දියුනු උනාම මැරෙන්නෙ නැත්තන් කමක් නැ ඔය කොයි කාටත් අන්තිමට රියන් 4 තමා....
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අපේ මිනිස්සු හැමදේම දෙවිවරුන්ටයි කර්මයටයි සංස්කෘතියටයි භාරදීලා තියෙන්නේ
    විභාගයක් ෆේල් උනොත් කියන්නේ කරුමේ කියල. උත්සහය නෑ කියල නෙමෙයි
    අනිත් එක දේශපාලනමය වශයෙන් සුදුසු නායකයින් පත් කර නොගැනීම
    වහල් භාවයෙන් පිදුම් දීගෙන ඉන්නේ. වැරද්දක් කෙරුවත් පෙන්නේ නෑ

    මේ රට ගොඩ ගන්ඩ බෑ බන්. ඔන්න ඕකයි තිත්ත ඇත්ත
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දියුණුව කියන්නේ සාපේක්ෂ දෙයක් එත් මචන් ඒ රටවල් වල ආකල්පත් ටිකක් වෙනස්. අපේ නියම බුද්ධාගමේ, ඒ කියන්නේ බුදුන් වහන්සේ ජීවමාන අවදියේදී දේශනා කරපු ඉගැන්වීම් වල තියනවා කෙනෙක් ජීවිතය, ආධ්‍යාත්මය වගේ දේවල් හද ගත්තේ කොහොමද කියල. ඊට පස්සේ අපේ රටෙත් ටික ටික බුද්ධාගම වෙනස් උනා. දැන් තියෙන්නේ උන්වහන්නේ පිරිනිවන් පාවයින් පස්සේ එහෙ අනුගාමිකයෝ උන් බුදුන්ට තිබ්බ ගෞරවයම ලබාගන්න ඕනේ කමට පවත් වගේන යන ධර්මයක්.

    ඇත්තටම අපේ බුදු ධහම හරියටම උගන් වනවානම් අපේ අධ්‍යාත්මිකව ඉන්න ඕනේ මිට ඉස්සරහ, අධ්‍යාත්මය දියුණු නම් ආකල්ප දියුණු වෙනවා. ආකල්ප දියුණු නම් ක්‍රියාව දියුණු වෙනවා. හේතු පල සම්බන්ධයක් මයි. අද කලේ බෞද්ධ යෝන්ට කෙල වෙන්නේ මේ බුදු දහම මැජික් එකක්, කාලයක පන් ටිකකින් බෝධිය නහවල වැඩේ ගොඩ දාගන්න කරන දෙයක් විදිහට අදහන්න ගියාම. මම දන්නා තරමින් බුදු ධහමේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම, චතුරාර්ය සත්ත්‍ය. කෙසේ හෝ මේ අනිත්‍යබව මෙනෙහි කරගන්න කියන එක. එහෙම අපහසු ලෞකික අපිට වෙනම දේශනා තියනවා මාර ලොජිකල්. හරි සරලයි. දාන, ශිල, භාවනා.
    ශිලය - නිවැරදි පැවැත්මකට,
    භාවනා- අධ්‍යාත්මයට
    දානය - පරාර්ථයට
    ඔන්න ඔය දානයෙන්, ඒ කියන්නේ නැවත බලාපොරොත්තු නැති යම් කිසි අත් අරිමකින් තමුන්ට දෙයක් ලබා ගන්න පුළුවන්. හැබැයි එක වෙන්නේ එකට තණ්හාවෙන් කලොත් නෙමෙයි. තමුන් විදවන දෙයක්, එවැනි දෙකින් ප්‍රෂ් තියන කෙනෙක්ට ඒ විදීම අඩු කරන විදිහේ දානයක්. උදාහරණයක් විදිහට තමුන්ට ඉගෙන ගන්න අපහසු කම් තියනවනම් ඉගෙන ගන්න අමාරුකම් තියන කෙනෙක්ට, තේරෙන්නේ නැති කෙනෙක් ට පොඩ්ඩක් උදව් කරන්න. ඒ හරහා අධ්‍යාත්මයේ වෙනසකින් හරි උබේ ප්‍රශ්නයක් විසදෙනවා. මේක මම කරා සහ කරනවා.

    දියුණු රටවල් දිහා බැලුවොත්, උබට මෙහෙ ඕන තරම් එවුන් හොයාගන්න පුළුවන් මෙහෙම කියන, අපේ රටේ නම් ඇක්සිඩන්ට් එකක් උනත් මිනිස්සු වට වෙලා උදව් වෙනවා එකට එහෙ වැටුනොත් එතන දාලා යනවා, ඒ රටවල් දියුණු උනාට තමුන්ගේ ගැන විතරයි තමුන්ගේ පාඩුවේ ඉන්නවා කිසි කෙනෙක්ට උදව් කරන්නේ නෑ. වගේ දේවල් ඇහිලා ඇති. ඒ උන්ගේ දැනුමේ හැටි. ඒ රටවලත් ඇක්සිඩන්ට් වලදී මිනිස්සු ඇවිත් උදව් කරනවා එත් බැරිම දෙයක් නොවුනොත් උස්සල අදාල කරලා අරන් යන්නේ නෑ, ගිලන් රථයක් එනකන් ඉන්නවා. මොකද අර ඉස්සිමේදී ඇදීමේදී ඒ ලෙඩට තව අනතුරක් වෙන්න පුළුවන්. ඒවගේ සරල සිද්දි. මම හිතන්නේ ජනසමාජයක් දියුණුව තියෙන්නේ ආකල්ප මත. දැන් අපේ පවුලක දරුවෙක්ට විභාගයක දී උ පෙ හෝ උපාධිය හෝ පොඩි පසු බෑමක් උනොත් කොහොමද නෑදෑයෝ දන්නා එවුන් කින්ඩි ටෝක් දෙන්නේ. අපි මහා ලොකු ආගමක් බැදන් හිටියට පට්ට ආත්මාර්ථකාමී, මොකද අපි මේ ලොජිකල් ධර්මය වැරදි තැනින් අල්ලගත්තා. ඒ රටාවල ගොඩක් මිනිස්සු තමුන් කරන දේ ට අරමුණු කරගන්නවා. අනෙක් අයගැන, ඒ ගොල්ලෝ හිතන පතන විදිහ ගැන වැඩිය ඔලුවට ගන්නේ නෑ. එතකොට අපිට පෙන්නේ ඒ ගොල්ලෝ මාර ආත්මාර්ථයෙන් ඉන්න ය විදිහට. ඕකයි බන් වෙනස.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් කියන්නෙ බුදුන් වහන්සෙ කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් වගෙ ගුරුවරයෙක් .සියළු දෙ දැන ගත් පුද්ගලයෙක්.මිනිස්සුන්ට පාලකයන්ට නිසි සමාජ ක්‍රමයක් ගෙනියන්න කියාදුන් කෙනෙක්
    එහෙම නැතිව ප්‍රාතිහාර්‍ය පාපු ගිණි පිඹපු උඩින් පාවෙච්ච කෙනෙක් නෙමෙ

    කර්මය කියන කන්සෙප්ට් එකෙ අවුල් යන තැන් තියෙනවා ගොඩාක් .ඔව් මට හිතෙන්නෙත් කර්මය කියන කන්සෙප්ට් එක බුද්ධාගමට පස්සෙ ඇඩ් වෙච්ච එකක්.

    ජෛන ආගමෙත් තීර්ථක කියලා ඉන්නවා පිරිසක්. අටවිසි බුදු වරුන් වගෙ ජෛන ආගමෙත් තීර්ථක වරු ඉන්නවා,
    ජෛන ආගමෙ මහාවීර තුමාත් ගිහිගෙයි අත ඇරලා නිඝන්ටයෙක් වෙච්ච කෙනෙක්.
    ජෛන ආගමට අනුව මහාවීර තුමා කර්මය කියන චක්‍රයෙන් මිදිලා මෝක්ෂයට ලඟා උනාළු,
    හින්දු ආගමෙ කර්මය තියෙන්නෙ කුල ක්‍රමයත් එක්ක.
    වැඩියෙන් පින් කරපු උන් බ්‍රහ්මයො වෙනවා අඩුවෙන් පින් කරපු උන් අඩුකුලෙ වෙනවා,

    බ්‍රහ්ම කුලෙ එකෙක්ට ක්ෂුද්‍ර කුලෙ එකෙක් ගැවුණොත් ඒක පාප කර්මය,
    ක්ෂුද්‍රයෙක්ව බ්‍රහ්ම කුලෙ එකෙක් මැරුවොත් ඒක සුළු පාපයක්.
    අන්න ඒ වගෙ දෙවල් තමා හින්දු ආගමෙ කර්ම කන්සෙප්ට් එක.

    කර්මය කියන්නෙ බුදු දහමෙ හරයෙම තියෙන දෙයක්නෙ බං. කර්මය අයිං කරපු ගමං බුදු දහමෙ ආයෙ අලුතෙන් ගන්න දෙයක් නෑ. සංසාරෙ ගැනත් හින්දු ආගමෙ ජෛන ආගමේ තියෙනව. නිවන ගැනක් මෝක්ශය වගේ වෙන නම් වලිං තියෙනව. ඒවත් එහෙනං අයිං කරන්න වෙනවනෙ බං. එතකොට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ ඒ කාලෙම කව්ද මන්ද තව හිටියෙ භෞතිකවාදී ශාස්තෘවරයෙක් බෙල්ලක් කැපුව කියන්නෙ ද්‍රව්‍ය ගොඩක් මැද්දෙන් තවත් ද්‍රව්‍ය ගොඩක් ගියා විතරයි විපාක නෑ කියල. ඒකෙයි බුදු දහමෙයි වෙනසක් නැතිවෙනවනෙ එතකොට.

    හැබැයි පස් මහ බැලුම් අදාල කරගත්තොත් ඇයි හින්දු ජෛන වගේ ආගම් වලත් සංසාරෙ නිවන කර්මය තිබිල බුදු දහමෙත් තියෙන්නෙ කියන එක පැහැදිලි වෙනව. බුදු කෙනෙක් පහල වෙද්දි මිනිස්සු කර්මය සංසාරය වගේ දේවල් වත් පිලිගන්නැත්තං බුදු හාමුදුරුවන්ට වෙන්නෙ ඒව මුල ඉඳලම කියා දීල නිවන් දකින පාර කියන්නනෙ. හැබැයි ටික කාලෙකිං මුල ඉඳන් සේරම කියා දෙන්න බෑ. අපිට වුනත් සංකීර්ණ දේවල් උගන්නන්න කලිං මොන්ටිසෝරියෙන් ඉස්කෝලෙන් අවශ්‍ය කරන මූලික ප්‍රාථමික දේවල් කියා දීල ඉන්නවනෙ. ඊට පස්සෙ ඒව ඇසුරෙංනෙ පස්සෙ වෙනත් දේවල් තේරුම් ගන්නෙ.

    ඒ වගේ පස් මහ බැලුම් බලන එකේ තේරුම සංසාරෙං ගැලවෙන විදිහ කියා දෙන්න සංසාරයක් තියෙනව කියල පිලිගන්න, ඒක දුකක් කියල පිලිගන්න, ඒකෙං ගැලවෙන්න ඕනෙ කියල පිලිගන්න සමාජයක් බිහිවෙලා තියෙන්න ඕනෙ. ඒ නිසා තමා පස් මහ බැලුම් බලල ඒ ප්‍රදේශෙ ඉපදුනේ.

    එතකොට හින්දු ජෛන ආගම් වලිං පස්සෙ කාලෙක ඕව බුදු දහමට ඇතුල් වෙන්න දෙයක් නෑ බුදු හාමුදුරුවොමයි ඒව ඇතුල් කලේ එහෙම දෙයක් ඇත්තටම තියෙනව බුදු හාමුදුරුවො ඉපදෙන්න කලිනුත් ඒව ගැන වෙනස් විදි වලට දැනං හිටපු මිනිස්සු ඉඳල තියෙනව.

    ජෛන හින්දුම ඕන්නෑනෙ බං තව ආගම් තිබිල තියෙන්නෙ බල්ලො වගේ උෟරො වගේකුණු කකා පාරෙ ජීවත් වෙන, දුක් ගෙවල සංසාරෙ ඉවරයක් කරන්න පුලුවන් කියල හිතපු.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සත්තු මරල මොකට සල්ලි හම්බකරල පෝසත් වෙනවද බන්..ඉට වඩා දුප්පත්කම වටින් නැද්ද..මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අපි ඔක්කොම දියුනුව කියන මිරුගුවක් පස්සෙ දුවන්නෙ..ඕන්න දියුනු උනාම මැරෙන්නෙ නැත්තන් කමක් නැ ඔය කොයි කාටත් අන්තිමට රියන් 4 තමා....

    බුද්ධගමේ එක පැත්තක් ගත්තොත් ඩිප්‍රෙස් තමා. එත් බුදුන්ගේ කලෙත් සියලුම දෙනා අනිත්‍ය අවබෝධකරගෙන නිවන් අවබෝධ කරගත්තේ නෑ. ඒ ලෞකික අයට දේශනා කළා ඔවුනට ගැලපෙන. ඇත්ත දියුණුව කියන්නේ මිරිගුවක් වගේම එක පරම්පරාවකින් ඊට පසු පරම්පාරාවට දායාද කරන දෙයක් කියලත් මතක තියාගන්න. අන්තිමට හැමෝම මැරෙනවා වගේම ඊට පිටිපස්සේ තව කට්ටියක් උපදිනවා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    කර්මය කියන්නෙ බුදු දහමෙ හරයෙම තියෙන දෙයක්නෙ බං. කර්මය අයිං කරපු ගමං බුදු දහමෙ ආයෙ අලුතෙන් ගන්න දෙයක් නෑ. සංසාරෙ ගැනත් හින්දු ආගමෙ ජෛන ආගමේ තියෙනව. නිවන ගැනක් මෝක්ශය වගේ වෙන නම් වලිං තියෙනව. ඒවත් එහෙනං අයිං කරන්න වෙනවනෙ බං. එතකොට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ ඒ කාලෙම කව්ද මන්ද තව හිටියෙ භෞතිකවාදී ශාස්තෘවරයෙක් බෙල්ලක් කැපුව කියන්නෙ ද්‍රව්‍ය ගොඩක් මැද්දෙන් තවත් ද්‍රව්‍ය ගොඩක් ගියා විතරයි විපාක නෑ කියල. ඒකෙයි බුදු දහමෙයි වෙනසක් නැතිවෙනවනෙ එතකොට.

    හැබැයි පස් මහ බැලුම් අදාල කරගත්තොත් ඇයි හින්දු ජෛන වගේ ආගම් වලත් සංසාරෙ නිවන කර්මය තිබිල බුදු දහමෙත් තියෙන්නෙ කියන එක පැහැදිලි වෙනව. බුදු කෙනෙක් පහල වෙද්දි මිනිස්සු කර්මය සංසාරය වගේ දේවල් වත් පිලිගන්නැත්තං බුදු හාමුදුරුවන්ට වෙන්නෙ ඒව මුල ඉඳලම කියා දීල නිවන් දකින පාර කියන්නනෙ. හැබැයි ටික කාලෙකිං මුල ඉඳන් සේරම කියා දෙන්න බෑ. අපිට වුනත් සංකීර්ණ දේවල් උගන්නන්න කලිං මොන්ටිසෝරියෙන් ඉස්කෝලෙන් අවශ්‍ය කරන මූලික ප්‍රාථමික දේවල් කියා දීල ඉන්නවනෙ. ඊට පස්සෙ ඒව ඇසුරෙංනෙ පස්සෙ වෙනත් දේවල් තේරුම් ගන්නෙ.

    ඒ වගේ පස් මහ බැලුම් බලන එකේ තේරුම සංසාරෙං ගැලවෙන විදිහ කියා දෙන්න සංසාරයක් තියෙනව කියල පිලිගන්න, ඒක දුකක් කියල පිලිගන්න, ඒකෙං ගැලවෙන්න ඕනෙ කියල පිලිගන්න සමාජයක් බිහිවෙලා තියෙන්න ඕනෙ. ඒ නිසා තමා පස් මහ බැලුම් බලල ඒ ප්‍රදේශෙ ඉපදුනේ.

    එතකොට හින්දු ජෛන ආගම් වලිං පස්සෙ කාලෙක ඕව බුදු දහමට ඇතුල් වෙන්න දෙයක් නෑ බුදු හාමුදුරුවොමයි ඒව ඇතුල් කලේ එහෙම දෙයක් ඇත්තටම තියෙනව බුදු හාමුදුරුවො ඉපදෙන්න කලිනුත් ඒව ගැන වෙනස් විදි වලට දැනං හිටපු මිනිස්සු ඉඳල තියෙනව.

    ජෛන හින්දුම ඕන්නෑනෙ බං තව ආගම් තිබිල තියෙන්නෙ බල්ලො වගේ උෟරො වගේකුණු කකා පාරෙ ජීවත් වෙන, දුක් ගෙවල සංසාරෙ ඉවරයක් කරන්න පුලුවන් කියල හිතපු.

    මේ කතිකාවත හදුනා එක හොදයි, මචන් මම දනන් විදිහට නිවන බුදුන්ගේ දේශනාවක් කියල හිතන් බා. හැබැයි නිවන්මගට ප්‍රවෙශයත්, මාර්ගයත් ඉගැන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්ත්‍ය හරහා. Jainism වල නිවනක් සඳහන් වෙනවා

    https://www.quora.com/Who-invented-or-introduced-Nirvana-and-Buddha-in-Buddhism-or-Jainism#
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කතිකාවත හදුනා එක හොදයි, මචන් මම දනන් විදිහට නිවන බුදුන්ගේ දේශනාවක් කියල හිතන් බා. හැබැයි නිවන්මගට ප්‍රවෙශයත්, මාර්ගයත් ඉගැන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්ත්‍ය හරහා. Jainism වල නිවනක් සඳහන් වෙනවා

    https://www.quora.com/Who-invented-or-introduced-Nirvana-and-Buddha-in-Buddhism-or-Jainism#

    ඔව් නිවන බුදු හාමුදුරුවො එදා සමාජෙ මුල්ම වතාවට හොයාගෙන කියපු දෙයක් නෙමේ. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කාලෙකට කලිං ඉඳන් මිනිස්සු සංසාරයක් ගැන දැනගෙන හිටිය. ඉපදෙනව කියන්නෙ දුකක් කියල විශ්වාස කලා. ඕකෙන් ගැලවෙන්න එක එක දේවල් කලා. සමහරු සත්තු වගේ ජීවත් වුනා. සමහරු ජෛන ආගමේ වගේ මහණ දම් පිරුව.

    බුදු හාමුදුරුවො කලේ ඒ වෙනකොටත් සමාජය දැනං හිටපු ඕනෙ වුන දෙයක් ලබාගන්න විදිහ කියල දීපු එක. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ට අනුව අනික් ආගම් වලිං කියපු පාරවල් වල මොකක් හෝ වැරැද්දක් තියෙන්න ඕනෙ. නැතුව ඒව එහෙම් පිටිං පච නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතිකාවත හදුනා එක හොදයි, මචන් මම දනන් විදිහට නිවන බුදුන්ගේ දේශනාවක් කියල හිතන් බා. හැබැයි නිවන්මගට ප්‍රවෙශයත්, මාර්ගයත් ඉගැන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්ත්‍ය හරහා. Jainism වල නිවනක් සඳහන් වෙනවාhttps://www.quora.com/Who-invented-or-introduced-Nirvana-and-Buddha-in-Buddhism-or-Jainism#

    ඔව් නිවන බුදු හාමුදුරුවො එදා සමාජෙ මුල්ම වතාවට හොයාගෙන කියපු දෙයක් නෙමේ. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කාලෙකට කලිං ඉඳන් මිනිස්සු සංසාරයක් ගැන දැනගෙන හිටිය. ඉපදෙනව කියන්නෙ දුකක් කියල විශ්වාස කලා. ඕකෙන් ගැලවෙන්න එක එක දේවල් කලා. සමහරු සත්තු වගේ ජීවත් වුනා. සමහරු ජෛන ආගමේ වගේ මහණ දම් පිරුව.

    බුදු හාමුදුරුවො කලේ ඒ වෙනකොටත් සමාජය දැනං හිටපු ඕනෙ වුන දෙයක් ලබාගන්න විදිහ කියල දීපු එක. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ට අනුව අනික් ආගම් වලිං කියපු පාරවල් වල මොකක් හෝ වැරැද්දක් තියෙන්න ඕනෙ. නැතුව ඒව එහෙම් පිටිං පච නෙමේ.

    නිර්වානය කියන දේ තියෙන්නෙ බුදු දහමෙ විතරයි වෙන කිසිම ආගමක නිර්වානයක් නැ..බුද්ධ කාලයට පෙර සoසාරය කියල දෙයක් තියෙනව කියල පිලිගත්ත ඒක හරි, ඒත් සoසාරය දුකක් කියල පිලිගැනීමක් තිබ්බෙ නැ..ජාති ජරා වියාදි මරණ දුකක් කියල ඉගැන්වීමක් මුලින්ම දේශනා කරේ බුදු හාමුදුරුවො..

    ඔය අනිත් බුද්ධකාලීනව තිබ්බ ආගම් වල ඉගැන්වීම දෙව්ලොව, එහෙමත් නැත්තන් බ්‍රහ්ම ලොව එහෙමත් නැත්ත සෘෂි වරයෙක් වෙන්නෙ කොහොමද කියන එකයි..නිගන්ඨ ආගමේ වගේ නම් රහත් කියල වෙනම සකල්පයක් තියෙනව එයාල නිරුවතින් ඉන්නෙ රහත් කියල පෙන්නන්ඩ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඒකාලෙ අය විමුක්තිය හොයාගෙන ගියෙ
    අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින එක විමුක්තිය කියල පිලිගෙන තියෙන්නෙ
     
    nope.
    ජෛන ආගමේ නිවන මෝක්ශය කියල වෙන නමකිං තියෙනව. සංසාරය නවත්තන අතිං ගත්තාම දෙකම එකයි. යන පාර විතරයි වෙනසකට තියෙන්නෙ. හරි නං නිගණ්ඨනාථපුත්ථ කියන්නෙත් මනස දියුණු කරල සංසාරය ගැන ගොඩක් දේවල් දැකපු කෙනෙක් වෙන්න ඕනෙ ඒකයි බුදු දහමට සමාන දේවල් ගොඩක් තියෙන්නෙ.

    ජෛන හින්දු වගේ ආගම් හෙන පහත් කියල ගරහන්න උගන්නන්නෙ පස්සෙ ඒව ගැරහිල්ල පාවිච්චි කරල බුදු හාමුදුරුවොත් මෙහෙම කියල තියෙනවනෙ කියල බුදු දහමට වැඩේ දෙන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකාලෙ අය විමුක්තිය හොයාගෙන ගියෙ
    අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින එක විමුක්තිය කියල පිලිගෙන තියෙන්නෙ

    රූපාවචර ඒවගෙ ඉපදෙන්න ට්‍රයි කරපු අයත් හිටිය :yes: හිතක් නැති කයක් විතරක් තියෙන එකේ එහෙම :yes: ඒගොල්ලන්ට සමහර විට ඒවගෙ ආයු කාලෙ සයිස් එකත් එක්ක ඒවගෙ ඉන්න අය ඒවයෙන් මැරිල ඇවිල්ල ආයෙ ඉපදෙනව දකින්න නැතුව ඇති