මචන්ලා මට මතක කාලෙක ඉදන් මට Depression(විෂාදය) and Attention-Deficit Disorder(ADD) තියෙනවා.ඒක නිසා මට හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්,මස්පිඩු රිදෙන ගතියත්,මතකය අඩු ගතියත්,අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්,අවධානය එක තෑනක රදවා ගන්න ඉතා අපහසු බවත් තියෙනව
.මම මේකට අවුරුදු 3ක් තිස්සෙ බෙහෙත් ගන්නව.සිහි නෑති කරල විදුලිය අල්ලන එකත් කරා
.එත් පොඩ්ඩක් හරි හොද උනෙ Depression (විෂාදය) විතරයි.මම දෑනට Doctorsla 5ක් විතර හම්බෙන්න ගිහින් තියෙනව.එතනින් ගොඩක් අය Depression වලට බෙහෙත් දෙනවා විතරයි ADD වලට බෙහෙත් දුන්නෙ නෑ.ADDවලට බෙහෙත් දුන්න අයත් දුන්නෙ Ritalin (methylphenidate)විතරයි.ඒක බිව්වහම මචන් එපා වෙනව,පට්ට දුකක් විදින්නෙ.ඒක බිව්වට ඈති හොදකුත් නෑ.කොච්චර කිවුවත් එයාල කරන්නෙ Ritalin වල Dose එක වෙනස් කරන එක විතරයි
.
මට දෑනගන්න ඕනෙ ADD වලට Ritalin ඈරෙන්න වෙන බෙහෙත් වර්ග ලංකාවෙ නෑද්ද? තියෙනව නම් ඒ මොනවද? ඔයාල දන්න හොද Psychiatristla කවුද? මම දෑනට ගිහිල්ල තියෙනව Dr Nayana Edirisinghe,Prof Raveen Hanwella,Prof K.A.L.Kuruppuarachchu,Dr Asiri Rodrigo,Neil Fernando.
මචන් මට help කරපන් ලොකු පිනක්.ජීවිතෙ කෙල වෙලා තියෙන්නෙ මේක නිසා.ගෙදරත් හෑමදාම ප්‍රශ්න.අපෙ අයියටත් මට වගේම ලෙඩ.මම ගොඩක් අඩු ලකුනු වලින් campus ගිහින් කරගන්න බෑරුව ගෙදර ආපු එකෙක්.ඉගෙන ගන්න එක නම් කරන්න බෑ මෙ තත්වෙ උඩ.මට 22 තාම ජොබ් එකක් නෑ.කර ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ මේ ප්‍රශ්න හින්ද.මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල
![]()
Prof. Ranawaka gawata palayan, Campus yana kattiya issara idan enne ethanata, google location eka:-
ශ්‍රී ලංකා වෘත්තිය මනෝ චිකිත්ෂණ උපදේශක ජාතික ආයතනය කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එහි අධ්‍යක්ෂකවරයා ඩී. එස්. රණවක මහතා වන අතර ඔහු FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි සහිත මනෝ විද්‍යඥයෙකු විය. FICP සහ MICP උපාධි මනෝ වෛද්‍ය උපදේශන වෘත්තියේ අතිශය ඉහලම උපාධි සුදුසුකම් වේ. පසුව මගේ හිතවතෙකු ඉහත උපාධි ලබාගත්තේ කුමන සරසවියෙන්දැයි රණවක මහතාගෙන් විමසන ලදුව ඔහු නිරුත්තරවී දුරකථනය විසන්ධි කළේය.

එහෙම කියන්න එපා, මෙතුමා ජ්‍යෝතිෂ්‍ය පිලිබඳව පවා පරීක්ෂණ කරපු කෙනෙක්, ජ්‍යෝතිෂය බොරු කියන්නෙ නැතුව ඒවත් බලල තමයි උපදේශනය දෙන්නෙ.![]()