හොණ්ඩා ෆිෆ්ටිය 1
“හොණ්ඩා ෆිෆ්ටිය , සෙවන්ටිය සහ නයින්ටිය” (1)
දුප්පතාට උදව් වෙන වාහනයක් ගැනයි, අද කියන්න යන්නේ. හැබැයි මේ වාහනයේත් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය නම් කවදාවත්ම කඩන්න බැරි වාර්ථාවක් වේවි. 2014 දී කරන ලද නිළ නොලත් සංඝනනයකින්, මේ වාහන මිලියන 87ක් ලෝ පුරා විකිණුනා කියා සොයා ගත්තා.
මෙය ඇත්තටම ගිනස් වාර්ථාවක්. ලෝකයේ වැඩියෙන්ම විකිනුණු වාහනය මෙයයි. අද කතාව දිගයි. වෙලා අරගෙන බලන්න.
මේ වාහනේ මෙතරම් විකුණුනේ කොහොමද කියා සොයා බලමු.
ඒ ගැන මට අත්දැකීමක් තියෙනවා. අපේ අයියා ගාව තිබුනේ C 70ක්. මිනිහ ජීවිතේට බ්රේක් පාවිච්චි කරන්නේ නැහැ. කොහොමත් ඒ බයිසිකලේ බ්රේක් ඇත්තේත් නැහැ. ටයිම් කරලා ගියර් දාලා බයිසිකලේ නවත්වනවා. ඔය ගියර් දෙකක් අතර යන්තමින් තද කලාම නියුට්‍රල් වගේ ස්ටේජ් එකකට එනවා. අන්න එතනදී එන්ජිම රේස් කරගන්න පුළුවන්. මේවා වැරදියට කරලා ගියර් කඩාගන්න එපා...! අයියා, සෙවන්ටියේ පිටිපස්සේ තනි රෝදෙන් යන්න දක්ෂයා. මේවා ඔහු කලේ පාරිභෝගිකයෝ ඇදගන්න වෙළඳ දැන්වීමක් වගේ.
තාත්තගේ කුඩා ගරාජයේ මයිනර්, හිල්මන් කබල් සහ පරණ ඉංග්‍රීසි බයිසිකල අතරේ, අයියා ඒ කාලේ අළුතෙන් ආව ජපන් බයිසිකල් හදනවා. අපේ ගේ තියෙන්නේ කන්දක් පාමුල. ඉතින් අයියා එන සද්දේ හොඳින් ඇහෙනවා. ඒ මොකද, මිනිහා පල්ලමේ ඇවිත් C 70 බයිසිකලේ වේගය අඩු කරන්නේ ගියර් වලින්. හැමදාම මේ වැඩේ කරනවා -තාත්තා බනිනවා.- මේක හරියට උදේට ඉර පායලා හවසට බහිනවා වගේ හැමදාම වෙන වැඩක්.
අයියාට මාර ෂුවර් එකක් තිබුනා, ගියර් පෙට්ටියට මොකුත් වෙන්නේ නැහැ කියලා. යන්තම් රැවුල එන්න පටන් ගත්ත මට, මේ ක්‍රමය අයියා කියා දුන්නා. තාත්තා මේ ජපන් බයිසිකල් දිහා බැලුවේ, මේ කාලේ අපි ලාබම චීන නැත්නම් ඉන්දියන් බයිසිකලයක් දිහා බලනවා වගේ. තාත්තාගේ හිතේ අධි විනිශ්චය වෙලා තිබුනේ, “සුද්ද දෙයක් කලොත් නම් ඉතින් ආයෙත් තව අහන්න දෙයක් නැහැ” කියලා.
ඉතින් කාලයක් ගිහින් අපි ඔය බයිසිකලේ කෑලි කෑලි වලට ගැලෙව්වා. මෙතනදී අමතක කරන්න බැරි අපේ වැඩ වලට සෙට් වුනු තව මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා. මිනිහට අපි කිව්වේ ‘මළකඩයා’ කියා. ඒ නමෙන්ම මිනිහා කව්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් නේ. හොඳම වර්ගයේ වැඩ්ඩෙක්. වාහනේ එයාර් ෆිල්ටරෙන් ඇතුල් වෙලා, ගියර් බොක්ස් එක හරහා ගිහින්, සයිලන්සරෙන් එළියට එන්න පුළුවන් වුනු එකෙක්. නම, විමල් කරුණාරත්න සහ, දැන් මිනිහා ඔක්කොම නවත්වලා ලොකුවට ගොවිතැන් කරනවා.
ඉතින් තාත්තත් මළකඩයාත් එක පැත්තක- අයියා සහ මම තව පැත්තක. ගියර් පෙට්ටියේ ගියර් වල කෑලි වත් නැතිව ඇති කියලා හිතලා ගැලෙව්වා. තාත්තා හිනා වෙවී, මෝඩ අප දෙස බලා හිටියා. ඇත්තටම එකම එක ගියර් එකකවත්, අඩු ගානේ ආසාවට ඉරක් වත් ඇඳිලා තිබුනේ නැහැ. ගියර් වීල් හරිම සුන්දර ආකාරයට, ජපානෙන් ආවා වගේ තිබුනා. තාත්තාට නම් මේක අදහන්න බැරි දෙයක් වුනා. කබල් ඉංග්‍රීසි වාහන හදපු මළකඩයගෙ ඇස් උඩ ගියා...
හැබැයි එදා ඉඳලා තාත්තා සහ මළකඩයා ජපන් බයිසිකල් ගැන ඕනෑකමින් සොයා බලන්න පටන් ගත්තා. ඒක එයාලගේ කාර්මික ජීවිතයේ කඩඉම් ලක්ෂයක් වුනා. අයියා සහ මළකඩයා උනන්දු වෙලා බයිසිකල් හදලා සල්ලි හෙව්වා. ඒ කාලේ ඉස්කෝලේ ගිය මට, ඕවට එච්චර වෙලාවක් තිබුනේ නැතත්, පිටකොටුවෙන් පොරොප්ප කඩදාසි (කෝක් ශීට්) ගෙනල්ලා පරණ ක්ලච් ප්ලේට් රෙපයාර් කරලා ගාණක් හෙව්වා. බයිසිකල් වයරින් කලා. ඒ කාලේ ඔලුවේ වැඩ කලේ ඉලෙක්ට්‍රොනික්ස් නිසා, ප්‍රාථමික වර්ගයේ සී. ඩී. අයි හැදුවා. (පසුව ඇති සටහන් බලන්න.).
දැන් මෙන්න අපිට පාරිභෝගිකයෝ වැඩි වෙලා. හැබැයි, පරණ ට්‍රයම්ප්, බී.එස්.ඒ, ඒරියල්, ජාවා, නෝර්ටන්, රෝයල් එන්ෆීල්ඩ් බයිසිකල් පදින, තාත්තාගේ පාරිභෝගිකයෝ ඉස්කෝලේ මහත්තුරු, පොලිසියේ අය, වතු සුපිරින්ඩන්ට්ලාට වඩා නම් මේ අය වෙනස්.
මාළු විකුණන අය, පලා මිටි නගරෙට අරන් යන අය, හේනට පෝර ගහන්න යන අය, කෙල්ලෝ බලන්න සී සෙවන්ටි ගත් තරුණ අය, පාන් විකුනන්නෝ, රස්තියාදු කාරයෝ, රා මදින අය, බිත්ති වහළ කපරාරු කරන බාස්ලා, සී ෆිෆ්ටි, සෙවන්ටි කාන්ඩේ බයිසිකල් අරගෙන මෙන්න පෝලිමේ එනවා. දැන් අර ‘වැදගත් අය’, කොල්ලෝ වුනු අපට අල්ලන්න වත් නොදෙන බයිසිකල් නැති වුනාට අවුලක් නැහැ.
රෙපයාර් එකට ආපු ෆිෆ්ටියක්, සෙවන්ටියක් හරි නයින්ටියක් ගත්තා, රෑ කඩේ ගියා. බේකරියේ පාන්දර බාන, උණු උණු රෝස් පාන් කෑවා. බේකරියේ පාන් අදින බයිසිකල් දෙක අපි හදපු නිසා පාන් නිකම් ලැබෙනවා. නැත්නම් නයිට් ෂෝ එක බලන්න ගියා. පාන් වගේම, වාද්දුවේ රා සහ, අරාබි පෙට්‍රලුත් අපිට ෆ්‍රී වුනා, ජීවිතේ සුන්දර වුනා.
ඒ කාලේ මෝටර් බයිසිකල් තිබුනේ ‘වැදගත්’ කියා සම්මත වුනු රස්සාවල් කල අයටයි. ඔය අනෙක් අයගේ බයිසිකල් හදන වැඩේට තාත්තා කැමති නැති වුනත්, අම්මා නම් එච්චර කචල් දැම්මේ නැහැ. මොකද, අපේ ගෙදරට නිකම් ලැබෙන පලා මිටි, මාළු වලින් අඩුවක් තිබුනේ නැති නිසා වෙන්න ඕනා. මම හොයපු සල්ලි අම්මට දුන්නා. අයියා නම් ඒවා කාල බීල නාස්ති කලා. මම හිතන්නේ හැම ගැහැණියක් වගේම, අම්මා සාමාන්‍ය ජීවිතේ ප්‍රායෝගිකයි. හැම පිරිමියෙක් වගේම, තාත්තා ගරාජයේ සහ වැඩ පොළේ ප්‍රායෝගිකයි.
දැන් සී සෙවන්ටි, සී නයින්ටි වලින් පටන් ගෙන, ඔන්න එනවා MD-90 හෙවත් තැපැල් නයින්ටිය. ඒක බරට හොඳයි. අනෙක ඒකේ ශෝකැබ්සෝබර, පරණ සෙවන්ටි වගේ බ්රේක් ගැහුවාම ඉස්සරහා රෝදේ වගේ උඩ එන්නේ නැහැ. ඒවා ටෙලස්කොපික් වර්ගයේ ඒවා වුනා. අතුරු කතාවක්...ඇයි බ්රේක් ගැහුවාම මේ සී ෆිෆ්ටි සෙවන්ටි, නයින්ටිවල ඉස්සරහා රෝදේ උඩට එන්න හැදුවේ? බ්රේක් ගැහුවාම බයිසිකලේ ස්ථාවර වෙන්න ඕනා නේ? ඉස්සරහා රෝදේ උඩ යනකොට ඒකෙ අනෙක් පැත්ත නේ වෙන්නේ? ...මෙන්න මේකයි උත්තරේ...
හොණ්ඩා සහ ෆුජිසාවා මහත්තුරු මේ වර්ගයේ බයිසිකල් නිර්මාණය කලේ, ලස්සණට සහ සැප පහසුවට ගමනක් යන්නයි. ඔබ දන්නවා බයිසිකලේ ඉස්සරහ රෝදේ වලක වැටුනාම, ඒ ආවේගය කෙලින්ම හැන්ඩල් එක හරහා අත් දෙකට එනවා. ඒකට විශේෂයෙන්ම ගැහැණු පක්ෂය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉස්සරහා රෝදය සවි වෙලා තියෙන ආකාරය බැලුවාම කුඩා වළවල් වල වැටුනාම රෝදය හෙලවිලා ඒ ආවේගය අවශෝෂණය කර ගන්නවා.
ලොකු බ්රේක් එක වුනත්, ඒ අවස්ථාවේ බයිසිකලය පදවන්නා ගේ බර ඉදිරියට යොමුවන හෙයින් එතරම් ඉස්සරහා රෝදය උඩ යන්නේ නැහැ. ඒ නිසා තැපැල් නයින්ටියට වඩා සී කාණ්ඩයේ බයිසිකල් සැපපහසුයි. ඉතින් බර ගෙනියන්න හදපු තැපැල් නයින්ටියට ඔය ක්‍රමේ එච්චර ගැලපෙන්නේ නැහැ. පිටිපස්සේ තියෙන රැක් එකේ, කරදරයක් නැතිව සිමෙන්ති කොට්ට දෙකක් දාගෙන යන්න පුළුවන් බව තැපැල් නයින්ටිය පැදපු කෙනෙක් දන්නවා. හැබැයි, හැපුනොත් නම්, ඔයි කියපු ශෝකැබ්සෝබර දෙකට මැද්දෙන් කැඩෙනවා. අනෙක තැපැල් නයින්ටිය බර නිසා, එච්චර තෙල් කරන්නේ නැහැ.
ඔයිට වඩා වෙළඳ දැන්වීමක් මේ සී ෆිෆ්ටි, සෙවන්ටි, නයින්ටි වලට නාකි මට ඕනා නැතත්, තරුණ ඔබ වෙනුවෙන් මේ පහත විස්තර ලියනවා. ඉංග්‍රීසි වචන දැම්මේ, කාර්මික සිසුන් මෙතන ඉන්නවා නම් ඒ අයට ඒවා ගූගල් කරලා තව තවත් ඒ අයගේ දැනුම වර්ධනය කර ගන්නයි. ඉතින් මේ වගේ අපුරු වාහනයක් හදන්න ගත්තු සංකල්ප ගැන හිතන්න වෙනවා. ඔබ හිතන්නේ එය සම්පුර්ණයෙන්ම කාර්මික විය යුතුයි කියාද? එහෙම නම් ඔබ වැරදියි.
ඒකත් හරියට හොඳින් තනපු නිවාසයක අත්තිවාරම වගේ. ඒ වගේ ගෙදරකට ගියාම ලස්සණ බිත්ති, ශක්තිමත් දොරවල්, හොඳ ලී බඩු පෙනේවි. කවුරුවත් අත්තිවාරම කොහොමද කියලා හොයන්නේ බලන්නේ නැහැ. හැබැයි, අත්තිවාරම නැත්නම් ඔය අනෙක් දේවල් ඔක්කොම බිම. එකක්වත් පවතින්නේ නැහැ. හැම දේම එකිනෙකට සම්බන්දයි. ඉතින්, ඒ වැදගත්ම දේ, එනම් එම අත්තිවාරම වැටුනේ මෙහෙමයි.
එක්දාස් නවසිය පනහේ දශකයේ මැද භාගයේ, හොණ්ඩා සමාගමේ ලොක්කෝ දෙන්නා වන ‘සොයිචිරෝ හොණ්ඩා’ මහතා සහ ‘ටකෙයෝ ෆුජිසාවා’ මහතා ජර්මනියට ගිය අතරේ සැහැල්ලු මෝටර් සයිකල සහ ස්කූටර දුටුවා. හොණ්ඩා මහත්තයා සමාගමේ ඉංජිනේරු සහ නිෂ්පාදන ලොක්කා වුන අතරේ, ෆුජිසාවා මහත්තයා වෙළඳ ගණුදෙනු සහ මුදල් අංශය භාරව සිටියා. මේ විධායක යුගල ක්‍රමය ජපානයේ බොහෝ තැන්වල සාර්ථක වුනා.
සෝනි ආයතනය පටන් ගත්, ‘මොරිටා මහත්තයා’ සහ ‘ඉබුකා මහත්තයා’ වගේ. ඒක වෙනම කතාවක්. ඉංජිනේරුවන් පමණක් කරන වැඩ, වඩා සාර්ථක වෙන්න තාක්ෂණික කළමනාකාරිත්වයක් (technology management) සහ ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු සහ සංවර්ධිත ක්‍රම (International business strategy and development) ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනා. ෆුජිසාවා මහත්තය මේවට දක්ෂයා. ඔහු මේ පසුබිම ඇති කලේ නැත්නම්, හොණ්ඩා ආයතනය මෙපමණ දියුණු වෙන්නේ නැහැ.
උපුටා ගැනීම ලලිත් කරුනාරත්න