හේමමාලා දන්ත ධාතුව ගෙනෙද්දී ඔසප්වීම නැවත

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    හේමමාලා දන්ත ධාතුව ගෙනෙද්දී ඔසප්වීම නැවත

    57486745_2858132827_b.jpg

    කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට තිබූ නීතිය රජය විසින් අහෝසිකර කරලා.එවගේම මත්පැන් විකිණීමද උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා අවසර ලබා දීල තිබෙනවා.මේ ගැන විරෝධයක් විපක්‍ෂ මැතිවරණ වේදිකාවේත් (දැනට)​ ඇතැම් භික්‍ෂූන් තුළිනුත් මතුවෙලා තිබෙනවා.මැතිවරණ වේදිකාවේ මෙයට විරුද්ධව විවිධ කතා දැනට කියන්නේ මහින්ද රාජපක්‍ෂ ගේ ඒකාබද්ධයේ කට්ටිය.භික්‍ෂූන් ගෙන් ඕමල්පේ සෝභිත හිමි,බුදුගල ජිනවංශ හිමි ප්‍රමුඛ තවත් කීප දෙනෙක්.

    මේ මත්පැන් නීතිය ලිහිල් කිරීම වෙනුවෙන් ඉහත කී දෙපාර්ශවයම ඉදිරිපත් කරන පොදු තර්කයක් තියෙනවා.ඒ තමයි මේ ලිහිල නිසා කාන්තාවන්ට තිබූ ගරුත්වය නැතිවෙනවා.එවගේම මාතෘත්වයට තියෙන ගෞරවයට තර්ජනයක්‍ ය කියන එක​.මේ තර්ක කරන අය කාන්තාවන්ට,මාතෘත්වයට තිබෙන ඇත්ත ගෞරවයකින් මේ අදහස් ඉදිරිපත් කරනවාද ? ඇත්තෙන්ම නෑ.ඇයි මම එහෙම කියන්නේ.

    පළමුවෙන්ම අපි භික්‍ෂූන් ගේ පැත්තෙන් බලමු.අපි අහල තියෙන්නේ හේමමාලා කුමරිය සිය කෙස් කළඹේ සඟවා ගෙන තමයි දන්ත ධාතුව මේ රටට ගෙනාවේ කියලා.හැබැයි නැවේ කී දවසක් තිස්සේ ආවද කියලා මා දන්නා තරමින් සඳහනක් නැහැ.නමුත් දැන් දළදා මාළිගාවේ තේවාවන්වලට කාන්තාවකට ඉඩකඩ තියෙනවද ? නෑ. මාළිගාවේ පත්තිරිප්පුවට නගින්න කාන්තාවකට අවසර තියෙනවද ? නෑ.පසුගිය දවස්වල මධ්‍යම පළාතේ ආණ්ඩුකාරිනිය ලෙස කාන්තාවක් පත් කලාම ඒකට හික්‍ෂූන් ගෙන් මොන තරම් විරෝධයක් මතු වුනාද​.හික්‍ෂූන් ගේ මේ සියලු විරෝධයන්ට මුල මොකක්ද ? කාන්තාවකට මාසිකව ඇතිවන ඔසප්වීම නිසා ඇය කිළිටි කිළි සහිත තැනත්තියක් බවයි​.මෙය කාන්තාවකට කරන අවමානයක් නෙමේද ? මේක මාතෘත්වයට කරන අවමානයක් නෙමේද හාමුදුරුවනේ ?හැබැයි හේමමාලා කුමරිය දන්ත ධාතුව අරගෙන එන කාලෙ ඔසප්වීම නැවතිලා තිබුනාද ? නැතිනම් ඒ අතරතුර කාලයේ එහෙම වුනේ නැද්ද ? කොහෙවත් සඳහනක් තියෙනවද අපෙ හාමුදුරුවනේ . නෑ නේද ? බුදුන් කොහේ හෝ එවැන්නක් ප්‍රකාශ කර තිබෙනවාද ? මත්පැන් මිළදී ගැනීම ඔබ වහන්සේලාට අනුව මාතෘත්වයට තර්ජනයක්.නමුත් ඔබ වහන්සේලා ගේ සාසනේ තීන්දු තීරණ මාතෘත්වයට අවමානයක්.නිගාකිරීමක් වෙනස්කොට සැලකීමක් නෙමේද හාමුදුරුවනේ ?.ඉතින් එහෙම තැනැත්තියක් තමන් කැමැති මත්පැන් වර්ගයක් අතේ මිටේ තියෙනා පරිදි ගත්තාම මොකෝ අපේ හාමුදුරුවනේ.අනෙක කාන්තාවන්ට සාසනය තුළ උපසම්පදාව නොදෙන්නේ මොකෝ අපේ හාමුදුරුවනේ.

    අද පාර්ළිමේන්තුව තුළත් ඉන් පිටතදීත් මේ මැති ඇමැතිවරු කාන්තාවන්ට අපහාසවන විදියේ මොන මොන කතා කියනවද ? කාන්තාවන්ට අපහාස කරනා, කාන්තාව ඉතා චපල තැනත්තියක් ලෙසින් තිබෙන බමුණු මතවාදයන් උපමා උපමේයන් ලෙස කෙතෙක් භාවිතා කරනවද ?මහින්ද ගේ ඒකාබද්ධයේ නාමයෝජනාවක් ලබා ගන්න නිරුවත් වෙන්න කියලා කාන්තාවකට කරපු යෝජනාවක, චෝදනා උණුහුම තවමත් ගියේ නැහැ. රැකියාවේ පත්වීමක්, උසස්වීමක් ගන්න. දරුවා පාසලට ඇතුළත් කරගන්න ලිංගික අල්ලසක් දිය යුතු තැනැට මේ සමාජය පත් කලේ මෙතෙක් රට පාලනය කල පාලකයන් හැදූ සංස්කෘතියක් නෙමේද ? රටට රන් පදක්කම් ගෙනා සුසන්තිකාලා විනාශ කලේ කවුද ? ඒවා තලු මරමින් රසකරකර වැළදූ මේ මැති ඇමැතීන් ගේ කාන්තා මත්පැන් විරෝධය මඩු වළිගෙන් තළන්න ඕන​.කාන්තාවන් ගේ ගරුත්වය ගැන අද කතාකරන හාමුදුරුවන්ලා ඒ ආණ්ඩුවල කොටස්කාරයෝ වෙලා හිටියේ.සමහරු උපදේශකයෝ.ඉතින් එදා ඒවාට විරුද්ධව හ්ම් ශබ්දයක් ඔය කාගේවත් තිබුනාද ? නෑ

    අනෙක් අතට සුරාසැල් වැහුවාම තමයි හොර පොළට, කසිප්පු වලට​ වාසි එන්නේ.හොර පොළ දොළොස්මස් පහණ වගේ.තුන්සිය හැටපස් දවසෙම ඇරලා. ඒවායේ තියෙන්නේ ප්‍රමිතියකින් තොර හොර බඩු.ගාණත් වැඩියි.හැබැයි මත්පැන් පාවිච්චියෙන් ශරීරයට සිදුවන හානි,විශේෂයෙන් ගැබ්බර මවක් පාවිච්චි කිරීමේදී කුසේ ඉන්නා දරුවාට ඉන් විය​ හැකි හානිය මේවා ගැන වෙනම කතා බහක් අවශ්‍යයි.අපි සංස්කෘතිය කියලා බොහෝවිට හදාගෙන තියෙන්නේ හොරෙන් යමක් කිරීම හා අසංස්කෘතික දේවල් තමයි.නැතිනම් අන්ධ භක්තිය​.මේක සංස්කෘතික දුගී භාවය​.අනෙක අපි සුද්දාට, සුද්දාගේ නීති රීති වලට, සුද්දාගේ සංස්කෘතියට මාර විරුද්ධයි.හැබැයි ජනප්‍රිය වෙන්න​,චන්දයක් දිනා ගන්න පුලුවන්නම් සුද්දත් හොඳයි.සුද්දගෙ ඔක්කොමත් හොඳයි.කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමේ තහනම සුද්දා ගෙනාවෙ.හැබැයි සුද්දාගේ බටහිර කාන්තාවන්ට මත්පැන් බීම​,සති අග නිවාඩුව නයිට් බාර්වල රෑ එළිවෙන තුරු විනෝද වීම කිසිම තහනමක් නෑ.එහෙම වුනා කියල සමූහ දූෂණ​,ලිංගික අඩංතේට්ටම් ඒවට ඉඩක් නෑ.මොකද කාන්තාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් තිබෙන නීති රීති ඉතා දැඩියි.එවගේම ඒවා කඩ කරන්නන්ටත් නීතියට වංගුදාල,නීතිය නමල බේරෙන්න බෑ.අද අපටත් අන්න එවැනි නීති රීති නම් අවශ්‍යයි.

    සුද්දා හඳටත් ගියා.අපි තාම හඳේ හාවා ගැන කවි ලියනවා.

    Source- Sri Lanka Mirror