හොද ළමයෙක් වෙන්න දුවේ ...
1. ඔබ ස්වභාව ධර්මයට එකතුවෙන්න
උසට වැඩුනු ගස් කොලන් ..... පෙරී එන පිරිසිදු වාතය ..... නිල් තණබිම් ..... කදුහෙල් , මිටියාවත් , පිපී විකසිත වන මල් ..... පෙතිවල රැදෙන පිණිබිදු ..... සිහින් හිරු රැස් ..... අහස උසට නැගෙන සිහින දුමාරය .... ගලා යන තුෂාරය ..... ශිත පින්න ..... මේ හැම දේකින්ම ඔබේ ජීවිතය වර්ණවත් කරන්න. ඔබට අධ්‍යාත්මික සුවය ලඟාකර ගැනීමටත් සිතට එන පීඩනය අවම කර ගැනීමටත්, මානසික විවේකය ලබා ගැනීමටත්, මේ හැම දෙයක්ම ඉවහල් වෙන බව සිතට ගන්න.
2. ජීවිතය දෙස මේ කරුණු තුලින් එබී බලන්න
කහපාට වෙන විට , ඉදුනු ගෙඩි, ගස්වල කොල , බිමට හැලෙන බව.
සිහින් පින්න බිමට වැටී නොපෙනී යන බව.
ලස්සන රෝස මල් පෙත්තක හිමිදිරියේ වැටුනු පිනිකැටය දියවී යන බව.
කවුළුව අද්දර ඊයේ පිපුනු ලස්සන මල හෙටකදී පරවී යන බව.
ආදර හැම කෙනෙක්ම , හැම දෙයක්ම , කවදා හෝ අපෙන් ඈත්වන බව.
3. යථාර්ථය දකින්න පුරුදු වෙන්න.
අප මුහුදු වෙරළේ ගමන් කරන විට දකින සුදුවන් පෙණ පිඩු සහිත රළ අතට ගත්තොත් ,අතෙහි ඉතිරි වන්නේ වතුර පමණක් බව.
ඈතදී දකින ගිණි වළල්ලේ ඇත්තේ වළල්ලක් නොව, ගිණි පෙනෙල්ලක් බව
හැම දෙයකම , හැම ගැටළුවකම පෙනෙන පැත්තට වඩා යථාර්ථවාදීව නොපෙනෙන පැත්තක් ඇති බව.
4. ජීවිතය ජීවත් කරවන්න, එය ගගක් සේ ගලා යාමට ඉඩ දෙන්න.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න බැහැ. අංග විකල නොවූ (ඇස්,කන,අත පය , මනස) ජීවිතයක් ලබාගන්න , අපි මොනතරම් පින් කරන්න ඕනද? ඒ නිසා ඒ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබූ අපි ඒ ජීවිතය රැකගන්න කොයිතරම් මහන්සි විය යුතුද? කැපකිරීම් කල යුතුද ? අන්න ඒ ටික හිතට ගන්න. ඒ නිසා ඒ වගේ වටිනා ජීවිතයක් විනාශ කරන සියළුම ප්‍රවේගකාරී බලවේගයන්ගෙන් ඈත්වෙන්න. සියළු බාධක ජයගෙන පහලට බැස යන ගඟක් සේ ජීවිතයට ගලායන්න ඉඩදෙන්න.
5. ජීවිතය සුන්දරය
සුන්දරත්වය හැම විටම ජීවිතයට එක්කර ගන්න. එය කවුළුව අද්දර සිට ශිත කදුකරය දෙස බලමින් සෙමින් සෙමින් තොල ගාන පළතුරු යුෂ බදුනක් සේ සිතා සියමු මිහිරකට එක් කරන්න. ජීවිතය මිහිරි ගීයක් සේ සලකා හැකි හැමවිටම ආසාවෙන් ගයන්න.
6. අසුබවාදී සිතුවිලි සිත තුලින් ඈත්කර දමන්න.
ක්‍රෝධය , දේවේශය , මෝහය , තණ්හාව අපේ සිත ලෙඩකරන විෂබීජය. මේ විෂබීජ බොහෝ දුරට අපේ සිත තුල පහල කරන්නේ විෂමාචාර සිතුවිලිය. එහෙයින් , අප යුද්ධ වැදිය යුතු සතුරන් සේ සලකා මේ විෂබීජ තුරන්කර දැමීමට සටන් කරන්න.
7. දවසේ වැඩ ඉතා උනන්දුවෙන් , උද්යෝගිමත්ව පටන්ගන්න
එවිට ඒ සියල්ල ආසාවෙන් කෙළවර කළ හැකිය.
අද දවසේ වැඩ සියල්ල අදම ඉටුකරන්න.
නිදහසට කරුණු දක්වනවාට වඩා එය කෙතරම් අගනේදැයි නිතරම සිතන්න.
8. ඔබ කරන හැම ක්‍රියාවකටම වටිනා තක්සේරුවක් දෙන්න
පළමුව පොත් මේසය අස්කරන්න.
දෙවනුව කාමරය අස්කරන්න.
ඔබ කරන දෙයක ප්‍රතිඵලය හැකි සැමවටම හොද නරක දෙක තුළින් තක්සේරු කොට හොද දේ ජීවිතයට එකතු නරක දේ තුළින් තව තවත් පාඩම් ඉගෙන ගන්න.
ජය පරාජය දෙකටම එකසේ නොසැලී මුහුණ දෙන්න. ජයග්රහණයේදී අත්පුඩි සලන්න. පරාජයේදී තවත් එක් පාඩමක් ඉගෙන ගෙන එයද ජය මාවතක් වෙත යොමු කරන්න.
9. සැමවිටම ඔබ , ඔබ ගැනම විශ්වාසය තබන්න.
ඔබට කල නොහැකි දෑ ගැන සිතනවාට වඩා ඔබට කල හැකි දෑ ගැන සිතන්න. එසේම කිසිදාක නොවෙන දේවල් ගැන සිතමින් අහස් මාලිගා තනනවාට වඩා සැබෑ ලෝකය මත පුංචි ගෙයක් හෝ තනන්න උත්සාහ ගන්න.
10. අන්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න.
ඔබ දේශකයකුවීමට සිතන්නට කලින් ජනප්‍රිය අසන්නෙකුගේ තත්වයට පත්වෙන්න. ඔබ වඩාත් හොදින් අසන්න. ඔහු / ඇය වඩාත් ඔබගේ ජීවිතයට ලංවන බව සිතන්න.
11. ඔබට සතුරන් ඇති බව නිතරම සිතන්න
මෙම සතුරන් වඩාත්ම අරක්ගෙන සිටින්නේ ඔබගේ සිත තුලම බව වටහාගන්න. උදාසීනත්වය, අලසකම . වැඩ කල්දැමීම , මෙම සතුරන් අතර සිටින ප්‍රධාන සතුරන් බව බුද්ධියෙන් වටහා ගන්න.
12. ඔබට වේදනාවක් දැනුනහොත් , දුකක් දැනුනහොත් දෑසින් කදුළු හැකිතරම් පිටකරන්න.
වේදනාව හදවත තුලත් , සිත තුලත් තෙරපාගෙන සිටීමෙන් ඇතිවන පීඩනය ඔබගේ මුළු ගමත රෝගී කිරීමට හැකි බව නිතරම සිහියට නගාගන්න. වේදනාව තුනීකර ගැනීමේ හොදම ඖෂධය වන්නේ කදුළුය. එසේම එම වේදනාවට හේතුව ඔබ ඔබේ හොදම යෙහෙළියට පවසා සිත සැහැල්ලු කරගන්න.
13. ස්වභාව ධර්මයේ මේවා රැදී තිබෙන බව සිතන්න. ඒවා ඔබට පමණක් අයත් දේයැයි නොසිතන්න.
* ලාභය * අලාභය * කීර්තිය * අපකීර්තිය
14. ඔබට අත දෙන්නට සුර දූතයෝ මෙහි නැති බව සිතන්න.
ඔබේ සිත් වේදනාවට හේතුව ඔබම සොයාගන්න. සිතට විවේකය ගන්න. පරිසරය වෙස් කරන්න . ඔබ මුළුමනින්ම පීඩනය කල අදහස් මොහොතකට අමතක කොට දමා වෙනත් මගකට සිත යොමු කරන්න.
15. ඔබේ ශක්තිය , බලය ගැන නිරම සිහියට නගන්න. එය කිසිවෙකුට පාවා නොදෙන්න.
මෙතෙක් ලෝකයේ සියළු විස්කම් කලේ දෙවියෙකු නොව මිනිසෙකි. මිනිසා වුවද අන්ධයෙකුට දෙවියෙකු ලෙස දැකිය හැක. මිනිසා මැවූ දෙයට සාක්ෂි ඇතත් , දෙවියෙකු මැවූ දෙයට ඇත්තේ විශ්වාසයක් පමණි. ලොව පාලනය කරන්නේද මනුෂ්‍යයෙකි. දෙවිවරුන්ට පවා බණ කීයේ මනුෂ්‍යයෙකි. නිවන් මග දුටුවේ මනුෂ්‍යයෙකි. එසේ නම් නොපෙනෙන දෙවියෙකුගේ බලයට වඩා මනුෂ්‍යයෙකු සතු බලය අසීමිත බව සිතන්න.
16. දෙවියන්ගේ දේවාලවලින් මේ රට හිස්ව නැත. එහෙත් එහි වෙසෙන මනුෂ්‍යයින්ගේ සිත් සතන් හිස්ය. දෙවියන්ගේ උද්‍යනයේ මල් කඩන්නට අපට අවසර නැත. එහෙත් එහි මල් වවන්නට අපට අවසර ඇත. අපි ඔවුන්ගේ පුදසුන රකින්නේ අපේ පුදසුන හිස්ව තබාගෙන බව අමතක නොකරන්න.
17. යමක් කරන්නට පෙර සිතා බලන්න. තීරණයක් ගැනීමය පෙර විමසා බලන්න. ඉක්මන් නොවන්න.වඩාත් බොරු කියන්නේ කුඩා දරුවන් නොවන බව සිතට ගන්න.
18. සැබෑ මාර්ගය ඔබ ඉදිරියේ බව සිතට ගන්න. එහි පසුමගක් හෝ අතුරු මාර්ගයක් නැත. ඉදිරියට තැබූ පියවර පිටුපසට නොගන්න.
19. නිතරම යුතුකම් හා වගකීම් ගැන සිතන්න.
අපේ ජීවිතය නිතරම වගකීම් හා යුතුකම්වලින් පිරී ඇති බව මෙනෙහි කරන්න. ඒ යුතුකම් අවස්ථාවක් ලැබෙන හැම විටම ඉටුකරන්න. එවිට ලෝකය ඔබේ සතුට කිසිදාක උදුරා නොගන්නා බව මතක තබාගන්න.
20. මෝඩකමට බෙහෙත් නැත.
මෝඩකමත් එක්තරා රෝගයකි. එහෙත් එම රෝගයට මෙතෙක් බෙහෙත් සොයාගෙන නැත. එහෙයින් මොඩකම් නොකරන්නත්, කල මෝඩකම් නැවත නොකරන්නත්, ඉන් පාඩමක් ඉගෙන ගන්නත් සිතට ගන්න.
21. අනුන් තුල ඇති ගුණ ගයන්නට තරම් ඔබ නිහතමානීවන්න. ජනප්‍රියවීමේ එක් රහසක් එය බව ඔබ නොදන්නවා විය හැක. තමා හා විශ්වාසයට කී රහස් කිසිසේත් පිට නොකරන්න. විශ්වාසවන්ත මිතුරියක් වීමේ අගය වටහාගන්න.
22. තමා අභිමුඛයට එන බොහෝ දේ තම නුවණ නැමති තරාදියට දමා කිරා බලන්න. තරාදියේ බර ඇදෙන්නේ තම වාසි පැත්තටදැයි නිතර විමසිලිමත් වන්න.
23. දෙදෙනෙකු නිතරම එක සමාන නොවන බව සිතට ගන්න.
* එකම කූඩුවක සිටින පක්ෂීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වැඩියෙන් ශබ්ද කරන බවත්,
* එකම කූඩුව සිටින සුනඛයින් දෙදෙනෙකුගෙන් එකෙකු වඩා සැරපරුෂ බව තේරුම්ගන්න.
24. ඔබ මෝටර් රථයක් පදවන අවස්ථාවේ , ඉන් බැසීමටවත් , එය තල්ලු කිරීමටවත් නොසිතන්න.
25. දෙවියන් ඔබට නොදෙන දෙයක් මේ මිහිපිට නැත.ඒ කුමක්ද?
ඒ ඔබට කල හැකි දෙයයි. ඔබට කල හැකි දේ නොකොට දෙවියන්ගෙන් ඉල්ලන්නේ කුමක්ද? ඒ දෙවියන් පවා නොදත් දෙයයි.
26. ඔබට නොවැටහෙන, ඔබට විශ්මිතයි හැගෙන බොහෝ දේ අවසානයට ඔබ තවකෙකු පිට පටවනු ඇත. ඉන් සිදුවන්නේ ඔබ විසින් තවත් දෙවියෙකු නිර්මාණය කිරීමයි. එහෙත් ඒ දෙවියන් අවසානයේදී ඔබම බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බව මතක තබාගන්න.
27. කෙනෙකුගේ සේවය අවතක්සේරු කිරීමත්, තමන්ගේ සේවය හැමවිටම ඉස්මතු කිරීමත් නිසා බොහෝ දෙනා ඔබ අතහැර යන බව තරයේ සිතට ගන්න.
28. දිනකට අඩු තරමේ පැය භාගයක්වත් ව්‍යායාම්වල යෙදෙන්න. අඩුම තරමේ කිලෝමීටර් දෙකක්වත් පයින් ගමන් කරන්න. ගත ලෙඩවීම සිත ලෙඩවීමට එක් හේතුවක් බව සිහි තබාගන්න.
29. බුදුන් වහන්සේට ජීවක නම් වෛද්‍යවරයෙකු සිටි බව අමතක නොකරන්න. හාස්කමින් ලෙඩ සුව කරන්නේ නම් , කිසිදාක වෛද්‍ය විද්‍යාව මෙලොව බිහි නොවන බව සිතට ගන්න.
හොද ළමයෙක් වෙන්න දුවේ ....
අද සමාජයේ ,, දෙමාපියන් හොද ගැහැනු ළමයෙක් හදලා දෙනවයි කියන්නේ මුළු රටක්ම ගොඩගත්තා කියන එකයි." තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" කියලා කියමනකුත් තියෙනවනෙ. ඉතින්,ගැහැනු ළමයින්ගේ ප්‍රාර්ථනා මල් ඵල ගන්වන්න ,මේ උපදෙස් ටික වැදගත් වෙයි කියලා මම හිතනවා.

උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි
විශේෂයෙන්ම මට කියන්න තියේන්නේ ,, ගැහැණුලමුන්නේ, කවදාවත් ජිවිතේ වරද්දවා ගන්නඑපා . මොකද ඔබ ජීවිතය වරද්දවා ගත්පසු , ආපසු ඔබට හැරෙන්න බැ ( ඔබ අතින් වැරදි සිදුවි හමාරයි ) තවද ගැහැණු ළමයකුගේ ආත්මගරුත්වය කැඩපතක් වැනිය ,, මන්දයත් කැඩපතක් බිදීගියොත් නැවත කැඩපත තිබු තත්වයට ගෙනෙන්න බැරිබව ඔබ හොදාකාරවම දනී ....
ඔබ හැදු වැඩු දෙමාපියන්ට කවදාවත්ම දුකක් දෙන්නඑපා ....